රට උන්නු අපි සහ කොරෝනා සටන

modara

Well-known member
  • Jul 29, 2016
    456
    239
    63
    ලංකාවට ආපු උන් කිව්වා ලංකාව සැලකීම් නියමයි කියලා ...
    මම තම uae - alain ඉන්නේ kovid 19 ගැන නම් කියන්න විස්තර එමටයි
     

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    නෑ.. හරියට visa දුන්නු ගොඩක් කම්පැනි වලිනුත් එහෙම තමයි.. ඒකයි මම කිව්වේ නීතිමය වශයෙන් ලැබිය යුතු දේවල් ගන්න පුලුවන් කියලා.. ඒත් ඒකට නාස්ති කරන්න කාලයක් නෑ වගේම එළියේ ඇවිදින්නත් බෑ..

    මට තිබුණේ legal employment visa . හැබැයි ගොඩක් කම්පැනි වලට මේ වෙද්දි Business නෑ.. විශේෂයෙන් මුල ඉඳලම මූල්‍ය ගැටලු තිබුණ ගොඩක් අල්ලපු රටේ කම්පැනි වලට සෑහෙන ප්‍රශ්න.. කිසිම ආදායමක් නෑ මාස 3කින් විතර. අලුතෙන් Business එන්නෙත් නෑ. customersla ඇත්තෙම නෑ.. ඔක්කොම shipments on hold . විකුණන්න බඩු නෑ.. තියෙන ඒවා විකිනෙන්නේ නෑ.. කම්පැනිය වෙනුවෙන් මමම China වලින් දාපු order එකක් Shipment එකට සල්ලිත් ගෙවලා තියෙද්දී කැන්සල් උනා කස්ටම හදිස්සියේම එයාගේ රටට යනවා කිව්ව නිසා.. cost එක 158000 AED. Agreed selling price එක අනුව profit එක 11,000 AED විතර. ඔය වගේ ප්‍රශ්න සෑහෙන ගොඩක් තියෙනවා.. හෝටල් වලට සෙනග නෑ.. ගොඩක් තැන් වල දැන් ගෙවන්නේ පඩියෙන් 50%යි. සේවකයින් 30%. වැඩිපුර ඉන්න අය අයින් කරනවා වරප්‍රසාද නැතුව.. මමත් මුලින් හිතුවේ මට විතරයි එහෙම උනේ කියල.. ඒත් එම්බසි එකේ හම්බ උන අයගෙන් ගොඩ දෙනෙකුට තිබුණේ මගේ ප්‍රශ්නෙමයි. ආවට පස්සේ කතා බහ කරද්දිත් සෑහෙන පිරිසක් හිටිය මගේ අත්දැකීමම ලබපු..

    ඔයාට මෙහෙම දේවල් නොවුන එක සහ අඩුම ගානේ එහෙම අය ගැනවත් නොදැන ඉන්න එක ඇත්තටම වාසනාවක්.. ඒත් සෑහෙන ප්‍රශ්න තියෙනවා.

    මේ වෙලාවේ හැටියට ඩුබායි වල අඩුතරමේ ජොබ් එක හරි තියෙනවා කියන්නේ ලොකු දෙයක්. ගොඩාක් උන්ගේ පඩි 50% කපලා තියෙන්නේ. මගෙත් එහෙමයි... ඒ ඕන නෑ.. හොටෙල් වල වැඩ කරපු ගොඩාක් උන් ඉන්නවා ජොබ් නැතිවෙලා තාම යාගන්න බැරුව.
     
    • Like
    Reactions: richlife

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    Agreed Macho.. Ape ekenuth godak ain kala, habay outstanding pay karala 1 month salarith dunna.

    අපේනම් එහෙම මෙලෝ මල දානයක් දුන්නේ නෑ.. Advance කියලා දෙපාරකට පොඩි ගාණක් අතට දුන්නා. එච්චරයි. :dull:

    අඩේ මචං එකම කොල්ල නේද පවුලේ.....
    මම් ඒත් බැලුවා පහුගිය කාලේ වැඩිය ආවේ නැත්තෙ මොකෝ කියල අවුරුදු2ක් විතරම වැඩිය දැක්කේ නෑනේ....
    කොරෝන වලින් පස්සේ ආයෙම එන්න කිව්වොත් යන්න ඉතින් එහේ... පඩිහොදයිනේ මෙහෙට වැඩිය...මේ ටිකේ ශේප් එකේ ඉන්න ටිකක්.. ජය..!!!!

    ආහ්. මචන්. සෑහෙන කාලෙකට පස්සේ. උඹට තාම ඔක්කොම මතකයි නේද..:love: ඔව් බන් මේ ප්‍රශ්නයි ඔෆිස් වල විකාර වැඩයි එක්ක මේ පැත්තෙ ආවේ නෑ කාලෙකින්.. දැන් හරි ඉතින්..:lol:


    :love::love:


    :cool::cool:
    ado otu labba tho awada
    :P

    අරං ආවා..:P දැන් ඉන්නවා ඉතින් ඇටි කෙහෙල් කාල වගේ..:lol:


    හැමදේම ඉක්මනට හරි යයි බන්, ගොඩක් මිනිස්සුන්ට කෙල උනා මේ කොරෝන මගුලෙන් :-(

    ඔව් බං ඒ කෙළ වීමනම් ආයේ ලොවෙත් නෑ..:sorry: මට තාම හිතා ගන්න බෑ උනේ මොකද්ද කියලා..:eek: හිමින් ලියන්නම්කෝ ඔක්කොම..:)

    Bumpation :rolleyes:

    :D:D

    thada,,,digatama dannoo

    ලියාගෙන යනවා මචන්.. දිගටම පිටු අතර බලන්න...:)



    :D:D
    korona gahuwa ##htho mekatath :lol:

    :lol::lol:දැන් මේකේ කුණුහරුප ඔට්ටුයිද..:rofl:


    UAE Sri Lankan එම්බසි එකේ අයට කොරෝනා හැදිලා නේද . දැන් එම්බසී එක වහලා නේද තියෙන්නේ ?

    ඒ මචන් අබුඩාබි වල.. මෙහේ අවුලක් උනේ නෑ. අබුඩාබි වලට තමයි ප්‍රශ්නේ ආවේ..:baffled: අපේ අය පරෙස්සම් වෙනවා හොඳටම මදි මචන්.. කෑම්ප් එක ඇතුළේ උන සමහර සිදුවීම් ගැන කිව්වාම උඹලටම තේරෙයි..:sorry:

     
    • Love
    Reactions: D_Mad

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    මේකේ ඉන්න දේශපාලන අනාථ යෝ කියන ඒවා අහන්න එපා බං . උන් වැටිලා ඉන්න වල උබ ට පේනවනේ . එළකිරි එකේ නිරෝධායන කියලා පෝස්ට් එකක් දැම්මොත් එකාටත් හුල්ලනව 😀😀 එච්චරට කොඩේ 😀
    ඇතටම අපිත් ආසයි ඇතුළේ මොක වෙන්නේ කියලා දැන ගන්න . ඉතුරු ටිකත ලියන්න . මොක ද වහල්ලු බිරුව ට කදු පාත් වෙන්න නේ නැහැනේ 😀😀😀🤩


    ubage account eka wena kenek use karanawada
     
    • Haha
    Reactions: EnIgma001

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    mamath kuburak kotan inna tiranaya kala miture,
    cinnamongarden gedara wikunala gamata yanawa mama


    ai ehema karanne miture??

    waren api kohoma hari monahari karala 2/3 aran demu, ita passe divya loke wage sepata kala adala joliye inna puluwan.
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,970
    1
    9,783
    113
    Gampaha
    මොකද්ද බම් මේ elakiriyaට වෙලා තියෙන්නේ.. ලයික් කරන්නත් පුලුවන්ද දැන්.. ඔලුව කැක්කුමයි වගේ..
    machan left botton corner eke "Elakiri Dark" kiyala ekak athi. eken "Elakiri Main" ekata maru wenna. ethakota light theme eka apply wenawa.
     
    • Love
    Reactions: richlife

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...

    PCR පරීක්ෂණය සහ පිටත් වීම

    කොහොමහරි ජූනි 27 වෙනිදා විතර එම්බසි එකෙන් පණිවිඩයක් ආවා පහුවදා උදෙන්ම PCR TEST එකට යන්න කියලා..:eek: ඒ කියන්නේ තානාපති කාර්යාලයේ අය අපි වගේ සාමාන්‍ය මිනිස්සු වෙනුවෙන් වැඩ කරනවා කියන එක.. ඒ අය මගේ වට්සප් නම්බර් එක ඉල්ලගෙන අදාළ ලොකේෂන් එක වට්සප් කළා.. කලින් දවසේ ගූගල් මැප් එක කට පාඩම් කරගෙන අවට ලෑන්ඩ් මාක්වල ෆොටෝ ටිකකුත් ෆෝන් එකට දා ගත්තේ එහෙ මෙහෙ ගිහින් අතරමං වෙලා ටැක්සි වලට ගෙවන්න තරම් වැඩිපුර මුදලක් අතේ නෑ කියලා දැනන් හිටිය නිසා..:dull: එහෙම කරලත් පාර වැරදිලා කිලෝ මීටර් ගාණක් වැඩිපුර ගිහින් බස් එකෙන් බැස්සේ.. (අඩේ ඒ පාර දෙපැත්තේ මොණරුත් හිටියා. ගමනේ විස්තර කියන්න වෙනම ත්‍රෙඩ් එකක් දාන්න වෙනවා..)

    දියතලාව ආවට පස්සේ දැන ගත්තු තව දෙයක් තිබුණා.. එම්බසී එකෙන් ගුවන් යානයේ අරන් යන මගීන් ප්‍රමාණෙට වැඩියෙන් කිහිප දෙනෙකුට PCRම පරීක්ෂණ වලට යොමු කරවපු එක.. PCR TEST එකෙන් පස්සේ රිපෝට් එක POSITIVE වෙලා ලංකාවට යන්න බැරි වෙන අය හිටියොතින්, එහෙම නැත්තන් අන්තිම මොහොතේ යන්නේ නෑ කියලා තීරණය කරන අය හිටියොතින් ඒ අවස්ථාව අර වැඩිපුර ඉන්න පිරිසට ලබා දෙන්න තීරණය කරලා..:yes: එහෙම අමතර පී.සී.ආර් පර්‍රික්ෂණ නොමිලේ කරවන්න සෑහෙන වියදමක් දරන්න ඇති. ඒ අපි වගේ නැවත ලංකාවට එන්න බලන් ඉන්න අය වෙනුවෙන් නේද කියන එක කියන්නම ඕනේ.. ඒ වගේ අහම්බෙන් අවස්ථාව ලෑබුණු කෙනෙක් මට දියතලාවෙදි හම්බ උනා..:)

