Corona virus -- සර්පයන් මඟින්ද??

divoomdelux

Well-known member
  • Apr 8, 2009
    4,415
    1,485
    113
    Srilanka
    Corona virus -- සර්පයන් මඟින්ද??

    83877673_1506847862812464_6741511131728183296_o.jpg

    චීනය පුරා පැතිරෙන කොරෝනා වෛරසය මිනිසුන්හට ආසාදනය වූයේ සර්පයන් මඟින්ද?

    චීනයෙන් ආරම්භ වූ අභිරහස් කොරෝනා වෛරසය මිනිසුන්හට ආසාදනයවීම ඉහළ යත්ම, විද්‍යාඥයන් මෙම වෛරසය මුලින්ම මිනිසාකරා පැමිණියේ කුමන සත්වයාගේ සිටදැයි හඳුනා ගැනීමට යුහුසුළු වූවා. ජනවාරි 22 රාත්‍රියේ ප්‍රකාශයට පත් කළ මතභේදාත්මක අධ්‍යයනයක දී චීනයේ පර්යේෂකයන් කණ්ඩායමක් කියා සිටියේ වෛරසය මිනිසාවෙත පැමිණි අභිරහස් සත්වයා තමන් සොයා ගෙන ඇති බවයි, එනම් අදාල සත්වයා සර්පයෙක්!

    නමුත් වෙනත් විද්‍යාඥයින් පවසන්නේ මෙම වසංගත තත්වය පිටුපස ඇති වෛරසය; ක්ෂීරපායින් හා පක්ෂීන් හැර වෙනත් සත්ව විශේෂවලට ආසාදනය විය හැකි බවට කිසිදු විද්‍යාත්මක සාක්ෂියක් නොමැති බවයි. එක්සත් රාජධානියේ Glasgow විශ්ව විද්‍යාලයේ වෛරසවේදය පිලිබඳ විශේෂඥයෙක්වන ඩේවිඩ් රොබට්සන් පැවසුවේ මේ සඳහා සර්පයන් සම්බන්ධ බවට පිලිගතහැකි කිසිඳු සාක්ෂියක් මෙතෙක් හමුවී නැති බවයි.

    මෙම වසංගත තත්වයට වගකිව යුතු රෝග කාරකය අයත් වන්නේ කොරෝනා වයිරස්(Corona virus) නම් විශාල වෛරස පවුලකට වන අතර එයට උග්‍ර ශ්වසන සින්ඩ්‍රෝමය (SARS/සාස්) සහ මැද පෙරදිග ශ්වසන සින්ඩ්‍රෝමය (MERS) ඇති කරන දරුණු වෛරස් මෙන්ම සාමාන්‍ය සෙම්ප්‍රතිශ්‍යාව පිටුපස සිටින වෛරසද ඇතුළත් වේ. නවතම වෛරසය 2019-nCoV ලෙස නම්කොට තිබේ. එය SARS හා වවුලන් තුළ සංසරණය වන වෛරස් සමඟ වඩාත් සමීපව සම්බන්ධ වෙනවා. බොහෝ විද්‍යාඥයන් සැක කරන්නේ 2019-nCoV වෛරසය රැගෙන යන නාඳුනන සතෙකු, වුහාන් හි(Wuhan) සජීවී මුහුදු ආහාර සහ වන සත්ව වෙළඳපොලේ දී(Live seafood and wild animal market) මිනිසුහන්ට අදාල වෛරසය ආසාදනය කිරීමට දායක වී ඇති බවයි.

    රොබට්සන් පවසන්නේ “අතරමැදි ධාරකයා”, එසේත් නැතිනම් “මිනිසුන්හට මෙම වෛරසය පැතිරවීමට දායක වූ අභිරහස් සත්වයා” යනු මෙම ප්‍රහේලිකාවෙහි අප පිලිතුරු සොයාගතයුතු කොටස වන බවයි.

    බීජිං හි පීකිං විශ්ව විද්‍යාලයේ සෞඛ්‍ය විද්‍යා මධ්‍යස්ථානයේ මූලික වෛද්‍ය විද්‍යා පාසලේ ක්ෂුද්‍රජීව විද්‍යාඥයෙකු වන Wei Jiගේ නායකත්වයෙන් යුත් කණ්ඩායමක් විසින් 2019-nCoV වෛරසය, සාමාන්‍යෙන් හමුනොවන ජීවී සත්ව ධාරකයෙකුහට ඇතුලුවීමට අනුවර්තනය වී ඇති දැයි සෙවීය.

    බොහෝ ඇමයිනෝ අම්ල කේතනය වී ඇත්තේ කෝඩෝන මගිනි. වෛරස් අනුවර්තනය වන එක් ක්‍රමයක් නම් ප්‍රෝටීන කේතනය කිරීම, ඔවුන්ගේ ධාරකයාගේ කෝඩෝන ආකාරයෙන්ම සිදුකිරීමෙනි. Weiගේ කණ්ඩායම 2019-nCoV වෛරසයෙහි කෝඩෝන වවුලන්, කුකුළන්, මිනිසුන් සහ සර්පයන් ඇතුළු සත්වයන් සමඟ සංසන්දනය කර බැලුවා.

    අදාල පර්‍යේෂණ කණ්ඩායම වාර්තා කළේ 2019-nCoV හි කෝඩෝන තේරීම සර්පයන් දෙදෙනෙකු විසින් භාවිතා කරන ලද ඒවාට වඩා බොහෝ සෙයින් සමාන බවයි. Bungarus multicinctus නම් කරවැල් විශේෂය සහ Naja atra (චීන නාගයා) ඒ සර්පයන් දෙදෙනායි. මෙම සර්පයන් Wuhan මුහුදු ආහාර හා සත්ව වෙළඳපොලේ අලෙවි කළ බව පර්යේෂකයෝ පවසනවා. ජනවාරි 22 දින, Journal of Medical Virologyහි අදාල සොයාගැනීම් පලකරමින් ඔවුන් ප්‍රකාශ කරන්නේ මෙම කොරෝනා වෛරසය මිනිසාහට ආසාදනය වූ අභිරහස් ධාරකයා මෙම සර්පයන් විය හැකි බවයි.

    නමුත් රොබට්සන් පවසන්නේ මෙය ඉතා දීර්ඝකාලයක් ගතවන ක්‍රියාවලියක් බැවින් අදාල ධාරකයා සර්පයෙකු වීමට අවම හැකියාවක් ඇති බවයි.

    São Paulo විශ්ව විද්‍යාලයේ වෛරසවේදය පිලිබඳ විශේෂඥයෙක්වන Paulo Eduardo Brandão පවසන පරිදි මෙම නව කොරෝනා වෛරසය සර්පයන්ට ආසාදනය විය හැකි බවට කිසිඳු සාක්ෂියක් නැහැ. ඔහු පවසන්නේ ක්ෂීරපායීන් සහ පක්ෂීන් යන ධරකයන් හැරුණුකල වෙනත් ධාරකයන් තුළ කොරෝනා වෛරසය තිබූබවට කිසිඳු ස්ථිර සාක්ෂි නොමැති බවයි.

    වැඩිදුර ක්ෂේත්‍ර හා රසායනාගාර පර්‍යේෂණ නොමැතිව 2019-nCoV වෛරසයෙහි ධාරකයා හෝ ධාරකයන් හඳුනාගත නොහැකි බව බොහෝ පර්යේෂකයන් පවසනවා. Wuhan වෙළඳපොලෙහි සතුන් හෝ ඔවුන් සිටි කූඩු සහ බහාලුම් වැනි ප්‍රභවයන්ගේ ජානමය පරීක්ෂණ මගින් හෝඩුවාවන් ලැබෙනු ඇතැයි බොහෝ දෙනා බලාපොරොත්තු වෙනවා.

    ක්ෂීරපායියෙකු බොහෝ දුරට ධාරකයා වියහැකිබව ෂැංහයි හි Pasteur Instituteහි වෛරසවේදය පිලිබඳ විශේෂඥයෙක්වන Cui Jie පවසනවා. Cui Jie යනු 2017 දී නිරිතදිග චීනයේ යුනාන් පළාතේ ගුහාවක සිට වවුලන් තුළ SARS ආශ්‍රිත වෛරස් හඳුනාගත් කණ්ඩායමේ සිටි සාමාජිකයෙකි. SARS සහ 2019- nCoV යනු බීටාකෝරෝනා වයිරස්(Betacorona viruse) ලෙස හඳුන්වන වෛරස් උප කොටසකි. 2002-03 SARS වසංගතයෙන්පසු ක්ෂේත්‍ර කටයුතු වලදී එවැනි වෛරස් සොයාගෙන ඇත්තේ ක්ෂීරපායින් තුළ පමණක් බව Cui Jie පවසනවා. එබැවින් පැහැදිලිවම මෙම 2019-nCoV යනුද ක්ෂීරපායී වෛරසයක් බවත් ඊට සර්පයන්ගේ සම්බන්ධයක් නැතැයිද ඔහු පවස්නවා.

    Nature සඟරාව ආශ්‍රයෙන්
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,961
    6,331
    113
    මේකට සර්පයෝ ගාවගත්තෙ අැයි කියල මටනම් හිතාගන්න බෑ..2002 SARS හැදුනෙත් වවුල්ලු නිසා.bird flu ඵකටත් ක්ෂීරපායින් සම්බන්ධයි.මේකට විතරක් සර්පයෝ‍ සම්බන්ධ වෙන්නෙ කොහොමද.ඔය flue වර්ග ඔක්කොම හැදිල තියෙන්නෙ ක්ෂීරපායි සත්තුන්ගෙන්.මුන් පරීක්ෂණ වෙන පැත්තකට අරන් යන්න හදනව කියලවයි මට නම් පේන්නේ..:oo:
     
    divoomdelux

    Well-known member
  • Apr 8, 2009
    4,415
    1,485
    113
    Srilanka
    මේකට සර්පයෝ ගාවගත්තෙ අැයි කියල මටනම් හිතාගන්න බෑ..2002 SARS හැදුනෙත් වවුල්ලු නිසා.bird flu ඵකටත් ක්ෂීරපායින් සම්බන්ධයි.මේකට විතරක් සර්පයෝ‍ සම්බන්ධ වෙන්නෙ කොහොමද.ඔය flue වර්ග ඔක්කොම හැදිල තියෙන්නෙ ක්ෂීරපායි සත්තුන්ගෙන්.මුන් පරීක්ෂණ වෙන පැත්තකට අරන් යන්න හදනව කියලවයි මට නම් පේන්නේ..:oo:

    :yes::yes:
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,386
    19,517
    113
    Colombo
    මේකට සර්පයෝ ගාවගත්තෙ අැයි කියල මටනම් හිතාගන්න බෑ..2002 SARS හැදුනෙත් වවුල්ලු නිසා.bird flu ඵකටත් ක්ෂීරපායින් සම්බන්ධයි.මේකට විතරක් සර්පයෝ‍ සම්බන්ධ වෙන්නෙ කොහොමද.ඔය flue වර්ග ඔක්කොම හැදිල තියෙන්නෙ ක්ෂීරපායි සත්තුන්ගෙන්.මුන් පරීක්ෂණ වෙන පැත්තකට අරන් යන්න හදනව කියලවයි මට නම් පේන්නේ..:oo:

    මම හිතන්නෙ මේ ට්‍රානස්ට්ලේට් කරපු එක නිසා වැරදි අදහසක් ඇවිත් වගේ

    කොහොමත් කෙලින්ම සර්පයින්ගෙන් මිනිස්සුන්ට් එන්න අමාරුයි, මොකද මියුටේට් වෙන්න ඕන Cold-blooded එවුන්ගෙන් Worm blooded එවුන්ට එන්න. මෙතන හොයනවා ඇත්තෙ Worm blooded එවුන්ට එන්නත් කලින් ඔරිජිනලි තිබුනෙ සර්පයින්ගෙද කියලා වෙන්න ඇති
    Cold-blooded සර්පයින් හරි කුරුල්ලන්ගෙන් උන්ට නිතරම ඉන්ටරැක්ට් වෙන ක්ශීරපායි සතෙක්ට ඇවිත් මියුටේට් වෙලා මිනිස්සුන්ට එන්න ඇති, ඔන්න ඔය පාත් එකේ මුලින්ම ඉන්නෙ කුරුල්ලොද සර්පයොද වගේ කියන එකක් වෙන්න ඇති හොයන්නෙ
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,817
    3,851
    113
    Delaware
    මේකට සර්පයෝ ගාවගත්තෙ අැයි කියල මටනම් හිතාගන්න බෑ..2002 SARS හැදුනෙත් වවුල්ලු නිසා.bird flu ඵකටත් ක්ෂීරපායින් සම්බන්ධයි.මේකට විතරක් සර්පයෝ‍ සම්බන්ධ වෙන්නෙ කොහොමද.ඔය flue වර්ග ඔක්කොම හැදිල තියෙන්නෙ ක්ෂීරපායි සත්තුන්ගෙන්.මුන් පරීක්ෂණ වෙන පැත්තකට අරන් යන්න හදනව කියලවයි මට නම් පේන්නේ..:oo:
    SARS වලටත් බෙහෙත් හොයා ගත්තේ නැ නේද තාම, එක පැතිරෙන එක නැවතුනේ කොහොමද?
     
    nir83k

    Well-known member
  • May 21, 2010
    2,218
    635
    113
    SARS වලටත් බෙහෙත් හොයා ගත්තේ නැ නේද තාම, එක පැතිරෙන එක නැවතුනේ කොහොමද?

    කොහොම ත් virus ලෙඩවලට බෙහෙත් නැහැ, outbreak control karala පැතිරීම වලක්වන එකයි කරන්නෙ ,ලෙඩාව වෙන් කරලා සුව වෙනකම් supportive care එකක් දෙනවා,
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,358
    25,567
    113
    Epidemiology Unit - Sri Lanka

    මේ වගේ දේකට සූදානම නම් තාම සැකයි. සුහද හමු, පාර්ටි, සංචාර සංවිදානය හැරුනු කොට වෙන වැඩක් නැති තරම්...විශාල වශයෙන් විදේශ ආධාර, foreign scholarship , ලැබෙන තැනක්.වයිරස් සම්බන්ද Medical Research Institute පර්යේශකයන් උදාසීන කළ බැවින් බොහෝ පිරිස් විදේශ රට වලට ගියා.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,473
    22,140
    113
    Gotland
    2020 වයිරස් එකක් නිසා ලොකු ගානක් මැරෙනවා කියල මංජුල සර් කිව්වා වගේ මතකයි සත්තයි
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,047
    20,630
    113
    හස්තිශෛලපුර
    අපි මෙච්චරටම බයවෙන්න ඕන සීන් එකක් නෑ මටනම් පෙන්නේ.. වූහන් වල චීන්නූ මොකක් හරි හොර වැඩක් කරනවද දන්නේ නෑ
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,817
    3,851
    113
    Delaware
    2020 වයිරස් එකක් නිසා ලොකු ගානක් මැරෙනවා කියල මංජුල සර් කිව්වා වගේ මතකයි සත්තයි
    අනෝජ් සර් තාම වැඩේට බැහැලා නැ මම හිතන්නේ වයිරස් කියන්නේ අනෝජ් සර්ට ලොකු දේවල් නෙවෙයි
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,291
    12,544
    113
    Piliyandala
    "චීනා සර්පයෝ කාලා මලේ සර්පයා කාලයි චීනා මලේ" කියල ඉස්සර ටාසන් බාප්පා කිව්වේ දුර දැකල වෙන්ටෝනේ
     
    kasunigamage

    Active member
  • Oct 9, 2017
    299
    147
    43
    මේකට සර්පයෝ ගාවගත්තෙ අැයි කියල මටනම් හිතාගන්න බෑ..2002 SARS හැදුනෙත් වවුල්ලු නිසා.bird flu ඵකටත් ක්ෂීරපායින් සම්බන්ධයි.මේකට විතරක් සර්පයෝ‍ සම්බන්ධ වෙන්නෙ කොහොමද.ඔය flue වර්ග ඔක්කොම හැදිල තියෙන්නෙ ක්ෂීරපායි සත්තුන්ගෙන්.මුන් පරීක්ෂණ වෙන පැත්තකට අරන් යන්න හදනව කියලවයි මට නම් පේන්නේ..:oo:

    වෛරසයේ RNA වර භෂ්ම අනුපිළිවෙල බලලා එක සම්භවය උනේ කොහෙන්ද කියලා හොයනකොට සර්පයන්ගෙ ජාන එක්ක සමාන නමක් ඇති. උනුත් ඔතන විකුණන නිසා සැක ඇති.ඔතන නැති එකෙක් නෑනෙ