Coronavirus (Covid19) Megathread #2

Status
Not open for further replies.

Deleted

Well-known member
  • Aug 7, 2016
    8,936
    6,253
    113
    නියෝග නොතකන පුද්ගලයන්ට වෙඩි තබන්න - කොරෝනා මඩින්න ඉන්දියාවේ දැඩි නීති

    කොවිඩ් 19 හෙවත් නව කොරෝනා වෛරසය මේ වන විට ගෝලීය වසංගත තත්වයක් බවට පත්වෙමින් තිබෙනවා. ඒ අනුව වෛරසය පැතිරීම වැළැක්වීම සඳහා ලොව බොහෝ රටවල් ‘ලොක්ඩවුන්’ හෙවත් රට වසා දැමීමේ නියෝග නිකුත් කළ අතර ඉකුත් (24) වැනිදා මධ්‍යම රාත්‍රියේ සිට දින 21 ක කාලයක් සිය රට වසා දමන බව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ප්‍රකාශ කළා.

    කෙසේ වෙතත් රට වසා දැමීම සම්බන්ධයෙන් ලබා දුන් නියෝග නොතකා බොහෝ දෙනා භාණ්ඩ මිලදී ගැනීම සඳහා වෙළෙඳපොළවලට පැමිණි ආකාරයත්, දහස් ගණනක් ජනතාව වෙළෙඳපොළවල රැස්ව සිටින ආකාරයත් දක්නට ලැබුණා.

    ඒ අනුව අදාල නියෝග නොතකා කටයුතු කරන පුද්ගලයන්ට වෙඩි තබන ලෙස ඉන්දීය බලධාරීන් නියෝග කර තිබෙනවා. මෙම තත්ත්වය හේතුවෙන් ඉන්දීය පොලිසියට දැඩි නීති ක්‍රියාත්මක කිරීමට සිදුව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණේ.


    http://nethgossip.lk/article/36043
     

    HHBD

    Active member
  • Jun 21, 2016
    382
    77
    28
    ඇමෙරිකාවේ මිනිස්සු පව් ...ඒ ගොල්ලෝ කියනවා ඇති අනේ අපිටත් අර ලංකාවේ වගේ බුද්ධිමත් ශුර ගෝට වගේ නායකයෙක් හිටියනම් මෙන්න මේ ට්‍රුම්ප් කියන මෝඩයට වඩා ...
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,092
    72,234
    113
    මාලඹේ
    ඇමෙරිකාවේ මිනිස්සු පව් ...ඒ ගොල්ලෝ කියනවා ඇති අනේ අපිටත් අර ලංකාවේ වගේ බුද්ධිමත් ශුර ගෝට වගේ නායකයෙක් හිටියනම් මෙන්න මේ ට්‍රුම්ප් කියන මෝඩයට වඩා ...

    අපි Green Card දීලා ඇමරිකන් කාරයො ලංකාවට ගමු
     

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,152
    18,733
    113
    අදාල නෑනේ
    ffa2345d978c15aaffc74529fe9cd00cfee28d5c.gifv
     

    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,295
    5,418
    113
    Gam wala un Bike walin, Pain yanawa, kollo ekathu wenawa. Police ekata okkoma cover karanna amaruine.
     

    Suitcase

    Well-known member
  • Dec 23, 2018
    1,728
    402
    83
    බෙහෙතක් හොයාගන්න බැරි නම් මෙක තමයි හරි විඳිය වගේ පේන්නේ. ලංකාවේ ඉතින් කොච්චර කල් ඇදිරි නීතිය දාලා තියන්න ද? අවුල මෙහෙ facilities අඩු නිසා මේ කියන විඳිය ට ගියොත් එහෙම ලොකු ගාණක් මැරෙයි.

    Lockdown/curfew විඳිය ට ගියත් virus එක පැතිරෙන්න දීලා control කරන්න බැලුවත් දෙකන් ම එක වගේම damage එකක් economy එකට වෙනවා නේද?

    පැතිරෙන්න දීලා නවත්තන්න බැලුවොත් එතකොටත් virus එක ගොඩකට එක පාර හැදිලා වැඩ කරන්න බැරි වෙන නිසා economy එකට බලපානවා. ඇදිරි නීතිය දාන එකෙනුත් ඔය වගේම තමයි වෙන්නේ..

    සමහර විට America උන් ගෙ විඳිය efficient ඇති. උන් හදල බලන්න ඇති නේ මුළු ජනගහනය ට ම virus එක හැදිලා කට්ටිය මැරිලා (හැබැයි මේ මැරෙන අය නිසා සමාජීය බලපෑමක් වෙනවා නේද. 70 වැඩි ඔක්කොම මැරෙනවා කියලා හිතුවොත් මේ කියන කට්ටිය එ එ fields වල ලොකු දැනුමක් අත්දැකීම් තියෙන අය හුඟක් වෙලාවට) ඔක්කොම වෙලා ආයේ normal වෙන්න කොච්චර කාළයක් යනවා ද කියන එකයි බෙහෙතක් හොයාගන්න කම් lock down කරන්වා වගේ දේකට යන කාලයයි එක්ක economy එකට වෙන බලපැම් බලපුවාම පළවෙනි විඳිය වාසි ඇති.

    ow kawuru kohoma kiwwath americawe arthiketa kelawunoth mehe wage podi ratawal wlatath kelawena eka gana ahann deyak na
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,825
    8
    35,336
    113

    ow kawuru kohoma kiwwath americawe arthiketa kelawunoth mehe wage podi ratawal wlatath kelawena eka gana ahann deyak na

    The total economic loss will obviously depend on how soon this pandemic could be contained.
    Current estimates point to a figure of 1 trillion Dollars to 2 trillion this year.:rolleyes:
     

    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    කොරෝනා වැළදුණු ලාංකිකයෙක් ස්විට්සර්ලන්තයේදී ජිවිතක්ෂයට
    2020-03-27
    ShareFacebookTwitterEmail neth news

    කොරෝනා වෛරසය වැළදී සිටි ශ්‍රී ලාංකිකයෙක් ස්විට්සර්ලනත්යේදී ජිවිතක්ෂයට පත්ව ඇති බව විදේශ කටයුතු අමාත්‍යාංශය තහවුරු කර සිටිනවා. මෙලෙස ජිවිතක්ෂයට පත්ව ඇත්තේ 59 හැවිරිදි පුද්ගලයෙක් බවයි වාර්තා වන්නේ.

