Coronavirus (Covid19) Megathread #2

Status
Not open for further replies.

P o o L

Member
Jun 28, 2018
6,310
500
0
23
in different countries around the world! ...
අකුරණ පුකුරණ කිව්වට මම දන්නෑ මචංල පොඩ්ඩක් කියහල්ලා ඔය සීල් තිව්ව ගම් ටික තියෙන්නෙ කොයි හරියෙද කියල

මේ දවස්වල තම්බින්ගෙන් ඈත් ම වෙයල්ලා ඕකුන් මැරුණත් මැරෙන්නෙ අනිත් උන් මරාගෙන

ජාති වාදය පතුරන්න එපා යකෝ . :frown::frown::frown:
 
Suitcase

Well-known member
  • Dec 23, 2018
    1,728
    402
    83
    fgkkf.jpg
     
    Suitcase

    Well-known member
  • Dec 23, 2018
    1,728
    402
    83
    කොරෝනා වෛරසය අසාදනය වීමෙන් ලංකාව තුළ පළමු මරණය වාර්තා වී ඇති මෙම කණගාටුදායි අවස්ථාවේ අවසන් කටයුතු සිදු කරන ආකාරය පිළිබඳ විශේෂත්වයක් පවතින නිසා ඒ ගැන කරුණු දැක්වීමට මෙම සටහන ලියා තබමු. රෝහලක සිටියදී රෝගියෙකු මියගියහොත් අනුගමනය කළ යුතු සම්මත ක්‍රියා පටිපාටිය පිළිබඳ රට පුරා අධිකරණ වෛද්‍ය නිලධාරීන්ට උපදෙස් දී ඇත. එසේම ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශ මත
    මරණය සිදුවන ආකාර 4 ක් අනුව වෙන් වෙන්ව උපදෙස් සපයා ඇත.

    එම ක්‍රියාපටිපාටියට අනුව මියයන රෝගීන් සියලු දෙනා ඔවුන්ගේ ආගමිකත්වය මත චාරිත්‍ර නොසලකා හරින අතර විෂබීජ සංසරණය නවතාලීමට ඇවැසි කියාමාර්ග මත අවසන් කටයුතු සිදුවේ. සියලු දෙනාගේ දේහයන් පැය 24 ක් තුළ අවසන් කටයුතු කරනු ලැබේ. හැකිනම් පැය 12 ක් තුළ සිදු කරන ලෙසද දන්වා ඇත)
    අධිකරණ වෛද්‍ය නිලධාරීන් වෙත දන්වා ඇත්තේ දැඩි

    සත්කාර ඒකකයක හෝ ඒ සඳහා වෙන් කර ඇති විශේෂ ඒකකයක මරණය සිදුවන බැවින් පශ්චාත් මරණ පරීක්ෂණයක් අනවශ්‍ය බවයි.

    එම ක්‍රියා පටිපාටියට අනුව පවුලේ සාමාජිකයින්ට දේහය බැලීමට සීමිත කාලයක් ලබා දෙන අතර එය සිදුවිය යුත්තේ රෝහල් පරිශ්‍රය තුළ පමණක් වන අතර ඥාතීන්ට ආරක්‍ෂිත ඇඳුම් ලබාදිය යුතු වේ. ඥාතීන්ට පෙන්වනු ලබන්නේ මියගිය අයගේ මුහුණ පමණි. ශරීරය ස්පර්ශ කිරීමට ඉඩ නොදෙන බවද පවසයි.ඉන්පසු දේහය අවමංගල්‍ය අධ්‍යක්ෂවරුන්ට භාර දිය යුතුය.

    මෙම ක්‍රියාවලිය අවමංගල්‍ය සේවා සපයන පුද්ගලයන්ට වයිරසය පැතිරිය හැකි බැවින් එම්බාම් කිරීම සපුරා තහනම්ය.
    කොරෝනා මරණ සිදුවුවහොත් ඇතුළු කිරීම සඳහා විශේෂිත මලු පසුගිය දිනවල ලංකාවට එවා තිබූ බව සෞඛ්‍ය අංශ වාර්තා කර තිබුණි.

