Corona VIRUS - Daily Updates

danzka

Well-known member
  • Feb 8, 2018
    1,356
    147
    63
    3.jpg
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    If the virus started to spread in a new cluster its continuing very quacking if they didn't separate infected people from those clusters. So they need to test more aggressively.
     
    QT is already done by Intelligence agencies and ARMY but Testing. Yes we do need to increase our testing capacity at least 2000-3000 then we can move away from this shit hole ASAP.
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    ගුවන්හමුදා නිලධාරියෙකුටත් Covid-19 ආසාදනය වී ඇති බව වාර්තා වේ.
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    Opinion: “We must speak the truth – the lockdown failed and we need fresh thinking”

    Dr Ravi Rannan-Eliya, Executive Director,
    Insitute for Health Policy

    Given what we know about the new cases detected in the past two weeks, it was no longer justifiable to relax COVID control measures, including lifting the curfew in Colombo. This is a monumental and totally avoidable policy failure and an unmitigated fiasco.

    If accountability meant anything in this country, there would have been consequences for those involved in setting the health response. And to be absolutely clear, I do not mean the President, who has so far only acted in good faith on the advice he has been given.

    When the government imposed an island-wide curfew on the evening of March 20, we only had 72 cases. Until that point, almost all were people who had acquired the infection overseas and returned before we stopped all incoming flights on March 19. There were just a dozen other cases of local transmission, involving people in the community who had been infected directly or indirectly by a local arrival or foreign tourist.

    The curfew should have had three clear objectives:

    (1) To contain the virus to arrivals — This required screening all recent arrivals for infection and rapidly tracing and safely quarantining all cases and contacts of infected arrivals or any other cases to stop dead the spread of virus to others.

    (2) To establish capacity and a system to rapidly detect, trace and isolate any cases of hidden infection in the community.

    (3) To reduce social interaction so as to slow down person-to-person spread of any virus lurking in the population long enough for the first two objectives to be achieved.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,128
    72,275
    113
    මාලඹේ
    ගුවන් හමුදා සෙබලෙකුටත් කොරෝනා..
    April 27, 2020 at 4:40 pm | lanka C news
    ගුවන් හමුදා සෙබලෙකුටත් කොරෝනා..
    කටුනායක ගුවන් හමුදා කදවුරේ සේවය කරන සෙබලෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇත.

    එම සෙබලා ස්වයං නිරෝධායනයේ යෙදී සිටි අයෙක් යයි ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක දුෂාන් විජේසිංහ මහතා පැවසීය.

    අදාල ගුවන් හමුදා සෙබලා කොළඹ ජාතික උණ රෝහලට යොමු කලේ යයිද ඔහු පැවසීය.

    මේ හේතුවෙන් කටුනායක ගුවන් හමුදා කදවුර වසා දැමූ බවට පලවන වාර්තා අසත්‍ය යයිද ඔහු කියා සිටියේය.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,128
    72,275
    113
    මාලඹේ
    කොරෝනා වෛරස රෝග තත්වය නිසා මේ වනවිට බ්‍රිතාන්‍යයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් 25 ක් පමණ මියගොස් ඇති බවට වාර්තා පළවේ. බ්‍රිතාන්‍යයේ පදිංචි ශ්‍රී ලාංකිකයෙකු වන
    අනුර කළුබෝවිල මහතා තමාට

    හා සිය පවුලේ අයට වැළඳුණ කොරෝනා රෝග තත්වය ගැන විස්තරයක් මුහුණු පොතේ පළ කරමින් දන්වා සිටින්නේ මෙම රෝග තත්වය කෙනෙකුට නැවත නැවත ඇතිවිය හැකි බැවින් ප්‍රවේශම් වන ලෙසයි.
    පහත පළවන්නේ ඔහු පළ කළ සටහනකි
    27110602gossiplanka.png
     
    danzka

    Well-known member
  • Feb 8, 2018
    1,356
    147
    63
    විෂබීජ හරණයට එතනෝල් සීමා කෙරෙයි - පෙණහලුවලට හානි කරයි :shocked::shocked:

    විෂබීජහරණය සඳහා රාජ්‍ය, අර්ධ රාජ්‍ය ආයතනවලට එතනෝල් මුදා හැරීම දැඩි ලෙස සීමා කිරීමට සුරාබදු දෙපාර්තමේන්තුව තීරණය කර ඇත. විෂබීජ හරණය සඳහා එතනෝල් භාවිත කිරීමෙන් පරිසරයට මෙන්ම මිනිසාට ද හානිදායක වන බව සෞඛ්‍ය අධ්‍යාපන කාර්යාංශය පණිවුඩයක් නිකුත් කරමින් ප්‍රකාශ කර තිබේ.

