ජනපති ජාතිය ඇමතීම

jamiezue

Well-known member
  • Jul 28, 2008
    12,013
    1
    8,856
    113
    -~උලක් උඩ-~
    ඉතින් හොඳ වැඩක් තියනවා කරනවනම් මේකට අකමැති කට්ටියට..... සැමනුයි පරිප්පුයි ගන්න වෙලාවට පරන මිලටම ගන්න.. මුදලාලි එපා කියන්නෙ නෑ:P
     
    • Haha
    Reactions: ruchira55

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    පරිප්පු අඩුවට දෙනවා.
    සැමන් අඩුවවට දෙනවා.

    මේ දෙක නම් අඩු කලේ හේතුවක් ඇතිව..මොලේ ඇති උන්ට නම් තේරුණා,..සැමදා වගේ බුරු UNP උන් හානවා :lol::lol:
     
    Last edited:
    • Haha
    Reactions: Sen-lu

    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,408
    5,523
    113
    ඉතින් හොඳ වැඩක් තියනවා කරනවනම් මේකට අකමැති කට්ටියට..... සැමනුයි පරිප්පුයි ගන්න වෙලාවට පරන මිලටම ගන්න.. මුදලාලි එපා කියන්නෙ නෑ:P

    Ponz ta ridila. Lol
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,638
    2,427
    113
    උඹ නිදාගෙන ඉඳලද බං ඇහැරිලා ටීවී එක දැම්මේ? :lol: ඕව ගැන දැන් දවස් කීයක් තිස්සෙ කියනවද ටීවී එකේ? ෆේස්බුක් ට්විටර් දෙකේ?

    https://www.facebook.com/hpbsrilanka
    මිනිස්සු කොරොනා වලින් වැලකෙන හැටි අහන්න අපි බබ්බු නෙමෙයි. :lol:

    රජය මේකට කරන්න යන වැඩපිලිවෙල ඉදිරිපත් කලාද අඩුම තරමෙ වචනයක් වත්;)
     
    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,408
    5,523
    113
    මේ දෙක නම් අඩු කලේ හේතුවක් ඇතිව..මොලේ උන්ට නම් තේරුණා,..සැමදා වගේ බුරු UNP උන් හානවා :lol::lol:

    Ehemawath kiyamu. Baiya kiyanne gonane
     
    raterala

    Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113
    මේ දෙක නම් අඩු කලේ හේතුවක් ඇතිව..මොලේ ඇති උන්ට නම් තේරුණා,..සැමදා වගේ බුරු UNP උන් හානවා :lol::lol:
    පරිප්පු අඩුවෙන් දෙන්න
    සැමන් අඩුවෙන් දෙන්න ජාතිය අමතන්න ඕනේද බන් .

    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,408
    5,523
    113
    උඹ නිදාගෙන ඉඳලද බං ඇහැරිලා ටීවී එක දැම්මේ? :lol: ඕව ගැන දැන් දවස් කීයක් තිස්සෙ කියනවද ටීවී එකේ? ෆේස්බුක් ට්විටර් දෙකේ?

    https://www.facebook.com/hpbsrilanka

    Ehenam mokatada oi jathiya amathanne me welave. Karaganan deyak ne lajjawata redi hodanawa. Lol
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,638
    2,427
    113
    ඉතින් හොඳ වැඩක් තියනවා කරනවනම් මේකට අකමැති කට්ටියට..... සැමනුයි පරිප්පුයි ගන්න වෙලාවට පරන මිලටම ගන්න.. මුදලාලි එපා කියන්නෙ නෑ:P
    බොරතෙල් මිල අඩුවුනාම පරිප්පු අඩුකරනවම් වැඩිවෙනකොටත් පරිප්පු වැඩිකරයි නේද:lol:
     
    raterala

    Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113
    බොරතෙල් මිල අඩුවුනාම පරිප්පු අඩුකරනවම් වැඩිවෙනකොටත් පරිප්පු වැඩිකරයි නේද:lol:
    ඕකට කරන්න තියෙන්නේ තෙල් මිල වැඩිවුනාම පරිප්පු හොද්දක් උයලා වාහනේට ගහන්න.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,791
    2
    54,447
    113
    මිනිස්සු කොරොනා වලින් වැලකෙන හැටි අහන්න අපි බබ්බු නෙමෙයි. :lol:

