කොරෝනා වෛරසය ගැන බොරු ප්‍රචාර කලොත් නීතිමය පියවර
කොරෝනා වෛරසය ආසාධනය වී ඇතැයි සමාජ මාධ්‍යවල සංසරණය වන අසත්‍ය තොරතුරුවලට නොරැවටෙන ලෙස පොලීසිය මහජනතාවගෙන් ඉල්ලීමක් කරයි.
මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් පොලිස් මාධ්‍ය කොට්ඨාසය මේ බව පවසා ඇත.
කොරෝනා වෛරසය ආසාදනය වු පුද්ගලයින් ලංකාවේ විවිධ ප්‍රදේශවලින් හමු වී ඇති බවට සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ අසත්‍ය තොරතුරු මේ වන විට සංසරණය වෙමින් පවතින බවත් පොලීසිය සඳහන් කරයි.
ශ්‍රී ලංකාව තුළ කොරෝනා වෛරසය ආසාධනය වු එක් පුද්ගලයෙකු දැනට හඳුනාගෙන ඇති අතර, ඔහු කොළඹ උණ රෝහලේ ප්‍රතිකාර ගන්නා බවත් එම නිවේදනයෙන් දැක්වෙයි.
එම පුද්ගලයාගේ පවුලේ කිසිදු සමාජිකයෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට මෙතෙක් තොරතුරු අනාවරණය වී නොමැති බවත් පොලීසිය පවසයි.
ඔහුගේ පවුලේ සාමාජිකයින් දැනට සෞඛ්‍ය අමාත්‍යාංශයේ උපදෙස් හා අධීක්ෂණය යටතේ ඔවුන්ගේ නිවසේ සිටම නිරෝධායනය කිරීමේ කටයුතු සිදු කරන බවත් පොලීසිය වැඩිදුරටත් දැනුම් දෙයි.
ඒ අනුව සමාජ මාධ්‍යවල සංසරණය වන අසත්‍ය තොරතුරුවලට නොරැවටෙන ලෙසත්, අසත්‍ය තොරතුරු ප්‍රචාරය කරන පුද්ගලයින් සම්බන්ධයෙන් නීතිමය කටයුතු සිදු කරන බවත් එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි.
අද දෙරණ

