Coronavirus (Covid19) Megathread #2

Status
Not open for further replies.

Sadun Buwa

Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    ලොවපුරා කොරෝනා මරණ සංඛ්‍යාව 15,000 ඉක්මවයි

    ලොව පුරා වාර්තාවන කොරෝනා වෛරසය ආසාදිත පුද්ගලයින් ගණන මේවනවිට තුන්ලක්ෂ 51,609 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. වාර්තා වී ඇති මරණ ගණන 15,361 ක්. ඉන් වැඩිම මරණ ප‍්‍රමාණයක් වාර්තා වී ඇත්තේ ඉතාලියෙන්. මේවනවිට ඉතාලියෙන් වාර්තා වන කොරෝනා මරණ ගණන 5,476 ක්. වෛරසය ආසාදනය වී ඇති එරට පුද්ගලයින් ගණන 59,138 ක් වනවා. යුරෝපයේ දෙවැනි වැඩිම මරණ සංඛ්‍යාව වාර්තා වන්නේ ස්පාඤ්ඤයෙන්. එරටින් වාර්තා වන මරණ ගණන 2,206 ක්. චීනයෙන් මේදක්වා මරණ 3,270 ක් වාර්තා වී තිබෙනවා.


    මැරෙන ඵකනම් අවුලක් නෑ..ඔය ලෙඩේ හැදුනහම විඳවල මැරෙන්න වෙන ඵකයි දුක.හරියට වතුරින් ගොඩගත්ත මාළුවෙක් වගේ තමා මැරෙන්න වෙන්නෙ.:baffled:.
     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    පෙනහළුවලට Covid-19 ආසාදනයෙන් කුමක් සිදුවේද?

    covid-19 නොහොත් කොරෝනා වෛරසය 2019 අග භාගයේදී ආරම්භ වූයේ නොදන්නා හේතුවක් නිසා ඇතිවුනු නියුමෝනියා රෝගීන් සමූහයක් ලෙසය. නියුමෝනියාව ඇතිවීමට හේතුව නව වෛරසයක් බව සොයා ගන්නා ලදි. severe acute respiratory syndrome (Sars) නම් ශ්වසන තත්වය ඇති කරන coronavirus 2 (Sars-CoV-2) නිසා ඇති වන රෝගය වන්නේ covid-19 ය.

    ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ කොවිඩ්-19 සහිත පුද්ගලයින්ගෙන් 80% ක් පමණ කිසිදු විශේෂ ප්‍රතිකාරයකින් තොරව සුවය ලබන බවයි. 6 දෙනෙකුගෙන් 1ක් අයෙකු පමණක් බරපතල ලෙස රෝගාතුර වන අතර “හුස්ම ගැනීමේ අපහසුතාවයක් ඇති වේ”.

    covid-19 නියුමෝනියාව වැනි වඩාත් බරපතල රෝගයක් දක්වා වර්ධනය වන්නේ කෙසේද? එය අපගේ පෙනහලු වලට සහ අපගේ ශරීරයේ අනෙකුත් කොටස් වලට කරන්නේ කුමක්ද?


    වෛරසය මිනිසුන්ට බලපාන්නේ කෙසේද?

    ඕස්ට්‍රේලියාව රාජකීය ඔස්ට්‍රේලියානු වෛද්‍ය විද්‍යාලයේ සභාපති සහ ශ්වසන වෛද්‍යවරයෙකු වන මහාචාර්ය ජෝන් විල්සන් පවසන්නේ කොවිඩ්-19 වැලඳෙන පුද්ගලයින් පුළුල් කාණ්ඩ හතරකට ඇතුළත් කළ හැකි බවයි.

    1. අඩුවෙන්ම බරපතල වන්නේ වෛරසය ඇති නමුත් රෝග ලක්ෂණ නොමැති අයයි (“උප සායනික” sub-clinical මට්ටමේ)
    2. ඊළඟට ශ්වසන මාර්ගයේ ඉහළ කොටසේ ආසාදනයක් ඇතිවන අය.

      “උණ සහ කැස්ස ඇති අතර, හිසරදය හෝ conjunctivitis ( ඇස් රතුවීම/ ඇස් වටේ රතු වීම) වැනි මෘදු රෝග ලක්ෂණ ඇති අය”.

      ඔහු පවසන්නේ “සුළු රෝග ලක්ෂණ ඇති අයට වෛරසය සම්ප්‍රේෂණය කළ හැකි නමුත් ඒ පිළිබඳව නොදැන සිටිය හැකිය.” බවයි.
    3. තුන්වැනි කණඩායම රැකියාවට යාමට අපහසු ලෙස උණ ගන්නා කණ්ඩායමයි. විශාලතම කණ්ඩායම වන්නේ මේ අයයි. මේ අය covid-19 ඇතිබව තහවුරු කරගැනිමය පහසුය. රෝහල්වලට ඉදිරිපත් කෙරෙන්නේ මේ අයයි.
    4. “සිව්වන කණ්ඩායමක් වන නියුමෝනියාව වැනි දරුණු තත්වයන් ඇති අයයි. වුහාන්හි, තහවුරු වුනු, පරීක්‍ෂණයක් කළ සහ වෛද්‍ය උපකාර පැතූ අයගෙන් දළ වශයෙන් 6% ක් පමණ දරුණු රෝගයකින් පෙළෙන බව පෙනේ.”

    ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ වයෝවෘද්ධ අය සහ අධි රුධිර පීඩනය, හෘද හා පෙනහළු ආබාධ හෝ දියවැඩියාව වැනි මූලික ගැටළු ඇති පුද්ගලයින්ට බරපතල රෝගාබාධ ඇතිවීමේ ඉඩකඩ වැඩි බවයි.


    නියුමෝනියාව වර්ධනය වන්නේ කෙසේද?

    කොවිඩ් -19 සහිත පුද්ගලයින්ට කැස්ස සහ උණ ඇති වූ විට, විල්සන් පවසන්නේ මෙය ශ්වාසනාල ශාකාවල ආසාදනයක ප්‍රතිථිපලයක් බවයි. ( respiratory tree - ශ්වසන මාර්ගය බෙදී යන පහළ කොටස)

    ඔහු මෙසේ පවසයි.

    “ශ්වාසනාල ශාඛා රේඛා තුවාලවී ප්‍රදාහය (inflammation - ඉදිමුම සහිත දැවිල්ල ) ඇති කරයි. මෙය පෙණහලු වල ස්නායු පීඩාවට ලක්කරයි. ප්‍රදාහය වැඩි වු විට ඉතා කුඩා දූවිලි කැබැල්ලකිකට පවා කැස්සක් ඇති කළ හැකිය.”

    “නමුත් මෙය වඩාත් නරක අතට හැරේ නම්, එය ශ්වාසනාල රේඛාව පසුකර ගොස් වායු හුවමාරු ඒකක (air exchange units - alveoli) වෙත යයි.”

    Screenshot-2020-03-23-at-13-31-33.png


    හුවමාරු ඒකකයන් ආසාදනය වුවහොත් ප්‍රතිචාරය වන්නේ, ප්‍රදානය නිසා නිපදවුනු දේ, පිටතට ගාලා ඒමයි (තරල/දියර සහ ප්‍රදානය වු සෛල). මෙය Pneumoniaවයි”.

    ප්‍රදානයත්, ප්‍රදානය නිසා ඇති වුනු ද්‍රව්‍යවලින් පිරී ඇති පෙනහළුවල රුධිරයට, ප්‍රමාණවත් තරම් ඔක්සිජන් ලබා ගැනීමට නොහැකි වන අතර, ශරීරයට ඔක්සිජන් ලබා ගැනීමට සහ කාබන් ඩයොක්සයිඩ් ඉවත් කිරීමට ඇති හැකියාව අඩුවීයයි.”