    අවමංගල්‍ය සේවාවල කාර්යභාරය වන්නේ සිරුර වහාම මල්ලට දමා මිනී පෙට්ටියක තබා මිනීපෙට්ටිය මුද්‍රා තැබීමයි. මුද්‍රා කළ මිනිය නැවත බැලීමට අවස්ථාවක් නොලැබේ. පසුව පූර්වයෙන් නිශ්චය කළ ස්ථානයකදී
    දේහය පුළුස්සා දමන අතර අළු කොටස් ආරක්ෂිතව වළ දමනු ලබයි.
    අදාළ නිර්දේශ වැඩි විස්තර සහිත සටහන පහතින්
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa

    ජාති වාදය පතුරන්න එපා යකෝ . :frown::frown::frown:

    එහෙම කියල යුද්ධෙකදි කොටියෙක් මැරුවත් ඒකට දෙමල කියන ජාතිය දාගෙන ජාතිවාදෙන්ම ගොඩයන්න බලනව. ත්‍රස්තවාදියාට ජාතියක් නෑ. සිංහල කොටිත් ඉඳල තියනව
     
    Suitcase

    Well-known member
  • Dec 23, 2018
    1,728
    402
    83
    කොරෝනා වෛරසය ආසාදනය වී ඊයේ (28) සවස මෙරටදී මියගිය පළමු පුද්ගලයා බවට පත්වූයේ මාරවිල වාසය කළ පුද්ගලයෙකි. ඔහු ගැන වැඩිවිස්තර කිහිපයක් මේ වනවිට අනාවරණය වී තිබේ.
    ලංකාවේ කොරෝනා ආසාදිතයින් වාර්තාවන්නට පටන්ගත් මුල් අවස්ථාවේදීම
    අංගොඩ IDH රෝහලේ ප‍්‍රතිකාර සඳහා ඇතුළත් කළ සංචාරක මගපෙන්වන්නන් කිහිප දෙනා අතර සිටි මියගිය පුද්ගලයා 60 හැවිරිදි සංචාරක මගපෙන්වන්නෙක් විය. ඔහු පුත්තලම මාරවිල ප්‍රදේශයේ පදිංචිව සිටි අයෙකි.

    පුත්තලම ප්‍රදේශයේ ඉතාලියේ සිට පැමිණි අය වාසය කරන

    කලාපයක් වූ නිසා මොහුට කොරෝනා බෝවීමට ඉතාලි සම්බන්ධයක් තිබෙන්නට ඇතැයි ඇතැමුන් අදහස් දක්වා තිබුණ නමුත් ඔහුගේ හැසිරීම් ඉතිහාසය විමසා බැලීමේදී ඔහුට කොරෝනා රෝගය වැළඳී ඇත්තේ ජර්මනියේ සිට මෙරටට පැමිණි පුද්ගලයින්ට සංචාරක මග පෙන්වීමට මොහු ගොස් තිබීම නිසා බවට තොරතුරු හෙළිව ඇත.

    මිය ගිය පුද්ගලයා වකුගඩු බද්ධ කිරීමකට ලක්ව සිටි අතර ඔහු අධිරුධිර පීඩනය හා දියවැඩියා රෝගයෙන්ද පෙළුණු පුද්ගලයෙකු බැවින් කොරෝනා වැළඳුණ අන්අයට වඩා අසාධ්‍ය තත්වයක් පෙන්නුම් කළ බව පැවසේ.
    දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ(28) පස්වරුවේ ඔහු මියගොස් තිබේ.
    මියගිය පුද්ගලයාගේ දේහය පිළිබද අවසන් කටයුතු මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන්ගේ මැදිහත්වීමෙන් අද (29) දිනයේ සිදු කෙරෙන බව වාර්තා කර තිබේ.
    මියගිය පුද්ගලයාගේ අවසන් කටයුතු ජාත්‍යන්තර නිරෝධායන රෙගුලාසි යටතේ සිදුකරන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ප්‍රකාශ කර තිබුණි.

    ''එම රෝගියා වයස අවුරු 60 ක පුද්ගලයෙක්. වකුගඩු ට්‍රාන්ස්ප්ලාන්ට් එකක් පහුගිය කාලෙ කරපු කෙනෙක්. ඔහු දියවැඩියාවෙන් සහ අධික රුධිර පීඩනයෙන් පෙලුනු කෙනෙක්. මේ රෝගයේදී විශේෂයෙන්ම වයස බලපානවා ඒ වගේම වෙනත් රෝගී තත්වයන් බලපානවා. මේ රෝගී තත්වයන් සහ ඔහුගේ වයසත් එකක් ඔහු අසාධ්‍ය වුන කෙනෙක්.

    මෙවැනි අවස්ථාවකදී ඔහුගේ අවසන් කටයුතු කිරීම පිළිබඳ නිර්දේශ සකස් කර ගත්තත් අපි ඒ පිළිබඳ සාකච්ඡා කළේ නෑ. මෙහිදී ඇත්ත වශයෙන්ම සිදුවන්නේ ඔහුගේ මෘත දේහය Body Bag කියන විශේෂිත බෑගයකට ඇතුලත් කරනවා. ඒ වගේම ඥාතීන් දෙදෙනෙකුට මුහුණ පමණක් පෙන්නනවා එක්තරා අවස්ථාවක.

    ඉන් අනතුරුව එම මෘත දේහය නිවසට අරගෙන යන්නෙ නැහැ. එම රෝහලේ ඉඳලා කෙලින්ම සුසාන භූමියකට ගෙනියනවා. එහිදී එම මෘත දේහය පිච්චීම තමයි අපි නිර්දේශ කරන්නෙ. ඒ වගේම අඩි 08 ක් වැනි යටකට භූමදානය කිරීමටත් අපිට අවසර ලබා දෙන්න පුළුවන්.

    මේ සියල්ල සිදුවෙන්නෙ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරීන්ගේ අධීක්ෂණය යටතේ. ඒ වගේම එම සුසාන භූමියේ කටයුතු සෞඛ්‍ය වෛද්‍ය නිළධාරීන්ගේ සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ අධීක්ෂණයට ලක්වෙනවා''

    Confused about this :confused:
     
    Suitcase

    Well-known member
  • Dec 23, 2018
    1,728
    402
    83
    කොරෝනා වෛරසය ආසාදනය වීමෙන්
    ලන්ඩනයේදී

    තවත් ශ්‍රී ලාංකිකයෙකු මියගොස් තිබෙයි.
    70 හැවිරිදි හෙන්ද්‍රි ජයවර්ධන ( Mr. Hendre Jayawardena ) මහතා මෙසේ පසුගිය 27 වන දින කොරෝනා අසාදනය වීම නිසා අභාවප්‍රාප්ත වී ඇත.

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    කොරෝනා වෛරසය ආසාදනය වී ඊයේ (28) සවස මෙරටදී මියගිය පළමු පුද්ගලයා බවට පත්වූයේ මාරවිල වාසය කළ පුද්ගලයෙකි. ඔහු ගැන වැඩිවිස්තර කිහිපයක් මේ වනවිට අනාවරණය වී තිබේ.
    ලංකාවේ කොරෝනා ආසාදිතයින් වාර්තාවන්නට පටන්ගත් මුල් අවස්ථාවේදීම
    අංගොඩ IDH රෝහලේ ප‍්‍රතිකාර සඳහා ඇතුළත් කළ සංචාරක මගපෙන්වන්නන් කිහිප දෙනා අතර සිටි මියගිය පුද්ගලයා 60 හැවිරිදි සංචාරක මගපෙන්වන්නෙක් විය. ඔහු පුත්තලම මාරවිල ප්‍රදේශයේ පදිංචිව සිටි අයෙකි.

    පුත්තලම ප්‍රදේශයේ ඉතාලියේ සිට පැමිණි අය වාසය කරන

    කලාපයක් වූ නිසා මොහුට කොරෝනා බෝවීමට ඉතාලි සම්බන්ධයක් තිබෙන්නට ඇතැයි ඇතැමුන් අදහස් දක්වා තිබුණ නමුත් ඔහුගේ හැසිරීම් ඉතිහාසය විමසා බැලීමේදී ඔහුට කොරෝනා රෝගය වැළඳී ඇත්තේ ජර්මනියේ සිට මෙරටට පැමිණි පුද්ගලයින්ට සංචාරක මග පෙන්වීමට මොහු ගොස් තිබීම නිසා බවට තොරතුරු හෙළිව ඇත.

    මිය ගිය පුද්ගලයා වකුගඩු බද්ධ කිරීමකට ලක්ව සිටි අතර ඔහු අධිරුධිර පීඩනය හා දියවැඩියා රෝගයෙන්ද පෙළුණු පුද්ගලයෙකු බැවින් කොරෝනා වැළඳුණ අන්අයට වඩා අසාධ්‍ය තත්වයක් පෙන්නුම් කළ බව පැවසේ.
    දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ(28) පස්වරුවේ ඔහු මියගොස් තිබේ.
    මියගිය පුද්ගලයාගේ දේහය පිළිබද අවසන් කටයුතු මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන්ගේ මැදිහත්වීමෙන් අද (29) දිනයේ සිදු කෙරෙන බව වාර්තා කර තිබේ.
    මියගිය පුද්ගලයාගේ අවසන් කටයුතු ජාත්‍යන්තර නිරෝධායන රෙගුලාසි යටතේ සිදුකරන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ප්‍රකාශ කර තිබුණි.

    ''එම රෝගියා වයස අවුරු 60 ක පුද්ගලයෙක්. වකුගඩු ට්‍රාන්ස්ප්ලාන්ට් එකක් පහුගිය කාලෙ කරපු කෙනෙක්. ඔහු දියවැඩියාවෙන් සහ අධික රුධිර පීඩනයෙන් පෙලුනු කෙනෙක්. මේ රෝගයේදී විශේෂයෙන්ම වයස බලපානවා ඒ වගේම වෙනත් රෝගී තත්වයන් බලපානවා. මේ රෝගී තත්වයන් සහ ඔහුගේ වයසත් එකක් ඔහු අසාධ්‍ය වුන කෙනෙක්.

    මෙවැනි අවස්ථාවකදී ඔහුගේ අවසන් කටයුතු කිරීම පිළිබඳ නිර්දේශ සකස් කර ගත්තත් අපි ඒ පිළිබඳ සාකච්ඡා කළේ නෑ. මෙහිදී ඇත්ත වශයෙන්ම සිදුවන්නේ ඔහුගේ මෘත දේහය Body Bag කියන විශේෂිත බෑගයකට ඇතුලත් කරනවා. ඒ වගේම ඥාතීන් දෙදෙනෙකුට මුහුණ පමණක් පෙන්නනවා එක්තරා අවස්ථාවක.

    ඉන් අනතුරුව එම මෘත දේහය නිවසට අරගෙන යන්නෙ නැහැ. එම රෝහලේ ඉඳලා කෙලින්ම සුසාන භූමියකට ගෙනියනවා. එහිදී එම මෘත දේහය පිච්චීම තමයි අපි නිර්දේශ කරන්නෙ. ඒ වගේම අඩි 08 ක් වැනි යටකට භූමදානය කිරීමටත් අපිට අවසර ලබා දෙන්න පුළුවන්.

    මේ සියල්ල සිදුවෙන්නෙ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරීන්ගේ අධීක්ෂණය යටතේ. ඒ වගේම එම සුසාන භූමියේ කටයුතු සෞඛ්‍ය වෛද්‍ය නිළධාරීන්ගේ සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ අධීක්ෂණයට ලක්වෙනවා''

    Confused about this :confused:

    News වල පෙන්නුවා පුච්චනවා...මාත් කියන්නේ වල දානවට වඩා පුච්චන එක හොද
     
    Suitcase

    Well-known member
  • Dec 23, 2018
    1,728
    402
    83
    News වල පෙන්නුවා පුච්චනවා...මාත් කියන්නේ වල දානවට වඩා පුච්චන එක හොද

    ow eka thama best option eka
    burial seen eka gana hari awabodayak naha
    eke mehe karnamwada kiyyla
     
    Suitcase

    Well-known member
  • Dec 23, 2018
    1,728
    402
    83
    old news

    March 29
    8.00am
    තවත් ආසාදිතයින් 2 දෙනෙකු හමුවූ බව වාර්තා වන අතර ශ්‍රී ලංකාවේ කොවිඩ් 19 ආසාදිත පුද්ගලන්ගේ ගණන 115ක් දක්වා ඉහළ ගොස් තිබේ.
     
    Suitcase

    Well-known member
  • Dec 23, 2018
    1,728
    402
    83
    Correction

    මහනුවර අකුරණ ප්‍රදේශයේ ගම්මානයක් සහ පුත්තලම කඩයම්කුලම ප්‍රදේශයේ ගම්මාන දෙකක ජනතාව සම්පූර්ණයෙන් නිරෝධායනය සඳහා පියවර ගෙන තිබෙයි.

    කොවිඩ් නයින්ටින් වෛරසය ආසාදිත බවට සැකකෙරෙන පුද්ගලයන් දෙදෙනෙකු එම ප්‍රදේශවලින් හමුවීමෙන් පසු මෙම තීරණය ගත් බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේය.

    විදෙස්ගතව සිට පැමිණ නිරෝධායන කටයුතු සඳහා ලියාපදිංචි නොවූ පුද්ගලයන් එම ප්‍රදේශවල රැදී සිටි බවට අනාවරණය වී තිබෙන අතර ඒ අනුව අදාළ ප්‍රදේශවලට ඇතුළු වීම සහ පිටවීම සම්පූර්ණයෙන්ම තහනම් වන අතර එම ප්‍රදේශවල වැසියන් වෙන්කොට තැබීම සිදුවෙයි.

    බණ්ඩාරගම අටලුගම ප්‍රදේශය ද සම්පූර්ණයෙන් වසා දැමීමට මීට පෙර ආරක්ෂක අංශ පියවර ගනු ලැබීය.
     
    Suitcase

    Well-known member
  • Dec 23, 2018
    1,728
    402
    83
    ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට පුත්තලම මාරවිල ප්‍රදේශයේ ගම්මාන 06කට ඇතුළුවීමට සහ පිටවීමට නැවත දන්වන තුරු තහනම් කර තිබේ.

    ඉහළ නාත්තන්ඩිය, පහල නාත්තන්ඩිය, මැද නාත්තන්ඩිය, මරද උතුර, මරද දකුණ, හාල්පන්විල යන ගම්මානවල මෙම නීතිය බල පවත්වන බව මාරවිල පොලීසිය සඳහන් කරයි.
    එම ප්‍රදේශයෙන් කොරෝනා ආසාදිතයෙකු හමුවීම හේතුවෙන් වෛරසය පැතිරයාම වැළැක්වීම සඳහා මෙම තීරණය ගෙන තිබේ.
    ඒ අනුව එම ප්‍රදේශයේ ජනතාව දින 14ක් නිවෙස් තුළම රඳවා විරෝධයට ලක් වීමට නියමිතය.
    ලංකාවේ ප්‍රථම කොරෝනා මරණය වාර්තාවූයේද මාරවිල පුද්ගලයෙකු මියයාමෙනි.
     
    Suitcase

    Well-known member
  • Dec 23, 2018
    1,728
    402
    83
    කොරෝනා වෛරස ආසාදනය පැතිරීමේ ගැටලු අවම කිරීමට ලබන 31 දක්වා කටුනායක ගුවන් තොටුපළේ වාණිජ ගුවන් ගමන් නවතා තිබූ අතර එම කාලසීමාව
    තවත් සතියනි දීර්ඝ කර තිබේ.

    ඒ අනුව ලබන අප්‍රේල් 07 දක්වා සිය ගුවන් වාර නවතා ඇති බව දන්වා ඇත.
    ඔවුන් නිකුත් කර ඇති නිවේදනය පහත පරිදිය.

    ශ්‍රී ලංකා සෞඛ්‍ය බලධාරීන්ගෙන් ලැබුණු උපදෙස් අනුව 2020 අප්‍රේල් 7 වන දින පැය 2359 දක්වා අභ්‍යන්තර දේශීය වාණිජ මගී ගුවන් ගමන් (එනම් පැමිණීම) ක්‍රියාත්මක කිරීම සඳහා ශ්‍රී ලංකාවේ සියලුම ජාත්‍යන්තර ගුවන්තොටුපල අඛණ්ඩව වසා තබන බව සියලුම මාර්ගගත හා නොබැඳි ගුවන් යානා වලට දැනුම් දෙනු ලැබේ.
    මෙම වසා දැමීම ශ්‍රී ලංකා බලධාරීන් විසින් සමාලෝචනය කරනු ඇත.
    වසා දැමීමේ කාලය තුළ පහත සඳහන් දේ සඳහා අවසර දෙනු ලැබේ:
    කොළඹ සිට පැමිණි මගීන් සමඟ ගුවන් යානා පිටත්වීම, ඕවර් නැවතුම්, මගීන් සංක්‍රමණය කිරීම හෝ සංචාරකයින් නැරඹීම.
    BIA වෙත හදිසි හැරවීම්
    නැව් මෙහෙයුම් සහ මානුෂීය ගුවන් ගමන් BIA වෙත
    BIA හි තාක්ෂණික ගොඩබෑම
    BIA හි අභ්‍යන්තර තොටුපළවල් (මගීන් නොමැතිව)

    ඉහත උපදෙස් පිළිපැදීමට ගුවන් සමාගම්වලට දැඩි ලෙස උපදෙස් දෙනු ලැබේ.
     
    Status
    Not open for further replies.