අහිංසක බල්ලව මරපු අමනයා😠😠😠

dxx

Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    මටත් වඩා හොදට මගේ කාර් එකේ සද්ද අදුරන්නේ උබ. මම හන්දියට එනකොට උබ පාරට වෙලා බලන් ඉන්නේ කප්පම් ගන්න වගේ.මම ශෙඩ් එකට ගියත් උබ එතනටත් දුවන් ඇවිත් කාර් එකේ දොරට අත් දෙක තියලා මූන දාලා කියන දේ මම දන්නවා බන්.ඊට පස්සේ උබ කෙලින්ම දුවන්නේ P & S එකට.මොකද උබේ ආසම කෑම තමා sausage pastry එක.ඒක මම දන්නවා බන්. ඊයේ රෑ මම එනකොට උබ පාරට ආවම බිස්කට් පැකැට් 2 අරන් 1 උබට දීලා ආවා.අද උදේ උබේ ආසම කෑම එකත් උබට අරන් දුන්නා.සමහරු අහන්නේ මල්ලි ගෙදර බල්ලා ගෙදරින් පැනල ඇවිත් පාරට වෙලා ඉන්නවද කියලා.උන්ට සැකයි උබ අපේ ගෙදර එකෙක්ද කියලත්.ඒ තරමට උබේ දාන්ගලේ මම එක්ක.උබ දුවගෙන ලගට ආවම දෙපාරක් හිතන්නේ නෑ බන් උබව තුරුල් කරගන්න.මොන ගමනක් යනකොට උනත්.මොකද උබ වගේම මමත් උබට ආදරෙයි.ගෙදර ගෙනත් හදන්න බැරි උබ වගේම මම ගාව ඉන්න එකත් යක්කු.කොහොම උනත් දවස් ගානක් උබව මරන්න උත්සහ කරපු එකා අද දිනලා.එක පාරක් උබේ ඔලුව පලල. එතකොට මම ගමේ නොහිටියත් හිත උණු වෙන උන් ඉන්න නිසා උබේ තුවාලෙට බෙහෙත් දාලා තිබ්බා.ඒත් අද උබ නිදන් ඉන්න කොට ඌ කාර් එක උබේ ඇග උඩින්ම ගිහින්.උබ මාව දාලා යන්නම ගිහින්.උබට වමනේ ගිහින් තිබ්බෙත් මම උදේ අරන් දීලා ආපු sausage pastry එක.පස්සේ මට P&S එකේ මල්ලි කතා කරලා කියුවේ,අයියේ ඔයාගේ බල්ලව හප්පලා මැරුවා කියලා.මට අදහගන්න බැරි උනා බන්.ඇහුවම කියුවා උබව වැලලුවේ නෑ තාම පාර අයිනට අයින් කරලා තියෙනවා කියලා.උදැල්ලක් කාර එකේ දාගෙන මම ආපු විදිය මට හිතාගන්නවත් බෑ.එනකොට උබව ගෝනි කෑල්ලක් දාලා වහලා දාලා.උබ ඉන්න විදිය දැක්කම කදුලු වැටුනේ මටත් නොදැනීම.කෙලිනම් ගියේ උබව මරපු එකා ගාවට.ඌට කතා කරලා අහුවම ඌ බබෙක් වගේ.ආපු කේන්තියට ඌව මරන්න පුලුවන්.ඌට උබත් එක්ක තිබ්බ තරහට උබව යට කරාලු.ඌව අරන් ආවේ උබේ වල ඌට කියලම කප්පවන්න. පස්සේ උබට කන්න දීපු තුන් හතර දෙනෙක් උබේ වල කැපුවේ ඌව ලග තියාගෙන.ඌවත් උබේ වලටම දාලා වහන්නම හිතුන වාර අනන්තයි.සමාවෙයන් ඌට පාරක් වත් ගහපු නැති එකට.ගැහුවනම් ඌ මැරෙනකන්ම ගහන්න ඕනේ.ඌත් වාහනේ යනකොට හැප්පිලා මැරෙන්නේ බන්.ඒක මම උගේ මූනටම කියුවා.පරිස්සමින් පලයන්,උබත් මේ වගේම හැප්පිලා මැරෙන්න ඕනේ කියලා.මම දැක්කා උගේ මූන ඒ වෙලාවෙ.ඒ වචන ටික ඌට ගැහුවට වඩා දැනුනා.ඌටත් නොදැනුවත්වම ඌ ඔලුවෙ අතගහගත්තා. වෙච්ච දේ වෙලා ඉවරයි සුද්දෝ.ආයි කවදාවත් මම එනකොට උබ පාරට එන්නෙ නෑ.උබ හොද තැනක් ඉපදෙයි. සුභ ගමන් උබට.

