ELAKIRI-Psychotherapy - Session I

girigoris_1923

Well-known member
  • Feb 9, 2017
    1,321
    94
    48
    මට මේ ප්‍රශ්නෙ තව පොඩ්ඩක් පැහැදිලි කරන්න පුළුවන්ද.. පොදුවේ උත්තරයක් දෙන්න පුලුවන් ඒත් ඔයාට ඕනි දේ දැන ගන්න බැරිවෙයි කියල හිතෙනවා.අකමැත්තක් නැතිනම් පොඩි විස්තරයක් දාන්න ඔයා ගැන..වැදගත් වෙයි පිළිතුරු සොයන්න..ත්‍රෙඩ් එකේ දාන්න බැරි නම් private message එකක් දැම්මත් කමක් නැහැ.

    adult adhd කෙනෙක්ට තියෙන හැම ලක්ෂණයක්ම මට තියෙනව
    මම දන්නෙ නෑ මෙහෙම මාව දුර්වල වුණේ ADHD නිසාද? නැත්තං වෙන මානසික ලෙඩක් නිසාද කියල
    මට රස්සාවක් කරගන්ඩ බෑ අනිත් අය වගේ..
     
    Nayara

    Member
    Jan 10, 2020
    18
    9
    0
    මට මේක දැක්කහම අගේ ප්‍රශ්නෙත් කියල උපදෙසක් ගන්න හිතුව.මට පොඩි අවුලක් තියෙනව මම සමාජ ආශ්‍රයට යන්නෙත් නෑ.මම මේ ගැන මාස ගානකට කලින් එළකිරියේ වෙනම ත්‍රෙඩ් එකකුත් දැම්ම.පුලුවන්නම් උපදෙසක් දෙන්න.

    බය වෙන්න එපා.. negative දෙයක් හිතන්න යන්න එපා.. මං මේ ප්‍රශ්නෙට පිළිතුරු එවන්නම්.. :)
     
    Nayara

    Member
    Jan 10, 2020
    18
    9
    0
    adult adhd කෙනෙක්ට තියෙන හැම ලක්ෂණයක්ම මට තියෙනව
    මම දන්නෙ නෑ මෙහෙම මාව දුර්වල වුණේ ADHD නිසාද? නැත්තං වෙන මානසික ලෙඩක් නිසාද කියල
    මට රස්සාවක් කරගන්ඩ බෑ අනිත් අය වගේ..
    පිළිතුරු එවන්නම්.. :)
     
    • Like
    Reactions: girigoris_1923

    amawaka.day

    Well-known member
  • Jun 27, 2018
    1,014
    323
    83
    මං ඔයාට පැහැදිලි කරල දෙන්නම්.. බය වෙන්න එපා.. හිතට එන සිතිවිලි එක්ක දිගින් දිගට හිතන්න යන්න එපා.. සිහියෙන් ඉන්න ටික ටික පුරුදු වෙන්න.. අමාරු නෑ.. මුලින් හුරු නැතිවෙයි.. ඒත් මේක ඔයාට දැනුන එක ගැනම සතුටු වෙන්න.. දැන් ඔයා දන්නවනේ මේ වෙන දෙයින් ගැලවෙන්න ඕනි කියලා.. මං පුළුවන් උපරිම උදව් කරන්නම්.. මේ දේ වෙන හැටි මං විස්තර කරල පිළිතුරක් දාන්නම් ඔයාට.. දැනට මනස නිදහසේ තියාගන්න.

    :love:thanks මම මේකට බෙහෙත් ගන්න ඕන නැද්ද
    බෙහෙත් නැතුව පාලනය කරගන්න තේරෙන්නේ නැහැ
     
    Last edited:
    • Like
    Reactions: girigoris_1923

    girigoris_1923

    Well-known member
  • Feb 9, 2017
    1,321
    94
    48
    cognitive deficits impair daily functioning and contribute most to chronic disability and unemployment.

    මට මෙහෙම වෙලා තියෙන්නෙ ADHD නිසාද?
    නැත්තං schizophrenia රෝග ලක්ෂණයක් නිසාද?

    මම දුකෙන් නෙමේ ඉන්නෙ. වුවමනාව තියෙනව රස්සාවක් කරගන්ඩ.
     
    smsanjaya

    Well-known member
  • Jul 7, 2010
    7,477
    398

    මචන් මයින්ඩ් එකේ සිද්ද වෙන ව්‍යාකුල තා ලෙඩක් විදියට දකින්න එපා, මිනිස්සු ගොඩක් අයට අවබෝධයක් නැති උනාට හමොගාවම මේ දේවල් තියනවා එකම, උදාහරණයක් හැම කුස්සියේම ලුණු ගෙඩියක් තියනවනේ හැබැයි ලුණු ගද එනවද නැ එන්නේ ලුණු ප්‍රමාණය ඉක්මවා ගියොත් විතරයි . ඔය විදියට එක එක නම් දාල මේ දේවල් හදුන්වන්නේ , තව කෙනෙකුට ඒ දේවල් ගැන අවබෝදයක් දෙන්න පහසු නිසා, මනසේ ඇති වෙන රෝග වලට බෙහෙත් ගන්න පුළුවන් එතකොට වෙන්නේ ඇගේ තියෙන chemistry එක වෙනස් වෙලා ඒ ඒ උත්තේජන එන තැන් යටපත් වෙන එක. හොද හෝ නරක ශරීරයේ උත්තේජන වෙනස් කරන එක එච්චර සුබ නැ පුතෝ..negative chemistry එකක් උනත් ඇගේ තියෙන්නේ අවශ්‍ය තාවයකට ඒවා විනාශ වෙන එක මනුස්සෙකුට එච්චර සුබ නැහැ. මනස ලෙඩ වෙන්නේ මචන් මනසේ ක්‍රියාකාරිත්වයක් හන්දම තමයි. එකට උත්තර ගන්නත් ඕනි එතැනින්ම තමයි. එක පාර බැ පොඩි කාලයක් යාවි හැබැයි අනිවා හරි යනවා ඒ ගැන හරි අවබෝධයක් ඇවිල්ල තමන් තමන්ට authentic උනාම.
    මේක ගැන Nayara කියයි හරියටම මම මේක ගැන ඉගෙන ගෙන තිබ්බට මම non professional එයා professional එයා කියයි. just be cool and patient:D
     
    • Like
    Reactions: divoomdelux

    Nayara

    Member
    Jan 10, 2020
    18
    9
    0
    adult adhd කෙනෙක්ට තියෙන හැම ලක්ෂණයක්ම මට තියෙනව
    මම දන්නෙ නෑ මෙහෙම මාව දුර්වල වුණේ ADHD නිසාද? නැත්තං වෙන මානසික ලෙඩක් නිසාද කියල
    මට රස්සාවක් කරගන්ඩ බෑ අනිත් අය වගේ..

    ආවේගශිලිත්ව
    සංවිධාත්මකව දයක් කිරීමට ඇති අපහසු තාවය
    දුර්වල කාල කළමනාකරණය
    කරන කාර්ය කෙරෙහි අවදානය යොමු කිරීමට නොහැකි වීම
    නොසන්සුන් කම
    ඉවසීම මදිකම
    මේ තියෙන්නේ ADHD එහෙම නැත්නම් Attention Deficit Hyperactivity Disorder කියන තත්වයේ මුලික ලක්ෂණ, නමුත් කෙනෙකුට යම් කිසි කාර්යක් කිරීමේදී අවදානය යොමු කිරීම අපහසු වීම නිසාම එම පුද්ගලයා මෙම රෝගයෙන් පෙළෙනවා කියල කියන්න බැහැ. මම පෞද්ගලිකව කිසිම මානසික ගැටලුවක් රෝගී තත්වයක් ලෙස දකින්නේ නැහැ. එක මුලින්ම කියන්න ඕනි. විශේෂයෙන් මේ සදහන් කරලා තියෙන ලක්ෂණ. ඕනෑම කෙනෙක් තුල තුල මේ දේවල් ඇතිවෙන්න වෙන්න පුළුවන්. වෙනසකට තියෙන්නේ එක්කෙනාගෙන එක්කෙනාට මෙම ගති ලක්ෂණ පවතින මට්ටම. මෙහෙම හිතන්නකෝ, ආවේගශිලිත්වය අපි හැමෝ ගාවම තියනවා. කෙනෙකුට නිතරම ආවේගශීලි අදහස් ඇති වෙන්න පුළුවන්. තව කෙනෙකුට කලාතුරකින් ආවේගශීලිත්වය ඇති වෙන්න පුළුවන් මෙතන වෙනසකට තියෙන්නේ මේ දෙදෙනාගේ මානසික මට්ටම පවතින තලය ඇරුනහම මේක කිසිම රෝගී තත්වයක් නෙමෙයි. ඒ නිසා මුලින්ම මට මේ වගේ රෝගී තත්වයක් තියනවා ඇති කියන සිතුවිලි වලින් ඉවත් වෙන්න කියලා මම කියනවා. එහෙම නැති උනොත් ඔයාට නැති ලෙඩක් ඇත්තටම ඇති කරගෙනයි නතර වෙන්නේ. නමුත් වර්තමාන ලෝකයේ යහපත් මානසික මට්ටමක් පවත්වා ගෙන යන එහෙම නැතිනම් අපි කියන්නේ ජීවිතය සමබරව ගෙනියන පුද්ගලයන් ඉතාමත් අඩු පිරිසක් තමයි ඉන්නේ. මේකට හේතුන් බොහොමයක් තියනවා, මෙහෙම හිතන්නකෝ. අපි ජිවත් වෙන්නේඇත්තටම තරගකාරී ලෝකයක හැම කෙනාගේම අරමුණු කොහොම හරි සාර්ථක වෙනවා වීම. සමාජයේ පිළිගන්න ඉහල තලයක job එකක් කරන එක. හොද ගෙයක් ලොකු වාහනයක්, මෙන්න මේ දේවල් තමයි අපි බොහො දෙනෙක් සාර්ථකත්වය මනින අංග විදියට දකින්නේ. තමන්ට තියෙන දේට වඩා දෙයක් හැම වෙලේම හොයන්න තමයි මිනිස්සු වන අපි අපේ මනස පුරුදු කරලා තියෙන්නේ. මම කියන්නේ නැහැ දියුණු වෙන එක ජිවිතයේ ඉදිරියට යන එක හොද දෙයක් නෙමෙයි කියලා. එත් මේ සමාජය නැත්තම් මේ ලෝකය යන විදියට කොච්චර ලැබුනත් මදි කියන තැන තමයි අපි ඉන්නේ. වැරදියට වටහා ගන්න එපා. මම මෙතන කරන්නේ පැහැදිලි කිරීමක් මිස මේ දේ ඔයා තුල තියනවා කියන කාරනාව නෙමෙයි. ඉතින් මෙන්න මේ කියන කාරනා නිසා අපි නොදැනුවත්වම අපේ මනසට දරා ගැනීමට අපහසු පීඩනයක් ඇති වෙනවා. මේ ඇති වෙන පිඩනනේ ප්‍රතිපලයක් විදියට අපේ ශරීරයට නැත්තන් කායිකව යම් යම් ගැටළු වලට මුහුන දෙන්න සිද්ද වෙනවා. හරි අපහසු තාවයක් දැනෙනවා. බර වැඩක් නොකලත් සැහෙන්න බරක් ඉසිලුවා හා සමානව තෙහෙට්ටුවක් දැනෙනවා, පොඩි දෙකට උනත් අවදානය යොමු කරලා කර ගන්න බැරි තත්වයකට එනවා, මොකද අපේ සිතිවිලි හරි නොසන්සුන් එක පිට එක එන්න ගන්නවා. ඉතින් මේ තත්වය දරා ගන්න බැරි බහුතරය liquor and drugs වලට ඇබ්බැහි වෙන එක අද ලෝකේ සාමාන්‍ය දෙයක් වෙලා. දුකයි කියන්න ලස්සන ජිවිත සැහෙන්න ප්‍රමාණයක් අකාලයේ නාස්ති වෙන්න පටන් අරන් තියනවා. මේ ප්‍රශ්න වලට බාහිර ලෝකෙයේ කිසිදු සාර්තට පිළිතුරක් නැහැ, ඕනි නම් තාවකාලික තාවකාලික පිළිතුරක් හොයා ගන්න පුළුවන්. එත් rubber ball එක වතුර යට තද කරගෙන ඉදලා ඇත හැරියා වගේ ආයෙම මේ ප්‍රශ්නේ උඩට එනවා. මම දැන් කිව්වනේ මේ ප්‍රශ්නෙට උත්තරේ බාහිර ලෝකේ නැහැ කියල. එක කොහෙද තියෙන්නේ? මේ ප්‍රශ්නෙට උත්තරේ තියෙන්නේ ඔයා ගාවම තමයි. තව දෙයක් පුද්ගල මානසිකත්වයට බාහිර ලෝකේ බලපෑම් අනිවාර්යෙන්ම සිදු වෙන්න පුළුවන් දෙයක් . වැඩ කරන තැන ඇති වෙන පීඩනය ගෙදර අනෙක් අයගෙන් එන පීඩනය මේ දේවල් ඔයාට පාලයන කරන්න අපහසු වෙන්න පුළුවන්. ඇත්ත, බාහිර ලෝකයට බලපෑම් කරන්න අපිට අපහසුයි. නමුත් අපේ මනස එක තැන් කර ගන්න සන්සුන් කර ගන්න දේ කුඩා පියවරකින් හරි අපිට පටන් ගන්න පුළුවන්. මට සල්ලි ප්‍රශ්න තියනවා, ගෙදර ප්‍රශ්න එහෙමත් නැත්තන් වෙන දේවල් ගැන ප්‍රශ්න තියනවා කියලා ඔයා මට කියයි, වෙන්න පුළුවන්, නමුත් මම යෝජනා කරනවා මේ හැම දෙයක්ම දිහාම ඔයා බලන විදිය මේ ප්‍රශ්න ඔයාගේ ඔළුවට ගන්න විදියේ පොඩි වෙනසක් කරන්න කියලා. කල්පනා කරලා බැලුවොත් අපි මේ ප්‍රශ්න ඔළුවට දාගන්නේ "මට බැ, මේ දේ වෙන්නේ නැහැ. මේ දේ කරන්න අමාරුයි" මෙන්න මේ වගේ negative සිතුවිලි එක්කනේ. මම ඔයාට කියනවා මේ සිතුවිලි වෙනුවට "මම මේ දේ කොහොම හරි කරනවා, මේක මට කරන්න පුළුවන්. මේ දේ වෙනවා" මේ වගේ සිතුවිලි ගොඩ නගා ගන්න කියල.මේක කියවපු ගමන් අපෝ මේක නම් කරන්න බැහැ, මේක හරියන්නේ නැහැ කියල හිතන්න එපා, පොඩි පියවරකින් පටන් ගන්න. පොඩි දෙයක් ඔයා වෙනුවෙන් මුලින්ම අවදානය දීල පටන් එක දිගට කරලා ඉවර කරන්න. ලොකු දෙකින් පටන් ගන්න එපා.සුභවාදීව හිතන්න. දැන් ඇති යන්නන් වාලේ ඔහේ ජිවිතේ ගෙනිච්චා මම වෙනස් වෙනවා, වෙනසක් කරනවා කියන දේ තදින් හිතට ගන්න. විශ්වාස කරන්න ඔයාට ඒ දේ කරන්න පුළුවන් කියලා. සමාජයේ ඕනම් දෙකට මුහුණ දෙන්න බය වෙන්න එපා. ඔයාට පුළුවන් උනොත් ඔයාගෙම සිතුවිලි පාලනය කර ගන්න, මනස එක තැන කර ගන්න, ඕනෑම වැඩක් කරන්න විතරක් නෙමෙයි එක සාර්ථකව ඉවර කරන්නත් ඔයාට ශක්තිය ලැබෙනවා, සැලසුමක් ඇතිව දෙයක් කරන්න හැකියාව ලැබෙනවා කියන්නේ කොතැනකවත් ඔයා බය වෙන්න ඕනේ නැහැ කියන එක. විශ්වාස කරන්න තමගේ ශක්තිය, ටික ටික ඉන්න තැනින් නැගිටින්න බලන්න, නිතරම සිහියෙන් ඉන්න. සිතට එන සිතුවිලි දිගේ යන්නේ නැතුව ඒ දේවල් දිහා බලන්න. නිශ්ශබ්දව ලොකු දේවල් මම කියන්නේ නැහැ . බොහොම සරලයි. මතක තියා ගන්න ඔය ඔයාගේ සිතිවිලි සුබවාදී පැත්තට යොමු කළා කියන්නේ ටික ටික ඔයා වටා තියෙන ශක්තිය positive වෙනවා කියන එක. positive energy එකක් නිතරම ආකර්ෂණය කරගන්නේ positive දේවල්ම තමයි හරියට negative දේවල් ඒ ඒ දේවල් ආකර්ෂණය කරනවා වගේ. වෙනස් වෙලා බලන්න ඔයාටම තේරෙයි ඔයා වටේ තියෙන ප්‍රශ්න ටික ටික නැතිවෙන හැටි. නිතරම සතුටින් ඉන්න. හැමදේම සාර්ථක වෙනවා කියන දේ මට විශ්වාසයි. ඒ විශ්වාසය ඔයා තුලත් ඇති කර ගන්න. :yes:
     
