Coronavirus (Covid19) Megathread #2

Status
Not open for further replies.

MihiCherub

Well-known member
  • Sep 14, 2009
    18,862
    1
    9,630
    113
    Gampaha
    Sinhalu me badu deliver karana ungenuth hena risk ekak thiyenawane. Man nan kiyanne tika dawasak yanakan ungen badu gannath epa kiyala.
    Moko un wahakayo nan badu ganna un hamoma nannaththarai :angry:
    අනිවා මචන්. ගම්වල ගෑනුන්ට තේරෙන්නෙ නෑ. උන්ගෙ කරේ ඉන්නෙ. මම නම් ලගටවත් යන්නෙ නෑ. අද මාලු ගත්තෙ උඩ තට්ටුවේ ඉදන් දාන කෑල්ල හොදද බැලුව. ගේට් එක ඇරියෙත් නෑ භාජනේට සල්ලි දාල තාප්පෙ උඩින් තිබ්බ. ඌ මාලු ටික දාල තාප්පෙන් තිබ්බ.
     
    rahal jayasekara

    Well-known member
  • Oct 5, 2017
    1,511
    1,286
    113
    sky
    මම මරා ගත්තෙ නෑ මචං.
    මම කවදාවත් කිසීම පක්ෂෙකට කඩේ ගිහින් නෑ. මට මළ ම පැනල ඉන්නෙ අම්මගෙ ඉන්ජෙක්ෂන් එක ගන්න බැරි උන එකට.
    මේ අස්සෙ ජෙපි කුහකයෙකුයි එරෝසාන්ගෙ ෆේක් එකකුයි මැරෙන්න හදනවා යූ ඇන් පීයට කඩේ ගිහිපු එකෙකුගෙ ෆොන්ට් style එකට මගේ එකත් සමාන නිසා. කැරිම බල්ලො ටිකක් කොරෝනා අස්සෙ රෙදි නැතුව කඩේ යනවා:angry: ඔක්කොම වහල්ලු ඉග්නෝ ලිස්ට් දැම්මා

    මල කරදරේ බන්. මෙතන ඇවිත් අපි කලා අපි කලා කියල හැමිනෙනව. අඩුම ගානෙ ගෝටව සියසින් වත් දැකල නැතිව ඇති.

    :yes::yes::yes::yes:
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,811
    3,844
    113
    Delaware
    මේකෙ උංට කිව්වම වළලන්න හැදුවනෙ
    ඔව් බන් අනේ මන්දා බන් උන්ට පිස්සුද අපිට පිස්සුද කියලා
    පොඩි ළමයෙකුට උනත් තේරෙනවා නේ මාස්ක් එකක් දාගෙන ඉන්න එක නොදා ඉන්නවට වැඩිය පොඩි හරි දෙයක් තියනවා කියලා,
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,862
    1
    9,630
    113
    Gampaha
    මොකේ හිටියත් දැන් මාස්ක් දැම්මහැකි GMOA එක අද කිව්වෙ ඒක මොන පැත්තකින් බැලුවත් සෞඛ්‍යයට හොඳයි කියල. ;)

    https://youtu.be/BXxN1igxBGY?t=623
    මාස්ක් දාපන් ඒකෙ වැරැද්දක් නෑ. ඒත් රෙදි මාස්ක් එක හොද නෑ කියල කියන්නෙ..
     
    rahal jayasekara

    Well-known member
  • Oct 5, 2017
    1,511
    1,286
    113
    sky
    පාන් වෑන් එකක් ආවා.
    ඒකෙ ඉන්න පරයාගෙ කකුල් දෙක ලග බනිස්ටික උගේ සෙරෙප්පු දෙක මට්ටමේ බනිස්:baffled::angry:
    කියල වැඩක් නෑ බල්ලො ඕකුන්ට හරියට කරන්න බැරි නම් නිකං හිබපන්කො
    මුන් තමයි නැති කොරෝනා අරන් එන්නෙ:angry:
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    පාන් වෑන් එකක් ආවා.
    ඒකෙ ඉන්න පරයාගෙ කකුල් දෙක ලග බනිස්ටික උගේ සෙරෙප්පු දෙක මට්ටමේ බනිස්:baffled::angry:
    කියල වැඩක් නෑ බල්ලො ඕකුන්ට හරියට කරන්න බැරි නම් නිකං හිබපන්කො
    මුන් තමයි නැති කොරෝනා අරන් එන්නෙ:angry:

    අපේ පැත්තෙ එනවා පාන් බස් එකක්. බස් එකේ සීට් උඩ පාන් පෙට්ටි :rofl:
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,862
    1
    9,630
    113
    Gampaha
    corona hadila mareyda?
    kanna nathuwa mareyda?
    මේක නම් වෙනව බන්. දැන් සීනි, හාට් වගේ ලෙඩෙක් බේත් නැතුව මලොත් ඒක කොරෝනා කවුන්ට් එකට යන්නෙ නෑ ඒ වගේම කොරෝනා නිසා කියලවත් එලියට එන්නෙ නෑ. ඒක වෙනම ලෙඩක් නිසා මරණයක්. ඇත්ත තත්වය සංඛ්‍යා ලේඛණ වලට එන්නෙ නෑ. මේක ඉක්මනට ඉවර කරගත්තෙ නැත්නම් ලොකු විවසනයක් වෙන්නෙ.
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,447
    23,688
    113
    ලිම්පෝපෝ කන්දෙ
    බය කරන්න එපා, මට අධික රුධිර පීඩනය වගේ...:baffled: :baffled: :baffled:

    උබට අධික රුධිර පීඩනය වගේ නම් මේක බලලා හෙට ඉදන් සුම්බා කරපන්. :love::rolleyes:

    පාලනයෙන් තොර දේවල් ගැන දුක් වෙලා වැඩක් නැහැ මචන්. එන දෙයකට මුහුන දෙන්න තමයි වෙන්නෙ. :cool:

    Suitcase

    Well-known member
  • Dec 23, 2018
    1,728
    402
    83
    කලුබෝවිල ශික්ෂණ රෝහලේ අංක 5 වාට්ටුවේ ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයකුට කොවිඩ් 19 හෙවත් නව
    කොරෝනා වයිරසය ආසාදිත වී ඇති බව වෛද්‍ය වාර්තාවලින් තහවුරු වීමත් සමග එම වාට්ටුව වසා දැමීමට කටයුතු කළ බව රෝහල් අධ්‍යක්ෂක අසේල ගුණවර්ධන මහතා පැවසීය.

    එම ආසාදිත රෝගියා මොරටුව ප්‍රදේශයේ පදිංචි අවුරුදු 60 පමණ පුද්ගලයෙකි.

    එම වාට්ටුවේ සේවය කල වෛද්‍ය වරු ඇතුලු කාර්‍යය මණ්ඩලය මහරගම ගුරු අභ්‍යාස විද්‍යාලයේ නේවාසිකාගාරයේ දින 14 නිරෝධායනයට ලක් කර එහි සිටි රෝගීන් හෝමගම මූලික රෝහලට යොමු කිරීමට මේ වන විට කටයුතු කරමින් සිටින බව අධ්‍යක්ෂක වරයා වැඩි දුරටත් පැවසීය.
    ( බිමල් ශ්‍යාමන් ජයසිංහ )
     
    Suitcase

    Well-known member
  • Dec 23, 2018
    1,728
    402
    83
    කොරෝනා රෝගය හේතුවෙන් මියගිය දෙවන පුද්ගලයා සම්බන්ධ වැඩිදුර තොරතුරු මේවනවිට ලැබී ඇත.
    මියගිය පුද්ගලයාට රෝගය බෝවන්නට ඇත්තේ ජර්මනියේ සිට ලංකාවට පැමිණ නැවත ජර්මනියට ගිය එම තැනත්තාගේ පුත්‍රයකු නිසා බවට දැන් සැකයක් පැනනැගී ඇත. මියගිය පුද්ගලයා 64 හැවිරිදි මීගමුවේ පෝරුතොට පදිංචි අයෙකි. පුත්‍රයා ලංකාවෙන් පිටත්ව ගිය පසු
    මෙම තැනැත්තාට

    යම් යම් රෝග ලක්ෂණ පහළවී ඇතත් පැරසිටමෝල් පමණක් ලබාගනිමින් එය ගණනකට නොගෙන කටයුතු කිරීම නිසා අවසන් අවස්ථාව දක්වා ඔහු හෝ පවුලේ අය රෝගය ගැන නිසි වගකීමකින් කටයුතු කර නැත. අද (30) උදේ පපුවේ අමාරුවක් ඇති බව කී නිසා මීගමුවේ නවලෝක පුද්ගලික රෝහලට ඔහුව ගෙන ගියද එහි වෛද්‍යවරුන් ඔහුව පරීක්ෂා කර භාරගන්නට බැරි බව දන්වා මීගමුව මූලික රෝහල වෙත යොමු කර ඇත.

    20 දෙනෙකු පමණ කන්ඩායමක් සමග ඔහු අනතුරුව මීගමුව රෝහලට ගොස් ඇති අතර ඔහුව ඇතුළත් කළ පසුව වෛද්‍යවරුන් කොරෝනා යයි සැක රෝග ලක්ෂණ මත ඔහුව අදාළ පරීක්ෂණයට යොමු කර තිබේ. කෙසේ වෙතත් ඔහු මීගමුව දැඩි සත්කාර ඒකකයට යොමු කර පැය කිහිපයක් තුළ සවස 6.05 ට පමණ මරණයට පත්වූ බව වාර්තාවේ.

    මියගිය තැනැත්තා මුස්ලිම් ජාතිකයෙකු නිසා පවුලේ සාමාජිකයින් වැඩිවීම මත පැතිරීම වැඩිය. ඔහුගේ නිවසේ 11 දෙනෙකු පමණ වාසය කර තිබෙන අතර අද (30) සවස පොලිසිය නිවස වෙත ගොස් නිවස සීල් තබා එහි සිටි සියලු අය නිරෝධායනයට යොමු කරන ලදි. මේ වනවිට මීගමුවේ නවලෝක රෝහල හා මීගමුවේ මූලික රෝහලේ අංශ කිහිපයක සේවකයින්ට නිවාඩු යැවීමට හා නිරෝධායනයට යොමුකිරීමට මෙම රෝගියාගේ ක්‍රියාකලාපය හේතුවිය.
     
    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,159
    113
    ආන්ඩුවෙ එක ප්‍රතිපත්තියක් මිශන් එකක් පේන්න නෑ බන්. මීට කලින් ඇදිරි නීතිදාල අර රට ඉදන් ආපු සෙට් එකෙක් නෑර චෙක් කරන්න තිබ්බෙ නමුත් නාමයෝජනා ගන්න වැඩේ කොරෝනට වඩා වැදගත් කරගෙන සෙල්ලම් කලා.ඒ ගිය කාලෙ ආයෙ ගන්න බෑ.ඒක ලොකු ප්‍රමාදයක්
    අනික දැන් බලපන්.ඉන්සුරන්ස් ඒව ඇරල බැන්කු ඇරල මිනිස්සු නගර පුරා පොදිකනවා.ගෙදරට වෙලා ඉන්නලු.ඒත් ගොඩක් එවුන් වැඩට යනවා.හරිනම් වරාය,හෙල්ත්,පොලිස්,ෆෝසස් හැර ඔක්කොම ගෙදර තොයන්න එපැයි.

    දැන් ඇත්තටම ඇදිරි නීති ඇත්තෙත් නෑ.ලොක් ඩවුන් ඇත්තෙත් නෑ මේ දෙකම ඇත්තෙත් නෑ නැත්තෙත් නෑ. මිනිස්සු බැන්කු වලට යනවනම් ඇදීරි නීතියක් ක්‍රියාවෙ නෑනෙ.සිරසෙ නිව්ස් වල දොස්තරක්නෙක් කිව්ව වැඩක් හරියට වෙන් නැත්නම් අපිත් ගෙවල් වලට යන එකයි කරන්න තියෙන්නෙ කියල. අර කාර්ය සාදක බලකායෙ ඉන්න පලපුරුදු ප්‍රොෆෙශන් ලට ඕක කරන්න දීල බැසිල්ල වගේ දේශපාලකයො පැත්තක ඉන්න තිබ්බ
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎

    :sorry: :(
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක

    koheda yako banks arala thiyenne.?:rolleyes::rolleyes::rolleyes:
     
    Status
    Not open for further replies.