    සතෙක්ට එච්චර දෙයක් කරල මරන්න පුලුවන් නම් මිනිහෙක්ට උනත් කරන්න බැරි නෑ.මේකෙන් blood check කරනවනම් පරිස්සමින් කරපල්ලා.මොකද ඌ අවුලෙන් ඉන්න වෙලාවක blood check කරන්න ගිහින් බෙල්ලවත් කපලා දායි.

    උබත් මේ කරපු දේට කවදා හරි මහමග තමා.මම උබට ඒක උබේ මූනටම කියුවා.ඒක හැමදාම උබේ හිතේ තියෙයි.පරිස්සමින් පලයන් පාරේ යනකොට.කවුරුම හරි මේ post එක උබට පෙන්නයි.

    FB_IMG_1594963199996_copy_600x645.jpg

    FB_IMG_1594963204175_copy_600x800.jpg

    FB_IMG_1594963206275_copy_600x800.jpg

    FB_IMG_1594963201896_copy_720x540.jpg




    Source
     

    Heisenberg

    Well-known member
  • Jan 23, 2014
    2,080
    727
    113
    Albuquerque, New Mexico.
    paw bn ahinsaka saththu,sathekuta kaama tikak denna barinum paaduwe inna one maranne nathuwa
    oya wage wada pala denawa bn mee lokedima

    mama mee lagadi pusekata pain gahuwa,hithala neme gahuwa uu gee athulata ringala hitiye
    next week mage kakule knee eka injured una,
     
    Last edited:

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,829
    3,854
    113
    USA
    ඌත් ඔය විදිහටම පාරේ බල්ලෙක් වගේ මැරෙන්ඩ ඕන වහනෙකට හැප්පිලා පව් අහිංසක සත්තු
     
    • Like
    Reactions: AnuradhaRa

    indika_sam

    Well-known member
  • Mar 25, 2008
    2,553
    2,454
    113
    yakkala
    සතෙක් වෙලා උපදින්නේ උගේ පෙර වරදකට, එහෙම වෙලත් මිනිස් ගති පෙන්නන්න සමත් උන ඒ සතා තව දුරටත් තිරිසන් ආත්මයක උපදින්න හේතුවක් නැති වේවි.

    එහෙත්,

    නමට මනුස්ස වෙලා තිරිසන් වැඩ කරන එවුන් පෙන්නන්නේ වැරදීමකින් මිනිස් ලොව උපත ලැබූ බවද ?

    ඔබ සැබෑ මිතුරෙක් ලෙස සුද්දට කරන්න ඕන දේ කරලා අර අමනුස්සයාගෙන් තරහ පිරිමහන්නේ නැතුව උගේ ජිවිත කාලෙම විඳවන්න ඕන වචන ටික කියපු එකනම් බොහොම වටිනවා.

    මේ ලෝකේ අපි හිතනවට වඩා නපුරුයි මිතුරේ.....
     

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    dan mata meke therenne nathi ekek thiyanawa kalin oluwa paluwa kiyala dala thiyenawa pora sathath ekka mokak da thiyana aula dan kiyalath thiyanawa ne tharhata maruwa kiyala uwa hapala wage seen ekakda?.
     

    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    බල්ලා මරපු එකනම් පවු
    ඒත් ගෙවල් වල ඇති කරන බල්ලන්ට පාරට එන්න දීලා ඌ මැරුණම පාරේ යන උන්ට බැනලා වැඩකුත් නැහැ
    පාරේ යන බයික් කාරයන්ට එහෙම බල්ලෝ නිසා මොනවා හරි උනොත් බල්ලන්ගේ අයිති කාරයෝ එන්නේ නැහැනේ
     

    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,255
    1,978
    113
    මහනුවර
    බල්ලා මරපු එකනම් පවු
    ඒත් ගෙවල් වල ඇති කරන බල්ලන්ට පාරට එන්න දීලා ඌ මැරුණම පාරේ යන උන්ට බැනලා වැඩකුත් නැහැ
    පාරේ යන බයික් කාරයන්ට එහෙම බල්ලෝ නිසා මොනවා හරි උනොත් බල්ලන්ගේ අයිති කාරයෝ එන්නේ නැහැනේ

    uba baageta ne kiywewuwe
     

    IronHeart

    Member
    Nov 1, 2012
    12
    27
    3
    උබත් මේ වගේම හැප්පිලා මැරෙන්න ඕනේ කියලා.මම දැක්කා උගේ මූන ඒ වෙලාවෙ.ඒ වචන ටික ඌට ගැහුවට වඩා දැනුනා.ඌටත් නොදැනුවත්වම ඌ ඔලුවෙ අතගහගත්තා.
    මමත් කොරොනා දවස් වලට කලින් ඔෆිස් එක ගාව බල්ලෙක්ට කන්න දිදී හිටියා බන්
    කොරොනා වලට පස්සෙ බලද්දි ඌ ඇට කෝටුවක් වෙලා
    අපෙත් ගෙදර බල්ලෙක් ඉන්නවා බන් රොට්වයලර්, ඌ වස නිසා අරූව ගෙනාවෙ නැහැ
    පස්සෙ මට ඕක දවසක් මතක් වෙලා පොඩ්ඩක් අප්සට් ගියා
    ඇස් වලට කඳුලුත් ආවා, වයිෆ් දැකලා මගෙන් ඇහුවම මම සේරම කිව්වා
    පස්සෙ වයිෆ් කිව්වා ඌව අරන් එමු, ඌව කූඩුවේ දාලා තියමු කියලා අපේ එකාව සෙට් වෙන කල්
    පෙරේදා බල්ලා ගෙනාවෙ බන්, තවම නම් මහත් වෙලා නැහැ
    හැබැයි පොර සතුටෙන් ඉන්නෙ කියලා තේරෙනවා
    ටික දවසකින් බල්ලෝ දෙන්නා යාලු උනාම ඌවත් වත්තෙ නිදහසේ හදන්න පුළුවන්
     

    indika_sam

    Well-known member
  • Mar 25, 2008
    2,553
    2,454
    113
    yakkala
    මමත් කොරොනා දවස් වලට කලින් ඔෆිස් එක ගාව බල්ලෙක්ට කන්න දිදී හිටියා බන්
    කොරොනා වලට පස්සෙ බලද්දි ඌ ඇට කෝටුවක් වෙලා
    අපෙත් ගෙදර බල්ලෙක් ඉන්නවා බන් රොට්වයලර්, ඌ වස නිසා අරූව ගෙනාවෙ නැහැ
    පස්සෙ මට ඕක දවසක් මතක් වෙලා පොඩ්ඩක් අප්සට් ගියා
    ඇස් වලට කඳුලුත් ආවා, වයිෆ් දැකලා මගෙන් ඇහුවම මම සේරම කිව්වා
    පස්සෙ වයිෆ් කිව්වා ඌව අරන් එමු, ඌව කූඩුවේ දාලා තියමු කියලා අපේ එකාව සෙට් වෙන කල්
    පෙරේදා බල්ලා ගෙනාවෙ බන්, තවම නම් මහත් වෙලා නැහැ
    හැබැයි පොර සතුටෙන් ඉන්නෙ කියලා තේරෙනවා
    ටික දවසකින් බල්ලෝ දෙන්නා යාලු උනාම ඌවත් වත්තෙ නිදහසේ හදන්න පුළුවන්

    ඉක්මනට මහත් කරගන්න ඕනෙනම්, කිරිපිටි හෝ fresh milk එකට පාන් කැබලි දාලා උදේට කන්න දෙන්න. බලාගෙන ඉන්නකොට (එහෙමම නෑ) මහත් වෙනවා.
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,862
    8
    35,449
    113
    Be kind to animals.....It's important to have compassion to all animals around us. Teach the same to your children. Animals have a right to live too. They are part of this world and share it with us. But sadly some imbeciles like this doesn't deserve to be called "human" :(
     
    • Like
    Reactions: RLT4U