Coronavirus (Covid19) Megathread #2

Status
Not open for further replies.

tharinduncc

Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth

    ඒක හරියන්නෙ නෑ මචන්. හොදට හුකාගන්න යන්නෙ. මේ පැත්තෙ මෙහෙම ඇදිරි නීතිය තිබිලත් දිස්ත්‍රික්ක අතර හොරෙන් පනිනවා, අතුරු පාරවල් වලින් ගේමක් නැතුව.

    ඒහෙම කරනවනම් මුලු රටේම අයින් කරන්න ඕන!

    මේක නම් ඇත්තවෙන්න පුළුවන්, ඇතුල් පැති වල ඇවිදිනවා, අනික ඔතන පොඩි අව්ලක් අවොත් ලොකු දෙයක් වෙලා නවතින්නේ...
     

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    14-20 days full lockdown would be enough.


    තව දවස් 14 ක් ඇදිරිනීතිය තිබුන කියල හිතමු.. ඒ කියන්නෙ April 17 වෙනකන්නෙ.. April 17
    වෙනකොට බස්නාහිර පලාත ඇතුලත රෝගීන් 500 ක් විතර වෙලා අනික් දිස්ත්‍රික්ක වල රෝගීන් හිටියෙ නැති උනොත් මොකද කරන්නෙ..:yes:
     

    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    එහෙනම් කියන්න මුලු ලංකාවටම ඇදිරිනීතිය දාල කොච්චර කල් තියෙන්න ඕනිද.. ;)..

    91558766_2828223460579126_9070264578830499840_n.jpg
     

    megatrends

    Member
    Jun 5, 2015
    525
    23
    0
    Colombo
    තව දවස් 14 ක් ඇදිරිනීතිය තිබුන කියල හිතමු.. ඒ කියන්නෙ April 17 වෙනකන්නෙ.. April 17
    වෙනකොට බස්නාහිර පලාත ඇතුලත රෝගීන් 500 ක් විතර වෙලා අනික් දිස්ත්‍රික්ක වල රෝගීන් හිටියෙ නැති උනොත් මොකද කරන්නෙ..:yes:

    ඔක්කොටොම ඇරලා දානවා බන් මෙච්චර වහලත් 500ක් හිටියොත්! වැඩක් නෑ සිංහලුන්ගෙ අවසානෙ තමයි.! දැනටමත් එහෙම හිතිලා වෙන්න ඇති අරින්න යන්නෙ:rofl:
     

    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    බ්‍රිතාන්‍ය රැජිණ ජාතිය ඇමතීමට සුදානමින්




    බ්‍රිතාන්‍යයේ චාල්ස් කුමරු ඊයේ ස්කොට්ලන්තයේ සිට අන්තර්ජාලය ඔස්සේ සම්බන්ධ වෙමින් කොරෝනා වෛරසය අසාධිත වුවන් වෙනුවෙන් ඉදිකෙරුනු රෝහලක් විවෘත කළ බව වාර්තා වෙයි.

    බ්‍රිතාන්‍ය රැජිණ ද අද රාත්‍රියේ ජාතිය ඇමතීමට නියමිතයි.

    ලොව දෙවන විශාලතම ජනගහනයක් සහිත ඉන්දියාව පසුගිය 24 වනදා සිට අක්‍රිය කර තිබෙන අතර මේ හේතුවෙන් බිලියන 1.3 ජනතාවක් දුෂ්කරතාවට පත්ව තිබේ.

    මේ අතර වෛරසය ආරම්භ වු චීනයේ වුහාන් නගරයේ වැසියන් ඊයේ වීදිවලට බැස තම කටයුතු ආරම්භ කර ඇති අතර ලබන සතියේ සිට නගරයෙන් පිටවීමට අවස්ථාව ලබා දි ඇති බව වාර්තා වෙයි.

    කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාධනය විමෙන් අමෙරිකාවේ සහ ප්‍රංශයේ ගතවු පැය 24 තුළ පුද්ගලයින් දහසකට වැඩි පිරිසක් මියගොස් තිබේ.

    අමෙරිකාවේ පුද්ගලයන් 1320 දෙනෙකු මියගොස් ඇති අතර ප්‍රංශයේ ඊයේ(03) දිනය තුළ මියගිය සංඛ්‍යාව 1120ක් වෙයි.

    ස්පාඤඤයේ 850ක් , ඉතාලියේ 766ක් සහ බ්‍රිතාන්‍යයේ 684ක් මියගිය පිරිසට අයත්.

