UK#බ්‍රිතාන්‍යට මොකද වුනේ.?

somalal

Well-known member
  • Mar 7, 2007
    3,864
    3,105
    113
    Arangala
    එංගලන්තෙ වහලෙක්.
    සසර වසන තුරු
    නිවන් දකින තුරු
    පින්කෙත හෙළ රන් දෙරණේ
    යලි උපදින්නට
    හේතු වාසනා වේවා!!!
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,471
    1
    42,551
    113
    අපි කුහකයො

    ඔයා හරි හොඳ ඇති නේ :lol:

    අනේ වාසනාවන් ඔහෙටම වෙලා ඉඳපං

    තොපිට එන්ඩ දීල, අද අපිට එලියට බැහැගන්ඩ විදියක් නෑ
     

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,393
    10,994
    113
    Kandy

    බ්‍රිතාන්‍ය මහ බැංකුවේ පමණක් පොළව යට බංකර් වල තිබෙන රත්තරන් සංචිතයේ වටිනාකම පවුම් බිලියන 300 කට අධිකය, එම අගය ඔබට රුපියල් වලින් සිතා ගැනීමටවත් නොහැක.
    සරලම කිව්වොත් මිලිමීටර දෙකක් ගණකම කැරට් 24 රත්තරන් තහඩුවලින් ශ්‍රී ලංකා මුළු භූමිය 24 වතාවක් ආවරණය කල හැක.

    මිලි මීටර් 2 ඝණකම එකෙන් 24 වතාවක් වහන එකේ, මිලි මීටර් 48 ඝණකම තහඩුවෙන් එක පාර වහන්න පුලුවන්.
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    UK වල Tranny කෙනෙක්ට කියල ඇරගත්තු එකෙක් වගේ...හොඳටම ඉහට ගහල
     

    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,332
    1
    4,021
    113
    UK is dealing with epidemic in a different manner. We are not qualified to criticize them , through sheer jealousy or due to hatred created by our politicians.
    Sweden is also dealing differently.
    The hard truth is that if economy gets heart invariably health will also get heart. Death rate of Covid 19 is less than 1% and there is no signs of a vaccination being developed in at least in next two years. Unfortunately in our country president thinks that this is not as bad as civil war, he wanted to have elections.
    GMOA consist of doctors who are not specialized in Virology or Microbiology and Epidemiology and they take decision based on political affiliations and blame all others. We know how they behave when they need salary increase or any other benefit or on subjects totally outside their work such as Singapore FTA or defence agreements with US which are subjects of foregin ministry, putting patients and their lives at risk.
    There are set of people who think GMOA and Military can deal this situation and while appreciating work they do , I do not think that they can take correct decisions for the country. We need good leadership and military and health workers can work under such leadership. Unfortunately our leader depends on the leadership of military and GMOA, and had given free hand to them, without understanding the problem .
    Only the future will tell whether lockdown was the correct decision and whether UK , Singapore , Sweden and many more who did not follow suit are wrong.
     

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧

    මූ මේක හෙන අතිශයෝක්තියෙන් බොරු ට්විස්ට් කරල ලියල තියෙන්නෙ.

    සුපර්මාකට් සියල්ල විවෘතව ඇත.
    ඇරලා තියන වේලාව අඩු කරලා තියෙන්නෙ ඒ උනාට මේ කියන එකනම් අගය කරන්න පුළුවන්.

    සියලුම බස් සහ දුම්රිය සේවා සුපුරුදු පරිදි සේවයේ යොදවා ඇත.
    අමූලික බොරුවක්. ප්‍රවාහණ සේවා කටයුතු සමහර ඒවා සම්පූර්ණයෙන්ම නවත්තල තාමත් වැඩ කරන ඒවා ඉතාම සුළු ප්‍රමානයක් තමයි දුවන්නෙ.

    රැකියා වල නියුතු අය ඒ සදහා යා හැකිය.
    මුගේ ගෙදරද දන්නෙ නෑ ජොබ් තියෙන්නෙ. සියලුම ජොබ් නැවතිලා තියෙන්නෙ. ගොඩක් රජයේ කාර්යාල වගේ ඒවනම් ගෙදර ඉඳන් වැඩ කරන්න පුළුවන් විදිහට ඉස්සර ඉඳන් හදල තිබුන නිසා ඒවා ෆන්ක්ෂන් වෙනවා. අනිත් මිනිස්සු ජොබ් වලට යන්නෙ නැතුව ගෙදර.

    පාසල් වසා ඇත. කොහොමත් Easter Holiday නිසා පාසල් වසා ඇත.
    මේකා කියන බොරු! ඊස්ටර් හොලිඩේ වලට කොච්චර කලින්ද ඉස්කෝල වැහුවේ.

    සියලුම අධ්‍යාපන කටයුතු ඔන්ලයින් හරහා අකුරට සිදුවෙයි(Google Classroom)
    නොදනී

    මම දැන් බ්‍රිතාන්‍ය ජාතික සෞඛ්‍ය සේවය පැත්තට එන්නම්.(NHS)
    ලෝකයේ අංක එකේ සෞඛ්‍ය සේවයක් ඇති බ්‍රිතාන්‍ය පවුම් මිලියනක සැත්කමක් වුවත් එයට සත පහක් වත් ගෙවීමට අවශ්‍ය නැත. දරුවෙක් පිළිසිද ගැනීමේ සිට උපත ලබා හැඩි දැඩි ළමයෙක් වන තුරුම කිසිම විශේෂඥ වෛද්‍ය ගස්තුවක් හෝ බෙහෙත් පෙත්තේ සිට පවුම් ලක්ෂ ගණනක සැත්කම් පවා නොමිලේ සිදු කරයි.
    එක්කො මූනම් මහා ගොනෙක් නැත්නම් රජයෙන් පිනට කකා ඉන්න බෙනිෆිට් කාරයෙක්. යකෝ හැම මාසෙම පඩියෙන් නැෂනල් ඉන්ෂුරන්ස් කියල කපා ගන්නෙ NHS එක නඩත්තු කරන්න තමයි.
    මුන්ගෙ සැත්කම් පෝලිම් වල අවුරුදු ගණන් ඉන්න ඕන නිකන් කරවගන්න, ලංකාවෙ සැත්කම් පෝලිම මුන්ගෙ ඒවා විතර දිග නෑ.
    මට එක පාරක් පොඩි සීන් එකක් වෙලා වැලමිට උලුක් වෙලා වගේ (Tennis elbow) ෆිසියෝ කෙනෙකුට රිෆ්ර් කරා අපොයින්මන්ට් එක තිබුනේ මාස 3කට පස්සෙ. ඒ වෙනකොට උලුක්කුව තියෙයිද?
    විශේෂඥ වෛද්‍යවරයෙකුට රිෆිර් කරගන්න පුළුවන් උනොත් ගිහින් ටිකට් එක්ක තියෙන්නෙ. ඊට වඩා චාන්ස් එකක් තියනවා පලවෙනි තෑග්ග ඇදෙන්න.
    සල්ලි තියන කිසිම කෙනෙක් මේ NHS පෝලිම් වල ඉන්නෙ නෑ. තමන්ගේ වැඩේ ප්‍රයිවට් කරගන්නවා.


    පෙර පාසලේ සිට විශ්වවිද්‍යාලයට ඇතුලුවීම දක්වා නොමිලේම ලොව සුපිරි අධ්‍යාපනයක් ලබා ගත හැක.
    ගොඩක් ප්‍රසිද්ද වෙලා තියෙන්නෙ ප්‍රයිවට් ඉස්කෝල.

    විශ්ව විශ්වවිද්‍යාල ගාස්තු සදහා දිගු කාලීන ණය ආධාර ලබා දෙන අතර උසස් පෙල සමත් හො අසමත් සියලු දෙනාට විශ්වවිද්‍යාලයකට ඇතුලත් විය හැකි ආකාරයට අධ්‍යාපන ප්‍රතිපත්තිය සකසා ඇත.
    මම දන්න ඉතාම බුද්ධිමත් දෙමවුපියෝ පවා තමන්ගෙ දරුවන්ව විශ්වවිද්‍යාල අද්‍යාපනයට යොමු නොකරන තත්වයක් මෙහේ තියෙන්නෙ. ළමය Uni එකෙන් එලියට එන්නෙ අවුරුදු 20ක විතර ණයකාරයෙක් වෙලා. දැන් දෙමවුපියෝ තේරුම් අරන් තියනවා ඩිග්‍රී එකට වඩා වර්ක් එක්ස්පීරියන්ස් වලින් ඉදිරියට යන්න පුළුවන් කියල. අපේ ඔෆිස් වල ඕන තරම් ඉන්නවා ඩිග්‍රී තියෙන ක්ලැරිකල් ස්ටාෆ් එවුන්. ඩිග්‍රී එකට ලොකු තැනක් නෑ.

    ජල,විදුලි බිල්පත් ගෙවීම මාස 3 කට අත් හිටුවා ඇත.
    එහෙම ඔටෝමටික් අත් හිටවල නැහැ. තමන්ට ගෙවාගන යන්න බැරිනම් අදාළ ආයතනයට කතා කරලා සහනයක් විදිහට බිල් ගෙවීම පහු කරන්න හරි කොටස් වශයෙන් හරි ගෙවන්න එකඟතාවෙකට එන්න පුළුවන්.

    නිවාස ණය ඇතුලු සියලුම ණය වාරික මස් හයකට අත් හිටුවා ඇත.
    මේකත් කලින් කියපු එක වගේම තමයි. කොරෝනා හින්ද තමන්ට ණය ගෙවාගන යන්න තරම් ආදායමක් ලැබෙන්නේ නැති බව බැංකුවට දන්නල ඇප්ලිකේෂන් දෙන්න ඕන. ඒකෙන් ගොඩ ගියොත් මාස 3ක සහන කාලයක් දෙනවා (6ක් නෙමේ), ඒ නොගෙවා ඉන්න මාස 3ට ඉන්ටරස්ට් එක හැදෙනවා.

    රැකියා අහිමිවූ ස්වයං රැකියා නියුක්තිකයන්ට මාසකට ලකෂ හයකට (£2500) ක දීමනාවක් ලබාදීමට තීරණය කර ඇති අතර නොයෙක් සහන ජනතාව අත්විදිමින් සිටියි.
    මාසෙකට £2500 දෙනවා නෙමේ £2500ක උපරිමයක් දක්වා ඉල්ලුම් කරන්න පුළුවන්. මට මතක විදිහට පහුගිය අවුරුද්දක හරි අවුරුදු 3ක හරි එකවුන්ට්ස් පෙන්නන්න ඕන. එකෙ අවරේජ් එකට කිට්ටු ගානක් ගන්න පුළුවන් උපරිමය 2500 දක්වා. ඒ එක්කම කියල තියනවා TAX ගෙවපුව හරියට තියෙන්න ඕන කියල. ස්වයං රැකියා කරන එවුන් හරියට TAX ගෙවන්නෙම නෑ. එකෙන්ම බර ගානක් හැලෙනවා.

    ඇත්තටම බ්‍රිතාන්‍ය කඩා වැටෙයිද? කොහෙත්ම නැත.
    විදෙස් රට වල ඇති බ්‍රිතාන්‍ය සතු සංචිත පවුම් බිලියන දස දහස් ගණනකි.
    මුගේ පවුම් බිලියන් ගණන් ගැන නම් දන්නෙ නෑ. 2009 ද කොහෙද ආපු ආර්ථික අවපාතයත් එක්ක අපේ වාර්ෂික වැටුප් වර්ධක අවුරුදු ගානකට ෆ්‍රීස් කරලා තිබ්බා.