    Last edited:

    Nayara

    Member
    Jan 10, 2020
    18
    9
    0
    තෑන්ක්ස්!

    “The greatest fear in the world is others opinion” මේ ලෝකයේ තියෙන ලොකුම බය අන් අයගේ මතයන්. අනෙක් අය මන් ගැන මොනා හිතයිද? මන් ගැන මොනවා කතා වෙනවා ඇද්ද? අලුතෙන් දෙයක් කරන්න බයයි ඉතින්. වෙනස් විදියකට හිතන්න බයයි. ඇයි සමාජේ අනික් අයගේ මතයන් වලට , එයාල කියන දේට අපි මුල් තැන දෙනවා අපේ අවශ්‍ය තා වලට වඩා.
    අවුරුදු 20ක් කියන්නේ ජිවිතේ ලස්සනම කාලේ කියල තමයි මම නම් හිතන්නේ. තමන්ගේ ජිවිතයේ ඉදිරි අනාගතය ගැන නිදහසේ තීරණ ගන්න, අලුත් අලුත් සිතිවිලි මනසන එන කාලයක් තමයි මේක.
    එත් වර්තමානයේ අපි දකින දෙයක් තමයි වැඩි ප්‍රතිශයතයක් දරුවෝ මේ වයසට එන කොට ළමා කාලයේදී මුහුණ දෙන්න සිදුවෙන නොයෙක් හැල හැප්පීම් නිසා සිදුවන මානසික කඩා වැටීම් එක්ක තමයි එන්නේ කියන එක. උදාහරණයක් විදියට ගත්තොත් තමන්ගේ ගෙදර පවුල තුල සිදුවන යම්දේ හේතු කොට ගෙන සිදුවන මානසික බිද වැටීම්. සමාජයේදී මුහුණ දෙන්න වෙන සිදු වීම් . නැතිනම් පාසලේදී, පන්තියේදී, නොයෙක් ආකාරයේ මානසික බිද වැටීම වලට හේතු වෙන සිදුවීම් වලට මුහුණ දෙන්න සිද්ද වෙනවා . මේ විදියට බිදුණු හදවත් එක්ක තරුණ වයසට එළබෙන දරුවොන්ට මේ ලෝකේ සැබෑ සුන්දරත්වය දකින්න අමාරුයි. එක ඒ දරුවෝන්ගේ වැරැද්දක් නෙමෙයි. මේ සමාජ ජාලයේ එහෙමත් නැත්තම් අපි කියන්නේ system එකේ එකේ වැරැද්දක් කියල, අන්න එහෙම කිව්වොත් හරි.
    හැබැයි අපිට එක අන්තයක් විතරක් අරගෙන මේ පිලිබදව තීරණයකට එන්න බැහැ. ඒ කියන්නේ 100% ක්ම සමාජයේ වැරැද්ද කියන නිගමනෙට එන්න බැහැ මොකද අපිට තනි තනිව අපි ගැන වගකීමක් තියෙන නිසා. මෙහෙම හිතන්නකෝ, ඔයා දැන් කියනවා වටපිටාවේ සිද්ද වෙන දේවල් ඔයාගේ හිතන වද දෙනවා, ගොඩක් දේවල් ගැන සැකයි. මෙන්න මේ දේවල් බාහිර ලෝකය ගැන ප්‍රශ්න. අපි සීමාව ඉක්මවා බාහිර ලෝකයට අවදානය දෙන්න ගියාම, මේ ප්‍රශ්න වලට මුහුණ දෙන්න වෙනවා. මුලින් පොඩි සැකෙකින් පටන් ගන්න පුළුවන් එත් පහු වෙනකොට මේ සැකය මනසේ මුල් ඇදලා ටික ටික අසුබ වාදී සිතුවිලි එක්ක එකතු වෙලා ඔයත් එක්ක මිශ්‍ර වුනු අසුබ ශක්තියක් තම ඔයාගේ වටේ එක රැස් වෙන්නේ . මම මේ අප වටා ගොඩ නැගෙන ශක්තින් පිලිබදව වෙනම ආර්ටිකල් එකක් විස්තරාත්මකව පස්සේ දාන්නම් . කෙටියෙන් මේ ගැන කිව්වොත් මේ අප තුල හට ගන්නා ශක්තිය ආකර්ෂණය කරගන්න බලන්නේ ඒ හා සමාන වූ ශක්තියක්ම තම, ඉතින් ඔයා හිතන්නකෝ ඔයාගේ මේ තියන සැකය. සමාජයට මුහුණ දෙන්න තියෙන බය, නිසාම ඔයා තුල ගොඩ නැගෙන්නේ අඩු මට්ටමක එහෙම නැතිනම් අසුභවාදී ශක්තියක් . ඉතින් මේ ශක්තිය කාලෙත් එක්ක වැඩි වෙන්න වෙන්න ඔයාට බාහිර ලෝකෙන් ආකර්ෂණය වෙන්නෙත් අසුබවාදී දේවල්ම තමා. මම ඔයාට මේ පැහැදිලි කරලා දුන්නේ මේ දේ සිද්දවෙන ආකාරය දැන් බය වෙන්න එපා මේක කියවල මොකද මම ඔයාට කියල දෙන්නම් මේකෙන් ගැලවෙන විදිය.
    මම කියන්නේ නැ කජු කනවා වගේ හරි ඉක්මනට මේ ඔයා මුණ දීල ඉන්න තත්වෙන් ගැලවෙන්න පුළුවන් කියලා. මොකද යම් කාල පරාසයක් තිස්සේ ඔයාගේ මනස මේ දේවල් වලට හුරු වෙලානේ ඉන්නේ. ඉතින් එක පාරටම මනස වෙනස් කරන්න අමාරුයි. හැබැයි මේ දේ කරන්න බැරි දෙයක් නෙමෙයි. කරන්න පුළුවන් දෙයක් වගේම බොහෝ මානසික ගැටළු තිබුන පුද්ගලයින් කරපු දෙයක්. එකම දේ තමා තමන් අදිෂ්ටාන කර ගන්න ඕනි, තමන් ගැන විශ්වාසය තබා ගන්න මම කොහොම හ හරි මේ ඉන්න මානසික පීඩනයෙන් මිදිලා හොද මානසික මට්ටමකට එනවා සමාජයේ කවුරු මොන දේ කිව්වත් මොන දේ හිතුවත් මම මගේ ජිවිතේ සාර්ථක කරගන්නවා කියලා.
    schizophrenia කියන රෝගය ගැන ඔයා සදහන් කරලා තිබුනා. නමුත් මම පෞද්ගලිකව කිසිම මානසික ගැටලුවක් රෝගයක් විදියට දකින්නේ නැ. රෝගයක් කිව්වා ගමන් ඒ පුද්ගලයා බය වෙන එක තමයි වෙන්නේ. හිතන්නකෝ අපිට සරලව යතා තත්වයට පත් කරගන්න පුළුවන් මානසින ව්‍යාකුල තත්වයක් තියෙන්නේ කියලා. එත් මෙක මේ එක එක නම් වලින් එක රෝගයක් කියල හිතන්න ගියොත් වෙන්නේ අර නියපොත්තෙන් කඩල ඉවර කරන්න පුළුවන් ගැටලුව පොරවකින් කපන්න වෙන ගානට එන එක.
    ඒ නිසා කිසිම අනවශ්‍ය බියක් ඇති කර ගන්න එපා. මම කලින් කිව්වා වගේ මේ 2020 ඔයාගේ ජිවිතේ සාර්ථකත්වයට යන ගමන ආරම්බ කරන වර්ෂය කරගන්න. හැම දෙකටම මුල් වෙන්නේ අපේ සිත මනස සිතිවිලි. අපිට පුලුවන්නම් අපි කරන කියන දෙයට යහපත් විදියට අවදානය දෙන්න අසුබවාදී හිතන එක පැත්තක තියලා හැම දෙයක්ම හොද විදියට බලන්න . අපි නොදැනුවත්වම අපි තුල සුබවාදී ශක්තියක් ගොඩ නැගෙනවා. ආත්ම ශක්තියකින් යුතුව වැඩ කරන්න අපිටම හිතෙනවා, තමන් වෙනුවෙන් වැඩ කරන්න ආස හිතෙනවා ටික ටික මේ ශක්තිය ඉහල මට්ටමකට එන කොට තමාට විතරක් නෙමෙයි මං මේ ලෝකය වෙනුවෙනුත් දෙයක් කරන්න ඕනේ කියන තත්වයට ඔයා එනවා මොකද ඔයාට දැන් අත්දැකීම් තියනවනේ ජිවිතේ විවිද මට්ටම් වලට මුහුණ දීලා, ඉතින් ඔයාට හිතෙනවා තවත් මම වගේ අය ඇති කියලා. ඒ ය වෙනුවෙන් දෙයක් කරන්න ඕනි කියලා. මේ තාක් දුර එන්න නම් ඔයා දැන්ම පටන් ගන්න ඕනි ඔයා වෙනුවෙන් වැඩ කරන්න ජිවිතේ අපි හැමෝටම බාදක එනවා. එක සාමාන්‍යයි . අපි ශක්තියමත් වෙන්න ඕනේ. ඒ හැම බාදකයක්ම ජය ගෙන ඉස්සරහට යන්න. ඔය තං ඉගෙනගන්න වයසේ ඉන්න බුද්දිමත් දරුවෙක්. ඉතින් ඔයාගේ අනාගතේ සාර්ථක කරගන්න වගකීම ඔයා අතට ගන්න. අනෙක් ය ගැන හිතන එක අමතක කරන්න. මම කිව්වේ එයාලගේ opinion ඔයාගේ ගමනට බාදාවක් කර ගන්න එපා. ක්ලාස් ගියාම අනේක් අයත් එක්ක ටික ටික කතා කරන්න පටන් ගන්න. හොදින් එයාලට ඇහුම් කන් දෙන්න. ඇහුන්කම් දෙන යට මිනිස්සු ගොඩක් කැමති. අලුතෙන් යාලුවෝ ඇති කර ගන්න. අදහස් හුවමාරු කර ගන්න. විවෘත මනසින් නිතරම ඉන්න බලන්න. කිසි වෙලාවක කාවවත් judge කරන්න යන්න එපා. ඔයාගේ හොද ගතිගුණ අනෙක් යට දැනෙන්න දෙන්න .
    මේ දේවල් ටික ටික වෙන කොට නිතරම ඔයා ඉන්නේ සතුටෙන්. කාලයක් එක්ක ලස්සන ශක්තියක් ඔයා තුල ගොඩ නැගෙන්න ගන්නවා. ඔයාටම එතකොට ජිවත් වෙන්න ආස හිතෙයි. ලෝකේ ලස්සන දේවල් ඔයාට පෙන්න ගනී. A/L ආපහු කරනවා කිව්වනේ. හොදින් පාඩම් කරලා වෙලාව කළමනාකරණය කරගෙන ඒ දේවල් සාර්ථකව කර ගන්න තමන්ගේ වටිනා කම වටහා ගන්න. කිසිම දෙකට බය වෙන්න එපා. අපි වැරදි කරන්නේ නැති නම් කිසි දෙකට බය වෙන්න ඔනී නැනේ. නිතරම සතුටින් සුබවාදී දේවල් පමණක් සිතන්න පුරුදු වෙන්න මම හිතනවා පැහැදිලි ඇති කියලා. තමන් පිළිබඳව විශ්වාස ඇතිකර ගන්න.:yes:
     
    • Like
    Reactions: Tharaka_x

    මටත් උත්තරයක් දෙන්න කො සුදූ :sorry::sorry:
     
    smsanjaya

    Well-known member
  • Jul 7, 2010
    7,477
    398
    83
    මටත් උත්තරයක් දෙන්න කො සුදූ :sorry::sorry:

    පොඩි වෙලාවක් යයි මචන් එක්කෙනයිනේ ඉන්නේ අපිට තාම, එයාත් වැඩ කරන අතරේ තමයි මේක බලන්නේ. මම එයාට msg එකක් දාලා bump එකක් දෙන්නම් මේකට..
     
    Nayara

    Member
    Jan 10, 2020
    18
    9
    0
    මටත් උත්තරයක් දෙන්න කො සුදූ :sorry::sorry:

    මම ටිකක් ගැබුරින් මේ ගැන පැහැදිලි කිරීමක් කරන්නම් අවබෝද කර ගන්න උත්සහ කරන්න.
    අපි මේ ලෝකයට එන්නේ කිසිදු ආකාරයක දැනුමකින් තොරව, කෙලින්ම කිව්වොත් හිස් අතින්, රුප පේනවා ශබ්ද ඇහෙනවා, ස්පර්ශය දැනෙනවා හැබැයි මේ කිසිම දෙයක් වෙන් කරලා ගන්න දැනුම නැහැ. ලග පාත ඉන්නවා නම් පොඩි දරුවෙන් බලන්න එයා දිහා, කාලයත් එක්ක අපි ටික ටික ලොකු වෙනකොට කතා කරන්න පටන් ගන්නවා. වට පිට දේවල් වලට ප්‍රතිචාර දක්වන්න පටන් ගන්නවා. ලෝකය බෙදලා වෙන් කරලා නම් දීලා හදුනා ගන්නවා. හැබැයි මේ හැම දේම පටන් ගන්නේ අපි වටා ඉන්න අයගෙන් ලබා ගන්නා දැනුම මුලික කරගෙන. ඒ හැරුනාම අපි එන කොට අරගෙන එන දැනුමක් නැහැ. ඉතින් මේ දැනුම අපි කියමුකෝ වචන කියල, මෙන්න මේ වචන හරහා තමයි අපි සිතන්න පටන් ගන්නේ. පුටුවක් තියනවා, අපි හිතමුකෝ අම්ම ඉන්නේ කියලා ලග අපි අහනවා අම්මෙන් මේ මොකක්ද කියල. එතකොට අම්මා කියනවා මේක පුටුවක් කියල. ඒ නමත් එක්කම ඒ රුපය අපි අපේ මනසට දා ගන්නවා දැන් දන්නවා පුටුව කියන්නේ මොකක්ද කියලා, තව ඉස්සරහට යන කොට මේ පුටුව කාගේද? මේ පුටුව මගේ කියන තැනට දැනුම දියුණු වෙනවා. මේ දැනුමත් එක්කම මගේ අපේ කියන හැගීම් එන්න ගන්නවා. මනසට මේ කා වැදීම මුලික වෙලා තමයි මමත්වය කියන දේ ආරම්බ වෙන්නේ. මේ මමත්වය මුලික කරගෙන සිතිවිලි පරම්පරා ගොඩ නැගෙන්න ගන්නවා. මනසට අදහස් නිර්මාණය වෙන්නේ මෙන්න මේ විදියට තමයි. අපිට ඉපදෙන කොට මනසක් තිබුනට අදහස් නිර්මාණය කියන දේ නැහැ.
    දැන් හිතන්නකෝ ඔයා හදනවා රොබෝ කෙනෙක්ව මේ රොබෝව ඔයා program කරනවා ඔයාට ඕනි ඕනි විදියට. හොද විදියට වෙන්නත් පුළුවන්. නරක විදියට වෙන්නත් පුළුවන්. ඔයා කැමති විදියකට එතකොට ඔයා තමයි මේ රොබෝගේ master එහෙම නැත්තන් creator වෙන්නේ මේ රොබෝ ඔයාගේ සේවකයෙක්, ඔයාට වැඩ කරලා දෙන slave කෙනෙක් ඔයා එයාව program කලොත් හොද විදියට එයා මොයාට හොද විදියට සලකනවා. නරක විදියට program කලොත් නරක දේවල් තමයි එයා ඔයාට දෙන්නේ.
    මෙන්න මේ රොබෝ වගේ තමයි අපේ මනසත්. මනස කියන්නේ අපේ සේවකයෙක්. අපි තමයි මනසේ තියෙන අදහස්, තේරුම් ගන්න පහසු වෙන්න කිව්වොත් කෙලින්ම මනස නිර්මාණය කලේ. හැබැයි දැන් වෙලා තියෙන්නේ එකේ අනික් පැත්ත. මනස අපේ වහලෙක් වෙනවා වෙනුවට අපි මනසේ වහලෙක් වෙලා එයාට සේවය කරනවා. එයා හිතන හිතන දේ පස්සේ දුවනවා. මේ ලෝකේ ලස්සනට උනාට මිනිස්සු විසින් නිර්මාණය කරලා තියෙන බොහොමයක් දේවල් ලස්සන නැ. ඉතින් අපිට වැඩිපුර පෙන්න තියෙන්නේ ඇහෙන්නේ මේ දේවල් තමයි. මේ දේවල් මුලික වෙලා නිර්මාණය උන මනසක් තමයි අපි ගාව තියෙන්නේ අතව දෙයක් අපි හොද නරක වෙන් කලාට අපේ මනස හොද නරක අදුරන්නේ නැහැ . අපි තමයි හොද නරක කියන දේ වෙන් කරලා මනසට දෙන්න ඕනේ. කතාවක් තියනවනේ අපි තුල වෘකයන් දෙන්නෙක් ඉන්නවා. යහපත් ගති ගුණ තියෙන සහ අයහපත් ගති ගුණ තියෙන. අපි මේ වෘකයන් දෙන්නාගෙන් වැඩිපුරම පෝෂණය කරන කෙනා තමයි ශක්තිමත් වෙන්නේ. එක තීරණය කරන්න ඕනේ අපිමයි.
    ඉතින් දැන් මේ සිතිවිලි ක්‍රියාකරන ආකාරය ගැන හා ඒ හරහා මනසේ අදහස් නිර්මාණය වෙන ආකාරය පිලිබදව යම් දැනුමක් ලැබෙන්න ඇති කියල හිතෙනවා. සාමාන්‍යයෙන් මානසික ගැටලුවක් මතු වෙන කොට අපි ඒ දිහා ගැබුරෙන් ඒ කියන්නේ ඒ ප්‍රශ්නේ පටන් ගන්න මුලට ගිහින් බලන්න ඕනි. ඒ නිසයි මම මේ පැහැදිලි කිරීම කලේ
    දවසෙන් වැඩි කාලයක් තනියම කතා කර කර ඉන්න එක , පාරේ යනකොටත් තනියම කියවන එක මේ වගේ දේවල් ඔයා සදහන් කරලා තිබුනනේ. මේක වෙන්නේ ඔයාගේ සිතිවිලි වල තියෙන දැඩි භාවයයි (ඔයාගේ ඒ පිළිබද තියෙන අවදානයයි අඩු නිසා. හිතන්න හීනයක් දැක්කොත් එක දකින කන් ඔයාට ඒ ගැන ඇත්තද බොරුද කියල හොයා ගන්න බැහැ. නින්දෙන් ඇහැරුනොත් ඔයා දන්නවා එක හීනයක් දැක්කේ කියන්න. එහෙනම් ඇහැරෙන්නම ඕනේ. අවදිය අඩු වෙන්න වෙන්න අපි කරන්නේ මොකක්ද කියන එක ගැන අපේ අවදානය අඩු වෙනවා. හීනයක් දැක්ක වගේ එවලේට එක ගැන අවදානයක් නැතුව පස්සේ තේරෙන්නේ එකයි ) තවත් පැහැදිලි කලොත් සිතිවිලි එක දිගට එන්න ගත්තම සහ අපි ඒ ඒ එන හැම සිතිවිල්ලක්ම දිගේ හිත හිට අලුතෙන් කතා නිර්මාණය කරන්න ගියාම ඇතුලතින් සිදුවන පිඩනයක් තමයි මේ පසුව එලියට එන්න තරමට වැඩි වෙන්නේ. ඔයා හොද සිතුවිලි වලින් ඔයාගේ මනස පෝෂණය කරලා තිබුනොත් හොද කතාවක් තමයි එලියට එන්නේ., නමුත් නරක සිතිවිල්ලක් නම්, බය තරහ ඉරිසියාව සැකය මේ වගේ සිතුවිලි තමයි ඔයා මවන්න පටන් ගන්නේ.
