මම මේ කතාව කියන්න ඉක්මන් වැඩිවෙන්න පුලුවන් ඒත් මේක කියන්නම ඕනා. .
උබලට මතකද ගෝටාබය කිව්වා අවුරුද්දකට වයාපාරිකයන්ට සහන දෙනවා කියලා? පොලිය විතරක් ගෙවන්න සහනයක් දෙනවා කිව්වා. . මම බැංකුවෙන් ඇහුවම කිව්වේ අපිට ඒ කතාව අදාල නෑ අපි ප්‍රයිවට් බැංකු රජයේ බැංකු විතරයි එහෙම දෙන්නේ කියලා. . එහෙනම් ගෝටාබයට කියන්න තිබ්බා රජයෙන් වයාපාර නය ගත්ත අයට විතරයි සහනේ දෙන්නේ කියලා. .
දැන් මුල්ය ආයතන වලින් ගත්ත නය මාස 6ක් ගෙවන්න ඕනේ නෑ කිව්වනේ. . ඕකත් කොහොම වෙනවද කියලා තාම කවුරුත් දන්නෑ. . බන්දුල කියනවා මහාපරිමාන වයාපාරිකයන්ට විතරයි ඒ සහනේ දෙන්නේ කියලා. . සමහරු කියනවා බිස්නස් නය වලට විතරයි කියලා. .
මමනම් කියන්නේ කියනදේ තේරෙන්න පැහැදිලිව කියන්න ඕනා නිකන් සවුත්තු වෙන්නේ නැතුව. . ලොකු බලාපොරොත්තුවක් තියන් ගෝටාබයව බලයට ගෙනාවේ නිකන් සවුත්තු වෙන්න නෙවේ. . ඔහුට මේ රට වෙනුවෙන් කරන්න ලොකු සේවයක් තියෙනවා. .
බිස්නස් වැටිලා තියෙන්නේ ඔලුව උස්සගන්න බැරිවෙන්නම. . සහන පොලියට වයාපාරික නය දීලා බිස්නස්ටික ගොඩ දැම්මේ නැත්තන් ජොබ් කරන මිනිස්සුන්ට බඩගින්නේ ඉන්න වෙන්නේ. .
කලින් ආන්ඩු වගේ ගොන්පාට් නොදා කෙලින් තීරන ගන්නවනම් වටිනවා. . අර ෆ්බී බොරු පෝස්ට් ශෙයා කරපු දෙන්නා ඇතුලේ ප්‍රසිද්දියේ බොරු කියපු හිටපු ඇමතිලවත් ඒ විදියටම ඇතුලට දැම්මනම් රටේ එක නීතියක් තියෙනබව මිනිස්සුන්ට තේරෙයි. . සුද්ද කරන්න ඕනතැන් ගොඩක් තියෙනවා එයින් අන්ක එකට පොලිසිය ඉන්නේ. . පොඩි මිනිහටම හැමදාම අරින්නේ නැතුව සැමට සමානව නීතිය ක්‍රියත්මක කරන්න විනයක් හදයි කියලා හිතනවා. .
අන්තිමට කියන්න තියෙන්නේ මෙච්චරයි අපි අපේ යුතුකම ඉටුකරා ඔබ දැන් ඔබේ යුතුකම ඉටුකරන්න. . නැමෙන්න එපා. . චන්ද ප්‍රතිපලේ මතක ඇතිනේ? සින්හල චන්ද බෙදුන දවසට සින්හල නායකයෙක් නැතිවෙනවා. . ඔබට ලැබුන අවස්තාවේ ඔබ රට ගොඩනගන්න. .
සැමට සමානව ක්‍රියාත්මකවෙන නීතියත්, පොලිසියේ විනයත්, සව්බාග්යමත් රටත් හැදුව දවසට ඔබට බොහොමයක් ගරුකරාවී. .



මාසෙ අන්තිම පඩි එන අයට නම් මේ සහන දෙන එක තේරුමක් නැහැ..