Coronavirus (Covid19) Megathread #2

Status
Not open for further replies.

Ysa Karu

Well-known member
  • May 29, 2014
    20,489
    1
    10,726
    113
    තේ කෝප්ප තුනකින් කොරෝනා මර්ධනය කරමු..

    --------

    කොරෝනා වෛරසය ගැන මුලින්ම ලොවට හෙළිකරන ලද චීන ජාතික වෛද්‍යවරයා විසින් කොරෝනා වෛරසයෙන් මිනිස් සිරුරට වන බලපෑම අවම කිරීම සඳහා වන සංයෝගයක් ද හෙළි කර ඇති බවවිදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

    ඔහු එමගින් සදහන් කර ඇත්තේ අදාල රසායනික සංයෝග සියල්ල තේ පානය තුළින් ලබා ගත හැකි වනු ඇති බවයි.

    චීනයේ වූහාන් ප‍්‍රදේශයේ කොරෝනා වෛරස් ආසාධිතයන් සදහා දිනකට තේ කෝප්ප තුනක් පානය කිරීම දුන් බව බවද එම වාර්තාවේ තව දුරටත් සඳහන් වෙයි.

    කොරෝනා වෛරසය ගැන පලමුව හෙළි කළ වෛද්‍යවරයා පසුව එම වෛරසයම ආසාධනය වී මිය ගියේය. ...

    http://www.hirunews.lk/sinhala/237206/කොරෝනාවලට-පිළියම-තේ-ඇත්ත-එළියට
     

    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    කොරෝනාවලට පිළියම "තේ" ? - ඇත්ත එළියට

    මුළු ලෝකයම COVID 19 හෙවත් කොරෝනා වෛරසය සමඟින් පොර බඳිමින් සිටින අතර, ලෝක නායකයින්, පර්යේෂකයින් මෙන්ම වෛද්‍යවරුන් ද ඒ සඳහා පිළියම් සොයමින් සිටිනවා.
    මේ ගෙවෙමින් පවතින කාලය තුළ වඩාත් අර්බුදකාරී තත්ත්වයක් නිර්මාණය වී ඇත්තේ, ව්‍යාජ පුවත් සහ තවමත් නිශ්චිතව ඔප්පු කර නොමැති කරුණු කාරණා සමාජ ජාලා ඇතුළු අන්තර්ජාල ඔස්සේ හුවමාරු වීමයි.
    මෙවන් පුවතක් විදෙස් මාධ්‍යක්වන CNN විසින් වාර්තා කළා යැයි සඳහන් කරමින්, සමාජ මාධ්‍යන්හි මේ වන විට හුවමාරු වනවා.
    එම පුවත නම් "තේ පානය කිරීම කොරෝනා රෝගය සුව කිරීමට හේතුවක් වන" බවයි.
    මාරාන්තික කොරෝනා වෛරසය මුලින්ම හඳුනාගත් සහ එම වෛරසයෙන් මියගිය චීන වෛද්‍යවරයා ලේඛනගත කළා යැයි සඳහන් කරමින් CNN පුවත් සේවය මෙම "විශේෂ පුවත" වාර්තා කර තිබූ බවයි සමාජ මාධ්‍යන්හි විවිධ රටවල පුද්ගලයන් සඳහන් කර තිබුනේ.
    එහි දැක්වෙන්නේ, "අදාළ චීන වෛද්‍යවරයා වන ලී වෙන්ලියන්ග්(Li Wenliang), සිය ලිපිගොනු මඟින් කොරෝනා සඳහා ප්‍රතිකාරයක් යෝජනා කර ඇතැයි" යන්නයි. ඒ නම් "ඉන්දියාවේ තේ" මේ සඳහා වන ප්‍රතිකාරය බවටයි එහි දැක්වෙන්නේ.
    නමුත් එවැනි පුවතක් CNN මගින් ප්‍රචාරය කර ඇති බව සොයාගැනීමට නැහැ.
    මෙම පුවත ෆේස් බුක්, වට්ස්ඇප් සහ ට්විටර් ඔස්සේ හුවමාරු වන අතර ශ්‍රී ලංකාවේද සමාජ මාධ්‍ය මෙන්ම පුවත් අඩවි කිහිපයකම මේ පිලිබඳ දක්වා තිබුණා.
    කෙසේ වෙතත්, ඉන්දියා ටුඩේ ප්‍රකාශ කරන්නේ, මෙම පුවත නොමඟ යවන සුළු ව්‍යාජ පුවතක් බවත් CNN මාධ්‍ය තුළ මෙවැන්නක් සොයා ගත නොහැකි බවයි.
    CNN විසින් එම වෛද්‍යවරයා සම්බන්ධව වාර්තා කරන නමුත් එහිදී කොරෝනා සඳහා වන ඖෂධයක් ගැන හෝ වෙනත් යමක් ගැන සඳහනක් කර නොමැති බව සඳහන්.
    මෙවන් කිසිදු සාක්ෂියක් නොමැති "ව්‍යාජමය පුවත්" සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වීම ගැටලු සහගත බවයි ඉන්දියා ටුඩේ (IndiaToday) පෙන්වා දෙන්නේ.

