Coronavirus (Covid19) Megathread #4

Status
Not open for further replies.

Suitcase

Well-known member
  • Dec 23, 2018
    1,728
    402
    83
    ඊයේ සවස වරකාපොළ ප්‍රදේශයෙන් හඳුනාගත් කොරෝනා වෛරස ආසාදිතයා, මීට පෙර වෛරසය ආසාදනය වූ කටුනායක ගුවන් තොටුපලේ පවිත්‍ර සේවිකාව නවාතැන් ගෙන සිටි නිවසේ
    පුද්ගලයෙකු බව අනාවරණය වී තිබේ.

    එම ආසාදිතයා ඊයේ(21) රාත්‍රි අයි.ඩී.එච් රෝහල වෙත යොමු කර තිබුණි.


    මීට ටික දිනකට පෙර කටුනායක ගුවන් තොටුපලේ පවිත්‍ර සේවිකාවකට කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වී ඇති බව හදුනාගැනීමත් සමඟ ඇය සිටි නිවසේ පුද්ගලයින් ස්වයං නිරෝධායනයට ලක් කිරිමට ප්‍රදේශයේ සෞඛ්‍ය අංශ කටයුතු කර තිබූ අතර එලෙස නිරෝධායනයට ලක් කළ පුද්ගලයෙකුට මෙලෙස වෛරසය ආසාදනය වී ඇත.

    මේ කියන නිවසේ සිටින තවත් පුද්ගලයින් දෙදෙනෙකු පී.සී.ආර්. පරීක්ෂණයට යොමු කර ඇති අතර එහි ප්‍රතිඵල තවම ලැබී නැත. ඔවුන් තවදුරටත් ස්වයං නිරෝධායනයට ලක් කිරීමට පියවර ගෙන තිබේ.
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,588
    40,145
    113
    XCvZOej.jpg
     

    Suitcase

    Well-known member
  • Dec 23, 2018
    1,728
    402
    83
    ශ්‍රී ලංකාව කොරෝනා සම්බන්ධ තත්ත්වය වත්මන් ප්‍රස්ථාර ගතකොට බැලූ විට ඉතාලියේ J හැඩය වෙත ගමන් කිරීමක් දක්නට ලැබෙන බවත් අනෙක් රටවලට වඩා වැඩි සක්‍රිය රෝගීන් ප්‍රතිශතයක් සිටින බවත්
    රජයේ වෛද්‍ය නිලධාරී සංගමයේ


    ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ යූ ටියුබ් නාලිකාවකට එක්වී ප්‍රකාශ කළේය.
    එසේම කොරෝනා ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා දැනට ගෙන ඇති ක්‍රියාමාර්ග නිසි ඇගයීමක් නොකර ලිහිල් කළහොත් තත්ත්වය වඩාත් බරපතළ වනු ඇති බව ද ප්‍රක්ෂේපන අභිබවා කොරෝනා වසංගතය පැතිරෙමින් යන බවත් නිවැරදි ප්‍රක්ෂේපන මේ තත්වය තුල ඉදිරිපත් කිරීම අපොහොසත් වන බවත් පැවසිය.

    එසේම පිළියන්දලදී හමුවූ රෝගියා සමගින් පෑලියගොඩ මාළු වෙළද පලේ ගැවසුන පුද්ගලයන්ගේ අවධානමද මේ වන විට වැඩිවී ඇති බවත් බලධාරීන් අහබු නියැදි ගෙන පරික්ෂා කිරීම කලයුතු බවත් ලංකාවේ පරීක්ෂණ ඉතා දුර්වල තත්වයක පවතින බවත් සදහන් කළේය.


     

    Suitcase

    Well-known member
  • Dec 23, 2018
    1,728
    402
    83
    නව කොරෝනා වෛරසයත් සමග බොහෝ සානුකම්පිත සිදුවීම් විශාල ප්‍රමාණයක් අපට අසන්නට ලැබේ. 28 හැවිරිදි මේරි අගියේවා අග්‍යපොංග් නැමැති NHS හෙදියගේ සිදුවීමද එවන් කණගාටුදායක සිද්ධියකි. මේරි අගියේවා අග්‍යපොංග් නව කොරෝනා ආසාදිත රෝග ලක්ෂණ ධනාත්මක යැයි හඳුනා ගන්නා විට ඇය ගැබිනියක වී සිට ඇත. ඇයගේ රෝගී තත්ත්වය දරුණු වීමත් සමග වෛද්‍ය කාර්ය මණ්ඩලය තීරණය කර
    ඇත්තේ හදිසි සිසේරියන් සැත්කමක් ඇයට සිදු කළ යුතු බවයි. කෙසේ වෙතත් මේ 28 හැවිරිදි මේරිට පසුගිය ඉරිදා දිනයේදී මිය යන්නට සිදුවිය. නමුත් ඇයගේ කුඩා දැරිය ජීවතුන් අතර සිටීම සියලු දෙනාගේ සිත් සතන් තුළට සතුටු කඳුළක් එක්කළ කරුණකි.