    තව දෙයක් තමයි බහුතරයක් මිනිස්සු දවසේ පොඩි කාලයක් හරි තනියම තමන් එක්ක කතා කරනවා. එක බොහොම සාමාන්‍ය දෙයක් , මේ දේ 100% නැති කරගන්න ඕනි කියල හිතන්න එපා. (එහෙම කරන්න පුළුවන් වෙන්නේ ආධ්‍යාත්මික ශක්තිය ඉහල මට්ටමේ ඉන්න කෙනෙක්ට විතරයි) නමුත් යම් පාලනයක් ඇති කර ගන්න එකයි වැදගත්
    ඔයා නිතරම පොඩි හරි වැඩකට අවදානය යොමු කරන්න පටන් ගන්න ( නිසි අවදියක් එක්ක ) ඔයා කැමති ආස දෙයක් ඉගෙන ගන්න පටන් ගන්න. assignment නොකර exam වලට පාඩම් නොකර ඉන්නවා කිව්වනේ. මෙහෙම හිතන්න අපි එක තැන නතර උනත් කාලය කොයිම වෙලාවකවත් එක තැන නතර වෙන්නේ නැ.
    ඉගෙන ගන්න කාලය නිරපරාදේ න නාස්ති කිරීම ඇත්තටම අපරාදයක්. එක ඔයා දැඩිම හිතට ගන්න. පුළුවන් තරම් සිහියෙන් ඉන්න උත්සහ කරන්න. සිහියෙන් ඉන්න කිව්වේ ඔයාට සිතුවිලි එනකොට ඒ සිතුවිලි දකින්න උත්සහ කරන්න. හැබැයි. ඒ සිතිවිලි වලට තව සිතුවිලි එකතු කර කර කතා නිර්මාණය කරන්න යන්න එපා. 100% කම නැති කරලා දාන්නම කියල කියන්නේ න මම හැබැයි පාලනය කර ගන්න. තව දෙයක් ඔය හිතන පොඩි දේ පවා සුභවාදී හොද සිතුවිල්ලක් වෙන්න වගබලා ගන්න. මොකද අපි සිතන දේවල් තමයි අපිට භෞතික ලෝකයේදී ආකර්ෂණය වෙන්නේ. අපිට මුහුණ දෙන්න වෙන සියලුම දේ කරන්නෙත් අපේ මේ සිතුවිලිම තමයි.
    පොඩියට දේවල් ටිකක් කරන්න පටන් ගමු. මම කලින් කිව්වා වගේ අලුත් ඔයා ආස දෙයක් ඉගෙන ගන්න පටන් ගන්න. කලාව සම්බන්ද දෙයක්. උනත් කමක් නැහැඔයාම මොනම හරි දෙයක් සම්බන්ද විශේශ හැකියාවක් තියෙනවා නම් උදාහරණයක් විදියයට පොත් ලියන්න සින්දු කියන්න චිත්‍ර අදින්න මේ වගේ මොනාම හරි දෙකට ඔයා දක්ෂ නම් දවසේ පොඩි වෙලාවක් එකට වෙන් කරන්න
    මේ හැම දේටම කලින් අදිෂ්ටානය හා විස්වාසය ඇති කර ගන්න. මම මේ ඉන්න තත්වයෙන් ගැලවෙනවා මගේ ජීවිතය මම සාර්ථක කර ගන්නවා කියල. අලුතෙන් යාලුවෝ ඇති කර ගන්න. බය වෙන්න එපා. අනෙක් ය එක්ක හොදින් කතා බහ කරන්න නමුත් වැඩිපුර ඇහුම් කන් දෙන්න. ඔයාට ගොඩක් දේවල් තේරුම් ගන්න ඉගෙන ගන්න පුළුවන් ඇහුන් කන් දෙන්න පුරුදු උනොත්. තමන්ගේ සිතටත් ඇහුන්කම් දෙන්න හැබැයි සිත තමන්ගේ master කර ගන්න යන්න එපා.
    මට හිතෙනවා ඔයාට ලොකු නිර්මාණ ශීලි හැකියාවක් ඇති කියලා අන්න ඒ දේ හදුනාගෙන ප්‍රයෝජනයක් ගන්න උත්සහ කරන්න. සිත එක තැන කරන ආනාපානා සතිය වගේ පොඩි භාවනාවක් කරන්න පටන් ගත්තට කිසිම වරදක් නැහැ. අර මම කලින් කිව්වා වගේ තමන්ව මුලික කරගෙන තමන්ගේ සාර්ථකත්වයට බලපාන දෙයක් හැම වෙලාවෙම හිතන්න සහ සහ කරන්න. වැඩි කාලයක් ගේ ඇතුලේ නම් ඉන්නේ එක කරන්න එපා., මුල් කාලයේ ඔයාට පාඩම් කරන්න හිත හදා ගන්න අමාරු නම් ගෙදරින් එලියට ඇවිත් ස්වභාවික පරිසරය එක්ක ඉන්න බලන්න. නිදහස් තැන වලට යන්න. හැබැයි සිතිවිලි ගැන අවදානයෙන් ඉන්න. පොත් කියවන්න පටන් ගන්නවා නම් වඩාත් හොදයි. ලෝකයේ සාර්ථක වෙලා ඉන්න ලෝකයට දෙයක් කරපු මිනිස්සු ගැන තියෙන පොත් කියවන්න. self motivation පොත් තියනවා ඒවා තෝරලා ගන්න. නිතරම තමන්ගේ දියුණුවට යහපත් පැවැත්මට අදාළ දේවල් විතරක් මනසට දෙන්න. fb instagram වගේ social media භාවිතය ගැන (අවබෝධයක් තියා ගන්න ඔයා මොන වගේ දේවල්ද එකෙන් වැඩි පුර බලන්නේ කියල ) එකටත් යම් සීමාවක් තියා ගන්න . මතක තියා ගන්න ඔයාගේ ජිවිතයේ ඔයාගේ නිර්මාණ කරුවා ඔයා. ඉතින් සාර්ථක ජිවිතයක් ගොඩ නගා ගන්නවද නැද්ද කියල ක තීරණය කරන්න පුළුවන් ඔයාටම තමයි. මම අනෙක් අයගේ ප්‍රශ්න වලට දාල තියන උත්තරත් පොඩ්ඩක් බලන්න. ඔයාට ගන්න පුළුවන් දෙයක් ඒ උත්තර වලත් තියෙන්න පුළුවන්. ඔයා අහලා තිබුනේ බෙහෙත් ගන්න ඕනිද කියලා. මම ඒ දේ නම් නිර්දේශ කරන්නේ නැහැ,.මොකද ඔයාම තමයි ඔයාගේ මේ ප්‍රශ්නය මට පැහැදිලි කරල කිව්වේ ඒ තරමට හරි පැහැදිලි මානසික මට්ටමක ඉන්න පුද්ගලයෙකුට මානසික රෝගයක් තියනවා බෙහෙත් ගන්න ඕනේ කියලා මම හිතන්නේ නැහැ. :yes:
     