    මම දැක්ක වැරදි පෝස්ට් එකක් Share වෙනව බ්‍රිතාන්‍යයේ සෞඛ්‍ය සේවය පිලිබඳව. Covid 19 ශ්‍රීලාංකික රෝගියව සිහිනැතුවුනොත් පමණක් රෝහලට රැගෙන යන බව එහි සදහන් විනි. මම එය කිසිවිටකත් පිලිගන්නේ නැත.
    මම පවුද්ගලිකව NHS Help line එකත් එක්ක පැය එක හමාරකට වඩා ලයින් එකේ ඉඳලත් ආන්සර් කරේ නැති නිසා දවස් තුනක් ෆෝන් එක තිබ්බ, 4වෙනි දවසෙ ආන්සර් කරපුවම කිවුව මට උනයි කැස්සයි තියනවා පහුගිය දවස් වල ඔෆිස් එකේ වැඩ වලට අබ්‍රෝඩ් ගියා කියල. එහෙනම් සෙල්ෆ් අයිසොලේට් වෙලා ඉන්න කියන එක විතරමයි උන් කිවුවෙ. මම කිවුව එහෙනම් මාව චෙක් කරලා දෙන්න කියල. උන් කිවුව චෙක් කරන්න නම් එක්කෝ මම වූහාන් වල ඉඳන් ඇවිල්ල තියෙන්න ඕනලු නැත්නම් දන්න කොරෝනා රෝගියෙක් එක්ක ඩිරෙක්ට් කන්ටක් එකක් තිබිල තියෙන්න ඕනලු. මම වැඩේ අත ඇරලා නිකන් හිටිය. පස්සෙ මට ගඳ සුවඳ දැනෙන්නෙ නැතුව ගියා, සතියක් විතර එහෙම ඉන්නකොට බය හිතිලා NHS එකට ආපහු කතා කරා. ඒ වෙලාවෙ මට මේක චෙක් කරගන්න ඕන හින්ද මම කිවුව මට හුස්ම ගන්නත් අමාරුයි කියල බොරු ගොඩක්. එතකොට උන් පැයකින් දෙකකින් පැරා මෙඩික් කෙනෙක් එවුව. ඌ මාව බලල ගෙස් කරා මට හැදිලා හොඳ වෙලා ඇත්තෙ කියල, මම කිවුව මාව චෙක් කරලා දෙන්න කියල. ඌ හිනා උනා උන්ගෙ ෆ්රන්ට් ලයින් ඉන්න NHS ස්ටාෆ් එකටවත් චෙක් කරගන්න විදිහක් නෑ කියල. මගේ කසින් අයිය මෙහෙ හොස්පිටල් එකක ICU කන්සල්ටන්ට් කෙනෙක්. උගේ ICU එකේ වෙන්ටිලේට්ර් එකට ගහල හිටපු එකෙක්වත් චෙක් කරන්න බැහැ කිවුව කියල ඌ යකා නටල තිබුන. මේ වගේ සීන් හින්ද තමයි මේක UK වල මෙච්චර පැතිරුනේ.

    බ්‍රිතාන්‍යයේ කිසිම වැසියෙක් සෞඛ්‍ය සේවයට කිසිම විවේචනයක් නොකරයි.
    ලංකාවෙ වගේ තමයි. ඩොකාල, නර්ස්ල අම්බානක අමාරුවෙන් වැඩ නිසා මිනිස්සු පැහැදිලා ඉන්නවා. පරිපාලනයටනම් අම්ම මුත්තා නැතුව බනිනවා.

    මම ෆේස්බුක් එකේ නෑ. ඉන්න එකෙක් පුලුවන්නම් මේක ලියපු එකාට රිප්ලයි එකක් විදිහට මේ ටික දාපන්.

    (fb)
     
    • Like
    Reactions: Bart_Allen

    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,783
    6,339
    113
    මිලි මීටර් 2 ඝණකම එකෙන් 24 වතාවක් වහන එකේ, මිලි මීටර් 48 ඝණකම තහඩුවෙන් එක පාර වහන්න පුලුවන්.

    :lol:
     

    HASITHA DIMANTHA

    Well-known member
  • Mar 7, 2009
    7,709
    535
    113
    Kandy
    Apith England thama bn..oka liyapu eka innawa aththe wenama lokeka.

    Samaharak ewa liyala thiyenne puduma tharakin. kiyala thiyena pacha. lol
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,700
    28,629
    113
    I'm sure people who used to live in Roman empire must have thought the same. That their empire will never fall. :yes: This is a common symptom among people who are ignorant of history :yes:

    Monewa unath mu lankawata banela nane...Mu UK welata yanna gaththu decision eke defend kerana eke witherai keranne...:lol:
     

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    එංගලන්තෙ වහලෙක්.
    සසර වසන තුරු
    නිවන් දකින තුරු
    පින්කෙත හෙළ රන් දෙරණේ
    යලි උපදින්නට
    හේතු වාසනා වේවා!!!
     
    Last edited:

    madbuddy

    Active member
  • Feb 6, 2010
    712
    169
    43
    muthu ate....
    ඔබේ ගමේ නගරයේ තියෙන ATM මැෂින් එකෙන් ඔබ ගන්න හැම රුපියලක් ගානෙම Money Transaction එක සිදුවෙන්නේ London හරහා බව - Joke of the century
     

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,228
    20,300
    113
    අපි කුහකයො

    ඔයා හරි හොඳ ඇති නේ :lol:

    අනේ වාසනාවන් ඔහෙටම වෙලා ඉඳපං

    තොපිට එන්ඩ දීල, අද අපිට එලියට බැහැගන්ඩ විදියක් නෑ

    :rofl::rofl::rofl::baffled:
     

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,228
    20,300
    113
    ඔබේ ගමේ නගරයේ තියෙන ATM මැෂින් එකෙන් ඔබ ගන්න හැම රුපියලක් ගානෙම Money Transaction එක සිදුවෙන්නේ London හරහා බව - Joke of the century

    Lanka pay eken nemeida?
     

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,692
    5,626
    113
    http://nethgossip.lk/article/36188
    මෙන්න අද තත්වේ ඔය කියන සුර පුරේ

    බ්‍රිතාන්‍යයේ ලන්ඩන් නුවර රෝහලකින් මුඛ ආවරණ තුනක් සොරකම් කළ පුද්ගලයකුට මාස තුනක සිර දඬුවමක් නියම කර ඇත. මෙම දඬුවම නියම වී ඇත්තේ 34 හැවිරිදි ලෙරුන් හුසේන්ටය.

    ඔහු ලන්ඩනයේ ‘කින්ස් කොලේ රෝහලෙන්’ ඉකුත් ඉරිදා මුඛ ආවරණ තුනක් සොරකම් කර ඇත. එම සොරකමට වැරැදිකරු තමන් යැයි හෙතෙම ලන්ඩන් මහේස්ත්‍රාත් උසාවියේදී පිළිගෙන ඇත . අධිකරණ නියෝග කඩකිරීමත් රෝහලකින් සොරකම් කිරීමත් යන චෝදනාවලට සැක කර හෙතෙම අත්අඩංගුවට ගැනිණි.

    මේ අතර රෝහලේ තිබූ එකම මුඛ ආවරණ පෙට්ටිය සොරකම් කර ඇති බවත් එය නැවත ගෙනැවිත් දෙන්නැයි ද වෛද්‍යවරුන් ඉල්ලීමක් කර තිබිණි. මෙම සොරකම් සම්බන්ධයෙන් අවධානයෙන් සිටින බව පොලිසිය සඳහන් කළේය. වසංගතය ව්‍යාප්ත වීමත් කොරෝනා වයිරසයට සම්බන්ධ සිදුවීම්වලට පුද්ගලයන් කිහිපදෙනකුම මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිසිය කීය.

    කෙළ ගසා වයිරසය පොලිස් නිලධාරීන්ට බෝ කරන බවට තර්ජනය කළ පුද්ගලයකු උතුරු ලන්ඩනයේදී අත්අඩංගුවට ගත් බව ද පොලිසිය සඳහන් කළේය.
     

    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    ඔබේ ගමේ නගරයේ තියෙන ATM මැෂින් එකෙන් ඔබ ගන්න හැම රුපියලක් ගානෙම Money Transaction එක සිදුවෙන්නේ London හරහා බව - Joke of the century

    මොකද්ද මේ සීන් එක?