    44444.jpg

    3333.jpg

    237206_2.jpg

    11111.jpg

    237206_4.jpg
     

    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    චාර්ල්ස් කුමරුට කොරෝනා වෛරසය වැළදේ

    බ්‍රිතාන්‍යයේ චාල්ස් කුමරු හට නව කොරෝනා වෛරසය වැළදී ඇති බව වාර්තා වනවා. විදෙස් මාධ්‍ය සඳහන් කලේ මේ වන විට චාල්ස් කුමරු ස්කොට්ලන්තයේ ස්වයං නීරෝධායනයට ලක් වෙමින් සිටින බවයි.
    බ්‍රිතාන්‍යයේ ඔටුන්න හිමි කුමරු වන චාල්ස් කුමරු හට කොරෝනා වෛරසය වැළදී ඇති බවට සඳහන් කරමින් ඔහුගේ කාර්යාලය විසින් නිල නිවේදනයක්ද නිකුත් කර තිබෙනවා.

     
    Last edited:

    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    කොරෝනා ගැන මුහුණු පොතේ බොරු ප්‍රචාර කළ සරසවි පරිපාලන නිලධාරියා රිමාන්ඩ්

    කොවිඩ් නයින්ටීන් වෛරසය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ අසත්‍ය තොරතුරු ප්‍රචාරය කළ විශ්වවිද්‍යාල පරිපාලන නිලධාරියෙකු රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.
    ඔහු විසින් සිය ෆේස්බුක් ගිණුම හරහා කොවිඩ් නයින්ටීන් වෛරසය පිළිබඳ අසත්‍ය තොරතුරු ප්‍රචාරය කර ඇති බව පොලීසිය සිදුකළ මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත.
    මේ සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සැකකරු අත්අඩංගුවට ගෙන කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කර තිබේ.
    එහිදී සැකකරු ලබන අප්‍රේල් පළමුවනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා නියෝග කර ඇත.

     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,447
    23,688
    113
    ලිම්පෝපෝ කන්දෙ
    චාර්ල්ස් කුමරුට කොරෝනා වෛරසය වැළදේ

    බ්‍රිතාන්‍යයේ චාල්ස් කුමරු හට නව කොරෝනා වෛරසය වැළදී ඇති බව වාර්තා වනවා. විදෙස් මාධ්‍ය සඳහන් කලේ මේ වන විට චාල්ස් කුමරු ස්කොට්ලන්තයේ ස්වයං නීරෝධායනයට ලක් වෙමින් සිටින බවයි.
    බ්‍රිතාන්‍යයේ ඔටුන්න හිමි කුමරු වන චාල්ස් කුමරු හට කොරෝනා වෛරසය වැළදී ඇති බවට සඳහන් කරමින් ඔහුගේ කාර්යාලය විසින් නිල නිවේදනයක්ද නිකුත් කර තිබෙනවා.


    මූ ජීවිතේ කාලෙම "ඔටුන්න හිමි කුමරු" තමයි. :lol:
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,444
    2
    53,943
    113
    මූ ජීවිතේ කාලෙම "ඔටුන්න හිමි කුමරු" තමයි. :lol:

    ආයෙ ඉතින් මදිපාඩුවක් තියෙනවෑ පොරට වෙනම රාජකීය ICU එකක් තියෙනව කියල 150% ශුවර් :lol:
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,824
    31,606
    113
    උබට කොරෝනාවලට වඩා අලියෙක් ගහලා මැරෙන්න තියෙන චාන්ස් එක ගොඩක් වැඩියි නේද? :rolleyes:

    Naha ban spa ekaka ganiyak athin marenna thiyana chance ekai okata wadi :rolleyes:
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,824
    31,606
    113
    ආයෙ ඉතින් මදිපාඩුවක් තියෙනවෑ පොරට වෙනම රාජකීය ICU එකක් තියෙනව කියල 150% ශුවර් :lol:

    Ai ban royalty unama puken yana bettath raththaran wenawada? :confused:
     
    Status
    Not open for further replies.