Nuclear Power Plant in SL

Tramadol

Well-known member
  • Jul 20, 2014
    13,197
    7,478
    113
    Kotahena
    uba hithuwada JVP harakta Nuclear power station hadanna puluwan kiyala. ewa hadanne scientistla yako. haduwata passe reactors fully automated wada karanne. :rofl::rofl::rofl:

    Automate anywhere වගේ software ඕවට use කරනව. ඒවායේ rules overwrite කරන්න පුළුවන් authenticate කරොත් privileged account එකකින් login වෙලා ලොකු පිස්සුවක් කරන්න පුළුවන්.
    හැබැයි එහෙම කරන්න වෙන රටවල් වල අවශ්‍යතාවයක් නෑ. Purpose එකක් නෑ. නමුත් ලංකාවේ තියෙනව. ඒ තමයි Jeppo. ට්‍රාන්ස්ෆෝමර්ස් වයර් ෂෝට් කරලා පුපුරවන්න වැඩ හදන JEPPO!
    මොන automate කරත් වැඩක් නෑ. තොට තේරුනෙද?
     

    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...
    Automate anywhere වගේ software ඕවට use කරනව. ඒවායේ rules overwrite කරන්න පුළුවන් authenticate කරොත් privileged account එකකින් login වෙලා ලොකු පිස්සුවක් කරන්න පුළුවන්.
    හැබැයි එහෙම කරන්න වෙන රටවල් වල අවශ්‍යතාවයක් නෑ. Purpose එකක් නෑ. නමුත් ලංකාවේ තියෙනව. ඒ තමයි Jeppo. ට්‍රාන්ස්ෆෝමර්ස් වයර් ෂෝට් කරලා පුපුරවන්න වැඩ හදන JEPPO!
    මොන automate කරත් වැඩක් නෑ. තොට තේරුනෙද?

    :growl::growl::growl: බිලි පප්පා . :lol:
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,398
    22,049
    113
    Gotland
    oka haduwoth nam patta ape eun okath pupurai kiyai dan.:P:P:P apita kisima power aulak wenne na sahena kalekata eth indog la oka hadanna deida danne na oya okotoma wada lokui private power plants mafia eka okun ta aba sarani kiyala danawa oka haduwoth.


    oka hadanna denne na


    1. Private power plant mafia
    2. CEB eke ihala un
    3. India

    4. Civil unions
     

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,724
    5,669
    113
    Rmbk reactors හදන එක නවත්තලා අවුරුදු ගානක් දැන්. රුසියාව අළුතින් හදලා තියනවා අළුතෙන් පාවෙන බලාගාරයක් 70 mw. කොහොමත් දැනට තියන හොඳම විසදුම න්‍යෂ්ටික බලාගාරයක් තමා. බැටරි වලින් current එක backup කරන එක ප්‍රායෝගික නැහැ. කෝටි ගානක් බැටරි bank එකක් හදන්න වෙනවා. අවුරුදු ගානකට සැරයක් බැටරි අළුතින් දාන්න ඕනේ. හැම අවුරුද්දකම update කරන්න වෙනවා demands එක වැඩි වෙනකොට. හොදම දේ hydrolic battery bank එකක්. ඒත් power loss එක වැඩි. හොදම දේ nuclear එකකකුයි නොරොච්චෝලේයි තියා ගන්න එක. නොරොච්චෝලේ හරි nuclear එක හරි off කරන්න බැහැ හැබයි ජල විදුලි බලාගාර off කරන්න පුළුවන්. ලොකුම ප්‍රශ්නෙ බැරි වෙලා හරි solar වලින් දුවන power system එකක් හදලා ඒක දවසකට fail වෙලා backup මදි වුනොත්. නොරොච්චෝලේත් නැහැ කැලණිතිස්සත් නැහැ. සල්ලි වලට power එක ගන්න තමා වෙන්නේ. මොකද තාප බලාගාර රත්වෙලා නියම presser එකට එනකම් ඉන්න ඕනේ.
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,253
    72,437
    113
    මාලඹේ
    අනේද කියන්නෙ උබේ පොන්නය පහුගිය අවුරුදු 5ට කොච්චර දේවල් පටන් ගත්තද..

    1.කුලියාපිටියෙ තඩ් අක්කර ගානක පොල් වත්තක් ඩෝසර් කරල වොක්වැගන් කර්මාන්ත සාලාවට මුල් ගල් තිබ්බ ඒක පැල උනා..
    2.හොරන තඩි රබර් වගාවක් ඩෝසර් කරවල ටයර් කර්මනාන්තෙට මුල් ගල තිබ්බ අන්තිමට ගල ගo වතුරට ගහන් ගියා..
    3.සිගප්පුරු අර්ජුනය ගෙනල්ල මහ බැකුව සුද්ද කරා
    4.මහින්දගෙන් පලි ගන්ඩ සාම්පූර් බලාගාරෙ නතර කරල රට වටේම පොන්නය ගෑස් බලාගාර 5ක් කටින් හැදුව..
    5.ඇයි දෙයියනේ තොපිට ෆී වයිපයි දෙන්ඩ පොන්නය බැලුම් යවපු හැටි අමතකද ගුගල් එක්ක එකතුවෙලා,:lol::lol: අන්තිමට බැලුන පත බෑවුනේ කොහාටද මතකද තොට.:lol::lol::lol::lol:
    6.අන්තිමට යන්ඩ කිට්ටු වෙලා බෝම්බ ගස්සල අහිසකයො 300ක් එලව යවපු එකත් තොගෙ පොන්නය කරා..:angry::angry:

    ඔය වගේ දේවල් තමයි තොගෙ දාර පොන්නය පහුගිය අවුරුදු 5ට කරේ පලක් ඇති වැඩක් නම් කරේ නැ..:angry::angry::angry:

    නියශ්ටික බලාගාරයක් හදපුවාම කොහොමද පොන්නයො පව් ගෙවිමක් වෙන්නෙ ඒක තොගෙ ගේ අස්සෙ හදන් නැ බය වෙන්ඩ එපා..


    සුද්ද සිංහලෙන්ම කියලා තියෙන්නේ :lol::lol::lol:
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,253
    72,437
    113
    මාලඹේ
    සෝලා, සුළං බලාගාර වගේ දේවල් රටක ප්‍රධාන විදුලි සැපයුම (Primary source of power) විදිහට තියා ගන්නේ නෑ. මොකද මේ දෙකම වෙනස් වෙනව නිකමට හිතහන් දවස් 2-3 ඒක දිගට අඳුරු වෙලා තිබ්බොත් ග්‍රිඩ් ඒක අන්ස්ටේබල් වෙනව. ඕවගේ දවල් කරන්ට් ඒක ස්ටො කරලා තියාගන්න ක්‍රම තීනවා සමහරකගේ වතුර ජාලාශයකට පුරවල ඒකෙන් ජලවිදුලි බලාගාරයක් හදනවා හැබැයි මේ ඔක්කොම ප්‍රක්ටිකලි ලේසි නෑ සෝලා සිස්ටම් එකක් අපිට සොලිඩ් විදිහට පෙනුනට මෙවගේත් පැනල් පිහදමිමේ ඉඳන් ලොකු මෙන්ටෙනන්ස් එකක් ඕනා.



    ලෝකෙම න්‍යෂ්ටික බලාගාර 450ක් මේ දැනුත් වැඩ. දැනට අනතුරු වෙලා තින්නේ 3 යි. මේ 3න් කියන්න බෑ මේක හොඳ නෑ කියල.