    මෙම පුද්ගලයා පුත්තලම ප්‍රදේශ පදිංචිකරුවෙක් බවයි වාර්තා වන්නේ. එම පුද්ගලයා පසුගිය 25 වෙනිදා ජිවිතක්ෂයට පත්ව ඇති බවයි විදේශ කටයුතු ආරංචි මාර්ග සඳහන් කර සිටියේ.
     

    Suitcase

    Well-known member
  • Dec 23, 2018
    1,728
    402
    83
    කොරෝනා ‌රෝග තත්වය නිසා අසාධ්‍ය තත්වයේ පසුවන සිව්වැනියෙකු අංගොඩ අයිඩීඑච් දැඩි සත්කාර ඒකකයට ඇතුළු කළ පුවත ඊයේ වාර්තුවූ අතර
    අද (27) වාර්තාවන්නේ 5 වැනි අසාධ්‍ය රෝගියාද


    දැඩි සත්කාර ඒකකයට ඇතුළු කළ බවයි. වැලිකන්ද රෝහලේ දැඩි සත්කාර ඒ්කකය වෙත මෙම පුද්ගලයා ඇතුළු කර ඇත.
    මේ අතර රෝගය වැළඳී ඇති බවට දැනට තහවුරුවූ 106 දෙනාගෙන් 6 දෙනෙකුම මේ වනවිට සුවය ලබා පිටව ගොස් ඇතැයිද සෞඛ්‍ය අංශ වාර්තා කර තිබේ.
     

    Suitcase

    Well-known member
  • Dec 23, 2018
    1,728
    402
    83
    මේ දිනවල නිරන්තරයෙන් මාධ්‍ය වෙත පැමිණ කොරෝනා ආසාදනයෙන් වැළකීම සම්බන්ධයෙන් කතාකරන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා රූපවාහිනී වැඩසටහන් වලදී ඉතාලියේ සිදුවන කොරෝනා මරණ හෙළා දකිමින් කතා කර ඇතැයි කියමින් ශ්‍රී ලංකාවෙන් ඉතාලියට සංක්‍රමණය වූ කාන්තාවක ෆෙස් බුක් ඔස්සේ
    දැඩි දෝෂදර්ශනයක් සිදු කර තිබුණි.
    මෙම කාන්තාව පවසන්නේ අජිත් රෝහණ මහතා කියන ආකාරයට වයස 50 ඉක්මවූවන්ට කොරෝනා හැදුණ පසු නොසලකා හරින විදිහක් ඉතාලියේ නැති බවත් ට්‍රක් රථවලින් මිනී ගොඩවල් ගෙනගොස් කොක්කකින් වළවල්වලට අතාරින ක්‍රියාවලියක්ද ඉතාලියේ නැති බවත්ය.



    ඉතාලිය ඉතාම මානුෂික රටක් බවට තර්ක කරන ඇය මෙය ගෝලිය වසංගත තත්වයක් බැවින් අවාසනාවන්ත තත්වයෙන් ඉතාලියට බැටකන්නට සිදුවූ බව කියා සිටී. මුලදී ඒ රට මේ රෝගය ගැන නොසැලකූ බව ඇය පිළිගන්නා නමුත් මරණ වලට අගෞරව දක්වන තරම් පිරිහී නැතැයි කියා සිටී.
    ඇයගේ ප්‍රකාශයේ එක් තැනක කියා සිටින්නේ ලංකාවේ කොරෝනා ගැන පාලනයක් නැති බවයි.
    පොලිසිය ඇදිරි නීතිය ඉවත් කළ විගස පිස්සු බල්ලන් මෙන් කෑම සොයාගෙන මිනිසුන් ඒකරාශීවන බවත් නිසි වගකීමක් නැතිව පොලිසිය හැසිරෙන බවත් ඇය චෝදනා කර තිබේ.තමා මියගියත් ලංකාවට මිනියවත් නොයවන බව ඇය කියා සිටී.

    'අජිත් රෝහණ උඹ දැනගනිං' ආකාරයට ඉතාම කෝපාන්විත ස්වරූපයකින් මෙම කාන්තාව වචන හසුරුවමින් ඔහුට බැණ වදී.
    මෙම වීඩියෝව සමාජ මාධ්‍ය තුළ සංසරණය වෙද්දී ඇය ලංකාව හෙළාදකින්නියක වීම ගැන හා අජිත් රෝහණ මහතා පහළට ඇදදමා කතාකිරීම ගැන විවේචන පළවිය. ඇයව අත්අඩංගුවට ගන්නා ලෙස පොලිසිය කළ දැනුම් දීමක් ගැන ව්‍යාජ ලිපියක්ද හුවමාරු විය.

