Coronavirus (Covid19) Megathread #3

Status
Not open for further replies.

Dharatha

Well-known member
  • Dec 29, 2006
    14,646
    4,494
    113
    Health infrastructure nemei life expectancy ne balanne HDI. Ekath SL Ecuador similar (76)

    Me wage pandemic ekakadi economy ekai population density ekai godak balapanawane ekai mama baluwe Ecuador mechchara kelawune mokada kiyala.

    Life expectancy wadi wenawane hoda health system thiyeddi..Ecuador overall life standard apita wada palehain thiyenne
     

    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    චයිනා වලත් වයිරස් එකෙන් සුව උන අයටත් ආයේ පොසිටිව් වෙනවාලු
    ඒක නිසා එයාපෝර්ට් හාබර් වහලා තිබුනත් අවදානමක් තියෙනවා
    මේක ලේසියෙන් කොන්ට්‍රෝල් කළා කියලා ඇදිරිනීතිය අයින් කරන එකත් ලොකු රිස්ක් එකක්
     

    Anonymous_Abstract

    Well-known member
  • Aug 7, 2018
    6,036
    4,566
    113
    Messier 87
    චයිනා වලත් වයිරස් එකෙන් සුව උන අයටත් ආයේ පොසිටිව් වෙනවාලු
    ඒක නිසා එයාපෝර්ට් හාබර් වහලා තිබුනත් අවදානමක් තියෙනවා
    මේක ලේසියෙන් කොන්ට්‍රෝල් කළා කියලා ඇදිරිනීතිය අයින් කරන එකත් ලොකු රිස්ක් එකක්

    meka loku prashnayk. ekko anti-bodies valata okath ekka fight karanna puluwan vunata vinasha karanna berida danna na ? . ekko unge immune eka weak
     

    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,484
    113
    අපේ ගෙදර
    චයිනා වලත් වයිරස් එකෙන් සුව උන අයටත් ආයේ පොසිටිව් වෙනවාලු
    ඒක නිසා එයාපෝර්ට් හාබර් වහලා තිබුනත් අවදානමක් තියෙනවා
    මේක ලේසියෙන් කොන්ට්‍රෝල් කළා කියලා ඇදිරිනීතිය අයින් කරන එකත් ලොකු රිස්ක් එකක්

    Yes
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    චයිනා වලත් වයිරස් එකෙන් සුව උන අයටත් ආයේ පොසිටිව් වෙනවාලු
    ඒක නිසා එයාපෝර්ට් හාබර් වහලා තිබුනත් අවදානමක් තියෙනවා
    මේක ලේසියෙන් කොන්ට්‍රෝල් කළා කියලා ඇදිරිනීතිය අයින් කරන එකත් ලොකු රිස්ක් එකක්

    meka loku prashnayk. ekko anti-bodies valata okath ekka fight karanna puluwan vunata vinasha karanna berida danna na ? . ekko unge immune eka weak

    එහෙම නෙමේ , හැදිල හොද උනාට පස්සෙ ආයෙ හැදෙනව නම් අනිව කොරෝනා වල ප්‍රබේද තියෙනව..ඒක තාම WHO එකෙන් හොයාගෙන නැ..

    චිනෙ කොරෝනා හැදුන කෙනෙක්ට ආයෙ හැදිල කියල කන්ෆර්ම් නම්, අනිව කොරෝනාවෙ ප්‍රබේද තියෙනව ,එක්කො ප්‍රබේද හදාගන්ඩ පුලුවන් වෙන්ඩ දියුනු වෙලා, බයානකයි එහෙම උනොත්..

    බයානකම දේ එන්නතක් හදන්ඩ බැ එහෙම උනොත්, ඒත් ඔය ආයෙ ආයෙ හැදෙන කතාව කොච්චර දුරට නිවරදිද කියල හොයන්ඩම වෙනව..යුරෝපා පරික්ශන යනව ඒවගෙන් අහුවෙලා නම් නැ..:no:
     
    Last edited:

    megatrends

    Member
    Jun 5, 2015
    525
    23
    0
    Colombo
    එහෙම නෙමේ , හැදිල හොද උනාට පස්සෙ ආයෙ හැදෙනව නම් අනිව කොරෝනා වල ප්‍රබේද තියෙනව..ඒක තාම WHO එකෙන් හොයාගෙන නැ..

    චිනෙ කොරෝනා හැදුන කෙනෙක්ට ආයෙ හැදිල කියල කන්ෆර්ම් නම්, අනිව කොරෝනාවෙ ප්‍රබේද තියෙනව ,එක්කො ප්‍රබේද හදාගන්ඩ පුලුවන් වෙන්ඩ දියුනු වෙලා, බයානකයි එහෙම උනොත්..

