BREAKING:China confirms 9 dead from corona virus and 440 infected

Status
Not open for further replies.

awjas2621

Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    The novel coronavirus COVID-19 is affecting 50 countries and territories around the world and 1 international conveyance (the "Diamond Princess" cruise ship harbored in Yokohama, Japan).

    Screenshot_2.jpg

    11111111.jpg
    2222222.jpg
    3333333.jpg
     
    Last edited:

    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    කොරෝනා මක්කම වන්දනාවට දොර වසයි - ඩයමන් ප්‍රින්සස් නෞකාවේ සිටි ශ්‍රී ලාංකිකයන් දෙදෙනා ඉන්දියාව මුදාගනී

    කොරෝනා වෛරස ආසාදිතයින් 700 කට අධික සංඛ්‍යාවක් සොයාගැනුනු ඩයමන්ඩ් ප්‍රින්සස් නෞකාවේ සිටි ශ්‍රී ලාංකික කාර්ය මණ්ඩල සාමාජිකයින් දෙදෙනා අද උදෑසන ඉන්දියාවේ නවදිල්ලි නුවර වෙත රැගෙනවිත් තිබෙනවා.
    විදේශ සබඳතා අමාත්‍යාංශය නිවේදනය කළේ මොවුන් නිරෝධායන කටයුතුවලින් අනතුරුව දිවයිනට ගෙන ඒමට නියමිත බවයි.
    ජපානයේ - යොකොහොමා වරායේ නවතා තිබූ මෙම නෞකාවේ 3711 දෙනෙකුට ආසන්න මගීන් පිරිසක් සිටි අතර, මේ වනවිට ඉන් 700 කට අධික පිරිසකට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබෙනවා.
    එහි සිටි ඉන්දීය ජාතිකයින් 119 දෙනෙකු ඇතුලූ රටවල් 5 ක විදේශිකයින් අද උදෑසන නවදිල්ලි නුවර වෙත රැගෙන එනු ලැබුවේ එරටට අයත් විශේෂ යානයකින්.
    ශ්‍රී ලංකාවට අමතරව නේපාලය, දකුණු අප්‍රිකාව සහ පේරු යන රටවල ජාතිකයින් මෙලෙස රැගෙන ආ පිරිසට අයත්.
    මේ අතර මක්කම සහ මදීනා ඇතුලූ ආගමික සිද්ධස්ථාන වන්දනාව සඳහා පැමිණෙන විදේශිකයින්ට රටට ඇතුළුවීම තහනම් කිරිමට සෞදි අරාබිය තීරණය කර තිබෙනවා.
    එරටින් මෙතෙක් කොරෝනා වෛරසය ආසාදිතයෙකු වාර්තාවී නොමැති අවස්ථාවක සෞදි අරාබි රජය මෙම තීරණය ගෙන තිබීම විශේෂත්වයක්.
    පසුගිය දෙසැම්බර් මස සිට රටවල් 40 කින් වෛරස ආසාදිතයින් හමුවී ඇති අතර, මේ වනවිට එම සංඛ්‍යාව 80,000 ඉක්මවා තිබෙනවා.
    ලෝක සෞඛ්‍ය සංවිධානය නිවේදනය කළේ චීනය තුළට වඩා වැඩි වේගයෙන් ඉන් පිටත මේ වනවිට වෛරසය පැතිර යමින් පවතින බවයි.
    චීනයෙන් අලූතින් කොරෝනා වෛරස ආසාදිතයින් 433 දෙනෙකු හමුවී ඇති අතර, ඊයේ දිනයේදී රෝගීන් 29 දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා.
    මේ අනුව එරටින් මේ දක්වා වාර්තාවී ඇති සමස්ත සිද්ධින් සංඛ්‍යාව 78,497 ක්. පුද්ගල මරණ 2744 ක් සිදුව තිබෙනවා.
    මයික්‍රොසොෆ්ට් ආයතනය සඳහන් කළේ චීනයේ කොරෝනා වෛරසය පැතිරයාම නිසා තම ආයතනයේ පරිගණක අලෙවිය කෙරෙහි එය අහිතකර අන්දමින් බලපා ඇති බවයි.
    දකුණු කොරියාවෙන් අලූතින් කොරෝනා ආසාදිතයින් 334 දෙනෙකු සොයාගැනිමත් සමඟ එරට තුළ වෛරසය ආසාදනය වූ රෝගීන් සංඛ්‍යාව 1595 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
    වෛරසය ආසාදනය වීමෙන් එරට මියගොස් ඇති සංඛ්‍යාව 13 ක්.
    දකුණු කොරියානු හමුදා සෙබළුන් පිරිසකට සහ ඇමරිකානු භටයෙකුට ඊයේ කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වීමත් සමඟ දෙරට අතර සිදුකිරීමට නියමිතව තිබූ යුද අභ්‍යාසය කල් දමා තිබෙනවා.
    ඇමරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් ප්‍රකාශ කළේ වෛරසයට මුහුණදීම සඳහා ක්‍රියාමාර්ග ගැනීමේ වගකීම උප ජනාධිපති මයික් පෙන්ස් වෙත පවරා ඇති බවයි.
    ඉතාලියෙන් මේ වනවිට රෝගීන් 400දෙනෙකු සොයාගෙන ඇති අතර, අද මුල්වරට ඩෙන්මාර්කයෙන්ද කොරෝනා ආසාදිතයෙකු හමුවී තිබෙනවා. මේ අනුව ඉතාලිය තුළ කොරෝනා වෛරසය පැතිර යාමත් සමඟ යුරෝපයේ අනෙකුත් රටවලින්ද රෝගීන් වාර්තාවීම ඉහළ ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කළේ.
    මෙම සතියේ ඔස්ටි‍්‍රයාව, ක්‍රොඒෂියාව, ග්‍රීසිය, නෝර්වේ, ස්විට්සර්ලන්තය යන රටවලින්ද මුල්වරට කොරෝනා ආසාදිතයින් සොයාගැනුනා.
    ඉරානයෙන් කොරෝනා සිද්ධීන් 139 ක් වාර්තාවී ඇති අතර, මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 19 ක්.
    චීනයෙන් පිටත කොරෝනා මරණ වැඩිම සංඛ්‍යාවක් වාර්තාවී ඇත්තේ ද ඉරානයෙන්. ඕස්ට්‍රේලියානු අගමැති ස්කොට් මොරිසන් අද ප්‍රකාශ කළේ චීනයේ සිට පැමිණෙන පුද්ගලයින්ට රටට ඇතුලූවීමට පනවා ඇති තහනම තවත් සතියකින් දීර්ඝ කරන බවයි.
     

    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    ඉරාන ජනපතිගෙන් ඇමරිකාවට චෝදනා

    ඉරානයේ පැතිරෙමින් පවතින කොරෝනා වෛරසය සම්බන්ධයෙන් ඇමරිකාව අනවශ්‍ය බියක් පතුරවමින් සිටින බවට ඉරාන ජනාධිපති හසන් රව්හානි චෝදනා කරනවා.
    මේ වනවිට ඉරානයෙන් කොරෝනා මරණ 19 ක් වාර්තා වී ඇති අතර, චීනය ඇතුළු සියලූ රටවලින් වාර්තා වන මුළු මරණ සංඛ්‍යාව 2762ක්.
     

    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    කොරෝනා මරණ 2700 ඉක්මවයි - සයිබර් ප්‍රහාරයක් ගැනත් අවදානමක්

    ලොව පුරා රටවල් 42 ක පැතිර යන කොවිඞ් නයින්ටීන් හෙවත් නව කොරෝනා වෛරසය වැළඳීමෙන් මියගිය සංඛ්‍යාව 2771 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

    විදෙස් වාර්තා සඳහන් කළේ ලොව පුරා පුද්ගලයින් 81,402කට මෙම වෛරසය ආසාදනය වී ඇති බවයි.

    වෛරසය වැළඳීමෙන් ඉරානයෙන් මරණ 19 ක් වාර්තාවන අතර, ආසාදිත සංඛ්‍යාව 139 ක්.

    දකුණු කොරියාවෙන් මරණ 12 ක් සහ ආසාදිත 1261 ක් වාර්තාවන බවයි විදෙස් වාර්තා කියා සිටියේ.

    එමෙන්ම කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් ඉතාලියේ 12 දෙනෙකු මියගොස් ඇති අතර, 453 කට එය ආසාදනයවී තිබෙනවා.

    මේ අතර, කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව ඉහළ යමින් පවතින දකුණු කොරියාවේ වෙසෙන ශ්‍රී ලාංකිකයින්ගේ තත්ත්වය ආරක්ෂිත බව සෝල් අගනුවර පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ප්‍රකාශ කළා.

    දකුණු කොරියාවේ මේ වනවිට ශ්‍රී ලාංකිකයින් 20,000 කට ආසන්න සංඛ්‍යාවක් ජීවත්වන අතර, ඔවුන්ගෙන් බොහෝ පිරිසක් කර්මාන්තශාලා ආශ්‍රිතව රැකියාවල නිරත වනවා.

    මේ එරට පවතින තත්ත්වය සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දැක්වූ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ කම්කරු අංශයේ උපදේශක සුසන්ත ප්‍රියදර්ශන කියා සිටියේ බොහෝ ශ්‍රමිකයින් යළි සිය නිවෙස් බලා යාම සඳහා අවස්ථාව ඉල්ලා සිටින බවයි.

    එමෙන්ම ඉතාලියේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් ද මේ වනවිට ආරක්ෂිතව පසුවන බව රෝම අගනුවර පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ප්‍රකාශ කළා.

    ඉතාලියේ ශ්‍රී ලංකා වැඩබලන තානාපති සිසිර සෙනෙවිරත්න සදහන් කළේ එරට නගර රැසක්ම නිරෝධායනයට ලක් කර ඇති අතර, ශ්‍රී ලාංකිකයින් වෙනුවෙන් නිරන්තරයෙන් තානාපති කාර්යාලය හරහා සෞඛ්‍යමය උපදෙස් ලබාදෙමින් සිටින බවයි.

    මේ අතර, සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කළේ කොරෝනා වෛරසය පිලිබදව ජාතික ක්‍රියාකාරි ආරක්ෂක කමිටුව පසුගියදා රැස්වී එය පැතිරීම පාලනයට තීරණ රැසක් ගත් බවයි.

    ඒ අනුව, විශාල මගී නැව් රටතුලට ඇතුළුවීම පාලනය කිරීම, ගුවන් යානා මගින් පැමිණෙන විදේශිකයන් පිළිබදව මෙරටට පැමිණීමට පෙර තොරතුරු එක්රැස් කිරීම ඊට ඇතුළත්.

    මීට අමතරව, දියතලාව හමුදා කදවුරු භූමියේ ස්ථාපිත කර ඇති නිරෝධායන මධ්‍යස්ථානයට අමතරව, බස්නාහිර පළාතේ කොළඹ ආසන්නයේ සහ දකුණ, මධ්‍යම හා වයඹ පළාත් මූලාශ්‍ර කරගෙන නිරෝධායන මධ්‍යස්ථාන 4 ක් ස්ථාපිත කිරීමට මෙම කමිටුව නිර්දේශ කර තිබෙනවා.

    එමෙන්ම, වෛරසය පැතිරීම අවම කිරීමට මුඛ ආවරණ අවශ්‍ය වුවහොත් ඒවා ආනයනය කිරීමට හෝ මෙරට නිෂ්පාදනය කර තොග වශයෙන් ගබඩා කර තැබීමටත් කමිටුව තීරණය කර ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ.

    මේ අතර කොවිඞ් - 19 හෙවත් නව කොරෝනා වෛරසයේ භීතිය ප්‍රයෝජනයට ගනිමින් සයිබර් ප්‍රහාරයක් එල්ල කිරීමේ අවදානමක් පවතින බව ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය පවසනවා.


    එහි සභාපති රජිව් කුරුවිටගේ කියා සිටියේ කොරෝනා වෛරසය පිළිබඳ තොරතුරු විද්යුත් තැපෑල හරහා දන්වන මුවාවෙන් ලොව පුරා මෙම සයිබර් ප්‍රහාරය එල්ල කිරීමේ අවදානම පවතින බවයි.
     
    Last edited:
    • Like
    Reactions: BadBlueGenius

    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    පළමු වරට පාකිස්ථානයෙන් කොරෝනා ආසාදිතයින් දෙදෙනෙක් හමුවේ

    කොරෝනා වෛරසය ආසාදනය වූ පුද්ගලයින් දෙදෙනෙකු පළමුවරට පාකිස්ථානයෙන් හමුවී තිබෙනවා.

    කරච්චි සහ ඉස්ලාමාබාද් නගරවැසියන් වන මොවුන් මෑතක ඉරානයේ සංචාරයක නිරතව සිට පැමිණ ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

    එසේම, චීනයට මායිම්ව පවතින පාකිස්ථානයේ උතුරුදිග ප්‍රදේශවල කුරුල්ලන් දඩයම් කිරීම තහනම් කර තිබෙනවා.

    විදෙස් වාර්තා වැඩිදුරටත් සදහන් කළේ ඉරානයෙන් පුද්ගල මරණ 19 ක් වාර්තා වීමත් සමග පාකිස්ථාන - ඉරාන දේශසීමා වසා දැමීමට ද පාකිස්ථානු රජය කටයුතු කර ඇති බවයි.

    එසේම, ඉරානයට මායිම්ව පවතින බැලූචිස්තාන් ප්‍රාන්තයේ පාසල් ලබන මස 15 වනදා දක්වා වසා දමා ඇති අතර, කරච්චි නගරයේ පිහිටි සින්ද් ප්‍රාන්තයේ පාසල් ද අද සිට සතියක කාලයක් වසා දැමීමටයි පියවර ගෙන ඇත්තේ.
     

    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    ජපානයේ සියලු ක්‍රීඩා සහ සංස්කෘතික ඉසව් සති 2කට අවලංගුයි

    නව කොරෝන වෛරස ව්‍යාප්තිය හේතුවෙන් ලෝකයේ රටවල් රැසක් දැඩි අර්බුදවලට මුහුණ දී සිටියි.
    ජපානයට මේ වන විට කොරෝනා ව්‍යාප්තියේ වැඩි බලපෑමකට ලක්ව ඇති රාජ්‍යයක්.
    මේ හේතුවෙන් රට පුරා ඉසව් බොහොමයක් තහනම් කිරීමට එරට රජය පියවර ගෙන ඇත.
    ජපානය තුළ සියලු ක්‍රීඩා සහ සංස්කෘතික ඉසව් සති 2ක කාලයකට අවලංගු කිරීමට ජපාන රජය තීරණය කර ඇත.
    ඒ රට පුරා ශීග්‍රයෙන් පැතිරයන නව කොරෝනා වෛරස ව්‍යාප්තිය පාලනය කිරීමේ අපේක්ෂාවෙන්.
    ජපානය මෙම පියවර ගෙන ඇත්තේ 2020 ඔලිම්පික් උළෙල නවත්වා දමන්නේද, කල් දමන්නේද යන මතය සලකා බැලෙන පසුබිමක වීම විශේෂත්වයක්.
    ජපාන අගමැති ෂින්සෝ අබේ සිය තීරණය ප්‍රකාශ කළේ මාධ්‍ය හමුවේ පැවැති සාකච්ඡාවක් අතරතුරයි.
    එරට ව්‍යාපාර ආයතන දෙකක සේවකයන් කිහිපදෙනෙක් නව කොරෝනා ආසාදිතයන් බවට හදුනාගැනීමෙන් අනතුරුව අගමැතිවරයා මෙම තීරණයට පැමිණ ඇත.
    එමෙන්ම ජනතාව නිවෙස්තුලම රැදී සිටිමින් රැකියාවල නිරතවීමේ අවස්ථාව ලබාදීමටත් ජපානය පසුගියදා තීරණය කළේය.
    ජපානයෙන් මේ වනවිට හඳුනාගෙන ඇති නව කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 164ක්.
    ඊට අමතරව ජපානයේ නැංගූරම්ලා පැවති ඩයමන්ඩ් ප්‍රින්සස් මගී ප්‍රවාහන නෞකාවේ සිටි මගීන් 691දෙනෙකුද ආසාදිතව ජපානයේ ප්‍රතිකාර ලබයි.
    කෙසේ නමුත් ජපාන රජය දන්වා ඇත්තේ වෛරස ව්‍යාප්තිය පාලනයට සෑම පියවරක්ම ගෙන ඇති බවයි .
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,847
    8
    35,415
    113
    Moderna ships the first batch of test vaccine

    Moderna Therapeutics, a biotech company based in Cambridge, Mass., has shipped the first batches of its COVID-19 vaccine. The vaccine was created just 42 days after the genetic sequence of the COVID_19 virus, called SARS-CoV-2, was released by Chinese researchers in mid-January. The first vials were sent to the National Institute of Allergy and Infectious Diseases (NIAID), part of the National Institutes of Health (NIH) in Bethesda, MD, which will ready the vaccine for human testing as early as April.

    Moderna’s vaccine against COVID-19 was developed in record time because it’s based on a relatively new genetic method that does not require growing huge amounts of virus. Instead, the vaccine is packed with mRNA, the genetic material that comes from DNA and makes proteins. Moderna loads its vaccine with mRNA that codes for the right coronavirus proteins which then get injected into the body. Immune cells in the lymph nodes can process that mRNA and start making the protein in just the right way for other immune cells to recognize and mark them for destruction.

    PS: Moderna stocks naturally went up by around 28%
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,228
    29,927
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    පළමු වරට පාකිස්ථානයෙන් කොරෝනා ආසාදිතයින් දෙදෙනෙක් හමුවේ

    කොරෝනා වෛරසය ආසාදනය වූ පුද්ගලයින් දෙදෙනෙකු පළමුවරට පාකිස්ථානයෙන් හමුවී තිබෙනවා.

    කරච්චි සහ ඉස්ලාමාබාද් නගරවැසියන් වන මොවුන් මෑතක ඉරානයේ සංචාරයක නිරතව සිට පැමිණ ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

    එසේම, චීනයට මායිම්ව පවතින පාකිස්ථානයේ උතුරුදිග ප්‍රදේශවල කුරුල්ලන් දඩයම් කිරීම තහනම් කර තිබෙනවා.

    විදෙස් වාර්තා වැඩිදුරටත් සදහන් කළේ ඉරානයෙන් පුද්ගල මරණ 19 ක් වාර්තා වීමත් සමග පාකිස්ථාන - ඉරාන දේශසීමා වසා දැමීමට ද පාකිස්ථානු රජය කටයුතු කර ඇති බවයි.

    එසේම, ඉරානයට මායිම්ව පවතින බැලූචිස්තාන් ප්‍රාන්තයේ පාසල් ලබන මස 15 වනදා දක්වා වසා දමා ඇති අතර, කරච්චි නගරයේ පිහිටි සින්ද් ප්‍රාන්තයේ පාසල් ද අද සිට සතියක කාලයක් වසා දැමීමටයි පියවර ගෙන ඇත්තේ.




    කට්ටිය එකතුවෙලා උන්දෙන්නව ඉක්මනින්ම අල්ලාහ් ලඟට යවයි. :sorry::sorry:
     

    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    Latest Updates

    February 27

    EUROPE


    • 1 new case in Austria, first in Vienna, a 72 year old man.
    • 2 new cases in the UK: "the virus was passed on in Italy and Tenerife and the patients have been transferred to specialist NHS centers in Royal Liverpool Hospital and Royal Free Hospital, London," reports DHSC.
    • 1 new case in Switzerland: a 28-year-old man who had returned 3 days ago from Milan, Italy. He presents mild symptoms and is currently hospitalized at Geneva University Hospital. Around 15 contacts of the man have been placed in quarantine at their homes. This is the second case in Switzerland, both with recent travel history to Milan or Lombardy, in Italy.
    • 1 new case in Spain (Valencia): a 44-year-old male who traveled to Milan to watch the Champions League match between Atalanta and Valencia of Feb. 19.
    • 1st case in Estonia: a resident of Iran in Estonia who came from Riga (Latvia) by bus and "called an ambulance upon arriving at the bus station" said Minister of Social Affairs Tanel Kiik. The patient is being treated in the infectious clinic at West Tallinn Central Hospital.
    • 1st case in Denmark: a TV 2 employee who came home from a ski vacation with his family in Lombardy, Italy (Chiesa in Valmalenco in the province of Sondrio) 3 days ago on Feb. 24 departing from the Malpensa airport in Milan. He bagan showing symptoms of cough and fever on the morning of Feb. 26.
     
    Last edited:

    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    හොංකොං වැසියන්ට ඇ.ඩො. 10000 බැගින් බෙදා දීමේ තීරණයක්

    සිය රටේ සියලුම වැසියන් සඳහා අමෙරිකානු ඩොලර් දස දහස බැගින් බෙදාදීමට හොංකොං රාජ්‍යය තීරණය කර ඇත.
    ඒ රට තුළ පළමුවරට අයවැය පරතරයක් හටගෙන ඇති පසුබිමකයි.
    හොංකොං රජය මෙවර සිය අයවැය ප්‍රකාශනය පසුගියදා ඉදිරිපත් කළේය.
    හොංකොං හි ස්ථිරව වාසය කරන වයස අවුරුදු 18ට වැඩි සියලූම පුද්ගලයන් වෙත අමෙරිකානු ඩොලර් දස දහසක මුදලක් බැගින් බෙදාදීමට එහිදී යෝජනා වී ඇත.
    ගතවූ කාලසීමාවේදී හොංකොංහි ක්‍රියාත්මක වුණු රාජ්‍ය විරෝධී උද්ඝෝෂණ සහ නව කොරෝනා වෛරස ව්‍යාප්තිය හේතුවෙන් ජනතාවට ඇතිවූ පීඩාවට සහනයක් වීම සදහා මෙම පියවර ගෙන තිබුණි.
    නව යෝජනාව අනුව හොංකොං හි මිලියන 07ක ජනතාවක් සදහා මෙම මුදල් හිමිවනු ඇති.

    එමෙන්ම පොදු නිවාසවල කුලිය පහත දැමීමටත්, රැකියා සහ දේපළ මත පනවන බදු ප්‍රතිශත පහළ දැමීමටත් යෝජනා වී ඇත.
    වසර 15ක ඉතිහාසයේ පළමුවරට හොංකොං හි අයවැය හිඟයක් වාර්තා වුණි.
    නව සහන ලබාදීමෙන් අනතුරුව එනම් 2021 වසර වනවිට රටේ අයවැය පරතරය අමෙරිකානු ඩොලර් බිලියන 18ක් දක්වා ඉහළ යනු ඇතැයි අපේක්ෂා කෙරෙයි.
     

    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    කොරෝනා පාලනයට අමෙරිකානු උප ජනාධිපතිවරයාගේ ප්‍රධනත්වයෙන් විශේෂ කමිටුවක්

    කොවිඩ් නයින්ටීන් හෙවත් නව කොරෝනා වෛරසය පාලනය කිරිම සඳහා අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් උප ජනාධිපතිවරයාගේ ප්‍රධනත්වයෙන් විශේෂ කමිටුවක් පත් කර ඇත.
    වෘත්තිකයින් සහ වෛදවරුන් සමඟ එක්ව අමෙරිකාව තුළ වෛරස ව්‍යාප්තිය පාලනය කිරිම සඳහා උප ජනාධිපති මයික් පෙන්ස්ගේ ප්‍රධානත්වයෙන් මෙම කමිටුව පත් කර ඇති බවයි වාර්තා වන්නේ.
    කොරෝනා වෛරසය සම්බන්ධයෙන් අමෙරිකාවේ ධවල මන්දීරයේ දී විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින්ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර ඇත්තේ අමෙරිකාව තුළ වෛරස ව්‍යාප්තිය පාලනය කිරිම සඳහා නිසි වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර ඇති බවයි.
    මේ අතර කොරෝනා වෛරසය සඳහා නව එංනතක් හඳුන්වාදීම සඳහා වෛද්‍යවරුන් පරික්ෂණ සිදු කරන බව ද ඩොනල්ඩ්ට්‍රම්ප් එම මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කර ඇත.
    එමෙන්ම ඉතාලිය සහ දකුණු කොරියානු වැනි රටවලට සංචාරක සීමාවන් පැනවීම පිළිබඳව ද අමෙරිකානු ජනාධිපතිවරයා එහිදී ප්‍රකාශ කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
     
    Status
    Not open for further replies.