    “දරුණු නියුමෝනියාවෙන් මරණයට හේතුව එයයි” යනුවෙන් ඔහු පවසයි.

    Screenshot-2020-03-23-at-13-42-45.png


    නියුමෝනියාවට ප්‍රතිකාර කළ හැක්කේ කෙසේද?

    ඕස්ට්‍රේලියාවේ පෙනහළු පදනමේ සභාපති සහ ප්‍රමුඛ ශ්වසන වෛද්‍යවරියක වන මහාචාර්ය ක්‍රිස්ටීන් ජෙන්කින්ස් මෙසේ පැවසීය “අවාසනාවකටමෙන්, කොවිඩ් -19 නියුමෝනියාව වැළඳීම වැළැක්විය හැකි කිසිවක් මේ දක්වා අප සතුව නොමැත.”

    “දැනටමත් ඖෂධ අත්හදා බලමින් සිටින අතර ඵලදායී විය හැකි විවිධ වෛරස් හා ප්‍රතිවයිරස ඖෂධ නිපදවේයයි අපිට බලාපොරොත්තු තියාගැනීමට පුලුවන්. මේ වන විට උපකාරක ප්‍රතිකාර හැර වෙනත් ප්‍රතිකාරයක් නොමැත, දැඩි සත්කාරයේදි සඳහා ලබා දෙන්නේ එයයි.”

    “අපි ඒ අයව වාතාශ්‍රය ලැබීමට සලසා ඉහළ ඔක්සිජන් මට්ටමක් පවත්වා ගෙන යනව. ලෙඩේ සුවවනතෙක් පෙනහළු යථා තත්ත්වයට පත්වීමය උදවු කිරීමක් සිද්ධවෙන්නේ”

    විල්සන් පවසන්නේ වෛරස් නියුමෝනියාවෙන් පෙළෙන රෝගීන්ට ද ද්විතියික ආසාදන (secondary infections) ඇතිවීමේ අවදානමක් ඇති බැවින් ඔවුන්ට ප්‍රතිවෛරස් ඖෂධ සහ ප්‍රතිජීවක ඖෂධ ලබා දෙන බවයි.

    වර්තමාන තත්වය ගැන ඇය පවසන්නේ “සමහර අවස්ථාවල එය ප්‍රමාණවත් නොවේ” කියායි. “නියුමෝනියාව පාලනය නොවුනු අතර රෝගීන් බේරුණේ නැහැ.”


    කොවිඩ්-19 නියුමෝනියාව වෙනස්ද?

    ජෙන්කින්ස් පවසන්නේ කොවිඩ්-19 නියුමෝනියාව, රෝහල්වලට ඇතුළත් කරන සාමාන්‍ය නියුමෝනියා තත්වයන්ට වඩා වෙනස් බවයි.

    “අප දන්නා සහ අප රෝහලට ඇතුළත් කරන බොහෝ වර්ගවල නියුමෝනියාවන් බැක්ටීරියාකාරක වන අතර ඒවා ප්‍රතිජීවක ඖෂධයකට ප්‍රතිචාර දක්වයි.

    විල්සන් පවසන්නේ කොවිඩ්-19 නිසා ඇතිවන නියුමෝනියාව විශේෂයෙන් දරුණු විය හැකි බවත් කොරෝනා වෛරස් නියුමෝනියාව කුඩා කොටස් පමණක් ආසාදනය නොකර සම්පූර්ණ පෙනහළු පදධතියටම බලපාන බවයි.”

    “අපට පෙනහළු ආසාදනයක් ඇති වූ විට සහ එය වාතය හුවමාරු ඒකක හා සම්බන්ධ වන්නේ නම්, ශරීරයේ පළමු ප්‍රතිචාරය වන්නේ වෛරසය විනාශ කර එහි ප්‍රතිවර්තනය සීමා කිරීමයි ( limiting the replication ) ”

    නමුත් විල්සන් පවසන්නේ මෙම “පළමු ප්‍රතිචාර දැක්වීමේ යාන්ත්‍රණය” සමහර කාණ්ඩ වල දුර්වල විය හැකි බවයි; යටපත් වු හෘද හා පෙනහළු තත්වයන් ඇති අය, දියවැඩියාව ඇති අය සහ වැඩිහිටියන් ඇතුළු අය මේ කාණ්ඩවලට අයත් වේ.

