නිරෝධායන නොවී සැගවුනු අයගේ දේපල රාජසන්තක කෙරේ..
March 18, 2020 at 3:00 pm | lanka C news

නිරෝධායනය සිදුකළ යුතු වුවද එය මගහැර සැගවී පුද්ගලයන්ගේ දේපල තහනම් කිරීමට කටයුතු කරන බවත් නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කරයි.
එම පුද්ගලයන්ට නඩු පැවරීමට කටයුතු කරන බවද ඔහු කියා සිටියේය.
දකුණු කොරියාව, ඉතාලිය සහ ඉරානය යන රටවලින් පැමිණ නිරෝධායනය මගහැර සිටින පුද්ගලයන් 176 දෙනෙකු පිළිබඳව මේ වන විට තොරතුරු අනාවරණය වී ඇති බව ද ඔහු පැවසීය.
ඉදිරියේදී ඒ සියලු දෙනා අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බවද කී නියෝජ්‍ය පොලිස්පතිවරයා නිරෝධායන නොවී සැඟවී සිටින පුද්ගලයන් පිළිබඳව තොරතුරු දන්නේ නම් ඒ ගැන වහා පොලිසියට දැනුම් දෙන ලෙසද ජනතාවගෙන් ඉල්ලීමක් කර කලේය.

.