Wagon R ekak laginwath thiyanna ba machan e tharamata pickup wadi 1st gear eke idanma... 1000CC wahanayak pickup eka thiyenawa malak wage

මම බැන්දේ මාතර කෙල්ලෙක්.



මම මෙච්චර ඉක්මනට වාහනයක් ගන්න හිටියේ නැහැ. ගිය අවුරුද්දේ අන්තිම පාවිච්චි කරපු එකක් ගන්න තමා බලාගෙන හිටියේ. මගේ යාලුවෙක් ට ගන්න වැගන් ආර් ටර්බෝ එකක් බලන්න ගියාම තමා මේකත් එතන තිබ්බේ. මම මේකට හරියට නැගලා බැලුවේ වත් නැති උනාට පොඩි කැමැත්තක් තිබ්බා ..... මම බැලුවේ යාළුවා ගන්න ආපු වැගන් ආර් එක . 2017 ටර්බෝ ෆුල් ඔප්ෂන් එයාර් බැග් 6ක් ආපු එක. එක ගන්න ආපු එකත් මගේ එකට වහ වැටිලා හිටියේ. කොහොම හරි මම ෆොටෝ ටිකක් ගහගෙන ඇවිල්ලා බවලත් උදවියට පෙන්නුවම එයාටත් පොඩි කැමැත්තක් ආවා වාහනේ ගැන. හිතුවට වඩා අඩුවට වාහනේ සෙල් එකෙන් දෙන්නම් කිව්වා නිසා වැඩේට අතගැහුවා.
ගන්න සල්ලි ගැන බලද්දී හිටපු යාලුවෝ කිහිප දෙනෙක් තමා උදව් කරේ ... එළකිරි එකේ යාළුවෙකුත් ඉන්නවා ඒ අතර, මේකට ලීස් එක CDB එකෙන් සෙට් කලෙත් එලකිරියේම යාලුවෙක්. හැබැයි පොර LB වැඩ කරන්නේ.
30000Km දුවලා තිබ්බ වාහනයක් මේ . එත් එච්චර දුවලද කියලා හිතාගන්න බැරි තරම් හොද තත්වෙක වාහනේ තිබ්බා. මීටර් කරකවලා නැති ඔරිජිනල් මීටරේ නිසා වුලක් උනෙත් නෑ.
මේකෙම ටොයෝටා එකක් එනවා pixis කියලා බැජ් එක විතරයි වෙනස් එකම වාහනේ හැබැයි ලක්ෂ තුනක මිලේ වෙනසක් තියෙනවා. මේක මාර්කට් එකේ ලක්ෂ 33යි.. මෙච්චරවත් ඔප්ෂන් නැති කොටින්ම කිව්වොත් ෆොග් ලයිට් වත් නැති ටොයෝටා එක ලක්ෂ 35යි 36යි යන්නේ .. මරු මාර්කට් එකක් තියෙන්නේ ලංකාවේ ....
තෙල් කිරීම අතින් නම් උපරිමයි. හයිවේ දාලා මාතර ගිහිල්ල එනකොට සාමාන්‍ය 17ක් වගේ පෙන්වනවා , ට්‍රැෆික් එකේ 15ත් 16ත් අතර කරනවා ... මම 95 ගහන්නේ ... ඔය හැමෝම කියනවා වගේ නොර්මල් එකත් මම ගහල බැලුවා ... වාහනේ පිකප් නැ, එන්ජින් එක බබා වගේ නැ. 95 ගැහුවම ඒ මුකුත් ප්‍රශ්න නැහැ. මලක් වගේ පිකප් වෙනවා. අනිත් එක තෙලුත් කරනවා නොර්මල් එකට වඩා 95 ගහපුවම
මම කුලියට ඉන්නේ . හරිනම් ඉස්සෙල්ලම ගෙයක් තමා බලන්න තිබ්බේ .... එත් මගේ ජොබ් එකට දෙන්නේ නැ නිවාස ණය, සැහෙන බැංකු වලින් ට්‍රයි කරලා හෙම්බත් වෙලා හිටියේ. ඒ අතරම තමා මේකත් සෙට් උනේ .... හම්බ කරන සල්ලි වලින් කනවා බොනවා විතරක් නිසා කවදා හෝ මේක ඉතුරුවක් නිසා තමා මේකට අත ගැහුවේ .. අමාරුකම් අඩු පාඩුකම් තිබ්බත් සමහර වෙලාවට හිතට සහනයක් දැනෙන අවස්ථා එමටයි. මම බැන්දේ මාතර කෙල්ලෙක්. එහෙ යන එන එකටත් සහනයක් .. කරන්නේ කලෙක්ෂන් ජොබ් එකක් නිසා වැස්ස වෙලාවට යන්න පුළුවන් ඕන තැනක නවත්තන්න පුළුවන් නිසා ... පොඩි කොල්ලෙක් ඉන්න නිසා පුතාගේ ආරක්ෂාවටත් හොදයි වගේ පොසිටිව් පැත්තකුත් නැත්තේම නැහැ .
හයිබ්‍රිඩ් බැටරිය විතරයි නැත්තේ. අනිත් ඔක්කොම ටික තියෙනවා
අවසාන වශයෙන් කියනන් ඕනේ මට උදව් කරපු හැමදෙනාටම ස්තුති. මට ජොබ් එක නැති වෙලා ගෙදර ඉන්න දවස් වලත් සැහෙන දෙනෙක් මට උදව් කළා . ඒවා තාම මට හොදට මතකයි. එහෙනම් මට ඔයාලගේ අදහස් මේ ත්‍රෙඩ් එකේ දාන්න .... වාහනේ ගැන මම දන්නේ නැති තවත් දේවල් තියෙනවා නම් ඒවාත් මේ ත්‍රෙඩ් එකේ බෙදාගන්න. හැමෝටම සුබ දවසක්

very good car

Patta machan wahane. Apith lagadi gatta mira 2018 ekak machan

ඒ කියන්නේ අපේ පැත්තේ උඹ නිතර එනවා වගේ
congratulations මචෝ
mira එකත් එක්ක බලද්දී මොනවගේ වෙනසක්ද දැනෙන්නේ ?
turbo on වෙන්නේ කොහොමද මේකේ ?
වෙන වාහනයකට ඉස්සර කරද්දී pickup එක කොහොමද ?



Congratulations machan. Man gawa thiyenne Dihatsu Move ekak.
Gannakotanam echchara kamattak thibbe na. Eth dannam gedara kenek wage. Thel nam uparimeta karanawa.
Highway 24 kittuwenna karnawa (Me tank to tank petrol gahala. Meter ekenam 27 wage pennnanwa)
Colombo bumper to bumper traffic eke 12 wage thama ithin.
Kandy gihin enakota overall 18 wage karnawa.
Thawa monawada ithin![]()
