මම හෙන හොඳ එකෙක් කියල හිතුවට මගේ ඔලුවෙ හෙන ලොකු කම බන්. මට ඒක මේ ලඟදි තේරුනේ. මට සාමාන්‍යයෙන් මට වඩා දැනුමෙන් තත්වයෙන් බාල අය එක්ක ආශය්ර කරන්න හිතෙන්නෑ. කිසිම කතාවක් නෑ උන් එක්ක.
ඔෆිස් එකේ උනත් කෙල්ලො ඉන්නව රෙසිප්ෂන් වගේ. උන් පොඩි ගානට වැඩ කරන O/l විතරක් ගොඩක් වෙලාවට කරපු කෙල්ලො මට උන්ව ගනන් ගන්න හිතෙන්නෑ. මේක හිතල කරන දෙයක් නෙමේ ඉබේම වෙන දෙයක්. ඉතින් උනුත් මට ලොකු ලයින් දෙනව.
ඒ උනාට මට තේරිච්ච දෙයක් තමයි. උන් හෙන හොඳයි ගතිගුණ මම තමයි මේ විකාර ඔලුවෙ තියන් ඉන්නෙ කියල. ඊයෙ මට හිස කැක්කුමක් හැදිල යාලුවෙක්ට කිව්ව. ඕක ඇහිල මාව ඩොන්ට් කෙයා ඉන්න රෙසිප්ෂන් එකේ කෙල්ලෙක් මට වෝටර් බොට්ල් එකක් එක්ක පෙනඩෝල් කාඩ් එකක් අරන් ඇවිත් ටේබල් එක උඩ තියල මූන බලල මේක බොන්න කියල හිනා නොවී අනිත් පැත්ත හැරිල ගියා යන්න. මම යාලුවගෙන් ඇහුව උබ අරුන්ගෙන් පෙනඩෝල් ඇහුවද කියල ඌ නෑ කිව්ව.
මට ඕන මේ ලොකු සීන් ගතිය නැති කරන් උන් එක්ක ශේප් එකේ හොඳින් ඉන්න. ඒත් මට මේක පට්ට අමාරුයි. හැම තිස්සෙම හිතෙන්නේ උන්ට වඩා මම උසස් මට විශේෂ ට්‍රීට්මන්ට් ඕන කියල. මගෙත් එක්ක ඉන්න අනිත් උන් එක්ක උන් හොඳින් ඉන්නව කතා බහ කරල.
මගේ මේ කෙහෙල්මල් ලොකු කම නිසා කිසි ෆන් එකකුත් නෑ කිසි ගතියකුත් නෑ.
මේක අයින් කරගන්න විදියක් කියපන් බන්.