පසුගියදා පිළියන්දල ප්‍රදේශයේ මාළු ව්‍යාපාරිකයෙකුට කොරෝනා ආසාදනය වීමෙන් පසු ඔහුට කොරෝනා ආසාදනය වන්නට ඇත්තේ ඕස්ට්‍රේලියාවට ගොස් පැමිණ නිරෝධායන කාලය ගත කරමින් ඔහුගේ නිවසේ සිටි සහෝදරයා හරහා බවට
සැකයක් පැන නැගිණි.
ඒ හේතුවෙන් එම සොයුරා ගොස් තිබූ අසල්වාසී නිවාස වලටද කොරෝනා පැතිරෙන්නට ඇතැයි සිතා පිළියන්දල නිවන්තිඩිය ග්‍රාමෝදය මාවතෙහි නිවාස 11 ක් නිරෝධායනයට ලක් කරන ලදි.
ඒ අතර නීතීඥවරියකගේ හා ග්‍රාම සේවක මහතාගේ නිවසද තිබුණි.
මේ අතරවාරයේ මාළු ව්‍යාපාරිකයාගේ සොයුරා ඇතුළු ඔහුගේ පවුලේ සාමාජිකන් සහ සමීපව ඇසුරුකළ පිරිස පීසී ආර් පරීක්ෂණ සඳහා යොමු කළ නමුත් අද (22) ලැබී ඇති වාර්තා අනුව ඔවුන් කිසිවෙකුට කොරෝනා ආසාදනය වී නැති බව හඳුනාගෙන ඇත.
පිළියන්දල නිවන්තිඩිය ප්‍රදේශයේ පරීක්ෂණ සඳහා යොමු කළ පිරිසට කොරෝනා ආසදිත නැති බවට තහවුරු කර ඇතැයි පිළියන්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය ඉන්දික එල්ලාවල මහතා ප්‍රකාශ කළේය.
ඔවුන්ගේ PCR පරීක්ෂණ සෘණාත්මකවීම තුළ මාළු ව්‍යාපාරිකයාට කොරෝනා වැළඳුණ ආකාරය තවම ගැටලුකාරි වී තිබේ.
සිංහලුුු ඉවරයි. එන්ඩ් ඊස් නියර්. මම කිව්වා කට කැඩෙනකං ඔය ට්‍රැකින් මගුල හරියනනැ කියලා

always scan dowloaded files using a second opinion scanner and make sure to backup your important data to an external drive or a cloud storage 




