කොරෝනා වෛරසය ආසාදිත වූ බවට ඊයේ සහ පෙරේදා දින දෙකේදී සොයාගත් සියලු පුද්ගලයන් කිසිදු රෝග ලක්ෂණයක් පෙන්නුම් නොකළ අය බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සඳහන් කරයි.
එහි ලේකම් මහේන්ද‍්‍ර බාලසූරිය මහතා සඳහන් කරන්නේ මෙම පුද්ගලයන්ට වෛරසය වැළඳී ඇතැයි තහවුරු වූයේ ඔවුන් රඳවා සිටින නිරෝධායන මධ්‍යස්ථානවල දී කරන ලද පරීක්ෂණවලින් බවයි.
මේ තත්ත්වය මත ශ්‍රී ලංකාව තුළ හඳුනාගැනීමේ පරීක්ෂණ තවදුරටත් ඉහළ දැමිය යුතු බවද ඔහු කියා සිටියේය.