    ලංකාවේ මීට වඩා භායනක පරිසර හානි වෙන දේවල් වෙනව ඒවා විකිරනවලට වඩා බලපායි මිනිස්සුන්ට (උදාහරනෙකට වකුගඩු රෝග)


    ගොඩක් අය න්‍යෂ්ටික බලාගාර වලට බය ඒවගෙන් නිකන් විකිරණ පිටවෙනවා කියල හිතාගෙන


    ඔව් ගොඩක් අය ඔහොම හිතන්නේ නොදන්න කම නිසා.
    න්‍ය්ටික බොම්බෙයි න්‍යෂ්ටික බලා ගරයි පටලවාගෙන:lol::lol:
    න්‍යෂටික බලය යෙන් හදන විදුලිය තමා පිරිසිදුම ප්‍රායෝගික විසදුම. තෙල් සහ ගල් අගුරු බලාගාරය ඩීසල් බලාගාර වලින් දවසට ටොන් ගණන් කාබන් ඩයොක්සයිඩ් පරිසරයට එකතු වෙනවා . අපි ඒවා ගැන මොකවත් කථා කරන්නේ නැහැ දැක්කේ නැහැ වගේ ඉන්නවා. න්‍ය්ටික බලාගාර වලින් පිරිසිදු විදුලිය හදන කොට එකට අපි විරුද්ධ වෙනවා
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔව් ගොඩක් අය ඔහොම හිතන්නේ නොදන්න කම නිසා.
    න්‍ය්ටික බොම්බෙයි න්‍යෂ්ටික බලා ගරයි පටලවාගෙන:lol::lol:
    න්‍යෂටික බලය යෙන් හදන විදුලිය තමා පිරිසිදුම ප්‍රායෝගික විසදුම. තෙල් සහ ගල් අගුරු බලාගාරය ඩීසල් බලාගාර වලින් දවසට ටොන් ගණන් කාබන් ඩයොක්සයිඩ් පරිසරයට එකතු වෙනවා . අපි ඒවා ගැන මොකවත් කථා කරන්නේ නැහැ දැක්කේ නැහැ වගේ ඉන්නවා. න්‍ය්ටික බලාගාර වලින් පිරිසිදු විදුලිය හදන කොට එකට අපි විරුද්ධ වෙනවා

    :yes::yes::yes: හොදට බලපන් මචන් බිල්ලො මව මවා දගලන්නෙ ගූ ඇන් පි කාරයො..උන්ට පුදුම ඉරිසියාවක් ඇතිවෙලා තියෙන්නෙ මහින්ද නියශ්ටික බලාගාරයක් ගහන්ඩ යන එක ගැන ..වාවගන්ඩ බැරි ඉරිසියාවකින් ඉන්නෙ උන්..
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,994
    113
    - න්‍යෂ්ටික බලය පිළිබඳ මිත්‍යා මත -

    මේක ලියන්න කියලා හිතුවේ මේ මාතෘකාව සාකච්ඡා වෙන හැම තැනකම හැමදාම එන සුපුරුදු මිත්‍යා මත කීපයක් ගැන පැහැදිලි කිරීමක් කරන්න අවශ්‍ය නිසා. එකම ප්‍රශ්නෙට හැමදාම උත්තර දෙන්න වෙන එක අවාසනාවක්.

    1. න්‍යෂ්ටික බලාගාරයක් ඉදි කිරීමට විශාල ඉඩක්, ජනශූන්‍ය ප්‍රදේශයක් අවශ්‍ය වේ.

    මේක න්‍යෂ්ටික බලය ගැන තියෙන ලොකු සාවද්‍ය මතයක්. සාමාන්‍යයෙන් න්‍යෂ්ටික බලාගාරයක 1000ක විතර සේවක පිරිසක් සේවය කරනවා. ඒ නිසා ඕනෑම බලාගාරයක් ආශ්‍රිතව වෙනම කුඩා නගරයක් ඉදි වීම අනිවාර්යයි. ඒ නැතත්, න්‍යෂ්ටික බලාගාර කියන්නේ ශූන්‍ය විමෝචක බලාගාර නිසා ඒවා නාගරික ප්‍රදේශ වලට ඉතාම හිතකාමියි. ඒක නිසා බොහොමයක් රටවල න්‍යෂ්ටික බලාගාර ඉදි වෙන්නේ නගර ආශ්‍රිතව ම තමයි.

    අනික න්‍යෂ්ටික බලාගාර අවට ජනශූන්‍ය වීමේ කිසිම අවශ්‍යතාවයක් නෑ. ඒක විකාරයක්. ජපානයේ ඇතැම් න්‍යෂ්ටික බලාගාර වලම තමයි පෙරපාසල් පවත්වාගෙන යන්නේ. ඒ ජනතාවගේ අනිසි බිය නැති කරන්නත් එක්ක.

    ලංකාව න්‍යෂ්ටික බලාගාර හදන්න තරම් ඉඩ මදියි කියන එක අපේ බාගෙට දැනුමැත්තන් නිතර කියන දෙයක්. මේක බොරු. ලංකාව වගේ එකහමාරක් ලොකු දකුණු කොරියාවෙ න්‍යෂ්ටික බලාගාර 21ක් තියෙනවා. ලෝකේ ඉහළම තාක්ෂණික දැවැන්තයෙක් වෙන දකුණු කොරියාව ඒ තත්ත්වය ලඟා කරගත්තේ ඒ දැවැන්ත ස්ථාවර බලශක්ති ප්‍රභව මගින් ලැබුණු පන්නරයෙන්.

    2. න්‍යෂ්ටික බලාගාර, න්‍යෂ්ටික බෝම්බ මෙන්ම පුපුරා යාමේ අවදානමක් ඇත.

    මේක තමයි ඇත්තටම න්‍යෂ්ටික බලය ගැන තියෙන ලොකුම මිත්‍යාව. මේක සම්පූර්ණයෙන්ම බොරු. න්‍යෂ්ටික බලාගාරයක පාවිච්චි වෙන න්‍යෂ්ටික ඉන්ධන කිසිසේත්ම බොම්බයකට සමාන න්‍යෂ්ටික දාම ප්‍රතික්‍රියාවක් ඇති කරන්න තරම් මට්ටමකට සුපෝෂණය කරලා නෑ. ඒ නිසා කිසිම වෙලාවක න්‍යෂ්ටික බලාගාරයක් න්‍යෂ්ටික බෝම්බයක් වගේ පුපුරලා ලක්ෂ ගානක් මිනිස්සු මැරෙන්නේ නෑ.

    චර්නොබිල්, ෆුකුෂිමා-ඩායිචි වගේ බලාගාර අනතුරු වල උනේ න්‍යෂ්ටික පිපිරීම් නෙමෙයි. න්‍යෂ්ටික බලාගාරයක තියෙන "ප්‍රතිකාරක කුටීරය (Reactor Vessal)" ඇතුලෙ තමයි න්‍යෂ්ටික ප්‍රතික්‍රියාව සිද්ධ වෙන්නේ. මේක බලගැන්වූ මළ නොබැඳෙන වානේ වගේ ඉතා ශක්තිමත් ලෝහයකින් හදන ඝනකම් කුටියක්. මේකට බාහිරින් තියෙනවා "පීඩන කුටීරය (Pressure Vessal)" දැන් මේක හදන්නේ වානේ වළලු සමග ඝන සවිගැන්වූ කොන්ක්‍රීට් වලින්. ඔය මුලින් කී අනතුරු දෙකේදිම උනේ පීඩන කුටීරයේ හයිඩ්‍රජන් වායුව රැස්වීමෙන් පීඩනය වැඩි වෙලා පීඩන කුටීරය පුපුරා ගිය එක. ඒ බලාගාර ඉතා පැරණි තාක්ෂණයේ (දෙවන පරම්පරාවේ) න්‍යෂ්ටික බලාගාර. අද අපි ඉන්නේ හතරවැනි පරම්පරාවේ බලාගාර එක්ක. ඒවාගේ තාක්ෂණය සහ සුරක්ෂිතතාව ඉතාම ඉහළයි.

    උදාහරණයක් විදියට ගත්තොත්, ඉන්දියාවේ කුඩන්කුලම් බලාගාරයේ ප්‍රතිකාරක හරය තියෙන්නේ යෝධ තටාකයක් මත. හදිසි අවස්ථාවකදි ක්ෂණිකව හරය සිසිල් කළ හැකියි.
    (න්‍යෂ්ටික බලාගාර අනතුරු වලින් අද වෙනකම් ම මැරිලා තියෙන සංඛ්‍යාවට වඩා ප්‍රමාණයක් වාර්ෂිකව එංගලන්තයේ ඇඳෙන් බිමට වැටීමෙන් මිය යන බව කියවෙනවා)

    3. න්‍යෂ්ටික බලාගාරයක් වටා විශාල ඉඩක ජීවත් වීම අවදානම් වේ.

    මේකත් මෙහි පළමු කරුණ හා බැඳුන තවත් සාවද්‍ය කතාවක්. න්‍යෂ්ටික බලාගාරයක් හදනකොට ඒ අවට කලාප තුනක් අපි වෙන් කරගන්නවා (රූපසටහන බලන්න). ඔය කලාප තුනේම මිනිස්සුන්ට කිසිම ප්‍රශ්නයක් නැතිව ජීවත් වෙන්න පුළුවන්.

    ** බලාගාරයට ආසන්නම කි.මී. 3-5 කලාපය "පූර්ව සූදානම් කලාපය (Precautionary Action Zone)/ PAZ" නමින් හඳුන්වනවා. බරපතල හදිසි අවස්ථාවක දී මිනිසුන් ඉවත් කළ යුතු වෙන්නේ මේ කලාපයේ පමණයි.

    ** බලාගාරයේ සිට කි.මී 25 දක්වා කලාපය "හදිසි ආරක්ෂණ කලාපය (Urgent Protective Action Zone)/UPZ" නම් වෙනවා. අනතුරක් උනාම අයඩීන් ප්‍රතිකර්ම ලබාදීම වගේ ඉක්මන් ප්‍රතිඵල වලට ප්‍රතිචාර දැක්වීම මේ කලාපයේ සිදු විය යුතුයි.

    ** බලාගාරයේ ඉහත සීම වලින් එපිට කලාපය "දිගුකාලීන ආරක්ෂණ කලාපය (Longer Term Protective Zone)/LPZ" නම් වෙනවා. මේ කලාපයේ හදිසි ප්‍රතිචාර දැක්වීම අවශ්‍ය නෑ. දිගු කාලීනව පරිසරයේ විකිරණශීලිතාව වෙනස් වෙනවද කියන එක අධීක්ෂණය කිරීම කළ යුතුයි. ඉන්දියාවේ කුඩන්කුලම් සහ කල්පාක්කම් බලාගාර අනුව නම් ලංකාව ඉන්නේ LPZ කලාපයේ.

    4. න්‍යෂ්ටික බලාගාර අඩු ප්‍රමිතියෙන් ඉදි කිරීමට අවදානමක් ඇත.

    මේක දේශපාලනික කතාවක්. ගොඩක් අය හිතනවා යම් යම් සමාජයීය කරුණු නිසා අපි බලාගාරයක් හදන දවසක ඒක නිසි ප්‍රමිතියෙන් සිදු වෙන එකක් නෑ කියලා. මේකත් වැරදියි. ලෝකයේ ඉහළම සුරක්ෂිතතාව සම්බන්ධ නීති තියෙන්නේ න්‍යෂ්ටික බලාගාර වලට. ඒක ජාත්‍යන්තරව පරීක්ෂා කෙරෙන දෙයක්. ඒ කියන්නේ නිකම් කොන්ත්‍රාත්කරුවෙක්ට බලාගාර හදන්න බෑ. ලෝකේ න්‍යෂ්ටික බලාගාර සම්බන්ධ තාක්ෂණික දැනුම තියෙන ආයතන අතලොස්සයි තියෙන්නේ. ජපානයේ මිට්සුබිෂි, ප්‍රංශයේ අරේවා, ඇමරිකාවේ GE, රුසියාවේ ROSATOM වගේ. ඒ හින්දා අපි බලාගාරයක් හැදුවත් හදන්න වෙන්නේ මේ ආයතන හරහා.

