ඒක active voice කරන්නෙ කොහොමද bro? මට තේරෙන්නෙ නෑ.. පොඩ්ඩක් කියල දෙනවද?
වාක්‍යයක් Active Voice කරන්න නම් ඒ වාක්‍යයට කර්තෘ (Subject), ඒ කියන්නේ වාක්‍යයයට අදාළ ක්‍රියාව (Verb) කරන කෙනෙක් ඉන්න ඕනේ..ක්‍රියාවට ලක්වෙන කෙනාට අපි කියන්නේ කර්මය (Object) කියලා...
Active Voice - කර්තෘ කාරක
Passive Voice - කර්ම කාරක
all backups are stored in a folder corresponding to that date
ඔය sentence එක බැලුවහම පේනවා Verb එක තමයි "store" (stored කියන්නේ Past Participle form එක)...හරියට බැලුවොත් පේනවා මේ වාක්‍යයයේ ක්‍රියාව කරන කෙනෙක් නැහැ...හැබැයි ක්‍රියාවට ලක්වෙන කෙනෙක් ඉන්නවා (all backups).." in a folder corresponding to that date " මේ කෑල්ල නිකන් වාක්‍යයට වෙනම සම්බන්ධ වුන phrase (වාක්‍ය කණ්ඩයක්) එකක්..ඒක එච්චරම අදාළ නැහැ මෙතෙනට..ඉතින් මේ වාක්‍යයට ක්‍රියාව කරන කෙනෙක් (කර්තෘ / subject) නැති නිසා අපිට මේක Active Voice වලින් කියන්න බැහැ...ඒ වගේ වෙලාවට කෙලින්ම Passive Voice වලින් තමයි sentence එක build කරන්නේ..
අපිට ඕනෙම නම්, මේ ක්‍රියාව කරන්නේ "backup system" එකෙන් කියලා assume කර්ලා, Active Voice වලින් ලියන්න පුලුවන් පල්ලේහා තියෙන විදියට..
Under the new backup system, the
backup system (Subject) stores (Verb) all backups (Object) in a folder corresponding to that date.
ඇයි අපි මෙතන "store" කියලා දාන්නේ නැතුව "stores" කියලා දැම්මේ? මේකට උත්තරයත් ඕනෙ නම් කියන්න, කියලා දෙන්නම්..
ඒ වගේම, ඕනෙම active voice sentence එකක් අපිට passive voice වලට convert කරලා ලියන්න පුලුවන්..
Eg:
- He (Subject) brushes (Verb) his teeth (Object), every morning (Active Voice) - ඔහු ඔහුගේ දත් හැමදාම උදේට මදිනවා
- His teeth (Object) are brushed by him, every morning (Passive Voice) - ඔහුගේ දත් ටික ඔහු විසින් හැමදාම උදේට මදිනවා
- His teeth (Object) are brushed, every morning (Passive Voice without Subject) - ඔහුගේ දත් ටික හැමදාම උදේට මදිනවා (වෙන එකෙක්ට උනත් උගේ දත් මදින්න පුලුවන්..මදින්නේ කවුද කියලා explicitly කියලා නැහැ)