Corona VIRUS - Daily Updates

danzka

Well-known member
  • Feb 8, 2018
    1,356
    147
    63
    සීදූවේ හමුදා කදවුරක් වසා දමයි.. නිරෝධායනයට.. හමුදා නිලධාරියෙකුට කොරෝනා

    සීදුව ප්‍රදේශයේ යුධ හමුදා කඳවුරක් නිරෝධායනයට ලක් කර ඇත.

    මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සදහන් කරන්නේ එහි රාජකාරි කරන යුධ හමුදා නිලධාරියෙකුට කොරෝනා ආසාදනය වීම තහවුරු වීමෙන් මෙම පියවර ගත් බවයි.

    අදාල නිලධාරියා විවාහ වී සිටින්නේ වැලිසර කදවුරේ නාවික හමුදා නිලධාරිනියක් සමගයි.

    අදාල යුධ හමුදා කඳවුරේ නිලධාරින් හා සෙබළුන් 150 දෙනෙකුද සමගින් නිරෝධායනයට ලක් කර ඇත
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    80,958
    72,066
    113
    මාලඹේ
    සුවය ලැබූ අයට යළිත් වෛරසය ආසාදනය වෙයිද? - ලෝක සෞඛ්‍ය සංවිධානය දුන් පිළිතුර
    කොවිඞ්-19 හෙවත් නව කොරෝනා වෛරසය ආසාදනය වී සුවය ලැබූ පුද්ගලයින්ට යළිත් වරක් වෛරසය ආසාදනය නොවීම පිළිබද සහතිකයක් ලබාදිය නොහැකි බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා.

    ඔවුන් පවසන්නේ සුවය ලැබූ පුද්ගලයින්ට සේවය කළ හැකි බවට සහතික නිකුත් කිරීමට ඇතැම් රටවල් පෙළඹී සිටින බවයි. එවැනි තත්ත්වයක් තුළින් වෛරසයේ ව්‍යාප්තිය තවදුරටත් ඉහළ යා හැකි බව ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අගවනවා.

    කොරෝනා වෛරසය ආසාදනය වූ පුද්ගලයෙකුට යළි එම වෛරසය ආසාදනය නොවන බවට කිසිදු විද්‍යාත්මක සාක්‍ෂියක් මෙතෙක් වාර්තා නොවන බව ද මෙහිදී අවධාරණය කෙරුණා.

    මේ අතර රට සම්පූර්ණයෙන්ම වසා දමා තිබියදීත් ඇතැම් සුළු පරිමාණ වෙළඳසැල් නැවත විවෘත කිරීමට අවසර ලබාදෙන බව ඉන්දියාවේ ස්වදේශ කටයුතු අමාත්‍යාංශය අද (26) ප‍්‍රකාශ කළා. මාර්තු මස අග භාගයේ සිට මේ දක්වා විවෘත කිරීමට අවසර ලබාදී තිබුණේ අත්‍යවශ්‍ය භාණ්ඩ වෙළඳසැල් සදහා පමණයි. ඉන්දියාව සම්පූර්ණයෙන්ම වසා දැමීමේ තීරණය මැයි 3 දක්වා ක‍්‍රියාත්මක වනවා.

    එහෙත් ඉන්දියාවේ වැඩිම ජනගහනයක් සිටින උත්තර් ප‍්‍රදේශ් බලධාරීන් ජුනි 30 දක්වා රැස්වීම් තහනම් කිරීමටයි තීරණය කර ඇත්තේ. මැයි 03 වනදායින් පසුවත් රැස්වීම් තහනම් කළ පළමු ප‍්‍රාන්තය මෙයයි.

    covid-19-2-1140x450.jpg
     
    Last edited:
    • Like
    Reactions: danzka

    divoomdelux

    Well-known member
  • Apr 8, 2009
    4,415
    1,485
    113
    Srilanka
    Please make sure to keep this thread away from politics and bullshit.. if any one is posting bullshit others ignore the person and stop quoting him.
     
    • Like
    Reactions: danzka

    2osama

    Well-known member
  • Oct 25, 2010
    80,958
    72,066
    113
    මාලඹේ
    වැලිසරදී මියගිය නාවික නිලධාරියාට කොරෝනා වැලදී නැහැ​
    නෙත් NEWS
     
    Last edited:

    danzka

    Well-known member
  • Feb 8, 2018
    1,356
    147
    63
    Ifthar menu for the Muslims in the Quarantine Centres


    Ifthar menu for the Muslims in the Quarantine Centres. All provided by Our Sri Lanka Army.
    Let’s stand together ! Respect



    EWduefgXkAAHP4g