Coronavirus (Covid19) Megathread #3

Status
Not open for further replies.

pazzy12

Well-known member
  • Feb 16, 2011
    5,419
    6,636
    113
    Gedara
    බස්නාහිර පලාතෙ ගොඩක් තැන් වල අයින් කරල.. මෙකෙ හිටියා නේද පොන්සියෙක් දිගටම කියෙව්වෙ අවදානම් දිස්ත්‍රික්ක වල අයින් කරන්නෙ නෑ කියලා. බොරැ ටොන් පච ගහන්නෙ කවුද කියලා බලපන් දැන්
     

    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    රාත්‍රී 8.00 සිට පසුදා අළුයම 5.00 වෙනකන් ඇන්දිරිනිතිය දාන්නෙ රැට රැට හොරෙන් කොටු පනින උන්ව නවත්තන්න වෙන් ඇති :rolleyes:
     

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    අදත් කවුරුත් නලු. සිංහලු Are Safe !!!:yes::yes:

    මෙරට කොරෝනා ආසාධිතයින් සංඛ්‍යාව 248 දක්වා ඉහළට
    4PM

    ඊයේ අව්ස්සාවෙල මාබුල ලෙන් හම්බෙච කෙනා IDH එකෙ ICU එකට මාරු කරලා අවුරුදු 38 ක ARMY එකෙ කොල්ලෙක්.පොලොන්නරුව කම්ප් එකෙ ඉදල් ගෙදර අවිත් තියෙන්නේ.ගෙදර ඉන්න සතියක් යන්න කලින් ආමාරු වෙලා.දනට එ පත්ත වහලා 21ක් නිරෝධායනයට යවලා.

    ඕකනේ ඉතින් කරන්න බැරි උබත් එක්ක..මුට නම් පුදුම කටක් තියෙන්නේ :shocked:
     

    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    රාත්‍රී 8.00 සිට පසුදා අළුයම 5.00 වෙනකන් ඇන්දිරිනිතිය දාන්නෙ රැට රැට හොරෙන් කොටු පනින උන්ව නවත්තන්න වෙන් ඇති :rolleyes:

    කොරෝනා == ග්‍රීස් යකා :P
     

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    බාර් ඇරලද එතකොට
    කර්ෆිව් අයින් කරන පැතිවලට ?
     

    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    කොරෝනා == ග්‍රීස් යකා :P

    කොහොම හරි වැඩෙ අල කරන්න හදන්නෙ අර නිරොදායනය වෙලා ගෙවල් වලට ගිය උනුයි එයාර්පෝර්ට් එකෙන් පැනපු උනුයි ලග වයිරස් එක නැත්තන් දවස ගානෙ අහු වෙන්නෙ මොක්කුද වැඩක් නැ චන්දෙට කන්න හදන්නෙ :sorry:
     

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,142
    2
    10,770
    113
    Home Sweet Home
    wadak na office yanna ba bamba closed Colombo 05 yanna ba moratuwa idan

    mt .lavina closed , watin yanna ba ne , kottawen yanna da ithn :oo::baffled:

    bus uth nathi weyi
     

    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,320
    6,076
    113
    ජන ජීවිතය යථාවත් කිරීමට
    ඇඳිරි නීතිය ලිහිල් කෙරේ.....

    කොරෝනා වෛරසය ව්‍යාප්තිය පාලනය කිරීම පිණිස පනවනු ලැබූ ඇඳිරි නීතිය ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීමේ අරමුණ ඇතිව ලිහිල් කිරිමට රජය තීරණය කරයි.

    අප්‍රේල් 20, සඳුදා සිට ඒ ඒ දිස්ත්‍රික්කවල සහ දිස්ත්‍රික්ක ඇතුළත පොලිස් බල ප්‍රදේශවල ඇඳිරි නීතිය පැනවීම සහ ඉවත් කිරීම සිදු වනුයේ මෙසේය.

    1) කොළඹ, ගම්පහ, කළුතර, පුත්තලම,මහනුවර, කෑගල්ල සහ අම්පාර දිස්ත්‍රික්ක හැර සෙසු දිස්ත්‍රික්කවල දැන් ක්‍රියාත්මක ඇඳිරි නීතිය අප්‍රේල් 20 සඳුදා උදේ 5.00ට ඉවත් කොට එදිනම රාත්‍රී 8.00 ට යළි පනවනු ලැබේ. ඉන්පසු නැවත දැනුම් දෙන තුරු මේ දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය සෑම දිනකම ක්‍රියාත්මක වනුයේ රාත්‍රී 8.00 සිට පසුදා අළුයම 5.00 දක්වා පමණි.

    2) මහනුවර, කෑගල්ල සහ අම්පාර දිස්ත්‍රික්කවල අලවතුගොඩ, අකුරණ, වරකාපොළ සහ අක්කරෙයිපත්තු පොලිස් බල ප්‍රදේශ තුළ ඇඳිරි නීතිය ඉවත් නොකොට දිගටම ක්‍රියාත්මක කෙරේ.
    මේ දිස්ත්‍රික්ක 03ට අයත් සෙසු පොලිස් බල ප්‍රදේශවල ඇඳිරි නීතිය අප්‍රේල් 20 සඳුදා සිට සෑම දිනකම උදේ 5.00ට ඉවත් කොට රාත්‍රී 8.00ට යළි පනවනු ලැබේ.

    3) කොළඹ, ගම්පහ, කළුතර සහ පුත්තලම දිස්ත්‍රික්කවල පහත සඳහන් පොලිස් බල ප්‍රදේශ හැර සෙසු පොලිස් බල ප්‍රදේශවල ඇඳිරි නීතිය අප්‍රේල් 22, බදාදා සිට උදේ 5.00 ට ඉවත්කොට රාත්‍රී 8.00ට යළි ක්‍රියාත්මක කෙරේ.
    මේ දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය ඉවත් නොකොට දිගටම ක්‍රියාත්මක පොලිස් බල ප්‍රදේශ වනුයේ,
    *කොළඹ දිස්ත්‍රික්කයට අයත් : කොටහේන, ග්‍රෑන්ඩ්පාස්, බම්බලපිටිය, කෙසෙල්වත්ත, මරදාන, ගොතටුව, මුල්ලේරියාව, වැල්ලම්පිටිය, ගල්කිස්ස, දෙහිවල සහ කොහුවල
    * ගම්පහ දිස්ත්‍රික්කයට අයත් : ජාඇල, කොච්චිකඩේ සහ සීදුව
    * පුත්තලම දිස්ත්‍රික්කයට අයත් : පුත්තලම, මාරවිල සහ වෙන්නප්පුව සහ
    * කළුතර දිස්ත්‍රික්කයට අයත් :බණ්ඩාරගම, පයාගල, බේරුවල සහ අළුත්ගම.

    4. මේ අනුව කොටහේන, ග්‍රෑන්ඩ්පාස්, බම්බලපිටිය, කෙසෙල්වත්ත, මරදාන, ගොතටුව, මුල්ලේරියාව, වැල්ලම්පිටිය, ගල්කිස්ස, දෙහිවල, කොහුවල, ජාඇල, කොච්චිකඩේ, සීදුව, පුත්තලම, මාරවිල, වෙන්නප්පුව, බණ්ඩාරගම, පයාගල, බේරුවල, අළුත්ගම, වරකාපොළ, අකුරණ, අලවතුගොඩ සහ අක්කරෙයිපත්තු යන පොලිස් බල ප්‍රදේශවල ඇඳිරි නීතිය ඉවත් කිරීමෙන් තොරව දිගටම ක්‍රියාත්මකව පවතී.

    ඇඳිරි නීතිය ලිහිල් කර ඇති යම් ප්‍රදේශයක් හෝ ගම්මානයක් හෝ අවදානම් කලාපයක් ලෙස හඳුනා ගතහොත් එකී ප්‍රදේශවලට සීමාවන පරිදි ඇඳිරි නීතිය පැනවීමට ඉඩ ඇත. කිසියම් ප්‍රදේශයක් හුදකලා ප්‍රදේශයක් ලෙස නම් කර ඇත්නම් කවරකුට හෝ ඊට ඇතුළුවීම සහ ඉන් පිටවයාම සම්පූර්ණයෙන් තහනම් වේ.

    ඇඳිරි නීතිය දිගටම ක්‍රියාත්මක පොලිස් බල ප්‍රදේශවල අත්‍යාවශ්‍ය සේවා සඳහා ප්‍රධාන මාර්ග ඔස්සේ ගමනාගමනයට ඉඩ ලැබේ. ඇඳිරි නිතීය ඉවත් කළ ප්‍රදේශවල ද ප්‍රධාන මාර්ග භාවිත කළ යුත්තේ රැකියා සඳහා යාම් ඊම් ඇතුළු අත්‍යාවශ්‍ය කාර්යයන් උදෙසා පමණි. දිස්ත්‍රික්ක අතර ගමනාගමනය රැකියා අවශ්‍යතා ඇතුළු අත්‍යාවශ්‍ය සේවා සඳහා පමණක් සීමා කර ඇත.

    පාසල්, විශ්වවිද්‍යාල, උපකාරක පංති සහ සෙසු අධ්‍යාපන ආයතන සහ සිනමා හල් නැවත දැනුම් දෙන තුරු වසා තැබිය යුතුය.ඇඳිරි නීතිය ලිහිල් කළ පසු දෙපාර්තමේන්තු සංස්ථා, බැංකු ඇතුළු රාජ්‍ය ආයතන සාමාන්‍ය පරිදි ක්‍රියාත්මකව තැබේ.

    කොළඹ දිස්ත්‍රික්කය ඇතුළත රාජ්‍ය ආයතනවල සේවක පිරිසෙන් 1/3 ක් සේවයට වාර්තා කළ යුතුය. සෙසු දිස්ත්‍රික්කවල පිහිටි රාජ්‍ය ආයතනවල කාර්ය මණ්ඩලයෙන් සේවයට වාර්තා කළයුතු පිරිස 50% කි. සියලු රාජ්‍ය ආයතනවල සේවයට වාර්තා නොකරන කාර්ය මණ්ඩල සාමාජිකයන් නිවසේ සිට සිය රාජකාරි ඉටු කළ යුතු බව නියම කර ඇත. එක් එක් ආයතනයේ සේවයට වාර්තා කළ යුතු සේවක සංඛ්‍යාව සහ පැමිණිය යුතු සේවකයන් කවුරුන්ද යන්න ආයතන ප්‍රධානියාගේ අභිමතය අනුව තීරණය කිරීමට පිළිවන. යම් දවසක කාර්ය මණ්ඩලයෙන් සේවයට කැඳවන 1/3 ට සහ 50% ට අයත් පිරිස වෙනුවට ඊළග දවසේ වෙනත් පිරිසක් තෝරා ගැනීමට ආයතන ප්‍රධානීන්ට නිදහස තිබේ.

    කාර්යාල විවෘත කොට පවත්වාගෙන යාමේදී කොරෝනා වෛරසය පාලනය පිණිස සෞඛ්‍ය බලධාරීන් නියම කර ඇති පිළිවෙත් මුලුමනින්ම අනුගමනය කළ යුතුය. සෞඛ්‍ය පිළිවෙත් අනුගමනය කිරීමට අවශ්‍ය පහසුකම් සැලසීම ආයතන ප්‍රධානියාගේ වගකීමකි.

    පෞද්ගලික අංශයේ ආයතන උදේ 10.00ට විවෘත කරන ලෙස නියම කෙරේ. පෞද්ගලික ආයතනවල සේවයට වාර්තා කළ යුතු සංඛ්‍යාව සහ පැමිණිය යුතු සේවකයන් කවුරුන්ද යන්න ආයතන ප්‍රධානීන් තීරණය කළ යුතුය. මේ ආයතන ද සෞඛ්‍ය බලධාරීන් නියම කර ඇති කොරෝනා පාලන පිළිවෙත් අකුරටම පිළිපැදිය යුතු වන්නේය.

    යළි විවෘත කෙරෙන කාර්යාලවල සේවකයන්ගේ ගමන් පහසුව සැලසීමට ගමනාගමන මණ්ඩලය සහ දුම්රිය සේවාව විධිවිධාන සැලසිය යුතුය. රජයේ සෙසු ආයතනවල සේවයට වාර්තා කරන සංඛ්‍යාව සීමා කළද රාජ්‍ය ප්‍රවාහන සේවාවන්හි සහ අත්‍යාවශ්‍ය සේවාවන්හි සමස්ත කාර්ය මණ්ඩලයම සේවයට වාර්තා කිරීම අනිවාර්ය වේ.

    බස් රථ, වෑන් රථ හෝ දුම්රිය මැදිරිවල ගමන් කළ යුත්තේ ඒවායේ මුළු ධාරිතාවෙන් අඩක් පමණ වන මගීන් සංඛ්‍යාවකි. සියලු වාහන ද විෂ බීජ හරණයට ලක් කළ යුතුය. මේ කොන්දේසිවලට යටත්ව සිය සේවා යළි ආරම්භ කරන්නැයි රජය පෞද්ගලික ප්‍රවාහන ආයතනවලින් ඉල්ලා සිටී.
    සියලු ආකාර උත්සව, වන්දනා සහ විනෝද චාරිකා, සැණකෙළි, පෙරහැර, රැස්වීම් ආදිය නැවත දැනුම් දෙන තුරු තහනම් කර ඇත. ජනයා ඒකරාශීවීම වෛරස ව්‍යාප්තිය පාලනයට බාධාවක් බැවින් ආගමික උත්සව ද අත්හිටුවන ලෙස ඉල්ලා සිටිනු ලැබේ.

    කොරෝනා වෛරස ව්‍යාප්තිය හමුවේ ඇඳිරි නීතිය පැනවීම ඇතුළු ක්‍රියාමාර්ග ගනු ලැබූයේ ජනතාව මේ මරණීය වසංගතයෙන් මුදා ගැනීමේ ඒකායන අරමුණ ඇතිවය. අනුගමනය කළ දැඩි ක්‍රියාමාර්ග නිසා අත්කර ගත් ප්‍රගතිය ඇඳිරි නීතිය ලිහිල් කිරීමට ඉවහල් විය. ආර්ථිකය යළි පණ ගැන්වීම සහ අර්බුදයෙන් වඩාත් පීඩාවට පත් වූ දිළිඳු සහ අවදානමට ලක්ව ඇති ජන කොටස්වල ජිවිතය සුරක්ෂිත කිරීම තවත් අරමුණකි.

    එසේ වුවද කොරෝනා වසංගත අවදානම තවම මුළුමනින් පහව ගොස් නැත. එබැවින් වෛරස ව්‍යාප්තියට යළි ඉඩ නොලැබෙන පරිදි සියලු සෞඛ්‍ය නියමයන් පිළිපදිමින් වගකීමෙන් සහ ඉවසීමෙන් ක්‍රියා කරන්නැයි රජය ජනතාවගෙන් ඉල්ලා සිටී. ඇඳිරි නීතිය ලිහිල් කළ ද රැකියා සඳහා යාම් ඊම් හැරණු විට අන් සෑමවිටම නිවෙස්වල රැඳී සිටින ලෙස ද අවධාරණය කෙරේ.

    ඇඳිරි නීතිය ලිහිල් කළ විගස අනවශ්‍ය කලබලයකින් විශාල පිරිසක් ඒකරාශීවන අයුරින් වෙළෙඳ සැල් වෙත රැස් නොවන ලෙස ජනතාවගෙන් ඉල්ලීමක් කෙරේ.

    කොරෝනා උවදුර මුලුමනින් පරාජය කළ බව සෞඛ්‍ය බලධාරීන් නිගමනය කරන තෙක් තමාගේත්, දූ දරුවන්ගේත්, ජාතියේත් ආරක්ෂාව හා අභිවෘද්ධිය පතා සියලු අපහසුතා වගකීමෙන් ඉවසා සිටින්නැයි රජය ජනතාවට අවධාරණය කරයි.

    මොහාන් සමරනායක
    අධ්‍යක්ෂ ජනරාල්
    ජනාධිපති මාධ්‍ය අංශය
    2020-04-18
     

    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,419
    6,636
    113
    Gedara
    Munta Loku election ban nathan tawa 10 days maka Alan hitiya nam aulak nathuwa goda yana tibbana

    කොහොම හරි වැඩෙ අල කරන්න හදන්නෙ අර නිරොදායනය වෙලා ගෙවල් වලට ගිය උනුයි එයාර්පෝර්ට් එකෙන් පැනපු උනුයි ලග වයිරස් එක නැත්තන් දවස ගානෙ අහු වෙන්නෙ මොක්කුද වැඩක් නැ චන්දෙට කන්න හදන්නෙ :sorry:

    වේසිගේ පුතලා ටික කෙලවගන්න හදන්නෙ චන්ද මගුලක් හින්දා! මේ මසේ අල්ලන් හිටිය නම් මේක 95% ඉවරයි
     

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,142
    2
    10,770
    113
    Home Sweet Home
    :baffled:
    පෞද්ගලික අංශයේ ආයතන උදේ 10.00ට විවෘත කරන ලෙස නියම කෙරේ. පෞද්ගලික ආයතනවල සේවයට වාර්තා කළ යුතු සංඛ්‍යාව සහ පැමිණිය යුතු සේවකයන් කවුරුන්ද යන්න ආයතන ප්‍රධානීන් තීරණය කළ යුතුය. මේ ආයතන ද සෞඛ්‍ය බලධාරීන් නියම කර ඇති කොරෝනා පාලන පිළිවෙත් අකුරටම පිළිපැදිය යුතු වන්නේය.
     
    Status
    Not open for further replies.