Coronavirus (Covid19) Megathread #2

Status
Not open for further replies.

Challenger SRT8

Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    එල් සැල්වදෝර් රාජ්‍යයට දින 30 ක කාලයක් සඳහා ඇඳිරි නීතිය පනවා ඇත.

    කොරෝනා වයිරසයේ බලපෑමෙන් උද්ගත වූ අර්බුදය හමුවේ එරට ජනපති නයිබ් බුකෙලි මහතා මෙය ප්‍රකාශයට පත් කරනු ලැබීය.

    එල් සැල්වදෝර් රාජ්‍යයෙන් මේ වන විට කොරෝනා වෛරසය ආසාදිත රෝගීන් තිදෙනෙකු හමුවී ඇත.
     

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,936
    6,254
    113
    lS9eaV4.jpg
     

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,936
    6,254
    113
    එල් සැල්වදෝර් රාජ්‍යයට දින 30 ක කාලයක් සඳහා ඇඳිරි නීතිය පනවා ඇත.

    කොරෝනා වයිරසයේ බලපෑමෙන් උද්ගත වූ අර්බුදය හමුවේ එරට ජනපති නයිබ් බුකෙලි මහතා මෙය ප්‍රකාශයට පත් කරනු ලැබීය.

    එල් සැල්වදෝර් රාජ්‍යයෙන් මේ වන විට කොරෝනා වෛරසය ආසාදිත රෝගීන් තිදෙනෙකු හමුවී ඇත.

    :shocked:
     

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,936
    6,254
    113
    මෙහෙම ප්ලේන් ඵකක ඵන්න ගියහම ඵපා වෙනවනේ බං..:(

    hxFDLbe.jpg
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,706
    28,635
    113
    lankawata monewa unath oka loku effect ekak wenne na kiyela tamai mata hithenne...:)
     

    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    BREAKING NEWS

    සියලුම මගී ගුවන්යානා සහ නෞකා දිවයිනට පැමිණීම තහනම්

    සියලුම මගී ගුවන්යානා සහ නෞකා දිවයිනට පැමිණීම තහනම් කර තිබෙනවා.
    කොරෝනා වෛරසය විදෙස් රටවල සිට ශ්‍රී ලංකාවට ඇතුලුවීම නතර කිරීම වෙනුවෙනුයි රජය මෙම තීරණය ගෙන ඇත්තේ.
    වෛරසය ව්‍යාප්ත වීම හේතුවෙන් රට තුළ උද්ගතව ඇති තත්වය සාමාන්‍ය අතට හැරෙන තෙක් මෙම තීරණය ලිහිල් නොකරන බවයි රජය කියාසිටියේ.

     
    Last edited:

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,157
    1
    6,218
    113
    Sri Lanka
    ලොව අංක එක යයි කියන රටේ සිට ලියමි. covid-19 හමුවේ ලංකාවේද තවත් සමීප සබඳතා ඇති රටවල් කිහිපයක ද සිදුවන දේ සාවදානයෙන් බලා සිටියෙමි. බලා සිටීමට බැරිම තැන ලියමි.

    මා සිටින රටේ සෞඛ්‍ය සේවා නොමිලයේ ලබා දෙන්නේ නැත. සෞඛ්‍ය රක්ශනාවරන ලබා ගැනීමට ප්‍රමානවත් රැකියාවක් හෝ මුදල් තිබේනම් පමනක් corona හමුවේ medical clinic හෝ ER එකකට යාගත හැකිය. නැතිනම් හැදී මැරුනත් එය රජයේ වගකීමක් නොවේ. එසේ කෙසේ හෝ සෞඛ්‍ය සේවා වෙත ගියද, test results ඒමට දින 4 හෝ 5ක් ගත වන අතර අවශ්‍ය ප්‍රතිකාර කිරීමට තරම් සූදානමක් ද, නිපුණතාවක් ද තිබේ දැයි ප්‍රශ්නයකි. (මෙය New York city වල සිටින වෛද්‍ය වරුන් සහ රොගීන් විසින්ම කියන දේ මිස මගෙ අදහස් නොවේ). බොහෝ corona positive රෝගීන් Tylenol බොන්න යයි උපදෙස් දී ගෙදර යැවූ අවස්තා ද ඇත.
    පැය 48, 72 එක දිගට හුස්මක් නොගෙන ජීවිත රකින්නට පොරබදින අති දක්ශ වෛද්‍යවරුන් හෙදියන් ලංකාවේ දුටුවෙමි. තම පවුල් වලින් වෙන් වී, කිසිදු වරප්‍රසාදයක් තමන්ට බලාපොරොත්තු නොවී ඔවුහු තම ජීවිත අවදානමට ලක් කරනු දුටුවෙමි. තාක්ශනයෙන් හිනිපෙත්තේ නොසිටියද, පැය කිහිපයෙන් test results ලබා දී යුහුසුලුව ප්‍රතිකාර කරනු දුටුවෙමි.

    රටක ත්‍රිවිධ හමුදාව සිටින්නේ නීතිය සාමය ආරක්ශා කිරීමට වුවද, මා දුටුවේ දින දෙක තුනෙන් quarantine centers ඉදි කිරීමට ලේ දහදිය වගුරුවන හමුදාවේ තරුනයන් ය. මා සිටින රටේ හමුදාවන්ට මානුශීය මෙහෙවර කරමින් රෝගීන් වෙනුවෙන් දර දිය අදීමට වඩා "වැදගත්" භෞමික ආධිපත්‍ය රැකීම වැනි කාර්ය භාර ඇත. මේ සියල්ල මා සටහන් කරන්නේ කිසිවකුගේ ඇද සෙවීමට නොව, ලංකාවේ සිටින ලොව සියල්ල දත් අති පන්ඩිත අනුවනයන්ට සිතන්නට යමක් දීමට ය. අගය කල යුතු දේ අගය කිරීමට කරුනු පෙන්වා දීමට ය.
    මා සිටින රටේ වෙනම රජය විසින් තැනූ quarantine camps නැත. නොමිලයෙ ආහර පාන සියලු පහසුකම් ලබා දී බලෙන් quarantine කරන්නේ නැත. වෙන රටක සිට පැමිනියහොත් නිවසේ සිට self quarantine වීමට උපදෙස් දෙන අතර එසේ නොකර පවුල් පිටින් රෝගී වී මැරුනොත් කිසිවකු වග කියන්නේද නැත.
    ලංකාවේ මා දුටුවේ හාත්පසින්ම වෙනස් තත්වයකි.
    මිනිසුන්ගේ ජීවිත රකින්නට සියලු පහසුකම් සහිත quarantine centers වෙනම සදා ඇති බව දුටුවෙමි.
    දින ගනන් එක දිගට, ඉතා අඩු පහසුකම් යටතේ වුවද, මිනිස් ජීවිත වලට වටිනාකමක් දී ඔවුන් රැකීමට වෙහෙස වන වෛද්‍ය කණ්ඩායම් දුටුවෙමි.
    ගස් යට, පස් උඩ, පැය දෙක තුන නිදාගෙන මිනිසුන්ගේ බර අදින ත්‍රිවිධ හමුදාවේ දෙවියන් වැනි මිනිසුන් දුටුවෙමි.
    තමන් රැකීමට දමන නීති තමන් විසින්ම කඩ කරන අම්බරුවන් පසු පස යාමට සිදු වුනු පොලිස් නිලදරයන් දුටුවෙමි. කෝටිපති ව්‍යාපාරිකයන් මිලියන ගනන් වටින සෞඛ්‍ය සැපයුම් පරිත්‍යාග කරනු දුටුවෙමි. සංචාරක ව්‍යාපාර මුලින් ඇද වැටී අති මොහොතේදී වුව තම සංචාරක හෝටල් රජයේ quarantine ක්‍රියාවලිය සඳහා පරිත්‍යාග කල මිනිසුන් දුටුවෙමි.
    මේ කිසිවක් ලොව අංක එකේ රටවල නැති බව වගකීමෙන් කියමි.

    එ නිසා ඉල්ලීමට ඇත්තේ එකම දෙයකි.

    මිනිස් ජීවිතයකට මෙතරම් වටිනා කමක් දී, ඔබගේ, ඔබ දරුවන්ගේ සහ මවු පියන්ගේ ජීවිත රැකීමට පොරබදින දෙවි මිනිසුන් මෙතරම් සිටියදී, අනුවනයන් සේ නොහැසිරී ඔවුන්ට සහය වන්න.
    මෙය කොත්තමල්ලි දන්සැල් දීමටවත්, පිට රට සිට පැමින හොරෙන් පැන පැන සිට තමන්ගේ මිනිසුන්ව මරා දැමීමටවත්, curfew දැම්මම කන්නෙ හුලන්ග් ද යයි අසමින් මෝඩයන් සේ හැසිරීමටවත් කාලය නොවේ.
    මේ තමන්ගේ ස්වයං විනය හදා ගැනීමට කාලයයි.
    නොමිලයේ ලැබෙන සම්පත් සුළු කොට නොතකා අගය කිරීමට කාලයයි.
    නීති දමන්නේ තමන්ගේම යහපතට බව තේරුම් ගෙන, නීති පිලිපැදීමට කාලයයි.
    අවුරුදු 2500 ක පම්පෝරි ගසන ශිෂ්ඨාචාරයේ සැබෑ ශිෂ්ඨ සම්පන්න බව පෙන්වීමට කාලයයි.
    එක් මිනිස් ජීවිතයක් හෝ තමන් අතින් අවදානමට ලක් නොකොට, වගකීමෙන් බුද්ධියක් ඇති මිනිසුන් සේ හැසිරීමට කාලයයි.

    Copied
     
    Status
    Not open for further replies.