    Test එක කරන්න පෝලිමේ ඉන්න අතරේ දෙපාරක්ම එම්බසි එකෙන් කෝල් කලා PCR REPORT එක ඉල්ල ගන්න.. ඒ වෙද්දිත් පරීක්ෂාව කර ගන්න ලොකු පෝලිමක හිටිය නිසා රිපෝට් එක එන්න පරක්කු වෙයි කියලා කිව්වාම රිපෝට් එක ආව ගමන් ඒ අයගේ වට්සප් නම්බර් එකට ඒක එවන්න කියලා උපදෙස් ලැබුණා..:yes: ආයේ ටික වෙලාවකින් ශ්‍රී ලංකන් ගුවන් සේවාවෙන් කියලා කෝල් එකක් ආවා.. මගේ විස්තර ටික ලැබුණේ ශ්‍රී ලංකා තානපති කාර්යාලෙන් කියලත් කිව්වා..:shocked: ලංකාවට යන්න ඉන්නවනම් ටිකට් එක ගන්න පුලුවන් කියලා ඒ අයගෙන් දැන ගත්තා.. ඒ වෙද්දී කිසිම ඇමතුමක් මම කොහෙටවත් දුන්නේ නෑ.. PCR එකට යන්න කියලා දැනුම් දුන්න වෙලාවේ ඉඳන් ආව හැම දුරකථන ඇමතුමක්ම සෑහෙන හොඳ සම්බන්ධීකරණයක් එක්ක මට ආව ඇමතුම්..:yes: PCR එකේ රිපෝට් එක Positive නම් ටිකට් එකට ආයෙ සල්ලි ගෙවන (Refund) පොරොන්දුවත් එක්ක සැහෙන අමාරුවෙන් පැය කීපයක් ඇතුළත ටිකට් එකට සල්ලි ගෙව්වා.. ඇත්තටම මගේ මෙහෙ ඉන්න යාලුවෙක් මම වෙනුවෙන් ටිකට් එක අරන් දුන්නා සල්ලි ටික ලංකාවෙන් හදා ගන්නකන්..:love: මොකද ඒ වෙද්දි ඩුබායි වලට සල්ලි ගෙන්න ගන්න ක්‍රමයක් තිබුණේ නෑ පැය කීපයක් ඇතුළත..:no: මාස තුනක් පඩියක් නැතුව, රස්සාවක් නැතුව අතේ වියදමින් ජීවිතේ ගැටගහගෙන ගිය අපිට පැය කීපයක් ඇතුළත කොහොමත් සල්ලි හදා ගන්න අමාරුයිනේ..:dull: ටිකට් එක වෙන් කරව ගෙනත් පැය ගාණකට පස්සෙයි PCR එකේ රිපෝට් එක ආවේ.:baffled: ඒක අපේ එම්බසි එකට වට්සප් කලාට පස්සේ ආයේ එහෙන් තහවුරු කර ගැනීමේ කෝල් එකක් ආවා.. ලඟම පොලිසිය, පවුලේ විස්තර, ලිපිනය, දැනට තියෙන ලෙඩ රෝග, බෙහෙත් ගන්නවද,බෙහෙත් බොනකොට මොනවහරි අසාත්මිකතාවයන් තියෙනවද වගේ විස්තර ගොඩක් ඒ අය ඉල්ල ගත්තා..
    (මේ දුරකතන ඇමතුමටත් කිහිප දෙනෙක් අකමැති උනා..:no: "අපේ ලෙඩ ගැන ඒගොලොන්ට වැඩක් නෑනේ, ඕවා වැඩක් නෑනේ ෆ්ලයිට් එකක් තියෙනවනම්.. රිපෝට් එක Negative නම් මොනවටද ඕව අහන්නේ. පාස්පෝට් නම්බර් වෙරිෆයි කරන්න අපි හොරෙන් යන්නේ නෑනේ, අපි ලංකාවෙ මිනිස්සුනේ වගේ." කතා ඇහුණා කීප දෙනෙකුගෙන්ම.. ඇත්තටම ඒ ඉල්ල ගත්තු හැම තොරතුරක්ම රාජකාරිමය වශයෙන් අවශ්‍ය කරන තොරතුරු. ඒ අයට ඒව ලබා දෙන එකෙන් අපිට කිසිම අපහසුතාවයක් ඇති වෙන්නෙ නෑ.. අනික අපි ලංකාවට ගෙන්නන්න කියන්නෙත් සෞඛ්‍යමය ප්‍රශ්නයක් උඩ. ඉතින් ඒ වෙනුවෙන් ගන්න ඕන සෞඛ්‍යමය ක්‍රියාමාර්ග වලදි, බෙහෙත් වර්ග වලදි ඒ ඒ අයට තියෙන ආසාත්මිකතාවයන් ගැන පෙර දැනුවත් වීමක් අනිවාර්යෙන්ම ඕනෙ.. ඒත් අපේ අය ඒක වැරදියටයි තේරුම් ගත්තේ. :dull:)

    අවසාන වශයෙන් ජූනි 29 වෙනිදා රෑත් එම්බසි එකෙන් කෝල් එකක් ආවා හැමදේම හරි නේද ලංකාවට යන්න සූදානම් නේද කියලා අහලා..:love: ඊට අමතරව ආයේ වට්සප් මැසේජ් එකකුත් ආවා Dubai Airport එකේ පිටවීමේ පර්යන්තය ගැන දැනුම් දීපු.. මේ හැම දේකටම සෑහෙන බැනුම් අහපු, ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ සේවක මණ්ඩලය ලොකු වෙහෙසක් ගන්න ඇති..:love: ඒ වගේම ඒ අය එක දිගටම දුරකතන මාර්ගෙන් උපදෙස් දුන්න කරන්න ඕන දේවල් ගැන.. 30 වෙනිදා උදේ ගුවන්තොටුපොළට ආවාම තානාපති කාර්යාලයේ නිලධාරීන් පිරිසකුත් එතන ඉන්නවා දැක්කා.. ඒ අය අඩුපාඩු තියෙන ශ්‍රී ලාංකීය ගුවන් මගීන් ගැන හොයලා බලලා අවශ්‍ය උපදෙස් දෙනවා දැක්කා..:yes: එක එක පැති වලින් ආව මගීන් ගොඩක් හිටිය නිසා ඒ අය හැමෝගෙම තොරතුරු හරියට එකලාසයක් කර ගත්තා වෙන්න ඕනේ.. ඒ අතරේ ශ්‍රී ලංකා තානාපති තුමත් ඇවිත් හිටියා..:yes: තානපති කාර්යාලේ නිලධාරින් වගේම ස්වේච්ඡා සංවිධානයක ශ්‍රී ලාංකික නිලධාරින් කිහිප දෙනෙකුත් මගීන්ගේ පහසුව වෙනුවෙන් වැඩ කරන හැටි දකින්න ලැබුණා.. වතුර බෝතලයක් එහෙම අතට දීලා ඒ අයත් මගීන් ගැන එක එක තොරතුරු සටහන් කර ගත්තා.. ඒ අය වැඩ කරපු විදිහට අපිව ගෙන්න ගන්න එක වෙනුවෙන් සෑහෙන ලොකු වැඩ කොටසක් කරන්න ඇති කියලා හිතුනා.. මම අර කලින් කිව්වා වගේ සමහර අයට එම්බසි එකෙන් අඩුපාඩු කම් වෙලා ඇති.. ඒවුනත් මගේ වාසනාවකටද මන්දා මට එහෙම අඩුපාඩුවක් උනේ නෑ..:)

    ගමන් මලු වල බර සම්බන්ධයෙන් මතු වෙච්ච ගැටළු කීපයක් නිසා අන්තිම මොහොතේ අවසාන මගියා විදිහට මමත් Checking උනා..:dull: අපිව එක්කන් යන්න එවපු විශේෂ ගුවන් යානයක් නිසාම මම එනකන් හිටියද මන්දා..:shocked: මොකද ශ්‍රී ලංකන් ගුවන් සේවාවට අයිති අනිත් කවුලූ ඔක්කොම වහලා තියෙද්දී මගේ කවුන්ටරේ විතරයි ඇරගෙන හිටියේ.. ඒ වගේම ගුවන් සමාගමේ නිලධාරීන් හය හත් දෙනෙක්ම ඒ වැඩ කටයුතු ඉවර වෙනකන් වෙලාව බල බල හිටියා..:nerd: අන්තිමට දහසකුත් ප්‍රශ්න මැද, කඩවුණු බලාපොරොත්තු එක්ක ජීවිතේ විතරක් බේරගෙන අපිව එක්කන් යන්න ආපු (ආපු කියනවට වැඩිය අපිව එක්කගෙන යන්න එවපු කියලා කිව්වනම් තමයි හරි:love:) යෝධ කුරුල්ලව හොයාගෙන මමත් බිම දිගේ ඉගිලුණා..

    ඊලඟට මම අපි ආව විශේෂ ගුවන් යානය ගැන කියන්නම්..

     
    Last edited: