Website කරන අය

sunil ayya

Active member
  • Jun 18, 2017
    418
    158
    43
    Website කරන අය ඒක ගැන කිව්වට , උපදෙස් දුන්නට කවදාවත් website එකේ link එක ඉල්ලුවට දෙන්නේ නැ. ඇයි එ? එක්කෙනෙක් website එකක් හැදුවා. adsense දැම්මා කිව්වා. මම ඉතින් link එක ඉල්ලුව පොඩ්ඩක් බලලා මටත් website එකක් හදා ගන්න. පොර දෙන්න බැ කිව්ව. මට තියෙන ප්‍රශ්නේ, website හදන්නේ මිනිස්සුන්ට බලන්න නේ. එහෙම එකේ ඇයි ඕක හන්ගන්නේ ?
     
    pradeepsu

    Well-known member
  • Nov 4, 2019
    961
    1,063
    93

    අපේ එවුන් ගිහින් එකට ගේමක් දෙන්න බලන හින්ද කියලයි මට නම් හිතෙන්නේ.
     
    sunil ayya

    Active member
  • Jun 18, 2017
    418
    158
    43
    එහෙම පුලුවන් ද? එහෙනම් මචන් ඕන එකෙක්ට පුලුවන්නේ ඕනම website එකකට ගේම දෙන්න.
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    ඇඩ්සෙන්ස් කරන උන් කැමති නෑ URLs දාන්න. ලංකාවෙ සොන්නයො ගිහිං ඇඩ් ක්ලික් කරනවා එක දිගට. අන්තිමට අරූගෙ එකවුන්ට් එක බෑන් වෙන එක වෙන්නෙ. මම නම් මම කරන වෙබ් සයිට්ස් දාන්නෙ නැත්තෙ මට එහෙම දාන්න බැරි නිසා ( white label products නිසා)
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,894
    10,489
    113
    In the eyes of my girl
    එහෙම පුලුවන් ද? එහෙනම් මචන් ඕන එකෙක්ට පුලුවන්නේ ඕනම website එකකට ගේම දෙන්න.
    ඔව් පුළුවන් ඉන්වලිඩ් ක්ලික් දිගටම ආවොත් අකවුන්ට් බෑන්
    අන්න එකයි ලින්ක් දෙන්නේ නැත්තේ
    අනික් එක කිවරඩ් අයිඩියා හොරකන් කරනවා
     
    Martin Garrix

    Active member
  • Sep 3, 2018
    122
    89
    28
    මෙහෙමයි මචන්. සාමාන්යෙන් වෙබ්සයිට් එකක් කරන්නෙ කිවර්ඩ් එකකටනේ. එතකොට ගොඩක් මහන්සි වෙලා රීසර්ච් එකක් කරලා තමයි ඒ කීවර්ඩ් එක හොයාගන්නෙ. වෙබ්සයිට් එකේ ලින්ක් එක දුන්න ගමන් තව එකෙක්ට ඒකෙ තියෙන ඔක්කොම දේවල් බලාගන්න පුළුවන්. උඹ කියලා තියෙනවා මිනිස්සුන්ට බලන්නනේ වෙබ්සයිට් හදන්නේ කියලා. ඒක ඇවිල්ල වෙනම සීන් එකක්. අපි ඒ කීවර්ඩ් එකට වෙබ්සයිට් එක රෑන්ක් කරගත්තම ඒකට එන්නෙ ඒ කන්ටෙන්ට් එක හොයන මිනිස්සු.
     
    sumane20

    Well-known member
  • May 28, 2016
    3,403
    2,750
    113
    34
    Kandy
    Ubalage jealous ekata adsense account ekata kelewwoth kiyala danne na..

    Personally mata kari sinhalungen mage youtube channel eka report karala thiyanawa...