    ජෙන්කින්ස් පවසන්නේ සාමාන්‍යයෙන් වයස අවුරුදු 65 සහ ඊට වැඩි පුද්ගලයින්ට නියුමෝනියාව වැළඳීමේ අවදානමක් ඇති අතර දියවැඩියාව, පිළිකා හෝ පෙනහළු, හෘදය, වකුගඩු හෝ අක්මාව, දුම් පානය කරන්නන්, ආදි අය සහ මාස 12ට අඩු ළදරුවන්ට මේ අවදානම ඇති බවයි.

    “නියුමෝනියාවෙන් මරණයට පත්වීමේ ප්‍රධාන කාරණය වන්නේ වයසයි. වැඩිහිටි පුද්ගලයෙකුට නියුමෝනියාව සැමවිටම බරපතල වන අතර ඇත්ත වශයෙන්ම එය වැඩිහිටියන්ගේ මරණයට ප්‍රධාන හේතුවක් වෙයි. දැන් අපට අනෙකුත් නියුමෝනියාවන් සඳහා ඉතා හොඳ ප්‍රතිකාර තිබේ.

    ඔබ කෙතරම් සෞඛ්‍ය සම්පන්න සහ ක්‍රියාශීලී වුවත්, නියුමෝනියාව වැළඳීමේ අවදානම වයසත් සමඟ වැඩි වන බව මතක තබා ගැනීම වැදගත්ය. මෙයට හේතුව අපගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය ස්වාභාවිකවම වයසට යාමත් සමග දුර්වල වන නිසාත් ආසාදන හා රෝග වලින් මිදීමට අපගේ ශරීරයට අපහසු වීමත්ය. ”


    -The Guardian ඇසුරින් උපුටාගැනීමකි

    :love:
     

    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    කොළඹ-ගම්පහ-පුත්තලම සහ උතුරට හෙට උදේ 6 සිට 12 තෙක් ඇඳිරි නීතියඉවතට

    කොළඹ,ගම්පහ,පුත්තලම යන දිස්ත්‍රික්ක 03 සහ උතුරු පළාතේ දිස්ත්‍රික්ක 05 තුළ දැනට ක්‍රියාත්මක ඇඳිරි නීතිය හෙට (24) උදෑසන 6ට ඉවත් කිරීමට නියමිතයි.
    කෙසේවෙතත් හෙට දහවල් 12ට එම ඇඳිරි නීතිය නැවත පැනවීමෙන් පසු එළැඹෙන සිකුරාදා උදෑසන 06 දක්වා බලපැවැත්වෙන බව ජනාධිපති කාර්යාලය නිවේදනය කරයි.
    එමෙන්ම දිවයිනේ සියලු දිස්ත්‍රික්ක අතර ගමනාගමනයද සම්පූර්ණයෙන් තහනම් කර ඇති බව ජනාධිපති කාර්යාලය ප්‍රකාශ කළේය.
    කොළඹ,ගම්පහ,පුත්තලම යන දිස්ත්‍රික්ක 03 සහ උතුරු පළාතේ දිස්ත්‍රික්ක 05 තුළ දැනට ක්‍රියාත්මක ඇඳිරි නීතිය හෙට පෙරවරු 06ට ඉවත් කෙරෙන බව ජනාධිපති කාර්යාලය නිවේදනය කරයි.

    කෙසේවෙතත් එම දිස්ත්‍රික්ක 08 සඳහා හෙට දහවල් 12ට යළි ඇඳිරි නීතිය පනවන අතර එය එළැඹෙන මාර්තු 27 වනදා සිකුරාදා උදෑසන 06 දක්වා බලපැවැත්වෙනු ඇති.

    සිකුරාදා දහවල් 12 සිට යළිත් එම දිස්ත්‍රික්ක 08 සඳහා ඇඳිරි නීතිය පැනවේ.
    සෙසු දිස්ත්‍රික්කවල අද (23) දහවල් 02 සිට ක්‍රියාත්මක ඇඳිරි නීතිය මාර්තු 26 වන බ්‍රහස්පතින්දා උදෑසන 06ට ඉවත් කරන අතර එදිනම දහවල් 12 සිට නැවත ඇඳිරි නීතිය පනවනු ලබයි.

    දිවයිනේ සියලු දිස්ත්‍රික්ක අතර ගමනාගමනය සම්පූර්ණයෙන් තහනම් කර තිබෙන අතර විදේශ සංචාරකයින් තැනින් තැනට ගෙනයාමද සම්පූර්ණයෙන් තහනම් කර තිබේ.
    ඇඳිරි නීතිය බලපැවැත්වෙන කාලය තුළ කවර දිස්ත්‍රික්කයක වුවද ගොවිතැන් කටයුතු සඳහා අවසර හිමිවන බව ජනාධිපති කාර්යාලය නිවේදනය කළේය.
    එමෙන්ම සහල් ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සහ එළවළු ප්‍රවාහනයට ඉඩ ලබාදී තිබෙන අතර කෘෂිකර්ම සහ වෙළෙඳ විෂයභාර අමාත්‍යවරයා මෙම කාර්යයන් විධිමත්ව පාලනය කළයුතු බවද රජය දැනුම් දෙයි.
    මේ අතර කොළඹ,ගම්පහ,පුත්තලම සහ උතුරු පළාතේ දිස්ත්‍රික්ක 05 හැර සෙසු දිස්ත්‍රික්කවල අද උදෑසන 6ට ඇඳිරි නීතිය තාවකාලිකව ඉවත් කළ අවස්ථාවේ නගරවල පැවැති තත්ත්වය දැක ගත හැකි විය.
    පානදුර/ගාල්ල/මාතර/මහනුවර/හම්බන්තොට/මාතලේ/නුවරඑළිය

     
    Last edited:

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,146
    2
    10,775
    113
    Home Sweet Home
    අපි ගෙවල වලට වෙලා ඉන්නව , වෙන්න තියෙන ඔක්කොම චිරිබිරිස් වෙලා ඉවරයි , වැඩක් නැ යකෝ , දැන් තියෙන්නේ චිනේ කල වගේ corona පොසිටිවේ උන් ටික කුදලන් යන්න:frown: , අයාලේ යන බල්ලෝ පුසෝ මරල දාන්න :angry:, චිනේ වගේ රළු විදිහට කලේ නැත්නම් කවද වෙනකම් ගෙදර ඉන්න ද ? :rolleyes:


    මාර්තු මස එකොළොස් වන දින මෙරටින් පළමුවරට කොරෝනා ආසාදිත ශ්‍රී ලාංකිකයකු හමුවූ පසු අද ගතවන්නේ දොළොස් වැනි දිනයයි. 91 reported

    මුල් පළමු රෝගියාගේ සිට මුල් දින 12 කාලයේදී රෝගීන් හමුවීම අතින්ශ‍්‍රී ලංකාව සිටින්නේ ලෝකයේ අද දරුණුම තැනක පිරිස් සිටින බොහෝ රටවල්වලට වඩා ඉහලිනි.

    සංසන්දනාත්මකව බලන කළ මුල් දින ශ්‍රී ලංකාව සිටින්නේ ඇමරිකාව, එංගලන්තය, ජර්මනිය, ප්‍රංශය, ස්පාඤ්ඤය, බෙල්ජියම, ස්වීඩනය, ඕස්ට්‍රේලියාව, කැනඩාව, මැලේසියාව, පිලිපීනය රටවලට වඩා ඉහළිනි.
     
    Status
    Not open for further replies.