නාවලපිටිය නගර සභාවේ සභාපති සසංක සම්පත් සංජිව මහතා ඇතුළු (එජාප) ඔහුගේ හිතවතුන් කිහිප දෙනෙකු ගිනිගත්හේන අඹගමුව ප්‍රදේශයේ පිහිටි සංචාරක හෝටලයකදි (30) දින අත්අඩංගුවට ගත් බව ගිනිගත්හේන පොලිසිය පැවසිය.
නාවලපිටිය නගර සභාවේ සභාපතිවරයා ඇතුළු ඔහුගේ සමිපතම හිතවතුන් හත් දෙනෙකු ගිනිගත්හේන නාවලපිටිය ප්‍රධාන මාර්ගයේ සංචාරක හෝටලයක නිරොධාන රෙගුලාසි උල්ලංඝනය කරමින් අධික ලෙස රා පානය කර මුදල් ඔට්ටුවට සුදු ක්‍රිඩා කරමින් සිටින බවට හැටන් පොලිස් කොට්ඨාශ දුෂණ මර්ධන ඒකකයේ නිලධාරින්ට ලද තොරතුරක් මත වටවල සහ ගිනිගත්හේන පොලිස් ස්ථාන වල නිලධාරින් එකාබද්ධව වැටලිමක් සිදු කර සැකකරුවන් අටදෙනා අත්අඩංගුවට ගෙන ඇත.
වැටලිම සිදු කරන අවස්තාවේ මුදල් ඔට්ටුවට සුදු ක්‍රිඩා කිරිමට භාවිතා කල මුදල් රු හැට දෙදහසක් , රා බෝතල් කිහිපයක් සහ සභාපතිවරයාගේ අධි සුපෝගභෝගි පුද්ගලික ජිප් රථයක් සහ ඔහුගේ හිතවතුන් පැමිණි සුපෝගභෝගි මොටර් රථයක් පොලිස් භාරයට ගෙන ඇත.
වැටලිම සිදු කරන අවස්තාවේ සැකකරුවන් කිහිප දෙනෙකු පලා ගිය බවත්, එම සැකකරුවන්ද අත්අඩංගුවට ගැනිමට මෙහෙයුමක් දියත් කර ඇති බවයි හැටන් පොලිස් කොට්ඨාශ දුෂණ මර්දන ඒකකයේ නිලධාරින් කියා සිටියේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර සංචාරක හෝටලයේ මුරකරුද වන අතර , සෙසු සැකකරුවන් නාවලපිටිය , නෝටන්බ්‍රිජ් කලවැල්දෙණිය , සහ හැටන් ප්‍රදේශ වල පදිංචිකරුවන් බවයි පොලිසිය කියා සිටියේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් (01) දින හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතයි.