කලු කුළුණ

Dark_Night_of_the_Soul

Well-known member
  • Nov 24, 2013
    1,048
    876
    113
    තට්ට හිස සහිත මිනිසා ඔහු දෙස හොරැහින් බලා සිටි අතර, ඔහුගේ අත් කීරි ගැසි ඉරි තැලී ගිය මේසය මිරිකමින් සහ අතහරිමින් පැවතිනි. ඔහුගේ නාස් පුඩු වරින් වර නිරතුරුව පිම්බී ගියේ, බැදූ මස් වල සුවද උරාගනිමිනි. අඩු ගනනේ එහි සුවද හෝ නොමිලයේය.

    තුවක්කුකරු නොනවත්වා කෑමට පටන්ගත් අතර, ඔහු එහි රස බලන බවක් පෙනී ගියේ නැත. ඔහු හුදෙක් මස් කපමින්, ගෑරුප්පුවෙන් එම කැබලි තම මුවට ඇතුල් කරගත්තා පමනය. එමෙන්ම ඔහු එම මස් පැමිනි ගවයා කුමන ස්වරූපයක් ගන්නට ඇති දැයිද නොසිතා සිටීමට වෙර දැරීය. මරන්ඩම හදාපු සත්තු, ඈ කියා තිබිනි. ඔවු, මොක නැත්තේ! ඌරන් වෙරි මතින්, 'කොමලා' ගීතයට හදපානේ නටනු ඇත.

    ඔහු තම ආහාරය අවසාන කොට, තවත් බීර වීදුරුවක් ඇනවුම් කරමින් සුරුට්ටුවක් එතීමට සැරසෙන විට, ඔහුගේ උරහිස මත අතක් පතිත විය.

    ශාලාව නැවත වරක් නිහඩව ගොස් ඇති බව ඔහුට එක්වරම හැගී ගිය අතර, ඔහුට වාතාවරනට ආරෑඩ ව තිබූ ආතතිය දැනෙන්නට විය. ඔහු ආපිට හැරුණු අතර, තමා ආපන ශාලාව වෙත ඇතුළු වන විට, එහි දොර අසල වැටී නිදාගෙන උන් මිනිසාව දැකගත්තේය. ඔහු එම මිනිසාගේ මුහුන දෙස ඒකාකාරි ඉරියවුවෙන් බලා සිටින්නට විය. එය අශික්ෂිත මුහුනක් විය. ඔහුගෙන් යක්ෂ තණ වල කටුක ගන්ධය බුබුළු දමමින් පිටවිය. එම දෑස් ශාප ලත් දෑස් වූ අතර, දිලිසෙමින් තිබූ ඒවා පෙනීම සහිත වූ නමුත් අන්ධ දෑස් විය. ඒවා ඔහු තුල ඇති ජීවමය නිරයෙන් නැගුනු, පාලනයකින් තොර සිහිනයන් වෙත යොමුවී පැවති අතර, එම සිහිනයන් පැන නැගුනේ ඔහු තුල ඇති දුගද හමන්නාවූ අචේතනික වගුරු බිමක් මතිනි.
     

    Dark_Night_of_the_Soul

    Well-known member
  • Nov 24, 2013
    1,048
    876
    113
    බාරය පිටපසු සිටි ගැහැණිය පහත් කෙදිරි ගෑමක් පිටකලාය.

    මිනිසාගේ ඉරි තැලි ගිය තොල් ඇඹරී ඉහලට එසවුනු අතර, එයින් ඔහුගේ පලාශවනින් දුර්වර්ණව ගිය දත් ඇදි පිටතට විවරව ගියේය. 'මූ යක්ෂ තණ උරනවා විතරක් නෙවේ, ඒවා හපනවා. ඌ ඒවා හපා කනවා. මූ ඇත්තටම ඒවා බුලත් වගේ හපා කනවා' තුවක්කුකරු සිතීය.

    'මූ මල මිනිහෙක්. මූ අවුරුදු ගානකට පෙර මලගිය මිනිහෙක්' ඉන්පසු තුවක්කුකරු සිතීය.

    'කළු ඇදගත් මිනිහා තමා මේක කලේ' ඊටත් පසුවද ඔහුගේ සිතට නැගිනි.

    ඔවුන් දෙදෙන එකිනෙකා දෙස බලාගත් බැල්මෙන් සිටින්නට වූවෝය -- තුවක්කුකරු සහ උමතු භාවය නැමති ආවාටය අද්දර වැනෙමින් සිටි මිනිසා.

    මහල්ලා කථා කල අතර, ඔහුගේ ඌරුව ඉහල භාශාවෙන් යුතුව පැන නැගුනු හෙයින් තුවක්කුකරු පූර්ණ විමතියට පැමිනියේය.

    "පිං පිනිස රත්‍රන් කාසියක් දෙන්න, තුවක්කුකරුව-සායි එකම එක කාසියක්? පිං තකා.."