    ඇය ගැන වැඩිදුර සොයා බැලීමේදී 40 හැවිරිදි නිසංසලා විජේතුංග නමැති පස් දරු මවක වන ඇය ඉතාලියේ සෙවන් ලංකා නමින් ආපන ශාලාවක් පවත්වා යන බව හෙළි විය. ඇය ස්වභාවයෙන්ම කුපිතවනසුලු කාන්තාවක බව ඇය සම්බන්ධයෙන් හුවමාරුවූ තවත් වීඩියෝ කිහිපයකින් අනාවරණය විය.
    මේ අතර දැඩි විවේචනයට ලක්වීමෙන් පසු ඇය ඇගේ ෆේස් බුක් පිටුවේ තිබූ සියලු වීඩියෝ ඉවත් කරගෙන තිබුණි. අජිත් රෝහණ මහතාගෙන් මේ ගැන රූපවාහිනී වැඩසටහනකදී විමසන ලදුව ඔහු කියා සිටියේ මේ කාන්තාව කියන දේ සත්‍යයෙන් තොර බවයි. තමා ජනතාවට මෙම රෝගයේ භයානක කම පෙන්වන්නට ඉතාලිය උපුටමින් කතා කළ බවත් ඒ රට අපහාසයට ලක්කරන්නට උවමනාවක් නොවූ බවත් ඔහු කියයි. එසේම සමාජ මාධ්‍ය තුළ හුවමාරුවන ඇය අත්අඩංගුවට ගන්නට කළ නියෝගය සම්බන්ධ ලිපිය ව්‍යාජ එකක් බවද ඔහු දන්වා සිටියි.
     

    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,249
    5,311
    113
    Panadura
    අමෙරිකාව ලොව කොරෝනා ආසාදිතයින් වැඩිම රට බවට පත් වෙයි. ආසාදිතයින් සංඛ්‍යාව 85,268යි. ලොවපුරා සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 24,065 දක්වා ඉහළට - විදෙස් මාධ්‍ය
    #lka #News1st
     

    scylla1990

    Junior member
  • Oct 3, 2009
    233
    16
    18
    Thursday, March 26, 2020
    ඇමරිකාවේ කොරෝනා
    http://economatta.blogspot.com/2020/03/blog-post_26.html?m=1

    covid-3-26.png


    අද උදේ (ලංකාවේ) ගෙදරින් දුරකථන ඇමතුමක් ආවා. ලංකාවේ නෑදෑ හිතවතුන් ගණනාවක් අපේ ගෙදරට කතා කරලා මගේ සහ පවුලේ අයගේ සුවදුක් විමසා තිබෙනවා. ඇතැම් අය වත්පොත හා වෙනත් සමාජ මාධ්‍ය හරහා සුවදුක් විමසනවා.

    අප තවමත් හොඳින් ඉන්නවා. එහෙත් අප සියලු දෙනාම දෙසතියක පමණ සිට ස්වේච්ඡාවෙන් නිවාස අඩස්සිගත වෙලයි ඉන්නේ. මගේ සේවය මේ වන විට අත්‍යාවශ්‍ය සේවාවක් ලෙස නම් කර තිබෙනවා. එහෙත්, අපගේ ප්‍රාන්තයේද නිවසේ රැඳී සිටීමේ නියෝගයක් නිකුත් කිරීමෙන් අනතුරුව මේ වන විට මගේ සේවා ස්ථානයට ඇතුළුවීමද දැඩි සීමා කිරීමකට ලක් කර තිබෙනවා.

    පෞද්ගලිකව මටනම් මෙය විශාල ප්‍රශ්නයක් නෙමෙයි. මා කොහොමටත් පුරුදු වී සිටියේ නිවසේ සිට වැඩ කරන්නයි. දරුවන්ගේ පාසැල්ද වසා නැතත් පාසැල් යාමක් සිදු වන්නේ නැහැ. අන්තර්ජාලය හරහා ඉගැන්වීම් කටයුතු සිදු වෙනවා. අපේ ගෙදර අනෙකුත් අයත්, හොඳ පුරුද්දක් නොවුනත්, දවසේ වැඩි වෙලාවක් පරිගණකයක් සමඟ ගත කරන අයයි. ඒ නිසා, පවතින තත්ත්වය අපට සාමාන්‍ය ඇමරිකානුවෙකුට තරම් දැඩි පීඩනයක් ගෙන දෙන්නේ නැහැ.

    පවතින තත්ත්වය ඇඳිරි නීතියක් වැනි තත්ත්වයක් නෙමෙයි. අපට අත්‍යවශ්‍ය කටයුතු සඳහා නිවසින් පිටතට යාමේ බාධාවක් නැහැ. අත්‍යවශ්‍ය කටයුතු ලැයිස්තුවට අපගේ පවුලේ සාමාන්‍ය "අවශ්‍ය කටයුතු" විශාල ප්‍රමාණයක් ඇතුළත්ව තිබෙන තිබෙන නිසා සාමාන්‍යයෙන් කරන දේවල් වලින් අපට දැන් නොකළ හැක්කේ අවන්හලකින් කෑම ගැනීම වැනි සීමිත කටයුතු කිහිපයක් පමණයි. එහෙත්, මා නිවසටම වී සිටින්නේ අප සිටින ප්‍රදේශයේත් මේ වන විට ආසාදිතයින් සිය ගණනක් සැරිසරනවා විය හැකි නිසා අනවශ්‍ය අවදානමක් නොගත යුතු නිසයි.

    අපේ අසල්වැසියන් සියලු දෙනාද මා මෙන්ම සිතන බව ඉතා පැහැදිලියි. වෙනදා මෙන් පාරවල් වල තොරතෝංචියක් නැතිව වාහන සද්ද ඇහෙන්නේ නැහැ. සුපිරි වෙළඳසැලකට ගියත් වෙනදා වගේ සෙනඟ නැහැ.

    මෙය ලියන මොහොත වන විටත් හඳුනාගත් කෝවිඩ්-19 ආසාදිතයින් ප්‍රමාණය අනුව ඉහළින්ම සිටින්නේ චීනයයි. දෙවැනි තැන ඉතාලියත්, ඉන් පසුව ඇමරිකාවත් ඉන්නවා. ජෝන් හොප්කින්ස් සරසවියේ සංඛ්‍යාලේඛණ මෙහෙමයි.

    චීනය - 81,667
    ඉතාලිය - 74,386
    ඇමරිකා එක්සත් ජනපදය - 68,572

    හෙට දවස අවසන් වන විට ඇමරිකාව මෙහි උඩින් සිටින රටවල් දෙකම පසුකර මුල් තැනට පැමිණීමට විශාල ඉඩක් තිබෙනවා. යම් හෙයකින් එය එසේ නොවුනොත් අනිද්දා දිනයේ එය අනිවාර්යයෙන්ම වෙයි. පසුගිය සතිය තුළ ඇමරිකාව ඉතා වේගයෙන් මේ ලැයිස්තුවේ ඉහළට පැමිණි බව කවුරුත් දන්නා දෙයක්.

    ලංකාවේ බොහෝ දෙනෙක් අපේ සුවදුක් විමසන්නේ ඇමරිකාවේ සංඛ්‍යාලේඛණ වල පෙනෙන්නට තිබෙන මේ භයංකාර වර්ධන නැඹුරුව නිසයි. එය ඇත්තටම ඉතා භයංකාර වර්ධනයක් තමයි. එහෙත්, පෞද්ගලිකව මටනම් මේ සංඛ්‍යාලේඛණ වලින් විශේෂ බයක් දැනෙන්නේ නැහැ. ඇමරිකාවේ තත්ත්වය ගැන බොහෝ දෙනෙකුට දැන් දැනෙන හා ඉදිරි සති කිහිපය තුළ දැනෙන්නට නියමිත බය මට දැනී දැන් සති දෙක තුනක් වෙනවා. ඒ නිසා, දැන් විශේෂ අමුත්තක් නැහැ.

    මගේ විෂය වසංගතවේදය නෙමෙයි. එහෙත්, මා යම් නිපුණතාවයක් දක්වන විෂය වසංගතවේදයට බොහෝ කිට්ටු විෂයක්. ඒ නිසා, සිදු විය හැකි දෙය තරමක් කලින් තේරුම් ගන්න එක මට අපහසු වුනේ නැහැ. වසංගතවේදය පිළිබඳ විශේෂඥ මට්ටමේ නිපුණතාවක් ඇති විශාල පිරිසක් ඇමරිකාවේ ඉන්නවා. ඒ අය මේ වෛරස් තර්ජනය හමුවේ නිකම් සිට නැහැ. ඒ බව මා ඉතා විශ්වාසයෙන් යුතුව කියන්නේ මේ කරුණ හා අදාළව ප්‍රතිපත්ති තීරණ ගන්නා විශේෂඥයින් සිටින තැන් වල හා ප්‍රතිපත්ති තීරණ ගන්නා විශේෂඥයින් නොවන ඉහළම මට්ටමේ අයට උපදෙස් දෙන අය අතර මා සමඟ පෞද්ගලික (වෘත්තීය) සම්බන්ධතා ඇති අය කිහිප දෙනෙක්ම සිටින නිසයි.

    ඇමරිකාව හා අදාළව දැන් දකින්නට ලැබෙන සංඛ්‍යාලේඛණ වගේම ඉදිරි සති වලදී දකින්නට ලැබිය හැකි මීටත් වඩා නරක සංඛ්‍යාලේඛණ ඇමරිකාවේ ප්‍රතිපත්ති සම්පාදකයින්ට විමතියක් දනවන එකක් නැහැ. ඔවුන්ට මෙයින් සිදු විය හැකි හානිය ගැන පැහැදිලි අවබෝධයක් තිබෙනවා. එහෙමනම්, රෝගය පැතිරෙන්නත්, මිනිස්සු මැරෙන්නත් ඉඩ දෙන්නේ ඇයි කියා කාට හෝ අහන්න පුළුවන්. ඔය තරම් මහ ලොකු විශේෂඥයින් ඉන්න ඇමරිකාවට තත්ත්වය පාලනය කර ගන්න බැරි ඇයි?

    ඇමරිකාව රෝගය පාලනය කරන්නේ නිශ්චිත සැලසුමකට අනුවයි. සැලසුම සකස් කර තිබෙන්නේ වසංගතයේ හානියේ ස්වභාවය ගැන නිසි අධ්‍යයනයකින් පසුවයි. රෝගය යම් මට්ටමක් දක්වා පැතිරෙන්නට හැරීමත් රෝග ව්‍යාප්තිය පාලනය කිරීමේම කොටසක්. සංකීර්ණ තාක්ෂණික කරුණු ගණනාවක් ගැන විස්තර නොකර මේ ගැන පැහැදිලි කරන එක පහසු නැහැ. එහෙත්, මම යම් උත්සාහයක් දරන්නම්.