    ඒ අනුව වෛරසය හේතුවෙන් අද වන විට මිය ගොස් ඇති සමස්ථ සංඛ්‍යාව පුද්ගලයින් පනස් නව දහසකට අධික වෙයි.

    වැඩිම අසාධිතයින් සංඛ්‍යාවක් ඊයේ දිනයේ දිත් අමෙරිකාවෙන් වාර්තා වු අතර එම සංඛ්‍යාව 32, 088ක් බව වාර්තා වෙයි.

    ලොව පුරා පුද්ගලයින් එකොළොස් ලක්ෂයකට ආසන්න පිරිසකට වෛරසය ආසාධනය වී තිබේ.
     

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,606
    1
    6,319
    113
    රට කොටස් විදිහට බෙදල ඇදිරිනීතිය අයින් කරන්න හදන්නෙ.. සම්පූර්න හමුදාවෙන් දිස්ත්‍රික්ක සීමාව close කලොත් ප්‍රශ්න නැති දිස්ත්‍රික්ක ඇදිරිනීතිය අයින් කරන්න පුලුවන්නෙ මචන්.. දිස්ත්‍රික්ක අතර මිනිස්සු යන්නෙ නැත්නම් ප්‍රශ්නයක් එන්නෙ නැහැ..

    මොනරාගල , මාතලේ වගේ දිස්ත්‍රික්ක තාම කිසිම අවුලක් නැහැනෙ.. ඒ දිස්ත්‍රික්ක ඇදිරිනීතිය අයින් කරන්න පුලුවන්නෙ.. අයින් කරල රජයෙ office එහෙම වහල , මහජන ඒකරාශි වීම් තහනම් කරල තියන්න ඕනි..


    ඒක හරියන්නෙ නෑ මචන්. හොදට හුකාගන්න යන්නෙ. මේ පැත්තෙ මෙහෙම ඇදිරි නීතිය තිබිලත් දිස්ත්‍රික්ක අතර හොරෙන් පනිනවා, අතුරු පාරවල් වලින් ගේමක් නැතුව.

    ඒහෙම කරනවනම් මුලු රටේම අයින් කරන්න ඕන!


    අපේ රටේ අමාරුයි බන්, එහෙම කරන්න තිබ්බ ඇමෙරිකන් මුවි වල වගේ එක නගරයක් අනිත් නගරෙට එක main bridge එකකින් විතරක් සම්බන්ධ වෙනවනම්.:dull:



    තව දවස් 14 ක් ඇදිරිනීතිය තිබුන කියල හිතමු.. ඒ කියන්නෙ April 17 වෙනකන්නෙ.. April 17
    වෙනකොට බස්නාහිර පලාත ඇතුලත රෝගීන් 500 ක් විතර වෙලා අනික් දිස්ත්‍රික්ක වල රෝගීන් හිටියෙ නැති උනොත් මොකද කරන්නෙ..:yes:

    එහෙම උනොත් risk එක අරන් අරින්න පුළුවන් දිස්ත්‍රික්ක ඇරලා පුළුවන් industry පටන් ගන්න වෙනවා. but ඉතිරි අයට work from home & මහජන ඊකරාශිවීම් තහනම්.:(


    ඔක්කොටොම ඇරලා දානවා බන් මෙච්චර වහලත් 500ක් හිටියොත්! වැඩක් නෑ සිංහලුන්ගෙ අවසානෙ තමයි.! දැනටමත් එහෙම හිතිලා වෙන්න ඇති අරින්න යන්නෙ:rofl:

    රට පුරා 500ක් විතර සෙට් උනොත්නම් ඊක තමා කරන්න වෙන්නේ.:sorry: ඇරලා පුළුවන් industry පටන් ගන්න ඕනේ කලින්ඉ කිව්වා වගේ ඉතිරි අයට work from home & මහජන ඊකරාශිවීම් තහනම් අපේ වගේ රටක් මාස 5,6ක් වහන්න් කියල නෙවෙයිනේ....
     
    Last edited:

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth

    අපේ රටේ අමාරුයි බන්, එහෙම කරන්න තිබ්බ ඇමෙරිකන් මුවි වල වගේ එක නගරයක් අනිත් නගරෙට එක main bridge එකකින් විතරක් සම්බන්ධ වෙනවනම්.:dull:





    එහෙම උනොත් risk එක අරන් අරින්න පුළුවන් දිස්ත්‍රික්ක ඇරලා පුළුවන් industry පටන් ගන්න වෙනවා. but ඉතිරි අයට work from home & මහජන ඊකරාශිවීම් තහනම්.:(




    .


    ලංකාවෙ එහෙම දිස්ත්‍රික්ක තියනව මචන්.. මොනරාගල , නුවරඑලිය වගේ දිස්ත්‍රික්ක සම්බන්ධ වෙන පාරවල් ගොඩක් අඩුයි.. පාරවල් වලට පිටින් දිස්ත්‍රික්ක අතර යන්න අමාරුයි ස්වභාවික තත්ව නිසා.. අනික් එක ඒ වගේ පැති වල මිනිස්සු ගොඩක් දුරට නීතියට අවනත වෙනව..


    මොනව උනත් බස්නාහිර පලාතට මායිම් වෙන අනික් දිස්ත්‍රික්ක නම් එකක්වත් කොහොමවත් open කරන්න බැහැ..


    ඇත්තම තත්වෙ නම් ඇදිරිනීතිය මාස ගානක් දාල තියන්න බැහැනෙ මචන්.. practical issues එනවනෙ..
     

    Ultron

    Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්
    එහෙනම් කියන්න මුලු ලංකාවටම ඇදිරිනීතිය දාල කොච්චර කල් තියෙන්න ඕනිද.. ;)..

    දැන් අහුවෙන සමහර කේස් ට්‍රැක් කරන්න බෑ ඒ කියන්නේ අපි නොදන්නවා උනාට සමහරවිට මිනිස්සු අතරට මේක ගිහින් වෙන්න් පුළුවන් මෙහෙම හරි පාලනය කරගෙන ඉන්නේ ඇදිරිනිතිය නිසා ඉතින් ලංකාවේ එක එක පැති වල අහු උනේ නෑ කියලා ඇදිරි නිතිය ලිහිල් කරනවා නම් ඉල්ලන් කෑමක්. අනික බන් මේකේ රෝග ලක්ෂණ නිකන් වයිරස් එකක් වගේමනේ ඔය ගම් වල ඉන්න උන්දැල කොත්තම්මල්ලි බිලා ගෙදර ඉන්නවද කියලා කවුඩ් දන්නේ :baffled:

    මොනවා උනත් ආර්ථිකේ වැටෙනවො කියලා තීරණ ගත්තොත් මිනිස්සු ගොඩක් මැරෙයි ඔය මට හිතෙන දේ ඉතින්
     

    gangsterz

    Well-known member
  • Dec 28, 2008
    3,676
    366
    83
    මට ගෙදර යන්න විදිහක් නැතුව හිර වෙලා ඉන්නෙ බන්.. කවද යන්න පුලුවන් වෙයිද
     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,447
    23,689
    113
    ලිම්පෝපෝ කන්දෙ
    මල් තියලා වැදපල්ලා. පින් දීපල්ලා....

    Sirimavo-Bandaranaike-700x681.jpg


    මෙ ගෑනි තමයි දේශීය නිශ්පාදනය වැඩි කරන්න පිටින් ගේන ආනයන සීමා කරලා දේශීය ව්යාපාර දිරිමත් කරේ.නව නිපැයුම් දිරිමත් කලේ ..මේ ගෑනිගේ කාලේ ඩොලරයක් ගන්න රුපියල් 4යි වියදම් උනේ. :baffled:

    අද කාලේ ජීවත්වෙලා ඉන්න කලුසුද්දන්ගේ අම්ම අප්පලාට බාප්පලා මහප්පලට පුන්චි අම්මලා ලොකු අම්මලට නැන්දලා මාමලාට ආච්චි සීයලට මේ ගෑනීව දිරෙව්වේ නෑ .මොකද මේ ගෑනී කිව්වා රට ස්වයoපෝශිත කරන්න ආනයන සීමා කරන නිසා දැන් අපි කොරෝනාවලින් කටු කනවා වගේ පොඩි කට්ටක් ටික කාලෙකට කාපල්ල කියලා.එහෙම කලේ මේ ගෑනීගේ බල තන්හාව පැත්තක තියල රටට තියන ආදරේට. :yes:

    ජේ.ආර් පාපතරයා මෙකෙන් වාසිය ගත්තා. ඌ මෙහෙ ඉන්න කලුසුද්දන්ට සුර පුරයක් මැව්වා. පිටරට ඔක්කොම සැප මෙහෙට දෙනවයි කිව්වා.නිකන් ඉදලා දියුණු වෙන්න හදන සෝබන කම්මැලි කලුසුද්දෝ ජේ ආර්ට කතිරේ ගහලා සිරිමාවෝව එලෙව්වා. :angry::angry::angry:

    එකේ පව් තමයි මේ අපි අද ගෙවන්නේ .ඉන්දියාවෙන් ලැබෙන විස පරිප්පු නැතිනනම් බෙහෙත් ගහපු සැමන් නැතිනම් අද කලුසුද්දන්ට ජීවත් වෙන්නවත් බෑ.තොපිලගේ වැඩිහිටියෝ තොපිලා වෙනුවෙන් සිරිමාවොගේ කාලේ ඒ කැපකිරීම කලේ නෑ .ඒ හින්දයි මේ රටට කෙල වෙලාම ගියෙ .:angry::angry::angry:

    2020 කොරෝනා කේස් එකෙන් මේ නිර්මානය වෙලා තියෙන්නේ ඒ සිරිමාවෝ යුගය ... ඔක්කොම එවුන් හැමදේම ලoකාවේ හදාගන්න දගලනවා.මේ දැගලිල්ල අවුරුදු 10ක් තිබ්බනම් 2030/35/40 වෙන කොට ලoකාව සිoගප්පුරුව හා සම වෙවි...ඒත් කොරෝනා කේස් එක ඉවර උන ගමන් ආයි පිටරටින් කන්න තොපිලාට පුරුදු කරාවි.. ඒ දේශපාලුවෝ..මොකද උන්ගේ ගොඩක් බිස්නස් තියෙන්නේ ආනයන එක්ක .:angry:මේ කාලකන්නි සිස්ටම් එක හැදුවේ ජේ.ආර්:angry::angry:

    1978 කියන්නේ මේ රට විනාශ උන වසරයි.දැන් තමා තොපිලට තෙරිලා තියෙන්නේ රටක් ස්වයoපෝශිත වෙන එකේ වැදගත්කම.බලාපල්ලා උතුරු කොරියාව දිහා.උන්ට කොරෝනා ගැන වගේ වගක් නෑ.මොකද උන්ගේ රට ස්වයපෝශිතයි. උන් මේ අස්සේ මිසයිල යවනවා. :cool:

    සoචාරක ව්යාපාරය කියන්නෙත් සුද්දට වහල්කම් කිරීමක් තමයි.අද තෙල් වෙනුවෙන් හම්බයන්ට පස්චාත්භාගේ පුදන්න වෙලා තොපිලට..සුද්දන්ට ලoකාවට යන්න එපා කියලා මහ සුද්දා කියපු ගමන් ලoකාව ඉවරයි. ලoකාවේ ඇදුම් ගන්න එපා කියලා ට්‍රම්පච්චි කිව්ව ගමන් ලoකාව ඉවරයි ..:angry:

    තොපිලා මෙච්චර කල් රුසියාව චීනෙට අපනයන හදන්න හරියට උත්සහ ගත්තේ නෑ .ඒ රටවල් කවදාවත් ලoකාවට වැටෙන්න දෙන්නේ නෑ:angry:

    russia-import-products

    russia-import-products.png



    China’s Top 10 Imports

    Electrical machinery, equipment: US$496.8 billion (24% of total imports)
    Mineral fuels including oil: $343.6 billion (16.6%)
    Machinery including computers: $190.3 billion (9.2%)
    Ores, slag, ash: $163.6 billion (7.9%)
    Optical, technical, medical apparatus: $98.7 billion (4.8%)
    Vehicles: $75.1 billion (3.6%)
    Plastics, plastic articles: $71.6 billion (3.5%)
    Gems, :shocked:precious metals: $60.5 billion (2.9%)
    Organic chemicals: $57.8 billion (2.8%)
    Copper: $40.8 billion (2%)


    ලෝකෙයි දියුණුයි කිව්වට දියුණුම නෑ වගේ නේ පුතේ. #ඇමෙරිකාව_චීනය බ්‍රිතාන්‍ය කිව්වම මහා සුරපුර කියලනේ හිතන් හිටියේ...උන් තමා ලෝක බලවත්තු උන් තමා වැඩ්ඩෝ එහෙම නේ හිතන් හිටියේ...එක වෛරසයකින් බලවතුන්ගේ බලේ බැස්සා.අපිත් මහ ලොකුවට ඕවා පස්සේ ගියා.අපිත් ඉගෙන ගත්තා උන්ගේ තාක්ෂණේ මහ ලොකුවට...මේක තමා හරි දේ මීට එහා දෙයක් නෑ කියලා අපිත් හිතන් හිටියා...අද ඇමරිකන් ඉස්පිරිතාලවල එවුන් අඩනවා පහසුකම් නෑ කියලා..උන්ගේ ලෝක අල්ලන හොලිවුඩ් ෆිල්ම් වලට තොපිලා රැවටුනා නේද හුජ්ජ කොල්ලෝ?:P:rofl:

    පොලොන්නරුවේ වකුගඩු රෝහල හැදුවයි කියලා සන්තෝසවෙන මෝඩයෝ රැලක් තොපිලා.හන්දි හන්දි ගානේ ෆාමසි තට්ටු ගනන් ප්‍රයිවට් රෝහල් ඉදිවෙන එකට සතුටුවෙන ගොබ්බයෝ ටිකක් තොපිලා..හැබැයි පදුරකට ගැහුවොත් උපාධී කාරයෝ දුසිමක්ම හම්බෙනවා.

    උන්ට තාම පිළිකාවට වෛරස්වලට අංශභාගේ වගේ ලෙඩ වලට බෙහෙත් නෑ..උන්ගේ බෙහෙත් බිව්වම වෙන ලෙඩක් හැදිලා නතර වෙන්නේ,ලෙඩේ යටපත් කරනවා විතරයි..උන්ගේ මහ ලොකු තාක්ෂණෙන් මොකක් හරි හැදුවොත් වායු ගෝලෙත් ඉවරයි.ශිලා ගෝලෙත් ඉවරයි.ජෛව ගෝලෙත්,ජල ගෝලෙත් ඉවරයි.දැන් අන්න චන්ද්‍රිකා කෑලි පිරිලා අභ්‍යවකාශෙත් ඉවරයි. ඒවා ඒ හැටි කාලයක් තියෙන්නෙත් නෑ.ඒවා මිනිසුන්ට හොදත් නෑ සත්තුන්ට හොදත් නෑ... පරිසරය බලන් ඉදලා බලන් ඉදලා බැරිම තැන නියම ගේමක් දුන්නා.


    අර 1900 දී සුද්දා හදපු අධ්‍යාපන ක්‍රමයේ එල්ලිලා මැරෙන්න යනවා.උන් අපේ ඉතිහාසය 2500 කට සීමා කරා නිකමට හොයලා බැලුවද උන් මේ මොන මගුලක්ද කරේ කියලා.පෙරදිගට ඇවිත් ගියපු ගමන් උන් දියුණු උනේ කොහොමද කියලා හොයලා බැලුවද? උන්ට කියල මහ ලොකු ඉතිහාසෙකුත් නෑ කොහොමද මුන් මේ එක පාර අමුතු තාක්ෂණයක් හොයාගත්තේ? මේ තමා අපි අවුරුදු දස දහස් ගණනක් තිස්සේ එකතු කරපු දැනුම.උන් අපේ පොත් නැව් පුරවාගෙන අරන් ගියා.ඒවා අදටත් එහෙ තියෙනවා.ඒවා ගන්ට අපේ එවුන්ට උවමනාවක් නෑ.හිනායයි තමා උන් මේ ගුවන් යානා පවා හදන්නේ අපේ දැනුමෙන් ඒක තමා ඇත්ත.

    ලෝකේ පළවෙනි ශල්‍ය රෝහල හම්බෙන්නේ ලංකාවේ මිහින්තලෙන්.එතනින් හම්බෙන උපකරණ අද තියෙන උපකරණ වලට බෙහෙවින් සමානයි.අපේ හෙළ වෙදකම සුද්දගේ වෙදකම වගේ නෙවේ.නිට්ටාවටම් සුව වෙනවා,ඕනෑම ලෙඩකට බෙහෙත් තියෙනවා.හෙළයන්ගේ තිබ්බ ප්‍රතිශක්තියට ලේසියෙන් ලෙඩක් හැදෙන්නේ නෑ.මේ කොරෝනා වලට වුණත් සෞඛ්‍ය අංශ අවධානය යොමු කරේ නැතුවට බෙහෙත් තියෙනවා.අද අපේ හෙළ වෙදකමේ බොහොම පොඩ්ඩක් තමා ඉතුරු වෙලා තියෙන්නේ.හෙළ වෙදකම ගැන ලියවුණු පොත් ටිකත් තියෙන්නේ උන් ගාව.උන් ඒවාගෙන් ගන්ට පුළුවන් තරම් වැඩ ගන්නවා.

    එදා කළුගල් වලින් අපි දාපු වැඩ අදටත් සුද්දොන්ට හිතාගන්ට බෑ.සුද්දා ඇවිත් චන්ද්‍රිකා වලින් බලලා ජලාශයක් හදන්ට තැනක් අනුමාන කරලා හාරලා බලද්දී සුද්දා හොල්මන් වෙලා යන්ට මාදුරුඔය ජලාශය හම්බෙනවා.
    ඒ කියන්නේ අපේ උන් උඩින් ගිහින් බලලා ඒ තැන් තිතටම නිර්ණය කරලා තියෙනවා. අවුරුදු දෙදහස් ගණන් පරණ මුහුදු වගේ වැව් අපිට තියෙනවා.ඒ වගේ තාක්ෂණය ගැන හිතාගන්ට පුළුවන්ද? අපේ වැව් ටිකයි යෝධ ඇළ වගේ ඇළවලුයි ඔක්කොම Master Plan එකකට හදලා තියෙන්නේ.ඒවා හරියට බැලුවොත් තේරෙයි.අපේ ගල් පාලම් දැකලා ඇතිනේ.අපේ රටේ විතරක් නෙවේ වෙන රටවල් වලත් අපේ යක්කු ගල් පාලම් හදලා තියෙනවා.අද අපි මහ ලොකුවට සුද්දගේ දේ ඉගෙන ගෙන වෙන රටවලට කියලා පාලම්,පාරවල් හදාගන්නවා.අපේ මහා සෑයවල් වලට අකුණු ආවේ නෑ. ඒ සන්නායකතාව වැඩි ලී වලින් සන්නායක හදලා තියෙනවා.පීඩනය ගැන අපේ දැනුම දැදිගම ඇත් පහන බැලුවත් බලාගන්න පුළුවන්.අනෙක අපේ ජලාශ ටික.


    ලැජ්ජයි හෙළයෙනි.තොපේ මුතුන් මිත්තෝ තොපිට හිනාවෙනවා ඇති. සීගිරිය,කළුදිය පොකුණ වගේ ස්ථාන දැකලා සුද්දා හොල්මන් වුණා.උන් ඒවගේ තිබ්බ වටිනා දේවල් කොල්ල කෑවා.අපේ තාක්ෂණේ කොල්ල කෑවා.

    අපේ සටන් ශිල්පයත් එහෙම තමයි.කවුරුත් කවදාවත් අපේ රට යුද්දෙකින් යටත් කර ගත්තේ නෑ.අද තියෙන ඔය අංගම්පොර එදා තිබ්බ සටන් ක්‍රමයෙන් දශම ගානක්. අංගම් පොර හරියට පුළුවන් එකාට අඩි 20 - 30 උඩ අහසේ කරනම් ගහන්න පුළුවන්.කරාටේ,ජූඩෝ,කුන්ෆු ඔක්කොම යටයි හෙළයන්ගේ අංගම් පොර වලට.අපේ ආයුධත් සෑහෙන්න දියුණුයි.ලෝකේ පළවෙනි ස්නයිපර් තුවක්කුව අදටත් තියෙනවා ඇමෙරිකාවේ තට්ටු ගානක් යට බිල්ඩිමක ලේසර් කිරණ මැද්දේ.ඒ අපේ නිර්මාණ.


    මේ හැමදෙයක්ම කරේ අපේ හෙළයා.මේවා කරේ සාමාන්‍ය හිත් වලින් නෙවේ.දියුණු කරපු හිත් වලින්.ඒ හිත දියුණු කරේ විශ්ව ශක්තියෙන්.ලෝකේ ගුරුත්වය අඩුම රටේ ඉන්න හෙළයන්ට පුළුවන් හිත දියුණු කරලා හිතෙන් වැඩ ගන්න.හෙළයන්ට තිබ්බේ විශ්වයෙන් ආපු දැනුමක්.මේක සුද්දෝ ගන්න බැලුවා හරි ගියේ නෑ.උන්ට එහෙම භාවනා කරන්නත් බෑ.අපේ මේ තියෙන පරිසරය උන්ගේ නෑ.අපේ මේ තාක්ෂණය හින්දා පරිසරයට දශමෙකවත් හානියක් වෙන්නේ නෑ.විශ්වයෙන් ආපු දැනුමෙන් විශ්වයට හානියක් වෙන්නේ නෑ.සුද්දා අපේ දේ අරගෙන ඒකම වෙනස් විදිහකට අපිට කියල දෙනවා.ඒක සතපහක වැඩක් නෑ.

    දැන් තෙරෙනවද ජේ ආර් සහ යූ.එන්.පී ආණ්ඩු සිලබස් එකෙන් විසිකරපු ඉතිහාසය හදාරන එකේ වැදගත්කම.මේ ඉතිහාසේ තිබ්බ දැනුම මේ රටේ ව්යාප්තකරන්න පුලුවන් උනානම් ලoකාව ඉන්දියාවත් පරදවනවා.මේ සැගවුණු දැනුම මතුකරන්නේ පුරා විද්යාත්නයෝ.. ඒ දැනුම පරික්ෂා කල යුත්තේ මේ රටේ ඉන්න දොස්තරවරු ,ඉන්ජනේරුවෝ,විද්වතුන් .උන්ගේ වගකීම සුද්දගේ පුක හෝද හෝද ඉන්නේ නැතුව මේ දැනුම නූතන ලoකාවේ දියුණුවට යෝදාගන්න ක්‍රම හදන එක. ඇමරිකන් ගෝඨාට මේ ගැන වගේ වගක්වත් තියනවද ?:angry::angry::angry:අද රජය ණය කපන්නයි කියලා පිටරට්ටුන්ට පින්සෙන්ඩු වෙනවා. හිගා කනවා ..

    දල දේශීය නිශ්පාදනය වැඩි කරන්නේ නැතිව රටක් දියුණු කරන්න බෑ බෑමයි. :angry:

    අපි දැන් මොකද කරන්න ඕන කියලා හරියටම කියපන්. අපි අදම වැඩේට බහිමු. :rolleyes:
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,591
    98,587
    113
    දැන් අහුවෙන සමහර කේස් ට්‍රැක් කරන්න බෑ ඒ කියන්නේ අපි නොදන්නවා උනාට සමහරවිට මිනිස්සු අතරට මේක ගිහින් වෙන්න් පුළුවන් මෙහෙම හරි පාලනය කරගෙන ඉන්නේ ඇදිරිනිතිය නිසා ඉතින් ලංකාවේ එක එක පැති වල අහු උනේ නෑ කියලා ඇදිරි නිතිය ලිහිල් කරනවා නම් ඉල්ලන් කෑමක්. අනික බන් මේකේ රෝග ලක්ෂණ නිකන් වයිරස් එකක් වගේමනේ ඔය ගම් වල ඉන්න උන්දැල කොත්තම්මල්ලි බිලා ගෙදර ඉන්නවද කියලා කවුඩ් දන්නේ :baffled:

    මොනවා උනත් ආර්ථිකේ වැටෙනවො කියලා තීරණ ගත්තොත් මිනිස්සු ගොඩක් මැරෙයි ඔය මට හිතෙන දේ ඉතින්

    ඔව් දෙකෙන් එකයි බේරන්න පුළුවන් ආර්ථිකේ හරි මිනිස්සු හරි :sorry::sorry:


    කොරෝන මිනිසුන්ට දීල තියෙනව ඔප්ශන් දෙකක් කැමති එක බේරගනින් කියල :yes::yes:
     

    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    එහෙනම් කියන්න මුලු ලංකාවටම ඇදිරිනීතිය දාල කොච්චර කල් තියෙන්න ඕනිද.. ;)..

    මටනම් හිතෙන්නේ මේක කලොත් අව්ලක් වෙයි...මොකද අපේ උන් දිස්ත්‍රික් හරහා අනිවා හොරෙන් යනවා...ඒ වගේම ඊයේ මතුගම සීන් එක, තාම ඔක්කොම details දුන්නේ නෑ media වල , කොරියා ඉඳල ආපු කෙනෙක්. ඒ වගේ අය තව ඉන්න පුළුවන්. අනික මට මේ ආපු ආරංචියක්, සමහර ගාමන්ට් කාරයෝ අප්‍රේල් අන්තිම වෙන්න කලින් අයිත පටන් ගන්න ප්ලෑන් කරනවා, මට කිව්වේ ගාමන්ට් staff එකක අයිය කෙනෙක්...මිනිහ කියන විදියට staff - working ෆ්‍රොම් home, production line උන් ගාමන්ට් එකේ...කොහෙන් හිනා වෙන්නද කියල හිතන්න බෑ...:D:D:D ජනාධිපති තුමා දොස්තරලා හමුදාව එකතුවෙලා මේක හොඳට control කරගෙන අවා...:yes::yes::yes: :love::love::love: දැන් එක එක කමිටු දාගෙන අල කරන්න හදනවා...අද උදේ දෙරණ අරුණ program එකේ සංක අමරජිත් මේකට කියන්න ඕනි ටික කිව්වා ලස්සනට....:angry::angry::angry:
     

    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    හෙළයෙක්;25280154 said:

    ඔව් දෙකෙන් එකයි බේරන්න පුළුවන් ආර්ථිකේ හරි මිනිස්සු හරි :sorry::sorry:


    කොරෝන මිනිසුන්ට දීල තියෙනව ඔප්ශන් දෙකක් කැමති එක බේරගනින් කියල :yes::yes:

    ලංකාවට බේරගන්න ආර්ථිකයක් තියනවද? :baffled::baffled::baffled:
    දැනටත් ජීවත් වෙලා ඉන්න මිනිස්සු ටික බෙරගන්නවද?:sorry::sorry::sorry:
     

    megatrends

    Member
    Jun 5, 2015
    525
    23
    0
    Colombo
    කොරෝනා ආසාධිතයන් සිවුදෙනෙකු වෛරසයට ගොඳුරු වූ අයුරු අභිරහසක්.අධි වසංගතයක් ගැනත් අනතුරු ඇඟවීම්


    කොරෝනා වෛරසය ආසාදනය වී ඇති මෙරට පුද්ගලයින්ගෙන් සිව්දෙනෙකුට එම වෛරසය ආසාදනය වී ඇත්තේ කෙසේදැයි මෙතෙක් තහවුරු කර ගැනීමට නොහැකි වී ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.

    සමාජයේ කොරෝනා රෝග ලක්ෂණ පෙන්නුම් නොකරන ආසාදිතයින් ද සිටිය හැකි බවටයි එම සංගමය සඳහන් කළේ.

    කොරෝනා වෛරසය ආසාදනය වූ රෝගීන් වෙන් නොකර සමාජය තුළ ගැවසීමට ඉඩහැරීම අධි වසංගත තත්ත්වයක් කරා ළගාවීමට හේතුවනු ඇති බවයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ උප සභාපති සාරද කන්නන්ගර ප‍්‍රකාශ කළේ.

    කොරෝනා වෛරසය සීග‍්‍රයෙන් රට තුළ ව්‍යාප්තවීමත් සමග ජනතාව පෙරට වඩා සෞඛ්‍ය පුරුදුවලට යොමුවිය යුතු කාලසීමාවක් පැමිණ ඇති බව ද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.

    එමෙන්ම සමාජය අතර ගැවසීමෙන් වැළකී තමන්ට අවශ්‍ය ආහාර බෝග සිය ගෙවත්තේම වගා කරගැනීමට පුරුදුවීම ද මේ මොහොතේ දී යෝග්‍ය බවයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ උප සභාපති සාරද කන්නන්ගර වැඩිදුරටත් සඳහන් කළේ.


    source - http://nethnews.lk/article/75912
     
    Last edited:

    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    GMOA හකීම් සමග එක්වෙයි.. කොරෝනා මල සිරුරු භූමදානය වෙනුවෙන් පෙරට.. ඉහලම සෞඛ්‍ය බලධාරියාටත් උඩින් යයි..
    April 4, 2020 at 9:20 am | lanka C news
    GMOA හකීම් සමග එක්වෙයි.. කොරෝනා මල සිරුරු භූමදානය වෙනුවෙන් පෙරට.. ඉහලම සෞඛ්‍ය බලධාරියාටත් උඩින් යයි..
    කොරෝනා වෛරසයෙන් මිය යන පුද්ගලයින්ගේ දේහයන් සම්බන්ධයෙන් අවසන් කටයුතු සිදු කරන්නේ කෙසේදැයි තීරණය කිරීමට විශේෂඥ කමිටුවක් පත් කරන්නැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඉල්ලීමක් කරයි.

    එම සංගමය විසින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතාගෙන් ලිඛිතව මෙම ඉල්ලීම කර ඇත.

    ආදාහනය හා භූමදානය යන ක‍්‍රම දෙකටම ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් මාර්ගෝපදේශ ගබා දී ඇති බවද එම ලිපියෙන් සිහිපත් කරයි.

    කෙසේ වෙතත් මෙරට සෞඛ්‍ය සේවාය සම්බන්ධයෙන් අවසන් බලධාරියා වන සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා සදහන් කර ඇත්තේ අවසන් කටයුතු කරන ආකාරය ගැන ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් මාර්ගෝපදේශ ලබා දී ඇත්තේ ඒ ඒ රටවල තත්වයන් ගැන සලකා තීරණය ගැනීම අදාල රටවල නිසි බලධාරීන්ට බාර කරමින් බවයි.

    ඒ අනුව මෙරට ජල තලයේ ඉහල මට්ටම හා සෞඛ්‍ය සේවකයන්ගේ කාලය ඉතිරි කර ගැනීම යන දෙකම සලකමින් සියළු දේහයන් ආදාහනය කිරීමට තීන්දු කර ඇති බවය.

    හිටපු ඇමති රවුෆ් හකීම් විසින්ද ඉල්ලා ඇත්තේ මේ ගැන තීරණය කිරීමට විශේෂඥ කමිටුවක් පත් කිරීමටයි.
     
    Status
    Not open for further replies.