    ලෝකේ ඕනෙම තැනක න්‍යෂ්ටික බලාගාරයක් හදනවා නම්,ක්‍රියාත්මක වෙනවා නම් හෝ න්‍යෂ්ටික ඉන්ධන සම්බන්ධ කටයුත්තක් වෙනවා නම් ඒක අන්තර්ජාතික පරමාණුක ශක්ති නියෝජිතායතනයේ ඍජු අධීක්ෂණය යටතේ සිදු විය යුතුයි. හැම බලාගාරයක් ම ත් වාර්ෂිකව අන්තර්ජාතික කමිටුවක් මගින් ඇගැයීමට ලක් වෙනවා. ඇගැයීම අසමත් වෙන බලාගාර වලට ක්‍රියාත්මක වීම සඳහා අවසර ලැබෙන්නේ නෑ.

    5. න්‍යෂ්ටික බලාගාර වලින් විකිරණ කාන්දු විය හැකියි.

    මේක විකිරණ කියන්නේ මොනවද කියලා නොදන්න නිසා කියන කතාවක්. න්‍යෂ්ටික බලාගාර වලින් කිසිසේත්ම විකිරණ කාන්දුවක් සිද්ධ වෙන්නේ නෑ. බලාගාර අනතුරකදි උනත් වෙන්නේ "විකිරණශීලී ද්‍රව්‍ය" යම් ප්‍රමාණයක් පරිසරයට මිදී යාම යි.

    6. න්‍යෂ්ටික බලාගාර වල උත්පාදනය වෙන අපද්‍රව්‍ය මුහුදේ ගිල්ලවනු ලැබේ.

    මේකත් වැරදියි. න්‍යෂ්ටික බලාගාර සම්බන්ධයෙන් තියෙනවා වගේම නීති රෙගුලාසි මාලාවක් න්‍යෂ්ටික ඉන්ධන සම්බන්ධයෙනුත් තියෙනවා. කිසිම බලාගාරයකට න්‍යෂ්ටික ඉන්ධන අපද්‍රව්‍ය හිතුමනාපෙ පරිසරයට නිදහස් කරන්න බෑ. මේ ඉන්ධන පිරිසිදු කරලා ඉතා ඉහළ තත්ත්වයේ ආරක්ෂණ ක්‍රමවේද යටතේ පොළව යට ගබඩා කිරීම සිද්ධ වෙනවා. අළුත්ම න්‍යෂ්ටික බලාගාර වල මේ ඉන්ධන අපද්‍රව්‍ය වල තියෙන ශක්තියත් නැවත භාවිතා කිරීමේ හැකියාවක් ඇති නිසා මේ ප්‍රශ්නය තව වැඩි කාලයක් තියෙන එකක් නෑ.

    ******
    මෙතන තියෙන්නේ මිත්‍යා මත කීපයක් ගැන විතරයි. මේ සියල්ලේම තාක්ෂණික කරුණු වල නිරවද්‍යතාව ගැන මට වගකීමක් තියෙනවා. අනිත්වා ගැන ඉඩ ලැබෙන වෙලාවට ලියන්න බලාපොරොත්තු වෙනවා. කොහොම නමුත් කියන්න ඕනේ මේකයි, කරුණාකරලා නිසි මූලාශ්‍ර සමග හැදෑරීමක් නොකර මේවා ගැන ඔබට හිතෙන, ඔබ අහලා තියෙන මනස්ගාත වලින් අදහස් දැක්වීම කරන්න එපා. ඒකේ වක්‍ර හානිය බරපතලයි. ඔබ නිකරුණේ මිනිසුන් බය කරනවා නම් අර එන්නත් වලට එරෙහිව කොන්ස්පයිරසි තියරි ගේන අයත් ඔබත් අතර වෙනසක් නෑ. ඒකෙන් ඔබ මග අවුරන්නේ මුළු මහත් අනාගත පරම්පරාවකටම බව මතක තියාගන්න.

    ප. ලි. : කොහොම කිව්වත් න්‍යෂ්ටික බලාගාර කියන්නේ 90%කට වැඩි රිලයබිලිටි ෆැක්ටර් එකක් තියෙන ශක්ති ප්‍රභවයකට. ඒක ශූන්‍ය විමෝචකයි. බලශක්ති ඝනත්වය අධිකම ප්‍රභවයයි (1×0.5 cm ප්‍රමාණයේ යුරේනියම් ඉන්ධන කැටයකින් ලැබෙන ශක්තිය ගල් අඟුරු මෙ. ටොන් 1කට සමානයි). ඒක හින්දා ඔබ අකමැති උනත් නැතත්, බලශක්ති ප්‍රභවයක් විදියට ලෝකෙ හැම රටක්ම කවදා හෝ මේ වෙත යොමු වෙනවා ඇති.



    https://www.facebook.com/groups/804276106323782/permalink/1733781323373251/

    :P

    BUMP
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,253
    72,437
    113
    මාලඹේ
    :yes::yes::yes: හොදට බලපන් මචන් බිල්ලො මව මවා දගලන්නෙ ගූ ඇන් පි කාරයො..උන්ට පුදුම ඉරිසියාවක් ඇතිවෙලා තියෙන්නෙ මහින්ද නියශ්ටික බලාගාරයක් ගහන්ඩ යන එක ගැන ..වාවගන්ඩ බැරි ඉරිසියාවකින් ඉන්නෙ උන්..

    න්‍යෂටික බලය සමග නැඟිටිමු:lol:
     

    Molock

    Well-known member
  • Aug 9, 2012
    1,761
    236
    63
    Automate anywhere වගේ software ඕවට use කරනව. ඒවායේ rules overwrite කරන්න පුළුවන් authenticate කරොත් privileged account එකකින් login වෙලා ලොකු පිස්සුවක් කරන්න පුළුවන්.
    හැබැයි එහෙම කරන්න වෙන රටවල් වල අවශ්‍යතාවයක් නෑ. Purpose එකක් නෑ. නමුත් ලංකාවේ තියෙනව. ඒ තමයි Jeppo. ට්‍රාන්ස්ෆෝමර්ස් වයර් ෂෝට් කරලා පුපුරවන්න වැඩ හදන JEPPO!
    මොන automate කරත් වැඩක් නෑ. තොට තේරුනෙද?

    sahena welawak Google search karala :lol::lol::lol:
     

    Suitcase

    Well-known member
  • Dec 23, 2018
    1,728
    402
    83
    Automate anywhere වගේ software ඕවට use කරනව. ඒවායේ rules overwrite කරන්න පුළුවන් authenticate කරොත් privileged account එකකින් login වෙලා ලොකු පිස්සුවක් කරන්න පුළුවන්.
    හැබැයි එහෙම කරන්න වෙන රටවල් වල අවශ්‍යතාවයක් නෑ. Purpose එකක් නෑ. නමුත් ලංකාවේ තියෙනව. ඒ තමයි Jeppo. ට්‍රාන්ස්ෆෝමර්ස් වයර් ෂෝට් කරලා පුපුරවන්න වැඩ හදන JEPPO!
    මොන automate කරත් වැඩක් නෑ. තොට තේරුනෙද?

    Oka sampurnayenma Russian (eg: plant eka hadana rata) company yatathe technical ha management paththa thibbanam hari ne ban
     

    Molock

    Well-known member
  • Aug 9, 2012
    1,761
    236
    63
    Automate anywhere වගේ software ඕවට use කරනව. ඒවායේ rules overwrite කරන්න පුළුවන් authenticate කරොත් privileged account එකකින් login වෙලා ලොකු පිස්සුවක් කරන්න පුළුවන්.
    හැබැයි එහෙම කරන්න වෙන රටවල් වල අවශ්‍යතාවයක් නෑ. Purpose එකක් නෑ. නමුත් ලංකාවේ තියෙනව. ඒ තමයි Jeppo. ට්‍රාන්ස්ෆෝමර්ස් වයර් ෂෝට් කරලා පුපුරවන්න වැඩ හදන JEPPO!
    මොන automate කරත් වැඩක් නෑ. තොට තේරුනෙද?

    uba oya kiyana widiyata karanna puluwan nam loke winasa wela godak kal. wirudda wenna ona unama mokak hari gon kathawak kiyagena enawa