UK idan aapu ayath airport eke pissu natala

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    එංගලන්තයේ අතරමං වී සිට රැගෙන ආ පිරිස් කටුනායකදී කළහකාරී ලෙස හැසිරෙයි



    නව කොරෝනා ව්‍යසනය හේතුවෙන් එංගලන්තයේ අතරමං වී සිට ශ‍්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ යානයකින් මව්බිමට අද (04) රැගෙන ආ කණ්ඩායමේ ඇතැම් අය ගුවන් තොටුපලේදී කළහකාරී ලෙස හැසිරී තිබෙනවා. තමන් වෙනුවෙන් සූදානම් කර ඇති නිරෝධායන මධ්‍යස්ථානවල පහසුකම් හා ප‍්‍රවාහන පහසුකම් ප‍්‍රමාණවත් නොවන බව පවසමිනුයි ඔවුන් කළහකාරීව හැසීරී තිබෙන්නේ.

    ශ‍්‍රී ලාංකික සිසුන් ඇතුළු 208 දෙනෙකු එංගලන්තයේ සිට අද අළුයම මෙලෙස මව්බිමට පැමිණියා. පළමුව ඔවුන් සියලූ දෙනා සහ ඔවුන්ගේ ගමන් මලූ ද ගුවන් තොටුපොළේදීම විෂබීජහරණය කෙරුණූ බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ. අනතුරුව ඔවුන් බස් රථ මගින් නිරෝධායනය සඳහා රැගෙන යාමට කටයුතු කෙරුණා.

    මෙම කණ්ඩායමේ වැඩි දෙනෙකු නිරෝධායනය සඳහා රැගෙන ගොස් ඇත්තේ මීගමුව ජෙට්වින්, ඩොල්ෆින් සහ වස්කඩුව සිට‍්‍රස් යන හෝටල්වලටයි. දිනකට රුපියල් 7,500ක් බැගින් වන පරිදි මුදල් පෞද්ගලිකව ගෙවා නිිරෝධායනය වීමට පහසුකම් සපයා දී තිබෙනවා.

    මීගමුව ජෙට්වින් හෝටලයට පිරිම් පුද්ගලයින් 44 දෙනෙකු, කාන්තාවන් 47 දෙනෙකු සහ ළමයින් 03 දෙනෙක් රැගෙන ගොස් ඇති බවයි නෙත් නිවුස් වෙත වර්තා වුණේ. තවත් කිහිපදෙනෙකු මීගමුව ඩොල්ෆින් හෝටලයට රැගෙන විත් තිබෙනවා.

    නිරෝධායනය සඳහා වස්කඩුව සිට‍්‍රස් හෝටලයට රැගෙන ගිය පිරිස 62ක්. පිරිමි පුද්ගලයින් 33ක් සහ කාන්තාවන් 29 ක් ඒ අතර වනවා.

    සෙසු පිරිස නිරෝධායනය සඳහා රැගෙන ගොස් ඇත්තේ දියගම තාක්ෂණ මධ්‍යස්ථානයේ පිහිටුවා ඇති නිරෝධායන මධ්‍යස්ථානයටයි. පිරිමි පුද්ගලයින් 15 දෙනෙකු සහ කාන්තාවන් 30 දෙනෙකු සහ ළමයින් 04 දෙනෙකු ඒ අතර වනවා.

    මේ අතර නව කොරෝනා ව්‍යසනය හේතුවෙන් මව්බිමට පැමිණීමට නොහැකිව එංගලන්තයේ අතරමං වී සිටින ශ‍්‍රී ලාංකික සිසුන් රැගෙන ඒම සදහා ශ‍්‍රී ලන්කන් ගුවන් සේවයේ තවත් විශේෂ යානයක් අද අළුයම පිටත්ව ගියා. හෙට දිනයේද එවැනි තවත් විශේෂ යානයක් එංගලන්තය වෙත පිටත්ව යාමට නියමිතයි.


    Neth




    අැමති පුතෙක්ලු පටන් අරං තියෙන්නෙ.:growl:


     
    Last edited:

    ehseres

    Well-known member
  • Aug 11, 2015
    3,818
    715
    113
    ප්ලැනට් අර්ර්ත්
    මුන් එහේ ඉන්නකන් මැරෙන්න හැදුවා ලංකාවට එන්න ඕනි කියල... අවහම මුන්හේ හැටි බලපන්කෝ.. කාලකන්නි තමයි.
     

    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    මෙහෙට එන උන්ට ලංකාවට අවාම පස්සේ වෙන පුකේ අමාරුවක් හැදෙනවා වගේ
    UK උන් මුන්ව ගණන් ගන්නේ නැති නිසා මෙහෙට ගෙන්වා ගත්තම ලොකු ලයින් එකෙන් ඉන්න හදනවා
    සමහර උන්ට එහෙ මෙහෙමවත් සැප නැතිව ඇති
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,288
    25,477
    113
    මොන මන්ද මානසිකයෝ ද? කුවේට් වල අක්කලා ගෙන්වා ගන්නේ නැතුව නරි නාවන්න යන එකේ...
     

    amazsin

    Well-known member
  • May 6, 2019
    2,047
    1,411
    113
    අනේ මාවත් ගෙන්න ගන්නකො.හරි බයෙන් මම ඉන්නේ.මෙහේ හැමතැනම කොරොනා.මහින්ද අංකල්ට කියන්නකො මාවත් ගෙන්න ගන්න කියල.:(
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,887
    35,800
    113
    වොන්ඩර් ලැන්ඩ්
    මුන් එහේ ඉන්නකන් මැරෙන්න හැදුවා ලංකාවට එන්න ඕනි කියල... අවහම මුන්හේ හැටි බලපන්කෝ.. කාලකන්නි තමයි.

    Kariyonta gahala elawanna ona

    Gotatat puke amaruwa okun genalla wadak na

    Okun ratata salli ewanne na

    Un ehe idan lankawata banina eka karanne

    Hoda set ekak innawa in gana newey kiwwe