    බයානකම දේ එන්නතක් හදන්ඩ බැ එහෙම උනොත්, ඒත් ඔය ආයෙ ආයෙ හැදෙන කතාව කොච්චර දුරට නිවරදිද කියල හොයන්ඩම වෙනව..යුරෝපා පරික්ශන යනව ඒවගෙන් අහුවෙලා නම් නැ..:no:

    ඇදිරි නීතය අඉන් කලත් නීති දාලා ඕනෙ නැති මගුල් වලට මිනිස්සු රැස් වෙන එක තහනම් කරන්න ඕන. නැත්නම් රටේ හරක් ටික ආයෙ හුකාරිස් කරගන්නවා පාටි දාල පුක් ගහලා....!

    South Korea reports recovered coronavirus patients testing positive again

    https://uk.reuters.com/article/us-h...patients-testing-positive-again-idUKKCN21S15X
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඇදිරි නීතය අඉන් කලත් නීති දාලා ඕනෙ නැති මගුල් වලට මිනිස්සු රැස් වෙන එක තහනම් කරන්න ඕන. නැත්නම් රටේ හරක් ටික ආයෙ හුකාරිස් කරගන්නවා පාටි දාල පුක් ගහලා....!

    South Korea reports recovered coronavirus patients testing positive again

    https://uk.reuters.com/article/us-h...patients-testing-positive-again-idUKKCN21S15X

    ඔය නිවුස් එක 100%ක් හරි නම්, කොරෝනා එන්නතක් හැදිමේ ප්‍රයෝජනය සීමා සහිත වෙනව..ප්‍රබේද හට ගන්න වයිරස් වලට එන්නත් වැඩ කරන්නෙ නැ ..ඒක ලොකු ගැටලුවක් වෙනව ..

    සoචරණ සිමා පැනවිම හැමදාටම ප්‍රායෝගික වෙන්නෙ නැ, එකම විසදුම දුපතක් විමේ වාසිය ගන්න එක ..
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,733
    28,645
    113
    Exactly what we were discussing! Can they be practically implemented? Point 3? GMOA eke decision ganne elakiri balela :P


    FB_IMG_1586676177941.jpg
     

    Gunther

    Well-known member
  • Jun 6, 2017
    3,732
    4,083
    113
    එහෙම නෙමේ , හැදිල හොද උනාට පස්සෙ ආයෙ හැදෙනව නම් අනිව කොරෝනා වල ප්‍රබේද තියෙනව..ඒක තාම WHO එකෙන් හොයාගෙන නැ..

    චිනෙ කොරෝනා හැදුන කෙනෙක්ට ආයෙ හැදිල කියල කන්ෆර්ම් නම්, අනිව කොරෝනාවෙ ප්‍රබේද තියෙනව ,එක්කො ප්‍රබේද හදාගන්ඩ පුලුවන් වෙන්ඩ දියුනු වෙලා, බයානකයි එහෙම උනොත්..

    බයානකම දේ එන්නතක් හදන්ඩ බැ එහෙම උනොත්, ඒත් ඔය ආයෙ ආයෙ හැදෙන කතාව කොච්චර දුරට නිවරදිද කියල හොයන්ඩම වෙනව..යුරෝපා පරික්ශන යනව ඒවගෙන් අහුවෙලා නම් නැ..:no:

    මේ corona සීන් එකේදී WHO එක පට්ට slow. :(
     

    Suitcase

    Well-known member
  • Dec 23, 2018
    1,728
    402
    83
    How China BEat CORONA

    මීට මාසයකට පෙර කොරෝනා ගැන කියද්දී කවුරුත් වැඩිපුර කතා කළේ චීනයේ වුහාන් ගැන පමණකි. දැන් එවැනි කතාවක් නැත.චීනයට ඔයිට වඩා හානියක් කොරෝනා නිසා වුණාට සංඛ්‍යාන දත්ත පෙන්නුවේ අඩුවෙන් බව ඇතැම් තැනක කියැවුණි. කෙසේ වෙතත් එරටේ මෙම රෝගය දැන් පාලනය වී ඇති බව නම් ඇත්තකි.චීන්නු කොරෝනාව පාලනය කර ගත්තේ
    කොහොම ද? යන්න දැන් සමහරුන් අසන පැනයකි. මේ සමග පළවන්නේ ඒ ගැන පළවූ ලිපියකි.



    මේ ලෙඩේ ඉස්සරහට එද්දි මුලින්ම ප්‍රසිද්ධ වුණේ මධ්‍යම චීනයේ තියෙන වූ-හන් නගරය. ඊට පස්සේ අපි හූ-පෙයි පළාත ගැනත් දැන ගත්තා. ඉතින් දැන් නම් අපිට පෙයි-චිං, ෂං-හයි නගර දෙකේ නම් වගේම වූ-හන් නගරයේ නමත් ඒ නගරය පිහිටලා තියෙන හූ-පෙයි පළාතේ නමත් හොඳටම හුරුයි. 2020 අවුරුද්දේ උදාවත් එක්ක හෙමින් හෙමින් ඉස්සරහට ආපු කොරෝනාව වේගයෙන් පැතිරෙන්න පුළුවන් බව තහවුරු වුණේ ජනවාරි 23 වෙද්දි. ඊට පහුවදා රෑ වෙද්දි චීනයේ අලුත් අවුරුද්ද උදා වෙනවා. ඉතින් ඒ වෙද්දිත් කෝටි ගණනක් මිනිස්සු අවුරුද්දට ගෙදර යන්න මහ පාරට ඇවිල්ලා ඉවරයි.