    කෝවිඩ්-19 වෛරසය එක් අයෙකුගෙන් 2.2 දෙනෙකුට පැතිරෙන බව ඔබ අසා ඇති. බැලූ බැල්මටම මෙය රෝගය පැතිරෙන ආකාරය ගැන ඉතා සරල පැහැදිලි කිරීමක් මෙන් පෙනෙනවා. එහෙත්, මේ අංකය තේරුම් ගැනීමටනම් වසංගතවේදයේ ආකෘති ගැන පුළුල් දැනුමක් අවශ්‍ය වෙනවා. එසේ නැතිව මේ අංකය ගැන විග්‍රහ කරන්න යාම දේශපාලනඥයින් විසින් කෝවිඩ් වලට ඖෂධ යෝජනා කරනවා වගේ විහිළුවක්. හැබැයි හොඳ වෙලාවට මා කියූ ආකෘති ගැන නොදන්නා අයෙකුට මෙහි තිබෙන විහිළුව තේරෙන්නේ නැහැ.

    මෙහි 2.2 ලෙස මාධ්‍ය වලින් ප්‍රචාරය වන්නේ මූලික ප්‍රජනන අංකය (Basic reproduction number) කියන අංකයයි. මෙය වසංගතවේදියෙකුට ඉතා වැදගත් අංකයක්. වසංගතවේදයේදී වගේම කිසියම් ජනගහණයක වර්ධනය ගැන කතා කරන විටත් මෙවැනි අංකයක් යොදා ගන්න පුළුවන්. මුස්ලිම්වරු ලංකාවේ බහුතරය වෙයිද කියා පිරිසකට කාලයක් ප්‍රශ්නයක් තිබුණනේ. එතකොට සිංහල ජාතිය වඳ වෙයිද කියලත් සමහර අය ගණන් හදා තිබෙනු මා දැක තිබෙනවා. මේ වගේ දෙයකටත් මේ අංකය යොදා ගන්න පුළුවන්. වසංගතවේදයේදී මේ අංකය පිටුපස සංකීර්ණ කතාවක් තිබුණත් එය යොදාගෙන පහසුවෙන් කතාව පැහැදිලි කරන්න පුළුවන්. මා එතැනින් පටන් ගත්තේ ඒ නිසයි.

    ඇත්තටම වැදගත්ම කරුණ වන්නේ මේ අංකය 1.0 ට වඩා අඩුද වැඩිද කියන එකයි. හේතුව ඉතා සරලයි. මේ අංකය 1.0ට වඩා අඩුනම් රෝගය කාලයත් සමඟ ස්වභාවිකවම මර්දනය වෙනවා. එහෙත්, අංකය 1.0ට වඩා වැඩිනම් එය ක්‍රමක්‍රමයෙන් ජනගහණය පුරා වර්ධනය වෙනවා. අංකය හරියටම 1.0 නම් රෝගය ජනගහණය තුළ ස්ථාවර මට්ටමක දිගටම පවතිනවා.

    දැන් මේ අංකය හරියටම 1.0 නම් එයින් කියන්නේ එක් ආසාදිතයෙකු විසින් තමන්ට රෝගය වැළඳී තිබෙන කාලය ඇතුළත තවත් එක් ආසාදිතයෙකුට රෝගය බෝකරන බවයි. මෙය දළ පැහැදිලි කිරීමක්. අංකය 2.0 නම් එක් අයෙකු විසින් දෙදෙනෙකුව ආසාදනය කරනවා. අංකය 0.5නම් එයින් අදහස් වන්නේ එක් අයෙකු විසින් වෙනත් අයෙකු ආසාදනය කිරීමේ සම්භාවිතාව 50%ක් බවයි. R0 (ආර් නෝට්) ලෙස වසංගතවේදීන් විසින් හඳුන්වන මේ අංකය හා අදාළ ආකෘති(ය) හා ගණිතමය පැහැදිලි කිරීම් වෙත මා යන්නේ නැහැ. හරියටම පැහැදිලි කරන්නනම් ආකෘතියෙන් පටන් ගත යුතුයි.

    මීට පෙර පැතිරුණු කොරෝනා පවුලේම මර්ස් වයිරසය ගැන ඔබ අසා ඇති. එය වැළඳුනු අයගෙන් 38%ක් පමණම මිය ගියා. එහෙත්, සමස්තයක් මර්ස් වයිරසය නිසා මේ වන තුරු ලෝකයෙන්ම මිය ගොස් තිබෙන්නේ 858 දෙනෙකු පමණයි. 2012 සැප්තැම්බර් සිට මුළු කාලයටම වයිරසය ආසාදනය වී තිබෙන්නේද 2,494 දෙනෙකුට පමණයි. මර්ස් වෛරසයේ R0 අගය 0.47 පමණ බව ඇස්තමේන්තු කර තිබෙනවා.

    රෝගයක් පැතිරෙන්නනම් මුලින්ම එය ජනගහණයේ කිසියම් පිරිසකට බාහිරින් සම්ප්‍රේෂණය විය යුතුයි. මර්ස් වෛරසය පැමිණි සේ සැලකෙන්නේ ඔටුවන්ගෙනුයි. අපි හිතමු මුලින්ම ඔටුවන්ගෙන් 100 දෙනෙකුට වෛරසය සම්ප්‍රේෂණය වුනා කියා. දැන් මේ 100 දෙනාගෙන් තවත් 47 දෙනෙකුටත්, ඒ 47 දෙනාගෙන් තවත් 22 දෙනෙකුටත් ලෙස වෛරසය පැතිරෙනවා. එහෙත්, මුල් අවස්ථාවෙන් පසුව දිගින් දිගටම ඔටුවන්ගෙන් වෛරසය සම්ප්‍රේෂණය නොවන්නේනම් රෝගය පැතිරීම නිශ්චිත කාලයකට පසුව ස්වභාවික ලෙසම නැවතෙනවා.

    කෝවිඩ්-19 වෛරසයේ R0 අගය 2.2 ලෙස ඇස්තමේන්තු කර තිබෙනවා. මේ ඇස්තමේන්තු ගැනත්, R0 අගය ගැන වැඩි විස්තරත් පසුව කතා කරමු. දැනට අපි පහසුවට මේ 2.2 නිශ්චිත අගයක් කියා හිතමු. දැන් ලංකාවට ඉතාලියේ සිට (වෙනත් බාහිර ජනගහණයක සිට) ආසාදිතයින් 10 දෙනෙකු එනවා. ඔවුන් විසින් ලාංකිකයින් 22 දෙනෙකුට රෝගය බෝ කරනවා. ඒ 22 විසින් තවත් 48 දෙනකුටත්, ඒ අය තවත් 106 දෙනෙකුටත් ආදී වශයෙන් රෝගය බෝ කරනවා. මේ ක්‍රියාවලිය කොයියම් ආකාරයකින් හෝ නැවතුණේ නැත්නම් අන්තිමේදී රටේ ඉතා විශාල පිරිසකට වෛරසය බෝවෙනවා.

    කලින් කිවුවා වගේ R0 අගය සම්බන්ධ වැදගත්ම කරුණ එය 1.0 ට අඩුද වැඩිද කියන එකයි. අගය 1.0 ට වැඩිනම් රෝගය එන්න එන්නම ව්‍යාප්ත වෙනවා. අගය විශාල වන තරමට රෝගය ව්‍යාප්ත වන වේගයත් වැඩියි. අගය කුඩා වූ තරමට රෝගය වඩා ඉක්මණින් නොපෙනී යනවා.

    මේ R0 අගය එන්නේ වසංගතවේදයේ කිසියම් ආකෘතියකින් බව මම කලින් කිවුවනේ. මෙවැනි ආකෘතිත් ගණනාවක්ම තිබෙනවා. ඒ නිසා, අදාළ නිශ්චිත ආකෘතියකින් බැහැරව මේ අගය ගැන කතා කිරීමේත් අවුලක් තිබෙනවා. ඒ තරම් දුරට නොගියොත්, මේ R0 අගයට රෝගය පවතින කාලය හෝ රෝගය නිසා මිය යාමට තිබෙන ඉඩකඩ වැනි දේ අදාළ වෙන්නේ නැහැ. ඒ නිසා, R0 අගය 2.0 බව කියන විට කිසියම් රෝගයක් තවත් දෙදෙනෙකුට බෝවෙන්නේ සතියකින් වෙන්නත්, වසර 30-40කින් වෙන්නත් පුළුවන්. උදාහරණයක් විදිහට එච්යිවී හා අදාළ R0 අගය 4.6 ක් පමණ නිසා එක් අයෙකුගෙන් තවත් හතර පස් දෙනෙකුටම වෛරසය ආසාදනය වන නමුත් එය සිදු වන්නේ වසර 20ක පමණ කාලයක් ඇතුළතයි. කෝවිඩ්-19 රෝගයේ R0 අගය 2.2ක් වීම ප්‍රශ්නයක් වන්නේ රෝගයේ ජීව චක්‍රය සති දෙක තුනක් පමණක් වීමද නිසයි.

    ආසාදිතයෙකු රෝගයක් පතුරන කාලයද සැලකිල්ලට ගෙන R0 අගය කොටස් කිහිපයකට විසංයෝජනය කරන්න පුළුවන්.

    R0 = (ආසාදිතයකු විසින් දිනකට හමු වන පුද්ගලයින් ගණන) X (එසේ හමුවන පුද්ගලයෙකුට වෛරසය සම්ප්‍රේෂණය වීමේ සම්භාවිතාව) X (ආසාදිතයෙකු විසින් රෝගය සම්ප්‍රේෂණය කරන දින ගණන)

    මෙහි අවසාන සාධකය වෛරසයේ ස්වභාවය ඇතුළු ජීව විද්‍යාත්මක කරුණු මත බොහෝ දුරට තීරණය වන දෙයක් නිසා එය රටින් රටට නොවෙනස්ව තිබිය හැකියි. එහෙත්, දෙවන සාධකය සමාජයීය හා ජීව විද්‍යාත්මක කරුණු කරුණු වල එකතුවක්. පළමුවැන්න තනිකරම සමාජයීය කරුණක්. මේ අනුව, එකම වෛරසය හා අදාළ R0 අගය රටින් රටට හා ප්‍රදේශයෙන් ප්‍රදේශයට වෙනස් විය හැකි බව පැහැදිලි විය යුතුයි.

    නිවු යෝර්ක් වැනි ජනාකීර්ණ නගරයක ජීවත් වන අයෙකු විසින් දිනකට හමුවන පුද්ගලයින් ගණන ග්‍රාමීය ප්‍රදේශයක එම ගණනට වඩා ගොඩක් වැඩියි. ඒ වගේම දෙවන කරුණ සංස්කෘතික සාධක ආදිය මත වෙනස් විය හැකියි. අතට අත දෙන හෝ වැළඳ ගන්නා හමුවක් හා ආයුබෝවන් කියා හෝ දණ ගසා වඳින හමුවක දෙවන සාධක සමාන වන්නේ නැහැ. ඒ නිසා, 2.2 කියන අගය කෝවිඩ්-19 හා අදාළව හැම රටකටම එක සේ බලපාන අගයක් නෙමෙයි. එය හරියටම දැනගන්නනම් කිසියම් ජනගහණයකට අදාළ දත්ත යොදාගෙන අධ්‍යයනයක් කළ යුතුයි.

    දැන් ලංකාව විසින් කරන පරිදි ඇඳිරි නීති දමා මිනිසුන් ගෙවල් වලට සීමා කළ විට ඉහත කී "ආසාදිතයකු විසින් දිනකට හමු වන පුද්ගලයින් ගණන" පහත දැමිය හැකියි. ආසාදිතයින් සේ සැක කරන අය නිරෝධායනය මගිනුත් එය කළ හැකියි. දුරස්ව සිටීම අනුගමනය කිරීමෙන් "එසේ හමුවන පුද්ගලයෙකුට වෛරසය සම්ප්‍රේෂණය වීමේ සම්භාවිතාව" අඩු කළ හැකියි. මේ ක්‍රියා මාර්ග මඟින් තාවකාලිකව R0 අගය 1.0 මට්ටමට වඩා පහළට ගත්තොත් රෝගය පැතිරීම ක්‍රමක්‍රමයෙන් අඩු වී යනවා. එසේ වෙද්දී නැවත ඉහත කී දැඩි නියාමනයන් ලිහිල් කළොත් නැවතත් රෝගය පැතිරෙන්න පටන් ගන්නවා. රටක මිනිසුන්ගේ සමාජ සම්බන්ධතා රටාව තාවකාලිකව වෙනස් කළ හැකි වුවත් ස්ථිර ලෙස වෙනස් කරන්න අමාරුයි. ඒ නිසා, මේ වැඩෙන් ප්‍රතිඵලයක් ගන්න අවසන් කෝවිඩ්-19 රෝගියාත් සුවවන තුරු R0 අගය පහළින් තියා ගන්න වෙනවා. එහෙම කළත් ප්‍රශ්නයක් තිබෙනවා. එය පසුවට තියමු.

    දැන් මේ ලංකාව කරන දේ ඇමරිකාව නොකළේ ඇයි? සාධාරණ වශයෙන්, ආසියානු රටවල් කරන දේ බටහිර රටවල් නොකරන්නේ ඇයි?

    බොහෝ දෙනෙකුගේ නිගමනය අනුව, ඇමරිකාවට රටේ සමාජ සැකැස්ම හා සමාජ සම්බන්ධතා වල ස්වභාවය අනුව R0 අගය 1.0 මට්ටමෙන් පහළට ගැනීමේ හැකියාවක් නැහැ. මා හිතන්නේ අනෙකුත් බටහිර රටවල් හා අදාළ තත්ත්වයත් එයයි. බැරිම නැහැ. නමුත්, එසේ කරන්න උත්සාහ කිරීමේ හානිය රෝගය පැතිරීමේ හානියට වඩා වැඩි විය හැකියි. දැනට ගන්නා ක්‍රියාමාර්ග නිසා R0 අගය පහළ බසිනු ඇති වුවත් ඒ නිසා රෝගය පැතිරීමේ වේගය අඩු වනු මිස රෝගය පැතිරීම සම්පූර්ණයෙන් අඩු වන එකක් නැහැ. එහෙමනම්, අවසානයේදී ඇමරිකාවේ හැමෝටම කෝවිඩ්-19 හැදෙයිද?

    එහෙම වෙන්නේ නැහැ. බෝවෙන රෝගයක් පැතිරීම ස්වභාවිකවම පාලනය වන යාන්ත්‍රණයක් තිබෙනවා. මේ වෛරසය වරක් ආසාදනය වූ කෙනෙකුට එම වෛරසය නැවත ආසාදනය වෙන්නේ නැහැ. ඒ බව හරියටම කියන්න කල් වැඩිනම්, අඩු වශයෙන් එම වෛරසය ඉතා කෙටි කාලයක් ඇතුළත නැවත ආසාදනය වෙන්නේ නැහැ.

    අපි හිතමු කෝවිඩ්-19 R0 අගය හැදෙන්නේ මේ විදිහටයි කියා. මෙය උදාහරණයක් පමණයි.

    ආසාදිතයකු විසින් දිනකට හමු වන පුද්ගලයින් ගණන = 100
    එසේ හමුවන පුද්ගලයෙකුට වෛරසය සම්ප්‍රේෂණය වීමේ සම්භාවිතාව = 0.001
    ආසාදිතයෙකු විසින් රෝගය සම්ප්‍රේෂණය කරන දින ගණන = 22

    R0 = 100 X 0.001 X 22 = 2.2

    මේ R0 අගය අර්ථදක්වන්නේ රෝගය පැතිරෙන අවස්ථාවේ එක් අයෙකු නිසා බිහිවන ද්වීතියික ආසාදිතයින් ගණන කියලයි. රෝගය පැතිරෙන අවස්ථාවේ කියා විශේෂයෙන් කියන්නේ ඒ වන විට කිසිවෙකුට ප්‍රතිශක්තිකරණය නැති නිසයි. ඒ නිසා අහම්බෙන් හමු වෙන 100 දෙනාගෙන් ඕනෑම කෙනෙකුට වෛරසය සම්ප්‍රේෂණය විය හැකියි. නමුත්, යම් පිරිසකට රෝගය වැළඳී සුව වූ පසු එම පුද්ගලයාට රෝගය වහාම නැවත වරක් හැදෙන්නේ නැහැ. ඒ වගේම රෝගය දැනට තිබෙන කෙනෙකුට නැවත හැදෙන්න දෙයකුත් නැහැනේ. රෝගය හැදෙන්නේ කලින් එය නොහැදුණු අයට පමණයි.