    ඉහල භාශාව. මොහොතක් ගතවන තුවක්කුකරු එය විශ්වාස කිරීමට මැලි විය. දෙවියනි!, ඔහු උසස් භාශාව අසා දැන් වසර ගනනාවක්, සියවස් ගනනාවක්, සතවර්ශ ගනනාවක් ගෙවී ගොස් තිබිනි. උසස් භාශාව තෙපලන කිසිවෙකු දැන් ජීවත් ව‍ූයේ නැත. ඉතිරිව සිටි එකම පුද්ගලයා තුවක්කුකරු පමණක් විය. අනෙක් සියළුම දෙනා...

    හිරි වැටී ගිය අත පයින් යුතුව ඔහු තම උරිස් පොකැට්ටුවට අත දමා, එයින් රත්‍රන් කාසියක් ඇදගත්තේය. මහල්ලාගේ ඉරි තැලී හම ගැසී කුණු වෙමින් පැවති අත, කාසිය රැගත් අතර, ඔහු එය අත පත ගාමින් සුරතල් කරන්නට වූයේය. ඔහු කාසිය භුමිතෙල් ලාම්පු වල ආලෝකය වැදීම පිණිස ඉහලට එසවූ අතර, එම ආලෝකය රත්‍රන් කාසියේ වැදී පරාවර්ථනය විය. එයින් පරාවර්ථිත ආලෝකය ශිෂ්ට සම්පන්නවූත්, රතු-රත්‍රන් වූත්, ලේ වැනි පැහැයකින් වූත් එකක් වූයේය.


    "ආහ්හ්හ්හ්හ්....." වදනින් විස්තර කල නොහැකි තෘප්තියෙන් පිරි හඩක් නිකුත් විය. මහළු මිනිසා වැනෙමින් ආපසු හැරුනු අතර, තම මේසය වෙත ආපිට යන්නට විය. ඔහු කාසිය තම අක්ශි මට්ටමට ඔසවාගෙන ගමන් කල අතර, ඔහු එය ආලෝකය විහිදුවන සේ කරකවමින් ගමන් කලේය.
     

    Dark_Night_of_the_Soul

    Well-known member
  • Nov 24, 2013
    1,048
    876
    113
    කාමරය ඉක්මනින්ම හිස්ව යන්නට පටන්ගති. වවුල් පිහාටු දොර උමතුවෙන් මෙන් ඒමේ අත පැද්දී ගියේය. පියානෝ වාදකයා 'බෑං' හඩ නගමින් තම පියානෝවේ පියන වසා දැමූ අතර, ඔපෙරා නාට්‍යයක නළුවෙකු මෙන් හාස්‍යජනක ලෙස පා තබමින්, අනෙකුන් ද සමග දොරටුවෙන් අතරුදන්ව ගියේය.

    "ෂෙබ්!" කාන්තාව ඔහුට කෑගෑ අතර, ඇගේ හඩ භීතිය සහ ආක්‍රෝශය අතර වූ අසාමාන්‍ය සම්මිශ්‍රණයක් විය. "ෂෙබ්, මෙහෙ වරෙන් ආපහු! මල හත්තිලව්ව!" එම නම තුවක්කුකරු මීට කලින් අසා තිබූ එකක් වූයේද? ඔහු එය එසේ යැයි සිතූ නමුත්, ඒ ගැන සිතීමට හෝ අතීතය වෙත තම මනස හැරවීමට දැන් කාලයක් නොතිබිනි.

    මේ අතර, මහල්ලා තම මේසය වෙත ආපිට ගොස් තිබිනි. ඔහු රත්‍රන් කාසිය රළු මේසය මත භ්‍රමණය කල අතර, ඔහුගේ මියගිය-නොමලගිය දෑස් හිස් උද්‍යෝගයකින් යුතුව කාසිය ලුහුබැන්දේය. ඔහු කාසිය දෙවන වරටත්, ඉන්පසු තෙවන වරටත් කරකැවූ අතර එවිට ඔහුගේ ඇස් පියන් පියවී යන්නට පටන් ගති. ඔහු කාසිය හතරවන වරටත් කරකැවූ අතර, කාසියෙහි භ්‍රමණය නැවතීමට පෙර ඔහුගේ හිස තිබුනේ මේසය මතට පහත් වී එහි සැතපීගෙනය.

    "ඕං" ඈ සෙමින් නමුත් ක්‍රෝධයෙන් කීවාය. "තමුසේ මගෙ බිස්නස් එක කෑවා. දැන් තමුසෙට සතුටුද?"

    "උන් ආපහු ඒවි" තුවක්කුකරු කීය.

    "අද රෑට නං එන්නෙ නෑ"

    "අර මිනිහා කවුද?" ඔහු යක්ෂ තණ සපන්නා දෙස ඉගි කලේය.