    කෙසේ වෙතත් මේ වන විට NHS සේවකයන් හතලිස් පස් දෙනෙක් මරණයට පත් වී තිබේ. මෙම වෛද්‍ය කාර්යමණ්ඩලයේ මරණ සංඛ්‍යාව දිනෙන් දින වැඩිවන බවට හොඳම සාක්ෂි සපයන්නේ ඉරිදා දින සිදු වූ මේරි අගියේවා අග්‍යපොංග් මරණයයි. මේරි නව කොරෝනා වෛරස බලපෑමට ලක් වූ පුද්ගලයන්ට ප්‍රතිකාර ලබා දුන් හෙදියකි. ඇය ගර්භනී තත්වයේ සිටිය ද ඇයගේ සේවය පැහැර නොහැරි දිරිය කාන්තාවකි. නමුත් හදිසි සිසේරියන් සැත්කමින් පසු ඇයට ඉරිදා දින මියයන්නට සිදු විය. නමුත් ඇගේ කුඩා දැරිය ජීවතුන් අතර සිටින බවට කරුණු වර්ථා වී ඇති. එනමුත් එම දැරිය කොරෝනා සඳහා ධනාත්මක රෝග ලක්ෂණ පෙන්වා ඇතැයි ද යන්න තවම පැහැදිලි නැත.

    NHS භාරයේ ප්‍රධාන විධායක ඩේවිඩ් කාටර් මහතා කියා සිටියේ මේරිගේ තත්වය නරක අතට හැරීමෙන් පසුව හදිසි සිසේරියන් සැත්කමක් සිදු කිරීමට ඔවුන් තීරණය කළ බවයි. වෛද්‍යවරුන් මුලදී සිතුවේ ඇය නව කොරෝනා වෛරස රෝගී ස්වරූපයෙන් සුව වීමේ ලක්ෂණ පෙන්නුම් කරන බවයි. නමුත් දිනෙන් දින ඇගේ රෝග ලක්ෂණ යළිත් නරක අතට හැරීම හේතුවෙන් මෙම හදිසි සැත්කම කරන්නට සිදු වූ බව ඔහු වැඩිදුරටත් පවසා තිබුණි. එමෙන්ම මේ වන විට ඇගේ දරුවා රෝහලේ නව උපන් දැඩි සත්කාර ඒකකය තුළ රැක බලාගන්නා බවත් ඔහු ප්‍රකාශ කර තිබේ.

    මේ වන විට කුඩා දැරිය සහ මේරිගේ ස්වාමිපුරුෂයාව කොවිඩ් 19 සදහා පරීක්ෂාවට ලක් කර ඇති බව බොහෝ දෙනා පවසයි. නමුත් රෝහලේ කාර්ය මණ්ඩලය පවසන්නේ රෝහල් සේවයේ යෙදී සිටියදී ඇයට කොවිඩ් 19 වැළඳී නොතිබුණු බවයි. කෙසේ වෙතත් ගර්භනී කාර්ය මණ්ඩලයට නිල මගපෙන්වීමක් සිදුකළ යුතු බව බොහෝ විශේෂඥයින් විසින් පෙන්වා දී තිබේ.

    එමෙන්ම මේරිගේ මරණය පිළිබඳව නිවේදනයක් නිකුත් කරමින් NHS භාරයේ ප්‍රධාන විධායක ඩේවිඩ් කාටර් මෙසේ පැවසා ඇත. "ඉරිදා අභාවප්‍රාප්ත වූ අපගේ හෙදියක් වන මේරි අගියේවා අග්‍යපොංග්ගේ මරණය මට සනාථ කිරීමට සිදුවීම අතිශයින් කනගාටුවට කරුණක්. මේරි අගියේවා අග්‍යපොංග් වසර පහක් අපගේ රෝහලේ සේවය කළ අතර අපගේ කණ්ඩායමේ ඉහළ ආදරය දිනාගත් කාරුණික සාමාජිකාවක්. එසේම ඇය අනිත් හෙද නිලධාරිනියන්ට ද හොඳ ආදර්ශයක් සපයන හෙදියක්." ඔහු මෙසේ් පවසමින් ඇගේ මරණය පිළිබඳව සාතිශය සංවේගය පළ කර ඇත.



    කෙසේ වෙතත් මෙම හෙදිය කොවිඩ් 19 සඳහා ධනාත්මක වී ඇත්තේ අප්‍රේල් මස පස් වන දිනයි. නමුත් ඇය රෝහල්ගත කර ඇත්තේ අප්‍රේල් හත්වන දිනයේදීය. කෙසේ වෙතත් ඇයගේ මරණයෙන් පසු ඇගේ ආසන්නතම පවුලේ සාමාජිකයන් සඳහා මූල්‍යමය අරමුදල් පිටුවක් සකසා ඇති අතර ඩොලර් 54000කට වඩා මුදලක් ඊට එක් රැස් වී තිබේ. එම විස්තරයේ සඳහන්ව තිබී ඇත්තේ " මේරි ඔබ සදහටම අපගේ හදවත් තුළ සිටිනු ඇත. ඔබගේ මතකයන් තවමත් අප සමග ඇති අතර අප නැවත මුණ ගැසෙන තුරු අපි ඒවා සදහටම ආදරෙන් රැකබලා ගන්නෙමු" යනුවෙනි. එසේම අපව ඔබට සදහටම මග හැරෙනු ඇතැයි අවසානයේ එහි සඳහන් කර තිබුණි.

    කෙසේ වෙතත් ගර්භනී මාතාවන් සදහා නිසි මග පෙන්වීමක් තිබුණේ නම් ඇයට මෙම ඉරණම අත් නොවන්නට ඉඩ තිබුණි. මාර්තු 16 වනදා සිට රජය විසින් ගර්භණි කාන්තාවන් අවදානමට ලක්විය හැකි බව ප්‍රකාශයට පත් කරමින් ඔවුන්ව එම අවදානමට ලක්විය හැකි ලයිස්තුවට ද ඇතුළත් කර තිබුණි. එමෙන්ම රෝගය වැළඳුණු කාන්තාවකගෙ වැඩෙන කළලයට මෙම වෛරසය මගින් කිසිදු බලපෑමක් සිදු නොවන බවට කිසිදු සාක්ෂියක් මේ වන තෙක් සොයා ගෙන නොමැත. එබැවින් සියලු ගර්භනී කාන්තාවන් අනෙක් පුද්ගලයන් සමඟ සමීප සම්බන්ධතා පැවැත්වීමේදී නිසි ආරක්ෂණ ක්‍රමවේදයන් පිළිපැදීම වැදගත් වේ.

    මෙම මේරි අගියේවා අග්‍යපොංග්ගේ කතාව සමස්ත ගර්භනි මාතාවන්ටම මේ වන විට මුහුණ දීමට සිදුවී ඇති අවදානම් සහගත තත්ත්වය මැනවින් පිළිබිඹු කරයි. දැන් ඇයගේ දරුවාට ඇය නොමැතිව තනිවම වැඩීමට සිදුවී ඇත. මෙයට හේතුව නොසැලකිලිමත්කම ද ?එසේත් නැතිනම් නිසි මගපෙන්වීමක් නොමැතිකම ද ? කෙසේ වෙතත් මෙම සිදුවීම සමස්ත ලෝකයේම රෝහල් කාර්ය මණ්ඩලයට ගැඹුරු පණිවුඩයක් ලබා දෙන සිදුවීමකි. එමෙන්ම සමස්ත ලෝකයේම ගර්භනී කාන්තාවන් මෙම කතාව නිසි සේ තේරුම්ගෙන තමන්ගේ ආරක්ෂාව සපයා ගැනීමට කටයුතු කිරීම වඩාත් වැදගත් වනු ඇත.
     

    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,529
    6,504
    113
    ශ්‍රී ලංකාව කොරෝනා සම්බන්ධ තත්ත්වය වත්මන් ප්‍රස්ථාර ගතකොට බැලූ විට ඉතාලියේ J හැඩය වෙත ගමන් කිරීමක් දක්නට ලැබෙන බවත් අනෙක් රටවලට වඩා වැඩි සක්‍රිය රෝගීන් ප්‍රතිශතයක් සිටින බවත්
    රජයේ වෛද්‍ය නිලධාරී සංගමයේ


    ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ යූ ටියුබ් නාලිකාවකට එක්වී ප්‍රකාශ කළේය.
    එසේම කොරෝනා ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා දැනට ගෙන ඇති ක්‍රියාමාර්ග නිසි ඇගයීමක් නොකර ලිහිල් කළහොත් තත්ත්වය වඩාත් බරපතළ වනු ඇති බව ද ප්‍රක්ෂේපන අභිබවා කොරෝනා වසංගතය පැතිරෙමින් යන බවත් නිවැරදි ප්‍රක්ෂේපන මේ තත්වය තුල ඉදිරිපත් කිරීම අපොහොසත් වන බවත් පැවසිය.

    එසේම පිළියන්දලදී හමුවූ රෝගියා සමගින් පෑලියගොඩ මාළු වෙළද පලේ ගැවසුන පුද්ගලයන්ගේ අවධානමද මේ වන විට වැඩිවී ඇති බවත් බලධාරීන් අහබු නියැදි ගෙන පරික්ෂා කිරීම කලයුතු බවත් ලංකාවේ පරීක්ෂණ ඉතා දුර්වල තත්වයක පවතින බවත් සදහන් කළේය.


    :(:(:(
     

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    අර ටෙස්ට් කරපු හයසියට වැඩි රිසාල්ට් තාම ආවේ නැද්ද ? නැත්නම් ඒවගේ පොසිටිව් කේසස් නැද්ද ?
     

    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    සිංහලු මොකද තත්වේ අපි සේෆ් නේද? තත්වය පාලනය කරලා වගේ නේද ???:yes::yes::yes:
     

    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    අර ටෙස්ට් කරපු හයසියට වැඩි රිසාල්ට් තාම ආවේ නැද්ද ? නැත්නම් ඒවගේ පොසිටිව් කේසස් නැද්ද ?

    මට හිතෙන්නේ අව්ලක් නැති වෙයි බන්...:yes::yes::yes:
     

    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,484
    113
    අපේ ගෙදර
    අර ටෙස්ට් කරපු හයසියට වැඩි රිසාල්ට් තාම ආවේ නැද්ද ? නැත්නම් ඒවගේ පොසිටිව් කේසස් නැද්ද ?

    අද එවායේ රිසල්ට් එන්න තියෙනවා කිව්වා උදේ හමුදාපති :yes:
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,728
    98,777
    113

    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    එවායේ රිසල්ට් තාම අවිත් න බන්.අද දවස අතුලත කිව්ව එන්නේ හමුදාපති

    අපි පෙරේදා රෑ ඉඳන් බලන් උන්න නේ...ඊයේ මතක විදියට අසුගානකින් positive උන 5ක් නේද දුන්නේ...පෙරේදා ඒවා වලත් අව්ලක් නැතුව ඇති...ඊයේ ඒවත් එහෙම ඇති...අපි සුබදායකව සිතමු මිතුර :yes::yes::yes:
     

    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,484
    113
    අපේ ගෙදර
    ඊයේ (21) දිනයේදී PCR පරීක්ෂණ 600 කට ආසන්න ප්‍රමාණයක් සිදුකල බව සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ සඳහන් කර සිටිනවා.

    විශේෂයෙන්ම ඛේත්තාරාම ක්‍රීඩාංගනය අසල පිහිටි ප්‍රදේශය, ඉකුත් දා බොරලැස්ගමුවෙන් වාර්තා වූ කොරෝනා ආසාධිත පුද්ගලයා ආ ගිය කොට්ටාව ප්‍රදේශයේ පිහිටි පුද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානයේ කාර්ය මණ්ඩලයෙන් ඊයේ දිනයේදී PCR පරීක්ෂණ සිදුකළ බවට ඔහු කියා සිටියා.

    එම පරීක්ෂණවල වාර්තා බොහොමයක ප්‍රථිපල අද දිනයේදී ලැබීමට නියමිත බවද මෙහිදී සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා සඳහන් කර සිටියා.
     

    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,484
    113
    අපේ ගෙදර
    අනිල් ජාසින්හ හිරු ටිවි එකේ ප්‍රොග්‍රම් එකක .ඉතින් රිසල්ට් එන්නෙ කොමද?:lol:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අනිල් ජාසින්හ හිරු ටිවි එකේ ප්‍රොග්‍රම් එකක .ඉතින් රිසල්ට් එන්නෙ කොමද?:lol:

    ටෙස්ට් කරන්නෙ ජාසිoහද පොන්නයො..පොන්න කතා කිය කියා ගු ඇන් පි එකට පුක දෙන පොන්න රුචිරය..
     

    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,484
    113
    අපේ ගෙදර
    ජාසින්හ ගේ අනුමැතිය නතුව මිඩියාවලට දෙන්න බ පොන්න එරොසන් එකවත් දන්නේ නද්ද?:lol::lol:
     
    Status
    Not open for further replies.