    ඇතිවෙමින් තිබුණු අනතුරේ තරම චීන ආණ්ඩුව තේරුම් ගත්තා. ඉතින් ජනවාරි 23 වැනි දා උදේ දහය වෙද්දි වූ-හන් නගරය මුළුමනින් ම වහලා දාන්න චීන ආණ්ඩුව කටයුතු කළා. තවත් දවසක් දෙකක් යද්දි හූ-පෙයි පළාතේ තවත් නගරවලින් ලෙඩේ වාර්තා වෙන්න පටන් ගත්තා. ඒ එක්කම ඒ නගරත් වහලා දාන්න චීන ආණ්ඩුව කටයුතු කළා.

    ඒකීය රටක් විදිහට පාලනය වෙන චීනයේ පරිපාලනය ඉතාමත් හොඳින් පෙළගස්සවපු එකක්. මේ පරිපාලන යාන්ත්‍රණයේ ඉහළින්ම තියෙන්නේ මධ්‍යම ආණ්ඩුව. ඒකට යටින් පළාත්, පළාත් මට්ටමේ නගර, ස්වායත්ත සහ විශේෂ පරිපාලන ප්‍රදේශ තියෙනවා. ඒ දෙවැනි මට්ටමේ පරිපාලන ඒකකවලට යටින් කෝරළ සහ ඒවාට අයිති නගර තියෙනවා. ඒක තමයි තුන්වැනි මට්ටම. ඊටත් යටින් තමයි ගම්මාන තියෙන්නේ.

    වූ-හන් වගේ ප්‍රධාන නගර වහන අතරම ලෙඩේ ඉස්මතු වෙන කුඩා ඒකකත් වෙන වෙනම වහලා දාන්නත් නියෝග ලැබුණා. කිසියම් මහල් නිවාසයකින් ලෙඩෙක් හොයා ගත්තොත් ඒ මහල් නිවාසය මුළුමනින්ම වහලා දැම්මා. යම් ගමකින් ලෙඩෙක් මුණ ගැහුණොත් ඒ ගම්මානය මුළුමනින්ම වහලා දැම්මා. ඒ විදිහට වහපු තැන්වල අයට කිසිම ආකාරයකින් පිටට යන්න බෑ. ඒ අය තමන්ගේ ගෙවල්වලටම වෙලා ඉන්න ඕන. ඒ අයට ඕන කරන දේවල් මං-ගත (ඔන්ලයින්) ආකාරයට මිල දී ගන්න පහසුකම් සලස්වලා තිබුණා. ඒ විදිහට මිල දී ගන්න දේවල් ඒ අයගේ ගෙදර දොර ගාවට ගෙනැල්ලා දෙන එක කළේ ඒ වහපු තැන් පාලනයට පත් කරපු අය. ඉතින් මේ මොකක් වැහුවත් මිනිස්සු බඩගින්නේ මැරුණේ නෑ.

    චීනයේ ප්‍රචලිත වෙලා තියෙන වී-චැට් සහ අලි-පේ වගේ ගෙවීම් ක්‍රම හින්දා මංගත ක්‍රමයට බඩු ගන්න එක හරිම පහසුයි. ඉතින් නගර, ගම්මාන, මහල් නිවාස වැහුවා කියලා බඩු ගන්න එක නැවතුණේ නෑ. මේ වැඩේ හින්දා මිනිස්සුන්ට නිකම් කන්න දෙන්න ඕන වුණෙත් නෑ. ජංගම දුරකථන, පරිගණක හරහා ගනුදෙනු කරන්නෙත් චීන භාෂාවෙන්නේ. ඉතින් මංගත විදිහට බඩු ගන්න එක ආච්චි අම්මලාට පවා කරන්න පුළුවන් වැඩක්. තොරතුරු තාක්‍ෂණය සහ ඉංග්‍රීසි කියන්නේ දෙකක් කියලා චීන මිනිස්සු දන්නවා.

    වූහන් වගේ වහපු නගර ඇතුළේ මගී ප්‍රවාහන කටයුතුත් සම්පූර්ණයෙන්ම නැවැත්තුවා. ජනවාරි 25 වැනි දා අවුරුද්ද උදාවුණු හින්දා රට පුරාම මගී ප්‍රවාහනය පාලනය කරන එක හරිම අමාරු වැඩක්. ඒත් පුළුවන් තරමින් පවතින වාතාවරණය සලකලා මගී ප්‍රවාහන කටයුතු සීමා කරන්න චීන ආණ්ඩුව කටයුතු කළා. ඒ යටතේ බස් සේවා, දුම්රිය සේවා, අභ්‍යන්තර ගුවන් සේවා, අභ්‍යන්තර නාවික සේවා සීමා කෙරුණා.

    යම් අනතුරක්, ආපදාවක් වෙච්ච වෙලාවට අදාළ ප්‍රදේශවලට අවශ්‍ය පිරිස් කණ්ඩායම් විදිහට පිටත් කරලා යවන එක චීන ආණ්ඩුව කොහොමත් කරන වැඩක්. මහ ගංවතුරක් ඇති වෙච්ච වෙලාවට, භූමි කම්පාවක් සිද්ද වෙච්ච වෙලාවට මේ වැඩේ කරනවා. මේ වගේ වසංගතයක් ඇති වුණාමත් මේ වැඩේ ඒ විදිහටම කරන්න වෙනවා. ඉතින් මේ වතාවෙත් ඒ වැඩේ ඉතාමත් පිළිවෙළට සිද්ධ වුණා. හැම පලාතකින්ම ආධාරක වෛද්‍ය කණ්ඩායම් වූහන් නගරයට සහ අදාළ අනෙකුත් ප්‍රදේශවලට පිටත් වෙලා ගියා. ඇත්තෙන්ම මේ විදිහට යවන්නේ වෛද්‍ය කණ්ඩායම් විතරක් නම් නෙවෙයි. ඉංජිනේරුවෝ, විදුලිය සහ ජල සේවා සැපැයීම්වලට අදාළ කාර්මිකයෝ, අනෙකුත් කම්කරුවෝ, කසළ සෝධකයෝ පවා කණ්ඩායම් විදිහට ඒ අවදානම් ප්‍රදේශවලට පිටත් වෙලා යනවා. මේ සඳහා අවශ්‍ය නිවේදන ලැබුණාම කවුරුවත් ඒක මග හරින්නේ නෑ. මේක හරියට යුද්ධයකට හමුදාව පිටත් කරනවා වගේ වැඩක්. මේ වගේ වැඩකට සම්බන්ධ වෙනවා කියන්නේ තමන්ගේ පවුලට ආඩම්බර වෙන්න පුළුවන් දෙයක් කියලා පිළිගැනීමක් චීන සමාජයේ තියෙනවා. ඉතින් මෙහෙම වැඩකට ගිහිල්ලා ජීවිතය නැති වුණත් ඒක කම්පාවට කාරණයක් විදිහට සැලකෙන්නේ නෑ.

    මේ වගේ වෙලාවට චීන ආණ්ඩුව කරන ඊළඟ මූලිකම වැඩේ තමයි අදාළ අවදානම් ප්‍රදේශවලට අවශ්‍ය හැම දෙයක්ම යොමු කරවන වැඩේ. හැම පළාතකින්ම මේක කරන්න ඕන. මේ වැඩෙත් එක්ක වූහන් නගරයට සහ හූ-පෙයි පළාතට විශාල වශයෙන් මුඛ ආවරණ, විටමින් සී වගේ දේවල් අවශ්‍ය වුණා. ඉතින් හැම පළාතකින්ම මේ තොග ඒ ප්‍රදේශවලට පිටත් කළා. මේ ආපදාව ඇති වුණාට පස්සේ වූහන් නගරයට විටමින් සී ටොන් පනහකට වඩා ලැබුණු බවක් කියනවා. අවදානම් ප්‍රදේශවලට ඕනවටත් වඩා මුඛ ආවරණ ලැබුණා. ඉතින් දැන් ඒ ප්‍රදේශවල මුඛ ආවරණ අතිරික්තයකුත් තියෙනවා.

    මේ භාණ්ඩ ප්‍රවාහනයට සහ තවත් බොහෝ පහසුකම් සපයන වැඩවලට හමුදාව දායක වෙනවා. අපේ රටේ වුණත් එහෙමනේ. හමුදාව සම්බන්ධ කරගත්තාම මේ වැඩවල කාර්යක්‍ෂම බව ගැන ලොකු සහතිකයක් තියෙනවා. හමුදා භටයෝ කොහොමත් තමන්ගේ ජීවිත අවදානම ගැන හිතන්නේ නෑනේ. ඒ කොහොම වුණත් සාමාන්‍ය වැඩට සම්බන්ධ වෙන්නේ අදාළ අංශවල පුහුණුව තියෙන සිවිල් ජනතාව. හමුදාවෙන් ඒ අයට ලැබෙන්නේ උදව්වක් විතරයි.



    චීනයේ හැම බටහිර රෝහලකම චීන වෛද්‍ය අංශයක් අනිවාර්යයෙන් ම තියෙන්න ඕන. ඒක නීතියෙන්ම නියම කෙරිච්ච දෙයක්. ඉතින් කොරෝනාව හින්දා ඉස්පිරිතාලවලට ඇතුළු කරපු ලෙඩ්ඩුන්ට බටහිර වෛද්‍ය පහසුකම් සහ සේවා වගේම චීන වෙදකමේ ප්‍රතිකාරත් අඩුවක් නැතුව ලැබුණා. කොහොම වුණත් කටු ගැහීම, සම්භාහනය කිරීම වගේ ක්‍රම මේ වැඩේට යොදා ගත්තේ නෑ. කට ඇරලා දිව බලන එකත් සිද්ධ කළේ නෑ. නාඩි බලද්දි වුණත් අත උඩින් රෙදි කෑල්ලක් තියලා තමයි ඒ වැඩේ කළේ.

    ඒ එක්කම විවිධාකාර චීන වෙද වට්ටෝරුත් මිනිස්සු අතර ප්‍රසිද්ධ වෙන්න පටන් ගත්තා. ඇමෙරිකානු ජනපද සංගමයේ සියැටල්වල ඉන්න චීන වෛද්‍යතුමියක් නියම කරපු වට්ටෝරුවක් පෙයි-චිං නගරයේ පවා ප්‍රසිද්ධ වෙලා තියෙනවා. ඒක බොන බෙහෙතක් නෙවෙයි. බෙහෙත් වර්ග සෑහෙන ප්‍රමාණයක් එකතු කරලා හදන පුංචි පොට්ටනියක් තමන් ළඟ තියාගන්න එක තමයි ඒ වැඩේ. ඉතින් සමහරු ඒ පොට්ටනිය හදාගෙන තමන්ගේ සාක්කුවේ තියාගෙන ඉන්නවා. මේ විදිහේ සාම්ප්‍රදායික ක්‍රම සෑහෙන ප්‍රමාණයක් කොරෝනා ලෙඩෙත් එක්ක මිනිස්සු අතරට ආවා. මේ ක්‍රමවලට ගරහන සිරිතක් චීනයේ නෑ. චීනයේ ඉන්න බටහිර වෛද්‍යවරු පවා මේ ක්‍රම අගය කරනවා.:love: ඉතින් මේකත් චීනයේ කොරෝනාව පාලනය කර ගන්න උදව් වෙච්ච කාරණයක් බවට සැකයක් නෑ.

    ලෙඩේ පැතිරෙන එක වළක්වන්න ඕන කරන වැඩ මහ විශාල ප්‍රමාණයකුත් විවිධ මට්ටම්වලින් ක්‍රියාත්මක වුණා. ලෙඩේ පටන් ගත්ත කාලේම වූහන් නගරය තියෙන හූ-පෙයි පළාතේ ඉඳලා අනෙක් ප්‍රදේශවලට ආපු අය ඉන්න ගෙවල් හඳුනාගෙන ලකුණු කරන වැඩේ තමයි මුලින් ම කළේ. ඒ අයගේ ගෙවල්වල දොරේ රතු පාට දැන්වීමක් ඇලෙව්වා. ඒ ගෙවල්වල අයට අනිත් අයත් එක්ක ගනුදෙනු කරන එක තහනම් කළා. ඉතින් ඒ ගෙවල්වල අය ඒ තැන්වලම නිරෝධායනය වෙන්න පටන් ගත්තා. පහුගිය දවස්වල ඉතාලියේ ඉඳලා අපේ රටට ආපු අයව හඳුනා ගන්න වැඩේ එක්ක මේක සන්සන්දනය කරන්න පුළුවන්.

    හැම මහල් නිවාසයකම සහ ගම්මානයකම ඉන්න අයට ඇතුළුවීමේ, පිටවීමේ බලපත්‍ර ලබා දුන්නා. ඒ ජනාවාසවලට ඇතුළුවෙන අය පරීක්‍ෂා කරන්න නිලධාරින් දෙන්නා බැගින් පත් කරලා තිබුණා. මේ අය ඇත්තෙන්ම ස්ථීර රස්සා කරන මිනිස්සු නෙවෙයි. මේකත් හරියට කොටි ප්‍රශ්නය තියෙන කාලේ අපේ රටේ පිහිටුවපු සිවිල් ආරක්‍ෂක කමිටු වගේ තමයි. ඒ සිවිල් ආරක්‍ෂකයෝ තමයි හැම ජනාවාසයක්ම මුර කරන්නේ. ඒ අයට මේ රාජකාරි පවරලා තිබුණේ වගකීම් විදිහට. ඉතින් මේවා පැහැර හරින්න කවුරුවත් උත්සාහ කරන්නේ නෑ.

    මංගත විදිහට මිල දී ගන්න බඩු ඉස්සර වගේ ගෙයක් ගානේ බෙදුවේ නෑ. ඒ බඩු තියන්න තැනක් සිවිල් ආරක්‍ෂකයෝ රැඳිලා ඉන්න තැන්වලම හදලා තිබුණා. බඩු බෙදන අය ඇවිල්ලා දුරකථන ඇමතුමක් දුන්නාම ගෙදර කෙනෙක් එතෙන්ට එනවා. බඩු බෙදන්නා දුර ඉඳලාම ඒ කෙනාගේ අනන්‍යතාව තහවුරු කරගෙන භාණ්ඩය අදාළ තැනින් තියලා යන්න යනවා. අදාළ කෙනා තමන්ගේ භාණ්ඩ ඇරගෙන ‍යනවා. ඉතින් එළවළුවක් ගන්නවත් වෙළෙඳපොළට යන්න ඕන නෑ.

    ලෙඩේ එච්චර තදින් පැතිරිච්ච නැති තැන්වල වෙළෙඳසල් විවෘත කරලා තිබුණා. ඒත් මිල දී ගැනීම් සිද්දවුණේ මංගත විදිහටමයි. මංගත විදිහට ඇණවුම් කරපු බඩු ගෙනියන්න වෙලාවක් දෙනවා. බඩු ගන්න කෙනාට පුළුවන් ඒ වෙලාවට වෙළෙඳසලේ ඉස්සරහ දොර ළඟට ගිහිල්ලා තමන්ගේ බඩු ඇරගෙන එන්න. ලැබිච්ච ඇණවුමේ හැටියට බඩු මල්ල සූදානම් කරලා තියෙනවා. මිනිස්සුන්ට වෙළෙඳසලට ඇතුළු වෙන්න ඉඩක් ලැබෙන්නේ නෑ.

    බැංකුවලට පවා මිනිස්සු ඇතුළත් කර ගත්තේ දහ දෙනාගේ උපරිමයකට යටත් කරලා. ඒ කියන්නේ උදේ බැංකුව ඇරියාම දහ දෙනෙක්ට ඇතුළු වෙන්න පුළුවන්. ඒ අය එළියට එන විදිහට තමයි අනිත් අය බැංකුවට ඇතුළත් කරන්නේ. ඇතුළේ ඉන්න ප්‍රමාණය මොන වෙලාවකවත් දහය ඉක්මවන්න බෑ.

    හැම තැනකටම ඇතුළු වෙද්දි උණ බැලුවා. තමන් පදිංචි මහල් නිවාසයට, ගම්මානයට ඇතුළු වෙද්දිත් ඒක සිද්ධ වුණා. අත් දෙක හෝද ගන්නත් සිද්ධ වුණා. පිටස්තරයෙක් නම් තමන්ගේ නම, දුරකථන අංකය සහ ලිපිනය ලියන්න ඕන.

    හැම පොදු ස්ථානයක්ම නිතරම විෂබීජහරණයට ලක් කළා. මේ වඩේ මහා මාර්ග, කාර්යාල, පොදු මගී ප්‍රවාහන සේවාවලට අමතරව මහල් නිවාස ඇතුළේ තියෙන පොදු තැන්වල පවා සිද්ධ වුණා. මහල් නිවාසවලට ඇතුළුවන විදුලි සෝපාන පැයෙන් පැයට පිරිසිදු කළා. ඒවාට අදාළ වාර්තා සටහන් පත්‍රිකා ඒ තැන්වල එල්ලලා තිබුණා. පිරිසිදු කරන්නෝ තමන්ට පවරපු වැඩේ කරලා ඒ බව සටහන් කරන්න ඕන. අධීක්‍ෂකයෝ ඒවා පරීක්‍ෂා කළා.

    මේ විදුලි සෝපානවල කඩදාසි රෝල් රඳවලා තිබුණා. සෝපානය පාවිච්චි කරන අය ඒකෙන් කඩදාසියක් කඩලා ඇරගෙන ඒක තියලා තමයි අදාළ මහල් අංකය ඔබන්න ඕන. ඒ කඩදාසිය දාන්න කුණු කූඩයකුත් විදුලි සෝපානය ඇතුළේම තියලා තිබුණා.

    ලෙඩේ තදින් පැතිරිච්ච නැති තැන්වල ආපනශාලා විවෘත කරලා තිබුණත් ඒවාට එක එක විදිහේ සීමා පැනෙව්වා. එක මේසයක වාඩි කරවන්න පුළුවන් වුණේ උපරිම වශයෙන් තුන් දෙනෙක් විතරයි. මේස වෙන් වෙන විදිහට රෙදිවලින් හරි වෙනත් පුවරුවලින් හරි ඒවා වෙන් කරලාත් තිබුණා. කොහොම වුනත් මේ වාතාවරණය ඇතුළේ ඒ තැන්වලින් කෑම කන එක අඩු වෙන බව අමුතුවෙන් කියන්න ඕන නෑ.

    වසංගත රෝග වැලඳිලා පරලොව යන මිනිස්සුන්ගේ මළ සිරුරු නෑදැයන්ට භාර දෙන සිරිතක් ලෝකයේ මොන රටකවත් නෑ. මේ කාරණය ගැන චීන මිනිස්සුන්ට හොඳ අවබෝධයක් තියෙනවා. ඉතින් අදාළ සිරුරු පුරුදු විදිහට ගෙවල්වල කෙරෙන අවමංගල චාරිත්‍රවලට භාර දෙන්නේ නැතුව ආදාහනය කරන වැඩේට කවුරුවත් විරුද්ධ වුනේ නෑ.

    මුඛ ආවරණ පලඳින්නේ නැතුව ගෙදරින් එළියට ඒම මුළුමනින්ම තහනම් කරලා තිබුණා. මොන රටක වුනත් නීතිවලට අවනත නැති, නාහෙට අහන්නේ නැති මිනිස්සු ඉන්නවා. ඒක චීනයටත් අදාළ දෙයක්. බොරු පතුරුවන්නොත් මේකට ඇතුළත්. මෙහෙම අයට නම් චීනයේ ලැබෙන්නේ හිර දඬුවම්.

    කොහොම වුනත් ඒ තරම් බරපතළ වැරැදි කරන්නේ නැති අයගෙන් හිර ගෙවල් පුරවන සිරිතක් චීනයේ නෑ. සුළු වැරැදිවලට යොමු වෙන අය ඒකෙන් වළක්වන්නේ ඒ අයගේ නම් අසාදු ලේඛනයකට ඇතුළත් කරලා. අසාදු ලේඛනයකට නම ඇතුළත් වුනොත් චීනයේ ජීවත් වෙන එක ලේසි නෑ. එහෙම අයට බැංකුවක් එක්ක ගනුදෙනු කරන්න බෑ. ඉස්කෝලෙකට, විශ්වවිද්‍යාලයකට ළමයෙක් දාගන්න ගියත් ප්‍රශ්න. ඒ විතරක් නෙවෙයි. දුම්රිය ටිකට් පතක්, ගුවන් ටිකට් පතක්වත් මිල දී ගන්න බෑ. ඉතින් ඒ වගේ දඬුවමකට ලක්වෙනවා කියන්නේ සමාජ තහංචියක් පැනෙව්වා වගේ තමයි. මේ ක්‍රමය හරහා නාහෙට අහන්නේ නැති මිනිස්සු මේච්චල් කරගන්න චීනයට පුළුවන් වෙලා තියෙනවා.
    11.gif


    හදිසි අවශ්‍යතා සඳහා ගොඩනැගිලි පවරා ගැනීමේ බලය ඕනෑම ආණ්ඩුවකට තියෙනවා. කොටි ප්‍රශ්නය තියෙද්දි අපේ හමුදාවත් සෑහෙන බිම් ප්‍රමාණයක් සහ ගොඩනැගිලි ප්‍රමාණයක් පවරාගෙන හිටියා. මේ කොරෝනා සටනේ දී චීන ආණ්ඩුවත් අවශ්‍යතාවේ විදිහට මේ වැඩේ කළා. ලෙඩේ තදින් පැතිරිච්ච තැන්වල වෛද්‍ය පරීක්‍ෂණ මධ්‍යස්ථාන පවත්වාගෙන යන්න හෝටල් ගොඩනැගිලි පවා පවරා ගත්තා. පිටස්තර පළාත්වලින් ගිය වෛද්‍ය කණ්ඩායම් මේ වගේ තැන්වල රැඳිලා සැක සහිත අයව පරීක්‍ෂා කළා. ඒ පරික්‍ෂාවෙන් ලෙඩේ තියෙනවා කියලා හඳුනා ගත්තොත් ඒ අයව අදාළ රෝහල්වලට යොමු කළා.

    කොරෝනා අනතුර මහා පරිමාණයෙන් පැතිරිච්ච වූහන් නගරයේ හුඕ-ෂන්-ෂන් (අග්නිදේව කන්ද) කියලා කාමර දාහක රෝහලක් දවස් දහයක් ඇතුළතත් ලෙයි-ෂන්-ෂන් (අකුණුදේව කන්ද) කියලා කාමර එක්දාස් හයසීයක් තියෙන රෝහලක් දවස් දොළහක් ඇතුළතත් හදපු බව අපිට අහන්න ලැබුණා. මේ ඉදිකිරීමේ මුල ඉඳලාම ඉතාමත් හොඳින් සැලසුම් කරලා සංවිධානාත්මක විදිහට කරන්න අදාළ වගකීම් පැවරිච්ච පිරිස්වලට පුළුවන් වුණා. මේ වැඩබිම්වල සවිකරපු ශබ්ද විකාශන යන්ත්‍රවලින් දේශාභිමාන ගී ප්‍රචාරය කෙරුණා. ඉතින් තමන් වැඩ කරන්නේ රට වෙනුවෙන් කියන හැඟීම හැමෝගේම හිත්වල පිරිලා තිබුණා.

    මේ හැම වැඩකටම ඕන කරන මුදල් ලැබුණේ ආණ්ඩුවෙන් විතරක් නෙවෙයි. අලිබාබා වගේ මහ සමාගම් වගේම පුංචි මිනිස්සුත් තමන්ට පුළුවන් තරමින් මුදල් සහ ද්‍රව්‍ය ආධාර අවශ්‍ය තැන්වලට ලබා දුන්නා. තාඕ ආගමික සම්මේලනයත් චීන බෞද්ධ සම්මේලනයත් මේ වැඩවලට විශාල වශයෙන් දායක වුණා. විදේශගත චීන ජාතිකයන්ගෙන් ලැබිච්ච දායකත්වයත් අති විශාලයි.

    මේ හැම දෙයක්ම මෙහෙයවපු පොදු කාරණයක් තියෙනවා. ඒ තමයි චීන මිනිස්සු තළ තියෙන දේශප්‍රේමය. මාඕවාදයේ ඉස්සරහින්ම තියෙන්නේ දේශප්‍රේමය මිසක් කොමියුනිස්ට් අදහස් නෙවෙයි. බොරුවට අටවා ගෙන තිබුණු කොමියුනිස්ට් ජාත්‍යන්තරය බිඳ වැටුණෙත් චීනයේ සමාජවාදීන් තමන්ගේ රටට මුල් තැනක් දීලා කටයුතු කරපු හින්දා. අපේ සමාජවාදීන්ට තියෙන ජාතිකත්ව අජීර්ණය චීනයේ සමාජවාදීන්ට නෑ.
    11.gif
    ඉතින් මුළු ලෝකයට ම ආදර්ශයක් සපයමින් කොරෝනාව පරද්දන්න චීන මිනිස්සුන්ට පුළුවන් වුණා.

    ආචාර්ය වරුණ චන්ද්‍රකීර්ති
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මේ corona සීන් එකේදී WHO එක පට්ට slow. :(

    :yes::yes: ඒක තමයි ලොකුම ප්‍රශ්නෙ, WHO ෆේල් විම අවුලක් ,ට්‍රම්ප් එතනදි හරි, ඕකුන්ට සතයක් දීල වැඩක් නැ..ලෝකේ සියලු රටවල් WHO එක දිහා බලන් ඉද්දි උන් කටකතා දිහා බලන් නිවේදද දදා ඉන්නව .. :dull:
     

    Suitcase

    Well-known member
  • Dec 23, 2018
    1,728
    402
    83
    Article eka 100% kma hari nathiwa athi.


    eth kiyala thiyena dewal chinnu gaththu actions hari watinwa

    unge unity eka gana kiyala wadak na
    niyama jathyalaya kiyanne eka.


    kohoma propaganda thibbath ratak widiyata issrahata yanwa
    11.gif

    anna ekayi wadagathma
    9.gif




    corona cheene mul kale hadenna gaththama math hithuwe un iwaretama iwarayi kiyala
    western media walin lankawe ewayin un saththu kana hati ehema pennala henama pilikul idea ekak deela thibbe.


    unge kaamawal gana nam kisima pahadeemak na:dull:


    eth onama dekin gathayuththk thiyenwa

    unge anith qulities hodayi:yes:
     

    Gunther

    Well-known member
  • Jun 6, 2017
    3,732
    4,083
    113
    :yes::yes: ඒක තමයි ලොකුම ප්‍රශ්නෙ, WHO ෆේල් විම අවුලක් ,ට්‍රම්ප් එතනදි හරි, ඕකුන්ට සතයක් දීල වැඩක් නැ..ලෝකේ සියලු රටවල් WHO එක දිහා බලන් ඉද්දි උන් කටකතා දිහා බලන් නිවේදද දදා ඉන්නව .. :dull:

    WHO investigating reports of COVID-19 reinfection


    April 11 (UPI) -- The World Health Organization said Saturday it's investigating reports that some individuals who have recovered from COVID-19 have been reinfected.

    "We are aware of these reports of individuals who have tested negative for COVID-19 using PCR [polymerase chain reaction] testing and then after some days testing positive again," said WHO spokeswoman Greta Isac in a statement sent to UPI. "We are closely liaising with our clinical experts and working hard to get more information on those individual cases."


    https://mobile.twitter.com/UPI/status/1249039147408359424


    let's wait and see...
     
    Last edited:

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,732
    98,782
    113
    ඔය නිවුස් එක 100%ක් හරි නම්, කොරෝනා එන්නතක් හැදිමේ ප්‍රයෝජනය සීමා සහිත වෙනව..ප්‍රබේද හට ගන්න වයිරස් වලට එන්නත් වැඩ කරන්නෙ නැ ..ඒක ලොකු ගැටලුවක් වෙනව ..

    සoචරණ සිමා පැනවිම හැමදාටම ප්‍රායෝගික වෙන්නෙ නැ, එකම විසදුම දුපතක් විමේ වාසිය ගන්න එක ..


    ඒ චාන්ස් එක නන් මිස් කරගත්ත දැන් කරන්න දෙයක් නෑ. :(:(
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හෙළයෙක්;25305387 said:



    ඒ චාන්ස් එක නන් මිස් කරගත්ත දැන් කරන්න දෙයක් නෑ. :(:(

    දුපතක් විමේ වාසිය පහසුවෙන් ගන්ඩ පුලුවන්.. රට ඇතුලෙ කේස් 0 කරපු ගමන් දුපතේ වාසිය නිකන්ම එනව සරලයි
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,732
    98,782
    113
    දුපතක් විමේ වාසිය පහසුවෙන් ගන්ඩ පුලුවන්.. රට ඇතුලෙ කේස් 0 කරපු ගමන් දුපතේ වාසිය නිකන්ම එනව සරලයි
    හාකො හාකො ඔයා කියන දෙයක් තමා ඉතින්. :yes::yes:
     
    Status
    Not open for further replies.