    රජය මේකට කරන්න යන වැඩපිලිවෙල ඉදිරිපත් කලාද අඩුම තරමෙ වචනයක් වත්;)

    මාර්තු මස 11 දා අපට කොරෝනා ආසාදිත පළමුවන ශ්‍රී ලාංකිකයා වාර්තා වුනා. ඒ ඉතාලි ජාතික සංචාරකයන්ට මග පෙන්වන සංචාරක උපදේශකවරයෙක්. නිරෝධායන මධ්‍යස්ථාන තුළ හා ඉන් පිටත අප විසින් කරන ලද පරීක්ෂණ වලින් තව තවත් ආසාදිතයන් හමුවන්නට පටන් ගත් අතර මේ වන විට ආසාදිතයන් 34 දෙනෙක් හඳුනාගෙන තිබෙනවා.

    මාර්තු 13 දා සිට මෙයට ප්‍රංශය, ස්පාඤ්ඤය, ජර්මනිය, ස්විට්සර්ලන්තය, ඩෙන්මාර්කය, නෙදර්ලන්තය, ස්වීඩනය හා ඔස්ට්‍රියාවත් එකතු වුනා. මේ වන විට එංගලන්තය, බෙල්ජියම, නෝර්වේ, කැනඩාව ,කටාර් හා බහරේන් රටවලින් එන අයත් නිරෝධායනයට ලක් වෙනවා. හෙට සිට නැවත දන්වන තුරු සියලුම සංචාරකයන් පැමිණීම නවතා දමනු ලබනවා.

    අපි නිරෝධායනය ආරම්භ කිරීමට ප්‍රථමයෙන් ඉහත සඳහන් රටවලින් ලංකාවට පැමිණි සෑම දෙනෙක්ම මෙන්ම ඔවුන්ගේ ළඟම ඥාතීන් හඳුනාගෙන ඔවුන්ගේ නිවාසවලම ස්වයං නිරෝධායනයකට ලක් කිරීමට අප තීරණය කොට තිබෙනවා. මේ සඳහා පොලීසිය, ත්‍රිවිධ හමුදාව, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් හා ග්‍රාම නිලධාරීන් යොදවන අතර ඔවුන්ට සම්පූර්ණ සහය දෙන ලෙස මා ඉල්ලා සිටිනවා.

    වෙනත් රටවලින් පැමිණි ශ්‍රී ලාංකිකයන් වගකීමෙන් යුතුව කටයුතු කරනා ලෙස මා ඉල්ලා සිටිනවා. අපි රජයෙන් විශේෂ නිවාඩු දිනයක් ලබා දුන්නේ වෛරසය පැතිරීම අවම කිරීමටයි. එය නිසි අයුරින් භාවිතා කිරීමට නම් ගමන් බිමන්, සමූහ වශයෙන් එක්වීම, උත්සව හා සාද වලින් සම්පූර්ණයෙන් වැලකී සිටින ලෙස මා ඉල්ලා සිටිනවා. මේ තත්වය පාලනයට මෙතෙක් අප ගෙන ඇති ක්‍රියාමාර්ග හා ඔබ විසින් ඔබට ලබා දී ඇති උපදෙස් පිලිපැදීමත් මත මේ ප්‍රශ්ණය සම්පුර්ණයෙන් පාලනය කරන්නට අපට පුලුවන්.

    රජයක් වශයෙන් රටේ ජන ජීවිතය පවත්වාගෙන යාම අපේ මූලික වගකීමයි. ජනතාවගේ විවිධ අවශ්‍යතා ඉටුකිරීමට රජය මැදිහත් විය යුතුයි.

    රටේ සමහර පලාත්වල මේ වන විට නියඟයක් පවතිනවා. ඒ පලාත්වල ජනතාවට අපි පානීය ජලය ලබා දිය යුතුයි. සමහර පලාත්වල යල කන්නයේ වගා කටයුතු ආරම්භ කිරීමට මඩ පොහොර ලබා දිය යුතුයි. තවත් පලාත්වල අස්වැන්න නෙලන නිසා රජය වී මිලදී ගැනීමට කටයුතු කළ යුතුයි. එලවළු වෙලාවට මිළදී ගත්තේ නැත්නම් එලවළු ගොවියන් අසීරුවට පත් වනවා. ඒ වගේම එලවළු අඛණ්ඩව වෙළඳ පොලට ගෙන ඒමත් අවශ්‍යයි. ඒ වගේම ජීවන වියදම අපි පාලනය කල යුතුයි

    රාජ්‍ය නිලධාරීන් රාජකාරි වල යෙදුනේ නැත්නම් මේ සියල්ල අඩාල වෙනවා. අප තීරණ ගත යුත්තේ සමස්තය දෙස බලායි. නොවැම්බර් 16 වනදා අප ලද ජයග්‍රහණයෙන් පසු අපට පිහිටුවන්නට හැකි වූයේ සුලුතර රජයක්. මා බලයට පත්වන විට පසුගිය ආණ්ඩුව විසින් අයවැයක් සම්මත කොට තිබුනේ නැහැ. රට පවත්වාගෙන ගියේ අතුරු සම්මත ගිණුමකින්.

    බොහෝ අත්‍යවශ්‍ය ගෙවීම් සඳහා මුදල් අනුමත කොට තිබුනේ නැහැ. පොහොර සඳහා , බෙහෙත් සඳහා, ආහාර සැපයුම් කරුවන් සඳහා, ඉදිකිරීම් කරුවන් සඳහා මුදල් ගෙවා තිබුනේ නැහැ. අපි මේවා සඳහා අතුරු සම්මත ගිණුමක් සම්මත කරගන්නට උත්සහ කළා. එයට විපක්ෂයේ සහාය ලබුණේ නැහැ. මේ තත්වය යටතේ මා ඔබට පොරොන්දු වූ වගකීම් ඉටුකිරීමට පුලුවන් කමක් තිබුනේ නැහැ. සුලුතර ආණ්ඩුවකට මේ මුදල් පාර්ලිමේන්තුව තුල අනුමත කරගන්නට බැහැ.

    ඒ නිසා තමයි මට ලැබුණු පලමු අවස්ථාවෙන්ම පාර්ලිමේන්තුව විසුරුවා හැර ස්ථාවර නව රජයක් පිහිටුවා ගැනීමට මැතිවරණයක් කැඳවනු ලැබුවේ. පාර්ලිමේන්තුව විසිරවීමත් සමග ව්‍යවස්ථාවෙන් ලැබුන බලතල අනුව මා අතුරු සම්මත ගිණුමක් අනුමත කලා. ඒ අනුව අත්‍යාවශ්‍ය වියදම් සඳහා මුදල් ගෙවීම ආරම්භ කළා. වත්මන් ආපදා තත්වයට මුහුණ දීමටත් අපට හැකි වුනේ ඒ නිසායි.

    නමුත් මැතිවරණයක් පවත්වා අලුත් ස්ථාවර රජයක් ස්ථාපිත කොට නව අයවැයක් සම්මත කොට සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනයේ මා ඔබට පොරොන්දු වූ පරිදි, සහන ලබා දීම රැකියා ලබාදීම කෘෂිකර්මය නගා සිටවීම ඇතුළු සංවර්ධන සැලැස්ම ක්‍රියාත්මක කල යුතුයි.ඒ සඳහා පරිණත දේශපාලනඥයෙක් වූ, ජනතා ජනාදරයට පත්වූ මහින්ද රාජපක්ෂ අගමැතිතුමාගේ නායකත්වයෙන් ප්‍රබල රජයක් බිහිකිරීමට මා වටා එක්වන ලෙස මා ඉල්ලා සිටිනවා

    මේ අවස්ථාවේ අපේ වගකීම වන්නේ රජය නිසිලෙස පවත්වාගෙන යාමයි. මොනම හේතුවක් නිසාවත් රජය අකර්මණ්‍ය වන්නට ඉඩහරින්නට බැහැ. අප දුරදිග නොබලා කටයුතු කළහොත් සාමාන්‍ය ජන ජීවිතය සම්පූර්ණයෙන්ම අඩාල විය හැකියි. නායකයන් ක්‍රියාකල යුත්තේ ආත්ම විශ්වාසයකින් යුතුවයි. ජනතාව තුල අනිසි බියක් ඇති නොකල යුතුයි.

    අප මේ අවස්ථාවේ කළ යුත්තේ ලංකාවට වෛරසය ඇතුල් වීමට හා එය රට තුල පැතිරීමට ඇති ඉඩකඩ අවම කිරීමයි. ඒ සඳහා කල යුතු දේ අප දැනටමත් හඳුනාගෙන ක්‍රියාත්මක කරමින් තිබෙනවා. ඒ සඳහා අවශ්‍ය බලතල කාර්ය සාධන බලකායට ලබාදී තිබෙනවා.

    අපි මින් පෙරත් අභියෝගවලට මුහුණ දී ජයගෙන තිබෙනවා. අපි අභියෝග වලට මුහුණ දීමට සූදානම්. ඒ සඳහා අපට අවශ්‍යවන්නේ එකමුතුකමයි. ඒ නිසා මා ඉල්ලා සිටිනවා ජනතාවට මේ අවස්ථාවේ වගකීමෙන් කටයුතු කරන ලෙස.

    මේ අතර ජනතාවගේ එදිනෙදා ජීවිතය පහසු කිරීම සඳහා ඔවුන්ගේ පරිභෝජන තත්වය තහවුරු කිරීමට මා අදහස් කරනවා සහල් සැපයුම දැනටමත් සථාවර කොට තිබෙනවා. රටේ ජන ජීවිතයට බාධා නොවන පරිදි අවශ්‍ය රාජ්‍ය සේවාවන් බැංකු මූල්‍ය වෙළෙඳ කටයුතු, ප්‍රවාහන කටයුතු අවම පිරිස් යොදා කිරීමට සැලසුම් කොට තිබෙනවා. සෑම වෙළෙඳ සැලකම අද රාත්‍රියේ සිට පරිප්පු කිලෝවක් රුපියල් 65 ක උපරිම සිල්ලර මිලකට විකිණිමට මා නියෝග කොට තිබෙනවා. එමෙන්ම සැමන් ටින් එකක් රුපියල් 100 කට ලබා දීමටත් කටයුතු කරනවා. තවත් සහන ඉදිරියේදි ලබා දීමට ක්‍රියා කරනවා.

    රටේ ව්‍යාපාර කටයුතු වලට විශාල බරක් වී ඇති බැංකු හා මූල්‍ය ආයතන විසින් දී ඇති ණය අය කිරීම මාස 6 කට නතර කිරීමට මම නියෝග කරනවා. එලෙසම බැංකු විසින් සපයන කාරක ප්‍රාග්ධනය 4% ක පොළියකට ලබා දීමට කටයුතු කරනවා.

    https://www.facebook.com/gotabayar/
     
    Last edited:

    OCP

    Active member
  • May 24, 2011
    460
    177
    43
    Wattala
    මාස 6ක් යන තුරු ණය වාරික කපා ගන්නේ නැහැ කිව්වද?
     
    RAN PUTHA

    Active member
  • May 25, 2017
    309
    82
    28
    Imran Khan, Singapore PM, etc wage minissu karapu kathawak balanna pahu giya dawas tike,

    Apita hambawena hambawunu okkoma palakayo patta gon. :'(
     
    මොකද්ද අලුතෙන් තියෙන්නේ පිටරට තෝම්බුවක් කියවලා ඊට පස්සේ මොකද්ද කිව්වේ
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,013
    1
    8,856
    113
    -~උලක් උඩ-~
    මුලු කතාවෙන්ම සැමනුයි පරිප්පුයි විතරයි ඇහිලා තියෙන්නෙ ගොඩක් උන්ට :baffled:

    මමත් කතාව බැලුවෙ නෑ..:sorry::sorry: මෙහෙ කට්ටිය සැමනුයි පරිප්පුයි ගැන කතා වෙන නිසා ඉන්පුට් එකක් දෙන්න බැලුවෙ;)