මචන්, සේල් කාරයෙක්ගෙන් කාර් එකක් ගත්තා. ගාන ටිකක් ලොකු එකක් (50+). කාර් එකේ ටෙස්ට් ඩ්‍රයිව් එක යද්දි පේන්න අව්ලක් තිබ්බෙ නෑ. හැබැයි පිකප් එකේදි පොඩී ගැස්මක් ආව කලාතුරකින්. ඒක නෝමල් කියල ඌ කිව්වෙ. කාර් එක ගන්න තීරණේ කරල ගන්න ආපු දවසේ කාර් එක තිබුනෙ සර්විස් සෙන්ටර් එකක. ඒකෙ හිටපු කොල්ලෙක් කිව්වා ගන්න එපා ගියර් බොක්ස් එකේ අව්ලක් තියෙනව රිවර්ස් කරද්දි වාහනේ දඩං බඩං ගානව කියල. ඒපාර රිවර්ස් කිහිපයකුත් ගහල බැලුවා. කිසි අව්ලක් තිබ්බෙ නෑ. ඒ නිසා වාහනේ ගත්තා. හිතට අල්ලපු එක නිසා ඩීල් එකත් හොඳ නිසා අර කොල්ල කිව්ව එක වැඩිය කෙයා කරේ නෑ. ටික දවසක් යද්දි ලෙඩක් කියල කන්ෆර්ම් උනා. ගැස්සිල්ල වැඩි උනා. දැන් ස්ලෝ කරද්දි පට්ට විදියට ගැස්සෙනවා. එන්ජින් එකත් නවතිනවා ගැස්සිල්ල වැඩි වෙලා. කි.මී 3000+ විතර තමයි මගේ යූසේජ් එක. මේකට මොකද්ද මට කරන්න පුලුවන්? කාර් එක විකුනගන්න ඕනෙ කියල ආයෙ සේල් කාරයට කිව්වාම විකුනල දෙන්නම් කිව්වා. ඒත් ලෙඩ ගොඩක් වෙන එකෙක්ගෙ ඇඟේ ගහල අපි බේරිලා වැඩකුත් නෑ. මේකට ලීගල් ඇක්ෂන් මොකක් හරි ගන්න පුලුවන්ද රවට්ටල වාහනේ අපිට දුන්න කියල?


