“The greatest fear in the world is others opinion” මේ ලෝකයේ තියෙන ලොකුම බය අන් අයගේ මතයන්. අනෙක් අය මන් ගැන මොනා හිතයිද? මන් ගැන මොනවා කතා වෙනවා ඇද්ද? අලුතෙන් දෙයක් කරන්න බයයි ඉතින්. වෙනස් විදියකට හිතන්න බයයි. ඇයි සමාජේ අනික් අයගේ මතයන් වලට , එයාල කියන දේට අපි මුල් තැන දෙනවා අපේ අවශ්‍ය තා වලට වඩා.
අවුරුදු 20ක් කියන්නේ ජිවිතේ ලස්සනම කාලේ කියල තමයි මම නම් හිතන්නේ. තමන්ගේ ජිවිතයේ ඉදිරි අනාගතය ගැන නිදහසේ තීරණ ගන්න, අලුත් අලුත් සිතිවිලි මනසන එන කාලයක් තමයි මේක.
එත් වර්තමානයේ අපි දකින දෙයක් තමයි වැඩි ප්‍රතිශයතයක් දරුවෝ මේ වයසට එන කොට ළමා කාලයේදී මුහුණ දෙන්න සිදුවෙන නොයෙක් හැල හැප්පීම් නිසා සිදුවන මානසික කඩා වැටීම් එක්ක තමයි එන්නේ කියන එක. උදාහරණයක් විදියට ගත්තොත් තමන්ගේ ගෙදර පවුල තුල සිදුවන යම්දේ හේතු කොට ගෙන සිදුවන මානසික බිද වැටීම්. සමාජයේදී මුහුණ දෙන්න වෙන සිදු වීම් . නැතිනම් පාසලේදී, පන්තියේදී, නොයෙක් ආකාරයේ මානසික බිද වැටීම වලට හේතු වෙන සිදුවීම් වලට මුහුණ දෙන්න සිද්ද වෙනවා . මේ විදියට බිදුණු හදවත් එක්ක තරුණ වයසට එළබෙන දරුවොන්ට මේ ලෝකේ සැබෑ සුන්දරත්වය දකින්න අමාරුයි. එක ඒ දරුවෝන්ගේ වැරැද්දක් නෙමෙයි. මේ සමාජ ජාලයේ එහෙමත් නැත්තම් අපි කියන්නේ system එකේ එකේ වැරැද්දක් කියල, අන්න එහෙම කිව්වොත් හරි.
හැබැයි අපිට එක අන්තයක් විතරක් අරගෙන මේ පිලිබදව තීරණයකට එන්න බැහැ. ඒ කියන්නේ 100% ක්ම සමාජයේ වැරැද්ද කියන නිගමනෙට එන්න බැහැ මොකද අපිට තනි තනිව අපි ගැන වගකීමක් තියෙන නිසා. මෙහෙම හිතන්නකෝ, ඔයා දැන් කියනවා වටපිටාවේ සිද්ද වෙන දේවල් ඔයාගේ හිතන වද දෙනවා, ගොඩක් දේවල් ගැන සැකයි. මෙන්න මේ දේවල් බාහිර ලෝකය ගැන ප්‍රශ්න. අපි සීමාව ඉක්මවා බාහිර ලෝකයට අවදානය දෙන්න ගියාම, මේ ප්‍රශ්න වලට මුහුණ දෙන්න වෙනවා. මුලින් පොඩි සැකෙකින් පටන් ගන්න පුළුවන් එත් පහු වෙනකොට මේ සැකය මනසේ මුල් ඇදලා ටික ටික අසුබ වාදී සිතුවිලි එක්ක එකතු වෙලා ඔයත් එක්ක මිශ්‍ර වුනු අසුබ ශක්තියක් තම ඔයාගේ වටේ එක රැස් වෙන්නේ . මම මේ අප වටා ගොඩ නැගෙන ශක්තින් පිලිබදව වෙනම ආර්ටිකල් එකක් විස්තරාත්මකව පස්සේ දාන්නම් . කෙටියෙන් මේ ගැන කිව්වොත් මේ අප තුල හට ගන්නා ශක්තිය ආකර්ෂණය කරගන්න බලන්නේ ඒ හා සමාන වූ ශක්තියක්ම තම, ඉතින් ඔයා හිතන්නකෝ ඔයාගේ මේ තියන සැකය. සමාජයට මුහුණ දෙන්න තියෙන බය, නිසාම ඔයා තුල ගොඩ නැගෙන්නේ අඩු මට්ටමක එහෙම නැතිනම් අසුභවාදී ශක්තියක් . ඉතින් මේ ශක්තිය කාලෙත් එක්ක වැඩි වෙන්න වෙන්න ඔයාට බාහිර ලෝකෙන් ආකර්ෂණය වෙන්නෙත් අසුබවාදී දේවල්ම තමා. මම ඔයාට මේ පැහැදිලි කරලා දුන්නේ මේ දේ සිද්දවෙන ආකාරය දැන් බය වෙන්න එපා මේක කියවල මොකද මම ඔයාට කියල දෙන්නම් මේකෙන් ගැලවෙන විදිය.
මම කියන්නේ නැ කජු කනවා වගේ හරි ඉක්මනට මේ ඔයා මුණ දීල ඉන්න තත්වෙන් ගැලවෙන්න පුළුවන් කියලා. මොකද යම් කාල පරාසයක් තිස්සේ ඔයාගේ මනස මේ දේවල් වලට හුරු වෙලානේ ඉන්නේ. ඉතින් එක පාරටම මනස වෙනස් කරන්න අමාරුයි. හැබැයි මේ දේ කරන්න බැරි දෙයක් නෙමෙයි. කරන්න පුළුවන් දෙයක් වගේම බොහෝ මානසික ගැටළු තිබුන පුද්ගලයින් කරපු දෙයක්. එකම දේ තමා තමන් අදිෂ්ටාන කර ගන්න ඕනි, තමන් ගැන විශ්වාසය තබා ගන්න මම කොහොම හ හරි මේ ඉන්න මානසික පීඩනයෙන් මිදිලා හොද මානසික මට්ටමකට එනවා සමාජයේ කවුරු මොන දේ කිව්වත් මොන දේ හිතුවත් මම මගේ ජිවිතේ සාර්ථක කරගන්නවා කියලා.
schizophrenia කියන රෝගය ගැන ඔයා සදහන් කරලා තිබුනා. නමුත් මම පෞද්ගලිකව කිසිම මානසික ගැටලුවක් රෝගයක් විදියට දකින්නේ නැ. රෝගයක් කිව්වා ගමන් ඒ පුද්ගලයා බය වෙන එක තමයි වෙන්නේ. හිතන්නකෝ අපිට සරලව යතා තත්වයට පත් කරගන්න පුළුවන් මානසින ව්‍යාකුල තත්වයක් තියෙන්නේ කියලා. එත් මෙක මේ එක එක නම් වලින් එක රෝගයක් කියල හිතන්න ගියොත් වෙන්නේ අර නියපොත්තෙන් කඩල ඉවර කරන්න පුළුවන් ගැටලුව පොරවකින් කපන්න වෙන ගානට එන එක.
ඒ නිසා කිසිම අනවශ්‍ය බියක් ඇති කර ගන්න එපා. මම කලින් කිව්වා වගේ මේ 2020 ඔයාගේ ජිවිතේ සාර්ථකත්වයට යන ගමන ආරම්බ කරන වර්ෂය කරගන්න. හැම දෙකටම මුල් වෙන්නේ අපේ සිත මනස සිතිවිලි. අපිට පුලුවන්නම් අපි කරන කියන දෙයට යහපත් විදියට අවදානය දෙන්න අසුබවාදී හිතන එක පැත්තක තියලා හැම දෙයක්ම හොද විදියට බලන්න . අපි නොදැනුවත්වම අපි තුල සුබවාදී ශක්තියක් ගොඩ නැගෙනවා. ආත්ම ශක්තියකින් යුතුව වැඩ කරන්න අපිටම හිතෙනවා, තමන් වෙනුවෙන් වැඩ කරන්න ආස හිතෙනවා ටික ටික මේ ශක්තිය ඉහල මට්ටමකට එන කොට තමාට විතරක් නෙමෙයි මං මේ ලෝකය වෙනුවෙනුත් දෙයක් කරන්න ඕනේ කියන තත්වයට ඔයා එනවා මොකද ඔයාට දැන් අත්දැකීම් තියනවනේ ජිවිතේ විවිද මට්ටම් වලට මුහුණ දීලා, ඉතින් ඔයාට හිතෙනවා තවත් මම වගේ අය ඇති කියලා. ඒ ය වෙනුවෙන් දෙයක් කරන්න ඕනි කියලා. මේ තාක් දුර එන්න නම් ඔයා දැන්ම පටන් ගන්න ඕනි ඔයා වෙනුවෙන් වැඩ කරන්න ජිවිතේ අපි හැමෝටම බාදක එනවා. එක සාමාන්‍යයි . අපි ශක්තියමත් වෙන්න ඕනේ. ඒ හැම බාදකයක්ම ජය ගෙන ඉස්සරහට යන්න. ඔය තං ඉගෙනගන්න වයසේ ඉන්න බුද්දිමත් දරුවෙක්. ඉතින් ඔයාගේ අනාගතේ සාර්ථක කරගන්න වගකීම ඔයා අතට ගන්න. අනෙක් ය ගැන හිතන එක අමතක කරන්න. මම කිව්වේ එයාලගේ opinion ඔයාගේ ගමනට බාදාවක් කර ගන්න එපා. ක්ලාස් ගියාම අනේක් අයත් එක්ක ටික ටික කතා කරන්න පටන් ගන්න. හොදින් එයාලට ඇහුම් කන් දෙන්න. ඇහුන්කම් දෙන යට මිනිස්සු ගොඩක් කැමති. අලුතෙන් යාලුවෝ ඇති කර ගන්න. අදහස් හුවමාරු කර ගන්න. විවෘත මනසින් නිතරම ඉන්න බලන්න. කිසි වෙලාවක කාවවත් judge කරන්න යන්න එපා. ඔයාගේ හොද ගතිගුණ අනෙක් යට දැනෙන්න දෙන්න .
මේ දේවල් ටික ටික වෙන කොට නිතරම ඔයා ඉන්නේ සතුටෙන්. කාලයක් එක්ක ලස්සන ශක්තියක් ඔයා තුල ගොඩ නැගෙන්න ගන්නවා. ඔයාටම එතකොට ජිවත් වෙන්න ආස හිතෙයි. ලෝකේ ලස්සන දේවල් ඔයාට පෙන්න ගනී. A/L ආපහු කරනවා කිව්වනේ. හොදින් පාඩම් කරලා වෙලාව කළමනාකරණය කරගෙන ඒ දේවල් සාර්ථකව කර ගන්න තමන්ගේ වටිනා කම වටහා ගන්න. කිසිම දෙකට බය වෙන්න එපා. අපි වැරදි කරන්නේ නැති නම් කිසි දෙකට බය වෙන්න ඔනී නැනේ. නිතරම සතුටින් සුබවාදී දේවල් පමණක් සිතන්න පුරුදු වෙන්න මම හිතනවා පැහැදිලි ඇති කියලා. තමන් පිළිබඳව විශ්වාස ඇතිකර ගන්න.