කොරෝනා පාලනයට අමෙරිකානු උප ජනාධිපතිවරයාගේ ප්‍රධනත්වයෙන් විශේෂ කමිටුවක්
කොවිඩ් නයින්ටීන් හෙවත් නව කොරෝනා වෛරසය පාලනය කිරිම සඳහා අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් උප ජනාධිපතිවරයාගේ ප්‍රධනත්වයෙන් විශේෂ කමිටුවක් පත් කර ඇත.
වෘත්තිකයින් සහ වෛදවරුන් සමඟ එක්ව අමෙරිකාව තුළ වෛරස ව්‍යාප්තිය පාලනය කිරිම සඳහා උප ජනාධිපති මයික් පෙන්ස්ගේ ප්‍රධානත්වයෙන් මෙම කමිටුව පත් කර ඇති බවයි වාර්තා වන්නේ.
කොරෝනා වෛරසය සම්බන්ධයෙන් අමෙරිකාවේ ධවල මන්දීරයේ දී විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින්ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර ඇත්තේ අමෙරිකාව තුළ වෛරස ව්‍යාප්තිය පාලනය කිරිම සඳහා නිසි වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර ඇති බවයි.
මේ අතර කොරෝනා වෛරසය සඳහා නව එංනතක් හඳුන්වාදීම සඳහා වෛද්‍යවරුන් පරික්ෂණ සිදු කරන බව ද ඩොනල්ඩ්ට්‍රම්ප් එම මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කර ඇත.
එමෙන්ම ඉතාලිය සහ දකුණු කොරියානු වැනි රටවලට සංචාරක සීමාවන් පැනවීම පිළිබඳව ද අමෙරිකානු ජනාධිපතිවරයා එහිදී ප්‍රකාශ කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
baduth hamduruwange naduth hamuduruwange