    අපි හිතමු ඇමරිකාවේ ජනගහණයෙන් 50%කට රෝගය හැදුණා කියලා. දැන් කෙනෙකුට දවසකට 100 දෙනෙකු හමු වුනත් ඒ අයගෙන් රෝගය හැදෙන්න ඉඩක් තිබෙන අය ඉන්නේ 50ක් පමණයි. ඒ නිසා, ඇත්තටම රෝගය බෝ වෙන්නේ 100 X 0.001 X 22 X 0.5 = 1.1 දෙනෙකුට පමණයි. මේ අගයට කියන්නේ ඵලදායී ප්‍රජනන අංකය හෙවත් R අගය (Effective reproduction rate) කියලයි. ආරම්භයේදී R අගය හා R0 අගය සමාන වුවත් රෝගය ක්‍රමයෙන් පැතිරෙද්දී R අගය ටිකෙන් ටික පහළ වැටී යම් අවස්ථාවක 1.0ට වඩා අඩු වෙනවා. එවිට රෝගය පැතිරීම මන්දගාමී වී එය නොපෙනී යනවා. ප්‍රතිශක්තිකරණය මගින් කරන්නේත් මේ අගය පහත හෙළන එකයි.

    මේ විදිහට R අගය පහත වැටී 1.0 මට්ටමට එන්නනම් ජනගහණයෙන් කොපමණ පිරිසකට වෛරසය ආසාදනය වෙන්න අවශ්‍යද? ඔබට පෙනෙනවා ඇති එම ප්‍රතිශතය 1 -1/R0 අගයට සමාන බව. එවිට රෝගය වැළඳිය හැකි ප්‍රතිශතය 1/R0 අගයට සමාන වන නිසා R අගය 1.0 බවට පත් වෙනවා. උදාහරණයක් විදිහට R0 අගය 2.2ක්නම්, 1 - 1/R0 = 55% පමණ වෙනවා. ඒ කියන්නේ ජනගහණයෙන් 55%කට වෛරසය ආසාදනය වූ විට රෝගය පැතිරෙන එක මන්දගාමී වෙන්න පටන් ගන්නවා. අපි හිතමු දුරස්කරණය, පාසැල් වැසීම ආදිය මගින් R0 අගය තාවකාලිකව 1.5 දක්වා අඩු කළා කියා. එවිට 1- 1/R0 = 33% දක්වා පහළ යනවා. ඒ කියන්නේ රෝගය පැතිරීම ස්වභාවිකව මන්දගාමී වන්නේ අඩු පිරිසකට රෝගය පැතිරුණාට පසුවයි.

    අපි නිකමට වගේ හිතමු ඇමරිකාව දැඩි නීති දමා මොන විදිහකින් හෝ මුලදීම වෛරසය මර්දනය කළා කියා. එසේ කිරීමේ ප්‍රශ්නය වන්නේ නැවත ඒ දැඩි නීති ලිහිල් කළ වහාම කොහෙන් හෝ නැවත වෛරසය රටට එන්න පුළුවන්කමක් තිබීමයි. එවිට නැවත මුලින් හිටපු තැනමයි. මෙහිම අනෙක් අන්තය වන්නේ බ්‍රිතාන්‍යය මුලින් කළා වගේ පෙර කී 55% මට්ටමට රෝගය ආසාදනය වන තුරු එය පැතිරෙන්න හැරීමයි. මෙහි 55% හැරුම් ලක්ෂ්‍යයයි. මන්දගාමීව වුවත් එයින් පසුවත් යම් දුරක් රෝගය පැතිරෙනවා. මෙහි ප්‍රශ්නය වන්නේ රෝගය පැතිරීමේ වේගය නිසා අවශ්‍ය රෝහල් පහසුකම් මඳ කමින් විශාල පිරිසක් මිය යාමයි. ඒ නිසා, ඇමරිකාව විසින් අනුගමනය කරන්නේ අතරමැදි පිළියමක්. මෙහිදී රෝගය පැතිරීම මුළුමනින්ම වැළකෙන්නේ නැති වුවත් රෝගයේ හානිය අවම වෙනවා.

    අපි හිතමු විවිධ ක්‍රියාමාර්ග නිසා R0 අගය 2.2 සිට 1.5 දක්වා අඩු වුනා කියා. දැන් රෝගය කලින් තරම්ම පිරිසකට හැදී නැහැ. මෙහි අවාසිය නැවත දෙවන වටයකින් රෝගය මතු වීමයි. එහෙත් මුල් වටයේදී සැලකිය යුතු පිරිසකට රෝගය හැදී තිබෙන නිසා දෙවන වටය එතරම් භයානක නැහැ. රටේ සෞඛ්‍ය පද්ධතියට එය දරාගත හැකියි. දැන් ගන්නා ක්‍රියාමාර්ග වල අරමුණ වන්නේ දෙවන වටයකින් රෝගය පැතිරීමේ ඉඩ ඉතිරි කරමින් වුවත් පළමු වටයේ හානිය හැකි පමණ අඩු කර ගැනීමයි. දෙවන වටයට පෙර එන්නතක් වැඩි දියුණු කර ගත්තොත් දෙවන වටය වලක්වා ගන්නත් පුළුවන් වෙයි.

    තවත් බොහෝ කරුණු විස්තර කරන්න පුළුවන්. ඔය ඇතිනේ!


    :sorry:

    now i get it. thanks
     

    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,483
    113
    36
    Six Feet Under
    ට්‍රම්ප් කිව්වේ මේක චයිනිස් වයිරස් එක, මොකද ඒක ආවේ ච..යී ..නා වලින් කියල.
    දැන් ඇමෙරිකන් වයිරස් එකක් වෙලා තියෙන්නේ.
    ගොන් පොන්නය පඩයක් ගියත් tweet කරනව, 24th වගේ ඉදන් සද්ද නැ කොවිඩ් 19 ගැන.
     
    Status
    Not open for further replies.