දිල්ලියේ ආගමික උත්සවයකට සහභාගි වූ 2000ක් නිරෝධායනය කෙරේ
මැලේසියාව, ඉන්දුනීසියාව, සෞදි අරාබිය සහ කිරිගිස්ථානය ආදී රටවල නියෝජිතයන් සමඟ නවදිල්ලියේ නිසමුද්දීන් ප්‍රදේශයේ පැවති මුස්ලිම් ආගමික සමුළුවකට සහභාගි වූ 2000කට අධික පිරිසක් නිරෝධායනය කිරීමට ඉන්දීය බලධාරීන් පියවර ගෙන තිබෙනවා.
ඉන් කොවිඞ් නයින්ටීන් වෛරසය ආසාදනය වූ බවට සැක කෙරෙන 175 දෙනෙකු රෝහල්ගත කර අධීක්ෂණය කරන බවයි ඉන්දීය මාධ්‍ය සඳහන් කළේ.
මේ මස මැද භාගයේ පැවති මෙම ආගමික සමුළුවට සහභාගි වූ එක් පුද්ගලයෙකු කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් මිය ගිය අතර තවත් දෙදෙනෙකුට වෛරසය ආසාදනය වී තිබෙනවා.
මෙය ඉන්දියාවේ කොවිඞ් නයින්ටීන් වෛරසයට ආසාදනය වූ බවට සැක කෙරෙන විශාලතම කණ්ඩායමයි.
මේ වන විට ඉන්දියාවේ කොවිඞ් නයින්ටීන් ආසාදිත සංඛ්‍යාව 1071 දක්වා ඉහළ ගොස් ඇති අතර එරටින් මරණ 29ක් ද වාර්තා වුණා.
දින 21ක නිරෝදායන කාලයක් ප්‍රකාශයට පත් කළ ද ඇතැම් පිරිස් තවමත් මහා මාර්ග ඔස්සේ පා ගමනින් ගම්බිම් බලා ඇදෙන බව සඳහන්.
මේ අතර, කොරෝනා වෛරසය ගැන ඉන්දියානුවන් දැනුවත් කිරීම සඳහා ඉන්දීය පොලිස් පරීක්ෂකවරයෙකු නව අත්හදා බැලීමක් සිදුකර තිබෙනවා.
කොරෝනා වෛරසයේ හැඩයෙන් යුත් හිස් වැස්මක් පැළඳ චෙන්නායි නුවර වීථි ඔස්සේ සැරි සැරූ ඔහු පිළිබදව මේ වන විට සමාජ මාධ්‍ය තුළ ඇති වී තිබෙන්නේ විශාල ආන්දෝලනයක්.

ඔක්කොම වහල්ලු ඉග්නෝ ලිස්ට් දැම්මා
Minissu marenne kanna nathuwa.adu gaane salli ganna wath ATM ekakata yanna baha ne..