ඉතාලියේ හදිසි තත්වය නිසා...
ලොම්බාර්දියා පළාත ඇතුළු තවත් ප්‍රදේශ 11 ක් රතු කාලාප ලෙස නම් කර තිබෙනවා. එමනිසා මෙම ප්‍රදේශ වලින් පිටවීමට හෝ ඇතුල්වීමට අවස්තාව ලැබෙන්නේ විශේෂ අවසර මත පමණයි. මුලික අදියරේදී මෙම ක්‍රියාවලිය මාර්තු 8 දා සිට අප්‍රියල් 3 දා දක්වා ක්‍රියාත්මක කිරීමට යෝජනා කර තිබෙනවා.
Lombardia පළාතේ නගර:
Milano, Bergamo, Brescia, Pavia, Como, Varese, Cremona, Lecco, Sondrio Mantova, Lodi, Monza
උතුරු ඉතාලියේ ප්‍රධානතම මිලානෝ මල්පෙන්සා ගුවන් තොටුපොල පිහිටා තිබෙන්නේත් ඉහත Varese ප්‍රදේශයේයි.
අනෙකුත් ප්‍රදේශ:
Modena, Parma, Piacenza, Reggio Emilia, Rimini, Pesaro e Urbino, Venezia, Padova, Treviso, Asti e Alessandria
*ඉදිරිපත් කර ඇති කෙටුම්පත සම්මත වූ පසු මෙම නීතිය ක්‍රියාත්මක වේ
මෙය නීතියක් ලෙස සම්මත වූ පසු අදාළ නිවැරදි විස්තර හා ක්‍රියාමාර්ග දැනගන්නට ලැබේවි. සරලවම සිදුවන දේ නම් මෙම කලාප තුල සිටිනා අයට විශේෂ අවසරයක් නොමැතිව එම කලාපයෙන් එලියට යා නොහැකි වීමයි. එලෙසම බාහිරින් කලාපයට ඇතුළු වීමටද නොහැකියි. කාලාප තුල සිටිනා අය ඔවුන්ගේ සියලු අවශ්‍යතා එම කලාපය තුලින්ම සපයා ගත යුතුයි. ලොම්බාර්දියා පලාතම එක කලාපයක් ලෙස නම් කර ඇති නිසා එහි සිටිනා අයට ලොකු බලපෑමක් ඇති නොවේවි කියා සිතන්නට පුළුවන්. තවද යම්කිසි කෙනෙක් මෙම වැසූ කලාපයක සිට විවෘත කලාපයක රැකියාවට යන්නේ නම් ඔවුන් හට එම විවෘත කලාපයේම නැවතී රැකියාව කිරීමට සිදු වේවි.
ඉවරයි දැන් තමයි ආතල් පටන් ගත්තෙ