    Last edited:

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,131
    113
    panadura
    මන් තාම ඉගෙන ගන්නවා.මට ඉස්සර පාඩම් කරන්න පුලුවන්.දැන් කිසිම දේකට හිත යොමු කරන්න බෑ.පැටලුනු නූල් බෝලයක් වගේ.තව කෙල්ලෙක් එක්ක යාලුවෙලා හිටියා.ඒකත් දැන් නෑ.ඒක අමතක කරල දාන්නත් ඕන.ඇඩ්වයිස් එකක් දෙන්නකෝ
     
    Nayara

    Member
    Jan 10, 2020
    18
    9
    0
    මන් තාම ඉගෙන ගන්නවා.මට ඉස්සර පාඩම් කරන්න පුලුවන්.දැන් කිසිම දේකට හිත යොමු කරන්න බෑ.පැටලුනු නූල් බෝලයක් වගේ.තව කෙල්ලෙක් එක්ක යාලුවෙලා හිටියා.ඒකත් දැන් නෑ.ඒක අමතක කරල දාන්නත් ඕන.ඇඩ්වයිස් එකක් දෙන්නකෝ
    Affair එක නැවතුනාට පස්සෙද මේ ප්‍රශ්න එන්න ගත්තේ? නැතිනම් ඊට කලින් ඉදන්ම තිබුනද?
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,572
    1
    42,683
    113
    Affair එක නැවතුනාට පස්සෙද මේ ප්‍රශ්න එන්න ගත්තේ? නැතිනම් ඊට කලින් ඉදන්ම තිබුනද?

    මාව තේරෙන්නෙ මට විතරයි

    ඉතිං මමනං මං වගේ කෙනෙක්ට කතා කරන්නෙ මෙහෙමයි

    හිතෙන් කොච්චර උත්සහ කලත් ඕක ඔයාට ගොඩ දාගන්ඩ අමාරුයි කියල අපට තේරෙනව
    එකම විකල්පය ඹෞෂධ ප්‍රතිකාර කරන එක
     
    Last edited:

    smsanjaya

    Well-known member
  • Jul 7, 2010
    7,477
    398
    83
    මාව තේරෙන්නෙ මට විතරයි

    ඉතිං මමනං මං වගේ කෙනෙක්ට කතා කරන්නෙ මෙහෙමයි

    හිතෙන් කොච්චර උත්සහ කලත් ඕක ඔයාට ගොඩ දාගන්ඩ අමාරුයි කියල අපට තේරෙනව
    එකම විකල්පය ඹෞෂධ ප්‍රතිකාර කරන එක

    මාව තේරෙන්නෙ මට විතරයි
    එක එහෙම උනානම් මචන් කිසිම වෙලාවක ඖෂධයක් ගන්න හරි මානසිකව කතා කරලා විසදා ගන්න ඕනේ හරි ප්‍රශ්න මිනිස්සුන්ට එන්නේ නැහැ මොකද ඇත්තටම මාව මට තේරුම් ගත්තොත් ඇයි ප්‍රශ්නයක් ඇති වෙන්නේ ?
    පිට රට වල වගේ හැම දේටම බෙහෙත් දෙන්න ගියහම මිනිස්සුන්ගේ තියෙන variety එක නැති වෙනවා එහෙ ලමෙක් පොතක් පතක් නොබලා වෙන විදියකට creative වෙද්දී අම්මලා තාත්තලාගේ ඔලු හදල තින්නේ සමාජෙන් එක්තරා සම්මතකයට හදන්න ඕනි කියල උන්ට කරන්නේ ඇගේ hormons change and chemistry එක වෙනස් වෙන්නයි බෙහෙත් දෙන එක
     
    Last edited:

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,131
    113
    panadura
    Affair එක නැවතුනාට පස්සෙද මේ ප්‍රශ්න එන්න ගත්තේ? නැතිනම් ඊට කලින් ඉදන්ම තිබුනද?

    Eka nawathunata passe double una awla
     
    Nayara

    Member
    Jan 10, 2020
    18
    9
    0
    Eka nawathunata passe double una awla

    ඔය වයසේදී affair එකක් පටන් ගන්නවා කියන්නේ අව්දානේ වැඩි වශයෙන් ඒ පැත්තට යොමු වෙනවා කියන එක. වැරැද්දක් මම දකින්නෙත් නැ කියන්නෙත් නැ , නමුත් වෙන දේ තමයි පාඩම් වැඩ වලට යොදවන අවදානය සැලකිය යුතු ප්‍රතිශතයකින් අඩු වෙනවා කියන එක. අපි කියමුකෝ වෙනදා සියට අනුවක් විතර අවධානය දීලා කරගෙන ආපු වැඩ ටිකම ඊට පස්සේ දෙන්නේ සියයට පහනක් වගේ . ගැටලුවක් ඇති වෙන්නේ නැහැ මේ දේ පටන් ගද්දි තිබුන වගේම balance එකේ ඉදිරියට කරගෙන යන්න පුලුවන්නම්, නමුත් love affair එකක් ගෙනියන කොට විශේෂයෙන් අද කාලේ දෙන්නෙක් අතරේ සැහෙන ප්‍රශ්න ඇති වෙනවා. එහෙම වෙන කොට අර අනෙකුත් වැඩ වලට දීලා තියෙන 50% ක අවධානය තවත් ටික ටික අඩු වෙනවා

    වර්තමානයේ ඉගෙන ගන්න වයසේ ඉන්න දරුවෝ බුද්ධිමත් නැහැ කියන තැන මම නැහැ. මොකද love affair තියාගෙන ඒවත් සමබර කරගෙන පාඩම් වැඩත් කරගෙන අවසානයේ දෙන්නම සාර්ථකව විභාගෙත් පාස්වෙලා ඉදිරියට යන අය මට හම්බවෙලා තියනවා, හැබැයි මේක කරන්න ලේසි දේකුත් නෙමෙයි. මම කලින් කිව්වා වගේ බුද්ධිමත් වෙන්න ඔනේ. ජිවිතේ හැම පැත්තක්ම සමබර කර ගන්න පුරුදු වෙන්න ඕනේ, ඔය වයසේ ඉදල පුරුදු වෙන එක තමයි බය නැතුව අනාගතයේ සාර්ථක ජිවිතෙකට ඔයාව අරගෙන යන්නේ.
    දැන් affair එක නැහැ කියලා ඔයා කිව්වනේ. ඉතින් ඔයාට කිසිම දෙකට හිත යොමු කරන්න බැ . පැටලුනු නුල් බෝලයක් වගේ වෙලා තියෙන දේට මේ දේ නිසා ලොකු බලපෑමක් වෙලා තියනවා කියන මතේ තමයි මම ඉන්නේ. ඔයා කියනවනේ ඒ ගෑනු ලමයව අමතක කරන්නත් ඕනේ කියලා. පලවෙනි දේ තමයි ගැටලුවකින් නිදහස් වෙන්න නම් මුලින්ම අපි අපිටම අවංක වෙන්න ඕනේ, ඇත්තටම වෙන්න ඕනි දේ අපි හිතෙන අහන්න ඕනේ. හැබයි කොයිම වෙලාවකවත් කලින් affair එක අමතක කරන්න ඔනේ කියලා වැඩි කල් යන්න කලින් තව එකක්නම් පැටලෙන්න එපා. එහෙම උනොත් ප්‍රශ්න තව සංකීර්ණ වෙනවා ඇරුනහම ප්‍රශ්න විසදීමක් සිද්ද වෙන්නේ නැහැ.

    affair එක ගැන advice දෙන්න මම ඔයාගේ වයස දන්නේ නැනේ, ඒ නිසා මම එක ගැන පැත්තක තියලා ඔයාගේ පාඩම් වැඩ කරගෙන යන්න ඉදිරි අනාගතේ සාර්ථක කර ගන්න ආකාරය පැහැදිලි කරලා දෙන්නම්. ඔයා තාම ඉගෙන ගන්න වයස නිසා තාම ඔයාගේ වියදම් දරන්නේ ගෙදර අම්මා තාත්තනේ. වර්තමානයේ පවතින ආර්ථිකයත් එක්ක පවුලක් නඩත්තු කරන එක ලේසි දෙයක් නෙමෙයි, හැබැයි මේ සියලුම අපහසු කම් දරා ගෙන දෙමව්පියෝ ඒ දේවල් කරන්නේ ඔයාට ඔයාගේ පාඩම් වැඩ හරියාකාරව කරගෙන අද්‍යාපනය සාර්ථක කරගෙන ඒ තුලින් ජිවිතේ සාර්ථක කරගන්න දෙන අත දීමක් එහෙම නැති නම් උදව්වක් විදියට හැබැයි මේ දේ, මේ පසුවන මේ පසුවන කාලය අපිට මුළු ජිවිත කාලය පුරාවටම හම්බවෙන්නේ නැහැ. ඉතින් මේ කෙටි කාලයෙන් ලැබෙන දේ ඔයා උපරිම ප්‍රයෝජනය ගන්න ඕනේ. මතක තියා ගන්න කෙල්ලෙක් කියන්නේ ජිවිතයේ ප්‍රධානම දේ නෙමෙයි. ඔයා හොදට ඉගෙන ගෙන හොද ජොබ් එකක් කරලා ඔයාගේ ජිවිතේ සාර්ථක කරගත්තේ නැත්නම් වර්තමාන ලෝකය, යන විදියත් එක්ක මොනම කෙල්ලෙක් වත් ඔයත් එක්ක affair එකක් පටන් ගන්න කැමති වෙන එකක් නැහැ. මොකද ඕනිම කෙනෙක්ට වැඩිපුර අවදානය යොමු වෙන්නේ ආත්ම ශක්තියකුත් යුතු ඕනෑම අභියෝගයකට සාර්ථකව මුහුණ දෙන්න පුළුවන් පුද්ගලයන් වෙත තමයි. මුලින්ම ඔයා පහු උන දේවල් නැති උන දේවල් මග හැරුන දෙවල් ටික ටික අමතක කරන්න , එක පාරටම කරන්න අපහසු වෙයි. හැබැයි ඒ සිතුවිලි බලෙන් වෙනම පීඩනයක් මනසට දීලා යටපත් කරන්න යන්න එපා . ඒ සිතුවිලි වලට ඇවිත් යන්න දෙන්න, ඒ සිතිවිලි එක්ක ඔයත් යන්න එපා. තදින්ම හිතා ගන්න ආපහු ඉස්සර වගේ ඔයාගේ වැඩ කර ගන්න පාඩම් කරන්න පටන් ගන්න. phone එකෙන් computer, tv වලින් ඈත් වෙලා නිදහසේ ඉන්න. ඒ වෙලාවේ ඔයාගේ ඉස්සරහට කරන්න තියෙන දේවල් , ඔයා වෙනුවෙන් කරන්න තියෙන දේ ගැන හිතන්න plan කරන්න.

    අද කරන්න තියෙන දේ අදම කරන්න. එක දවසක් කොහොම හරි කැප කරලා මුළු දවසටම ඔයා වෙනුවෙන් වැඩ කරලා බලන්න . කොච්චර සතුටක් දැනෙනවද කියලා, මේ ලෝකේ හැමෝම දුවන පැත්තට නෙවෙයි, තමන් තුල තියෙන විශේෂ හැකියාවන් අදුන ගෙන ඒ දේට තැන දෙන්න.
    අසුබවාදී දේවල්. ඔයාගේ ජිවිතේට වැඩක් වෙන්නේ නැති දේවල් කතා කරන පුද්ගලයෝ වටේ ඉන්නවා නම් ඒ අයගෙන් ඈත් වෙන්න ඒ වෙනුවට හොද දේ කතා කරන නිතරම දියුණුවට වැඩ කරන පුද්ගලයින් එක්ක සම්බන්දකම් ඇති කරගන්න. මනස නිදහස් කර ගන්න. අලුත් දේ ජිවිතේට එකතු කරගන්න. ඔයාට වඩා දැනුම් තේරුම් තියෙන පුද්ගලයින් එක්ක කතා කරන්න. උපදෙස් ගන්න. හැබැයි මේ හැම දේම අර හංසයා වතුරෙන් කිරිටික පෙරලා ගන්නවා වගේ හැම තිස්සෙම හොද දේ විතරක් පෙරලා ගන්න බුද්දීයමත් වෙන්න.
    social media භාවිතා කලාට වරදක් නැහැ. නමුත් සීමාවක් තියා ගන්න, මොකද මේ දේවල් වලින් මනසට හොදදෙට වඩා නරක දේ ලැබෙන්න තියෙන ඉඩ කඩ වැඩි.

    පොත් කියවලා හුරු නැති නම් මුලදී හොද පොතක් තෝරාගෙන දවසේ පොඩි වෙලාවක් වෙන් කරන්න බලන්න. මේ කියපු දේවල් ටික කරන්න ගන්න. ඔයාටම තෙරයි ඔයා තුල සිදුවන වෙනස් කම. දුක හිතෙන සින්දු film කිසිම දෙයක් බලන්න අහන්න යන්න එපා, ඒ දේවල් වලින් ඔයාගේ ජිවිතේට කිසිම සුබවාදී දෙයක් ලගා වෙන්නේ නැහැ. ඔයා තව තවත් දුක හිතෙන දේටම ඇදිල යන එක තමයි වෙන්නේ.

    මතක තියා ගන්න සොබාදහම අපෙන් ඈත් කරන්නේ අපිට ගැලපෙන්නේ නැති දේවල්. අපි දැන ගන්න ඕනේ ජිවිතේට එන හැම බාධකයම මුහුණ දීල සාර්ථකව ජයගන්න. එහෙම උනොත් ඔයාට ගැලපෙන දේවල් ගැලපෙන පුද්ගලයන් සොබාදහම විසින්ම ඔයාගේ ජිවිතේට ලං කරලා දෙයි.
    තව පොඩි දෙයක් කියන්නම්. මේක කරලා බලන්න. ඔයා ඉන්න තැන. කාමරේ නිතර පිරිසිදුව තියා ගන්න බලන්න. දැන් ඉතින් කියයි මම කෙල්ලෙක් නෙමයි ඕවා කරන්න කියලා. හැබැයි මේ දේ නිසා ඔයාට නොපෙනන ලොකු වෙනසක් සිද්ද වෙන්න ගන්නවා. ඔයාගේ වටා තියෙන සියලුම අසුබ ශක්තිය ඉවත් වෙලා ඔයාගේ ජිවිතේට සුබ නැතිනම් හොද ශක්තියක් එන්න ගන්නවා. ඒ තුලිනුත් ඔයාගේ වැඩ කරගෙන යන්න රුකුලක් තමයි ලැබෙන්නේ.
    මම මේ කිව්වා දේවල් පුළුවන් විදියට කරලා බලන්නකෝ. ඔයාටම වෙනස තේරෙයි, නිතරම සතුටින් ඉන්න,. හැම දේම වෙන්නේ හොදට එක අපිට දැන් නොතේරුනාට කාලයක් යන කොට මේ දේ උනේ හොදට කියන එක තේරෙන්න ගන්නවා. :yes:
     
    divoomdelux

    Well-known member
  • Apr 8, 2009
    4,415
    1,485
    113
    Srilanka
    මචන් මයින්ඩ් එකේ සිද්ද වෙන ව්‍යාකුල තා ලෙඩක් විදියට දකින්න එපා, මිනිස්සු ගොඩක් අයට අවබෝධයක් නැති උනාට හමොගාවම මේ දේවල් තියනවා එකම, උදාහරණයක් හැම කුස්සියේම ලුණු ගෙඩියක් තියනවනේ හැබැයි ලුණු ගද එනවද නැ එන්නේ ලුණු ප්‍රමාණය ඉක්මවා ගියොත් විතරයි . ඔය විදියට එක එක නම් දාල මේ දේවල් හදුන්වන්නේ , තව කෙනෙකුට ඒ දේවල් ගැන අවබෝදයක් දෙන්න පහසු නිසා, මනසේ ඇති වෙන රෝග වලට බෙහෙත් ගන්න පුළුවන් එතකොට වෙන්නේ ඇගේ තියෙන chemistry එක වෙනස් වෙලා ඒ ඒ උත්තේජන එන තැන් යටපත් වෙන එක. හොද හෝ නරක ශරීරයේ උත්තේජන වෙනස් කරන එක එච්චර සුබ නැ පුතෝ..negative chemistry එකක් උනත් ඇගේ තියෙන්නේ අවශ්‍ය තාවයකට ඒවා විනාශ වෙන එක මනුස්සෙකුට එච්චර සුබ නැහැ. මනස ලෙඩ වෙන්නේ මචන් මනසේ ක්‍රියාකාරිත්වයක් හන්දම තමයි. එකට උත්තර ගන්නත් ඕනි එතැනින්ම තමයි. එක පාර බැ පොඩි කාලයක් යාවි හැබැයි අනිවා හරි යනවා ඒ ගැන හරි අවබෝධයක් ඇවිල්ල තමන් තමන්ට authentic උනාම.
    මේක ගැන Nayara කියයි හරියටම මම මේක ගැන ඉගෙන ගෙන තිබ්බට මම non professional එයා professional එයා කියයි. just be cool and patient:D

    well explained.. rep+
     
    • Like
    Reactions: smsanjaya