    විශේෂයෙන්ම විෂබීජහරණ කුටි ඉදි කරමින් විෂබීජහරණ ද්‍රව්‍ය ශරීරයට ස්පර්ශ වීම පෙණහලුවලට හානි දායක විය හැකි බව එම පණිවඩුයේ සඳහන් වෙයි. ශරීරයට විෂ බීජ නාශක ද්‍රව්‍ය ඉසීමෙන් විෂබීජ හරණයක් සිදු නොවන බවත් ඒ සඳහා ජනතාව ස්පර්ශ කරන පෘෂ්ඨවල විෂබීජ හරණය කළ යුතු බව සෞඛ්‍ය අධ්‍යයන කාර්යාංශය අවධාරණය කර ඇත.

    රාජ්‍ය ආයතනවල විෂබීජහරණ කුටි ඉදි නොකරන ලෙස ද රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය දැනුම් දී ඇත. ඒ අනුව විෂබීජහරණය සඳහා එතනෝල් මුදා හැරීම සීමා කරන බව සුරාබදු දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය සුරාබදු කොමසාරිස් කපිල කුමාරසිංහ සඳහන් කරයි. විෂබීජ හරණය සඳහා සුරා බදු දෙපාර්තමේන්තුව එතනෝල් ලීටර ලක්ෂ 08ක් මේ වන විට මුදා හැර තිබේ.
     
    danzka

    Well-known member
  • Feb 8, 2018
    1,356
    147
    63
    අද ආසාදිතයන් හෙට ආසාදිතයන් නොවන හැටි

    කොරෝනා ආසාදිතයන් හඳුනා ගැනීම සඳහා සිදු කරන පීසීආර් පරීක්ෂණවල නිරවද්‍යතාව සම්බන්ධයෙන් ජනතාව තුළ බලවත් සැකයක් මතුව තිබේ. කොරෝනා ආසාදිතයන් බව සෞඛ්‍ය බලධාරීන් කියන ඇතැමෙකුට වෛරසය ආසාදනය වී නැතැයි පසුව ඔවුන්ම පවසන බැවිනි. මේ තත්ත්වය කොරෝනා මර්දනය සඳහා ආණ්ඩුව ගෙන යන සමස්ත වැඩ පිළිවෙළ පිළිබඳ ජනතා විශ්වාසය බිඳ වැටීමට හේතුවකි. කොරෝනා ආසාදිතයකු යැයි කියන අයකු ආසාදිතයකු නොවන බව කීම ජනතාව කිසිසේත්ම පිළිගන්නේ නැත. මේ නිසා වඩාත්ම අපහසුතාවට පත්වන්නේ රෝගියකු ලෙස හඳුනා ගන්නා පුද්ගලයා සහ ඔහුගේ පවුලේ සමීප ඥාතීන්ය.

    පිළියන්දල ප්‍රදේශයේ මාළු ව්‍යාපාරිකයකුට කොරෝනා ආසාදනය වී ඇතැයි වාර්තා වීමෙන් එම ප්‍රදේශවල විශාල පිරිසක් භීතියට පත්වූහ. පිළියන්දල පමණක් නොව රට පුරාම මාළු ව්‍යාපාරිකයන්ගේ වෙළෙඳාම ඇණ හිටියේය. පෑලියගොඩ තොග මාළු මධ්‍යස්ථානය තාවකාලිකව වසා දැමුණු අතර පන්සීයකට අධික පිරිසක් පීසීආර් පරීක්ෂණයට භාජනය කෙරිණ. දින කිහිපයකට පසුව වාර්තා වූ‍යේ පිළියන්දල මාළු ව්‍යාපාරිකයා ආසාදිතයකු නොවන බවය.

    කොරෝනා ආසාදිතයෙක් ලෙස හඳුනාගත් අයකු ප්‍රතිකාර ලබාගත් පන්නිපිටිය ප්‍රදේශ‍යේ පෞද්ගලික රෝහලක් වසා දැමීමෙන් ඔවුන්ට ව්‍යාපාරික පාඩුවක් සිදුවූ අතර දහස් ගණනක් රෝගීහු ප්‍රතිකාර ලබා ගැනීමට නොහැකිව අපහසුතාවට පත්වූහ. එහෙත් එම පුද්ගලයාට වෛරසය ආසාදනය වී නැතැයි වාර්තා විය.

    ආසන්නම සිදුවීම වන්නේ කොළඹ ජාතික රෝහලේ හෙද නිලධාරිනියකත් වැල්ලම්පිටියේ හා රාජගිරියේ දෙදෙනකුත් ආසාදිතයන් බව හඳුනාගෙන පසුව එසේ නොවේ යැයි කීමය. මේ ආකාරයට දැනට ආසාදිතයන් බව කියූ පහළොස් දෙනකුගේ පමණ මුල් වාර්තා දෝෂ සහිත බවත් ඔවුන් ආසාදිතයන් නොවන බවත් වාර්තා වී තිබේ.

    නමුත් සෞඛ්‍ය බලධාරීන් තවමත් මේ ගැන පිළිගත හැකි පැහැදිලි කිරීමක් ඉදිරිපත් කර නැත. ආසාදිතයන් යැයි කියන අය ආසාදිතයන් නොවන බව කියන්නේ නම් ආසාදිතයන් නොවන බව යමෙකුට නිකුත් කරන සහතික එලෙසින්ම පිළිගත හැක්කේ කෙසේද? ආසාදිතයකු බවට හඳුනා ගන්නා අයකු ආසාදිතයකු නොවීම සිදුවිය හැක්කේ රෝගය සුවවීමෙන් පමණකි. එහෙත් එක රැයකින් රෝගය සුව නොවන අතර එය සිදුවන්නේ ක්‍රම ක්‍රමයෙනි.

    පීසීආර්. පරීක්ෂණ ප්‍රතිඵල වරදින්නේ යන්ත්‍රවල වරදකින්ද නැතහොත් - යන්ත්‍ර හසුරුවන නිලධාරීන්ගේ වරදකින්ද? ඕනෑම පරීක්ෂණයකදී යම් ප්‍රතිශතයක් දෝෂ තිබිය හැකිය. එසේ වුවත් එවැනි දෝෂ මගහරවා ගැනීම් සඳහා ද ක්‍රම තිබේ. එකම පරීක්ෂණය කිහිප වරක් කිරීම, පරීක්ෂණයට අදාළ සාධක වෙනස් කිරීම, එවැනි ක්‍රමයන්ය. ඇතැම් වෛද්‍යවරුන් පවසන්නේ පීසීආර්. යන්ත්‍රවල වාර්තාවලින් නිවැරදිම වන්නේ සියයට හැත්තෑවක පමණ ප්‍රමාණයක් බවය. එය ඇත්තක් නම් එය භයානක තත්ත්වයකි. නිවැරදි වන්නේ සියයට 70ක් නම් සියයට තිහක්ම වැරදි නිසාය. එසේ නම් පරීක්ෂණවලින් තුනෙන් එකක පමණ ප්‍රමාණයක් වැරදිය.

    කෙසේ වෙතත් රජයේ වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තීය වේදීන්ගේ සංගමය කියන්නේ වෙනත් කතාවකි. ඔවුන් කියන ආකාරයට මේ වැරදි වාර්තාවලට හේතුව යාන්ත්‍රික දෝෂ නොව පරිපාලන දෝෂය. සෞඛ්‍ය අමාත්‍යාංශය සතුව දිවයින පුරා වෛද්‍ය රසායනාගාර දහයක් තිබේ. පළපුරුදු වෛද්‍ය රසායනාගාර විද්‍යායෝද සිටිති. අමාත්‍යාංශයේ රසායනාගාර මේ දක්වා නිකුත් කර ඇති එකම පීසීආර්. වාර්තාවක් හෝ දෝෂ සහිත වී නැත. දෝෂ සහිත වාර්තා සියල්ල නිකුත් වී ඇත්තේ සෞඛ්‍ය අමාත්‍යාංශයට අයත් නොමැති බාහිර රසායනාගාරවලිනි.

    බාහිර රසායනාගාරවලට පීසීආර් පරීක්ෂණ භාර දෙන්නේ අමාත්‍යාංශ රසායනාගාරවලට ප්‍රමාණවත් තරම් පරීක්ෂණ නිදර්ශක නොලැබෙන තත්ත්වයක් තුළය. අමාත්‍යාංශ රසායනාගාරවලට දිනකට පීසීආර්. පරීක්ෂණ දෙදහසක පමණ ප්‍රමාණයක් සිදුකළ හැකිය. එහෙත් තවමත් දිනකට ලැබෙන්නේ පරීක්ෂණ පන්සිය පනහක පමණ ප්‍රමාණයකි.

    මෙය නම් වහාම සොයා බැලිය යුතු කාරණයකි. ජාතික රෝහලේ හෙද නිලධාරිනියකට නොව කම්කරුවකුට හෝ කොරෝනා ආසාදනය වුවහොත් ඒ හරහා කොතරම් විශාල සංඛ්‍යාවකට රෝගය පැතිරිය හැකිද? කොළඹ ජාතික රෝහල වැනි අප රටේ සෞඛ්‍ය සේවයේ මර්මස්ථානයක කාර්ය මණ්ඩලය රෝගී වීම සමස්ත කොරෝනා​ මර්දන වැඩසටහනම බිඳ වැටීමට හේතුවක් විය නොහැකිද?

    පුදුම සහගත කාරණය වන්නේ එසේ තිබියදී කොළඹ ජාතික රෝහලේ හෙද නිලධාරීනියගේ පීසීආර් පරීක්ෂණය පවා සෞඛය අමාත්‍යාංශය යටතේ ඇති වෛද්‍ය පර්යේෂණ ආයතනය වැනි ස්ථානයකට භාර නොදී විශ්වවිද්‍යාලයක් මගින් කරවා ගැනීමය. ඇත්තෙන්ම රූපවාහිනියෙන් රටටම සෞඛ්‍ය උපදෙස් දෙන අපේ සෞඛ්‍ය බලධාරීන් මෙහි ඇති බරපතළකම නොදැන සිටියේ යැයි පිළිගන්නේ කෙසේද?

    කෙසේ හෝ වේවා මේ නිසා පීසීආර්. පරීක්ෂණ, ආසාදිතයන් සංඛ්‍යාව කොරෝනා වෛරසය විහිළුවක් නොවීමට වග බලා ගැනීම බලධාරීන්ගේ වගකීමකි. මෙවැනි විහිළු නිසා ඔවුන්ගේ ඇස් රතුවීමට ඉඩ ඇති බැවිනි.

    aruna.lk
     
    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,762
    2,856
    113

    කොරෝනා වෛරසය ආසාධනයට ලක්වූ පුද්ගලයින්ගේ ශුක්‍රාණු තරල තුල එම වෛරය පවතින බව විද්‍යාඥයින් පිරිසක් අනාවරණය කර ගෙන තිබෙනවා.

    මෙම සොයා ගැනීමත් සමග කොරෝනා වෛරසය ලිංගිකව සම්ප්‍රේෂණය වීමේ හැකියාවක් පවතින බවට මත පලවී ඇති අතර ඒ සම්බන්ධයෙන් විද්‍යාඥයින් මේ වන විට පර්යේෂණ අරඹා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියේ.

    චීනයේ කොරෝනා වෛරසය උග්‍රව ව්‍යාප්ත වෙමින් පැවති ජනවාරි සහ පෙබරවාරි කාල සීමාව තුලදී තෝරා ගනු ලැබූ පිරිමි පුද්ගලයින් 38 දෙනෙකු ආශ්‍රයෙන් සිදුකළ පර්යේෂණයකදී මෙම කරුණු හෙළි කර ගැනීමට එරට Shangqui රෝහලේ වෛද්‍ය පර්යේෂකයින් විසින් සමත්ව තිබෙනවා.

    මෙම පිරිසෙන් 16% කගේ ශුක්‍රාණු තරලයන් හි කොරෝනා වෛරසය ඇති බවට සොයා ගෙන ඇති බවයි එම පර්යේෂකයින් සඳහන් කරන්නේ. වෛරසය සම්ප්‍රේෂණය වී ඉන් සුවය ලැබූ පුද්ගලයින් ගේ ශුක්‍රාණු තරල මතද එය පවතින බවයි මෙහිදී අනාවරණය වී ඇත්තේ.

    මේ සම්බන්ධයෙන් නිසි පරීක්ෂණ සිදුකෙරෙන තෙක් කොරෝනා වෛරසය ආසාධනය වූ රෝගීන් හා රෝගයෙන් සම්පුර්ණ සුවය ලබමින් සිටින පුද්ගලයින් ලිංගිකව හැසිරීමෙන් වැලකි සිටීම ඥානාන්විත ක්‍රියාවක් වනු ඇති බවයි පර්යේෂණ කණ්ඩායම සඳහන් කරන්නේ.

    Source:-nethnews
     
    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411

    හුටා! :shocked: :dull:
     
    rasika175

    Well-known member
  • May 19, 2007
    1,188
    96
    63
    fiji island

    F--ck ... Hukalath hamari...