සරල ඉංග්‍රීසි පොත්

SHEHAN_GIWANTHA

Well-known member
  • Dec 24, 2013
    11,872
    11,626
    113
    📚📖 සරල ඉංග්‍රීසි පොත් 📕📗📘📙

    ඉංග්‍රීසි ඉගෙන ගන්න ආස අයට කියවන්න පටන් ගන්න සරල ඉංග්‍රීසි පොත්

    03-need-glasses-arm-workout-1280x720.jpg

    කොල්ලනේ උඹලවත් අද ඉඳන් ඉංග්‍රීසි පොත් කියවන්න යොමු කරන්න බලාපොරොත්තුවෙන් තමා මේ ත්‍රෙඩ් එක දැම්මේ. මුලින්ම කියන්න ඕනේ එළකිරි ෆෝරම් එකේ British Council ගිය/ඉංග්‍රීසි ඩිප්ලෝමා තියෙන, USA /UK/Aussie/Canada/New Zealand/South Africa වගේ ඉංග්‍රීසි කතාකරන රටවල ජීවත් වෙන අය, ජාත්‍යන්තර පාසැල් වල ඉගෙන ගත්ත අය වගේ ඉංග්‍රීසි දැනුම උසස් මට්ටමක තියෙන අයට මේ ත්‍රෙඩ් එක අදාල වෙන්නේ නැහැ කියල පටන්ගන්න ඕනේ.

    මේ ත්‍රෙඩ් එක අදාල වෙන්නේ මම වගේ සාමාන්‍ය මට්ටමකට ඉංගිරිසි දැනුමක් තියෙන යන්තන් ඉංග්‍රීසි චිත්‍රපටියක් තේරුම් ගන්න පුළුවන් මට්ටමක ඉන්න ඉංග්‍රීසි කතා කරගන්න පුළුවන් උනාට මම මේ කතා කරන්නේ මොන tense එකෙන්ද කියලවත් අවබෝදයක් නැති නමුත් උනන්දුව තියෙන අනාථ කුකුලන් උදෙසා බව සතුටින් ප්‍රකාශ කරන්න ඕනෙ.

    ඉංග්‍රීසි වැඩිය පාවිච්චියක් නැති කෙනෙක් ඉංග්‍රීසි පොතක් කියවන්න ගත්තම මවාගත්ත උවමනාවකින්, උනන්දුවකින් පොත කියවන්න වෙනවා. නැත්තන් ටික වෙලාවක් කියවන් යද්දී පොත කියවල තමා නමුත් පොතේ තියෙන දේ ඔලුවට ගිහිල්ලා නෑ. ඊට හපන් අමාරු වචනත් ගොඩක් අහුවෙන්න පුළුවන්. මේකට විසඳුමක් විදියට අපිට සරලම විදියට ලියපු ඉංග්‍රීසි පොතක් තෝරාගන්න වෙනවා මුලින්ම කියවන්න.

    මම නං මුලින්ම කියවන්න පටන් ගත්තේ Enid Blyton ගේ Famous Five පොත් සෙට් එකේ පොතක්. පටන් ගත්තම අමාරු වචන ගොඩක් තියෙන නිසා මලලසේකර ඩික්ෂනරිය ලඟ තියාගෙන තමා කියවන්න පටන් ගත්තේ. මේ හින්දා සැහෙන්න වෙලාවක් ගියා පොත කියවන්න. පස්සේ මට එකෙක් කිව්වා වචනෙන් වචනේ තේරුම අවශ්‍ය වෙන්නේ නැහැ අදාල වාක්යෙන් කියවෙන දේ සමස්තයක් විදියට තේරුම් ගත්තම ඇති කියලා. ඒ සීරිස් එකේ පොත් 2-3ක් කියවද්දී මට තේරුණා දෙයක් තමා ලේකකයෙක් ගොඩක් වෙලාවට පාවිච්චි කරන්නේ එකම වගේ වචන සෙට් එකක් සහ වාක්‍ය රටාවන් කියලා. වැඩේ කියන්නේ මට Famous Five සෙට් උනේ නෑ. මුන්ට යන යන තැන බින් ගෙවල් උමං මාර්ග හම්බෙනවා. එහෙම බැලුවම මුං තමා එංගලන්තේ තියෙන බින් ගෙවල් උමං මාර්ග වලින් 50%ක් විතර හොයාගෙන තියෙන්නේ.

    ඊට පස්සේ මට එයාගෙම The Secret Seven කියන සීරිස් එක හම්බුනා. ඒ කතා සෙට් එකනං ආතල් අරකට වඩා අමාරු වචනත් අඩුඉ. උං ටික පොඩි නිසා උන්ට ලොකු ප්‍රස්නත් නෑ. අර කතාවේ බල්ලා 5න් එකෙක් උනාට මේකේ බල්ලා 7න් එකෙක් නෙමේ. තාත්වික ගතියත් වැඩි. ඒ නිසා මම හිතන්නේ ඉංග්‍රීසි කතා පොත් කියවන්න කැමති අයට The Secret Seven හොඳ ආරම්බයක් කියලා.

    තව මම මේකෙන් තේරුම් ගත්ත වැදගත් දෙයක් තමා තමුන්ට පොත කියවද්දී කතාව ගැන ආසාවක් ඇති වෙන්නේ නැත්තන් මෙච්චර ගේමක් දීලා පොත කියවන එකෙන් ප්‍රතිපලයක් වෙන්නේ නෑ වෙන්නේ එපා වෙන එක විතරෛ

    ඊළඟට මම තෝරාගත්තේ The Hardy Boys. මේක ගත්ත ගමන් මොකක් හරි ලොකු වෙනසක් තියෙනවා කියලා මට තේරුණා නමුත් ඒ මොකක්ද කියන්න තේරුනේ නෑ. පස්සේ තේරුනේ මේ වෙනස ආවේ මේ පොත් American English නිසා කියන එක. මේවා නං ටිකක් විතර අමාරු වෙඉ කලින් කියපු පොත් වලට වඩා

    ඊළඟට කියවන්න හැදුවේ Agatha Christie ගේ පොතක්. ඒක කොච්චර අමාරුද කියනවනං මට අදටත් මෙයාගේ පොතක් කියවන්න බෑ. එකට හේතුව විදියට මම දකින්නේ. එයා පාවිච්චි කරලා තියෙන වචන දැනට වැඩිය බාවිතා වෙන ඒවා නෙමේ. ඒ උනාට ඒ අමාරු වචන වෙනුවට ඕනේ තරම් සමාන වචන අපි දන්නවා. ඒවා පාවිච්චි කරලා ලිව්වනන් කියවන්නත් ලේසි. අපිට කියවගන්න බැරි උනා කියලා ඒ ලේකකයාගේ ලිවීමේ කලාව අපිට විවේචනය කරන්න බෑනේ. අනික ඒ ගෑණි පලි නෑනේ අපිට ඉංග්‍රීසි බැරුවට කියලා මම හිත හදා ගත්තා. ඒ හින්දා අමාරු වචන ගොඩක් තියෙන එකක් නං තෝරාගන්න එපා ඉස්සෙල්ලම. මේ දවස් වල කියවන්නේ Jeffrey Archer ගේ පොතක්.

    එහෙනං ත්‍රෙඩ් එක කියවලා නිකන්ම යන්නේ නැතුව මම අද ඉඳලා ඉංග්‍රීසි කතා පොතක් කියවනවා කියල අඩිශ්ටාන කරගෙන වැඩේට බහින්න. බයවෙන්න එපා වැඩේ කරගන්න පුළුවන්. උඹලට තියෙන්නේ කම්මැලිකම සහ අලුත් දෙයක් කරන්න තියෙන අකමැතිකම විතරෛ.

    ෆෝන් එකේ පොස්ට් උඩ පහල යව යව ඉඳලම දැන් උඹලගේ මොලේ හුරු වෙලා තියෙන්නේ නිකන් ඇහැට පේන දෙයක් බල බල කිසිම දෙයක් හිතන්නේ නැතුව ඉන්න. අදම ෆෝන් කියන කොඩිවිනය පැත්තකට විසි කරලා ඒ ඉතුරු වෙන වේලාවේ ඉංග්‍රීසි පොතක් කියවන්න පටන් ගමු. ඔව් මට පුළුවන් කියල හිතපල්ලා.

    තව ලේසියෙන් කියවන්න පුළුවන් පොත් ගැන මේ ලින්ක් එකෙත් විස්තර තියෙනවා

    ඉංග්‍රීසි ඉගෙන ගන්න ආස අයට කියවන්න පටන් ගන්න සරල ඉංග්‍රීසි පොත්!

    ඒවත් බලලා උඹලගේ අදහස් සහ උඹලා ඉස්සෙල්ලාම කියවපු ඉංග්‍රීසි පොත් ගැනත් විස්තර ටිකක් කියාගෙන යමු. තව ඉංග්‍රීසි පොත් කියවද්දී වැදගත් වෙන tips එහෙම තියෙනවනන් කියන්න කට්ටියට ප්‍රයෝජනවත් වෙඉ. :yes:

    ත්‍රෙඩ් එක වැදගත් උනා කියල හිතෙනවනන් අනිත් අයටත් බලන්න bump එකක්වත් දාගෙන ගියොත් නරකද? ;)
    ඒ අතරේ රෙපක් එහෙම දීගෙන ගියාට කමක් නෑ. :P

    එහෙනං ජය වේවා! :cool:

    89c39e2b10744bda17cb66d03f10be7c.jpg
     
    Last edited:

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,872
    11,626
    113
    PDF පොත් කියවන එක නං මම අනුමත කරන්නේ නෑ. පොතක් කියවනවා වගේ ගතියක් ඒවගෙන් එන්නේ නෑ. පොත් සල්ලි වලට ගන්න අවශ්‍ය නෑ. කාගෙන් හරි ඉල්ලා ගන්න. නැත්තන් පුස්තකාලෙකට බැඳෙන්න.
     
    Last edited:
    • Like
    Reactions: DiksonAlex

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,872
    11,626
    113
    සමහර පොත් වල චරිත වැඩි ඒ නිසා වැඩේ ලේසි වෙන්න ඒ අයගේ නම් සහ අඳුරගන්න ලේසි වෙන විදියට කොලේක පොඩි note එකක් දාගත්තානං හරි කියල මට හිතෙන්නේ. මොකද එක දවසෙන් පොත කියවලා ඉවර කරන්නේ නැති නිසා අමතක වෙන්න පුළුවන්

    ex- Detective Constable William Warwick. Also known as choirboy by his superiors

    දැන් මෙයාට සමහර තැනකදී DC Warwick කියනවා, Mr Warwick කියනවා, William කියනවා, choirboy කියනවා, detective කියනවා

    ඔය වගේ චරිත ගොඩක් හම්බෙද්දී ඔක්කොම ජෑම් වෙන්න පුළුවන්. ඒ හින්දා මන් කියපු වැඩේ කැමතිනං කරන්න
     
    Last edited:

    Dr.Rosheen

    Well-known member
  • Dec 11, 2016
    505
    737
    93
    this account is no longer active.
    වාක්‍යයයක වචනයක් වචනයක් පාසා පරිවර්තනය කිරිම ඔබ කියනවා වගේම සුදුසු නැ.ඇත්තෙන්ම මෙකෙන් සමහර වෙලාවකට කියලා තියන දේට වඩා වැරදි අර්ථයක් යන්නන පුලුවන් මුල්අවස්ථාවේ වැඩිය කියවලා නැති පාඨකයෙකුට. උදාහරනයක් ලෙස ඉඩියම් වල වැරදි අර්ථයන් ගන්නවා වගේ. සමස්තයෙන් තේරුම් ගැනිමයි මයි හොද ඔයා කියලා තියනවා වගේ.

    පොත මුලදිම තේරුම් ගන්න අමාරු තරම් නම් මොකද කරන්නේ,?
    පොතේ හැම පිටුවක් දිහාම බලන් යන්න. එකක් වත් මිස් නොකර. නමුත් හැම වාක්‍යයම කියවන්න ඕනා නැ. නිකං පෙරලනවා වගේ. දැන් ඔයාට දල අදහසක් තියනවා පොත ගැන. ඊට පස්සේ කියවන්න ගන්න ආයිත් නොතේරුන තැන්.

    පොත් තොරගද්දි ආසම ශානරයෙන් පටන් ගන්න. ක්‍රිඩා ආසනම් එතනින් පටන් ගන්න
    නමුත් මම රෙකමන්ඩ් කරන්නේ චිත්‍රකතා වලින් පටන්ගන්න කියලා. නැත්තම් චිත්‍රවැඩි පොත් වලින්
     
    Valuable ideas machan rep+
     
    • Like
    Reactions: Dr.Rosheen

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    :yes::yes::yes::yes::cool::cool::cool::cool::cool: