Coronavirus gana boru dammoth හිරේ

ROCCO-X

Well-known member
  • May 12, 2017
    10,076
    3,534
    113
    Pls wear a MASK
    කොරෝනා වෛරසය ගැන බොරු ප්‍රචාර කලොත් නීතිමය පියවර

    කොරෝනා වෛරසය ආසාධනය වී ඇතැයි සමාජ මාධ්‍යවල සංසරණය වන අසත්‍ය තොරතුරුවලට නොරැවටෙන ලෙස පොලීසිය මහජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

    මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් පොලිස් මාධ්‍ය කොට්ඨාසය මේ බව පවසා ඇත.

    කොරෝනා වෛරසය ආසාදනය වු පුද්ගලයින් ලංකාවේ විවිධ ප්‍රදේශවලින් හමු වී ඇති බවට සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ අසත්‍ය තොරතුරු මේ වන විට සංසරණය වෙමින් පවතින බවත් පොලීසිය සඳහන් කරයි.

    ශ්‍රී ලංකාව තුළ කොරෝනා වෛරසය ආසාධනය වු එක් පුද්ගලයෙකු දැනට හඳුනාගෙන ඇති අතර, ඔහු කොළඹ උණ රෝහලේ ප්‍රතිකාර ගන්නා බවත් එම නිවේදනයෙන් දැක්වෙයි.

    එම පුද්ගලයාගේ පවුලේ කිසිදු සමාජිකයෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට මෙතෙක් තොරතුරු අනාවරණය වී නොමැති බවත් පොලීසිය පවසයි.

    ඔහුගේ පවුලේ සාමාජිකයින් දැනට සෞඛ්‍ය අමාත්‍යාංශයේ උපදෙස් හා අධීක්ෂණය යටතේ ඔවුන්ගේ නිවසේ සිටම නිරෝධායනය කිරීමේ කටයුතු සිදු කරන බවත් පොලීසිය වැඩිදුරටත් දැනුම් දෙයි.

    ඒ අනුව සමාජ මාධ්‍යවල සංසරණය වන අසත්‍ය තොරතුරුවලට නොරැවටෙන ලෙසත්, අසත්‍ය තොරතුරු ප්‍රචාරය කරන පුද්ගලයින් සම්බන්ධයෙන් නීතිමය කටයුතු සිදු කරන බවත් එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි.

    අද දෙරණ
     
    • Like
    Reactions: chami2015

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,054
    8,327
    113
    මේ ඉන්නෙ කොරෝනා වලින් කිරියෙ දේශපාලන වාසි ගන්න බලාගෙන ඉන්න සෙට් එක










     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මේ ඉන්නෙ කොරෝනා වලින් කිරියෙ දේශපාලන වාසි ගන්න බලාගෙන ඉන්න සෙට් එක









    කතාව ඇත්ත ඔකුන්ට නඩු නෙමේ මම න් කියන්නෙ ඔකුන්ටයි ගෙවල්වල උනටයි හැදියන් කියල එතකොට ඔකුන්ගෙ උකේ අමාරු හොදවෙයි..
     

    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,330
    6,081
    113
    කලින්ම කරන්න තිබ්බ දෙයක්
    අර හැදුන කෙනාගේ පුතාටත් හැදිල කියලා කිවුවට
    පොර මත්තෙගොඩ ගෙදරටත් එන්නේ නැතිව IDH ගිහින් තියෙන්නෙ
     
    Last edited:

    DasunDe

    Well-known member
  • Aug 25, 2013
    2,581
    676
    113
    බියනොවන්න.
    මිතුර ඔබ රවී ජාතකය දුටුවේද. ඔබට මුදල් ඇත්නම් ඔබව වරෙන්තුකල මහේස්ත්‍රාත් වරයා පවා ඔබ ඉදිරියේ දන ගැස්සවිය හැකි මුදලින් නැටවෙන නීතියක් මෙහි ඇත. කොටුව මහේස්ත්‍රාත්ට පවා මුදල් වියදම්කර රිට් නඩු ගොනුකර කින්ඩි දැමූ රවී ඔබ නොදැක්කේද. අද මහෙස්ත්‍රාත් පවා රවී ඉදිරියේ අපහසුතාවට ලක්විය. වැඩකරන මිනිසුන් රජ කලත් නීතියට ගිය කල
     

    Similar threads