    "ගිහින් අ* ගහපන්. 'සායි' "

    "මට දැනගන්න ඕන හින්දා ඇහුවේ" තුවක්කුකරු කීවේ ඉවසිලිමත්වය. "මිනිහා--"

    "මිනිහා ඔහෙට කතා කෙරුවේ අමුතු තාලෙකට නොවැ" ඈ කීවාය. "නෝර්ට් මිනිහගේ ජිවිතේට ඒ වගේ කතා කරලා නෑ"

    "මම මිනිහෙක්ව හොයනවා. නුඹ ඔහුව දන්නවා ඇති සමහර විට."

    ඈ ඔහු දෙස බලා සිටින්නට වූවාය. ඇගේ කෝපය මියයමින් පැවතිනි. ඇගේ බැල්ම කල්පනාවෙන් බරව යන්නට වූ අතර, ඉන්පසු එය ඔහු මීට කලින් දැක පුරුදු බැල්මක් වූ තියුණු, කාමුක ස්වභාවයකට පරිවර්ථනයව ගියේය. පැරණි ඇදපළුදු ගොඩනැගිල්ල ඔරලෝසුවක් මෙන් 'ටික්-ටික්' ගානා බවක් හැගිනි. ඉතා දුරින්, සුනඛයෙකුගේ කර්කශ බිරුමක් ඇසී ගියේය. තුවක්කුකරු අපේක්ෂාවෙන් නැවතී සිටියේය. ඈ ඔහු තමාගේ දෑසින් නිකුත් වන දෙය නොසලකා හරින බව දුටු අතර, ඇගේ ඈසෙහි ආලෝකය බලාපොරොත්තු විරහිත අන්ධකාරයකට පත් වී නිවී ගියේය -- මුවක් නැති මුග්ධ අවශ්‍යතාවයක්.

    "මං හිතන්නෙ ඔහේ මගෙ ගාන දන්නවා ඇති" ඈ කීවාය. "මට කැසිල්ලක් තියනවා. කලිං නම් මම ඒකට බේත් දුන්නා. ඒත් දැන් ඒකත් බෑ"

    15_IrFP9.jpg

     
    Last edited:

    Dark_Night_of_the_Soul

    Well-known member
  • Nov 24, 2013
    1,048
    876
    113
    ඔහු ඈ දෙස ස්ථිරව බැලවේය. ඇගේ නලලේ තිබූ කැළල අඩ අදුරේ නොපෙනිනි. ඇගේ සිරුර එතරම්ම හේ වී ගොස් නොතිබූ හෙයින්, කාන්තාරයේ ශුෂ්කත්වයට එහි සෑම අංගමයක්ම අන්තයටම වෑරී හැරීමට හැකියාවක් ලැබී නොතිබුනු බව පෙනී ගියේය. එමෙන්ම එක් කලෙකදී ඈ සුරූපීව පවා සිටීමට ඉඩ කඩක් තිබිනි. එහෙත් එයින් පලක් නොතිබිනි. ඇගේ ගර්භාශයේ නිසරු කාලවර්ණය තුල මරණීය කුරුමිණියන් පොදි ගැසී ඇති නම්, එයින් කෙසේ වත් පලක් නොතිබිනි. මේ සියල්ලම මීට කලින් ලියැවී තිබිනි. 'කා' නැමති ග්‍රන්ථය තල, කිසියම් හස්තයක්, කියම් තැනකදී මේ සියල්ල ලියා තබා තිබිනි.

    ඇගේ දෑත් ඇගේ මුහුණ කරා එසවුනු අතර, හැඩීමට තරම් හෝ ජීවන ශක්තියක් ඈ තුල තවමත් ඇති බව පෙනී ගියේය.

    "බලන්න එපා! නුඹට මා දිහා ඔච්චර කෲර විදියට බලන්න තියන උවමනාව මොකක්ද!"

    "සමාවෙන්ට ඕන." තුවක්කුකරු කීය. "කෲර වෙන්න ඕන කමක් මට නෑ".

    "උඹලා ඔක්කොම බොරු කියන්නේ!" ඈ ඔහු වෙත කෑ ගෑවාය.

    "හෝටලේ වහලා ලාම්පු නිවන්න"

    ඈ හැඩූ අතර, ඇගේ දෑත් තවමත් ඇති මුහුන මතය. ඔහු ඒ ගැන සතුටු විය. ඒ එයින් ඇගේ කැළල සැගවී ගිය නිසා නොව, ඒ එයින් ඇගේ යෞවන භාවය, එසේ නැතිනම් ඇගේ හිස තුල පැවති යෞවන භාවය නැවත ඈ කරා පැමිනි හෙයිනි. ඇගේ ඇදුමේ පටියට අවුනා තිබූ හරමන කටුව, ලාම්පු තෙල් කහට තුලින් විහිදුනු අඩ අදුර තුල දිලිසුම් දුන්නේය.

    "අර මිනිහා මුකුත් හොරකම් කරාවිද? එහෙම කලොත් මම මිනිහාව කම්බස් කරන්නම්."

    "නෑ" ඈ සෙමින් කීවාය. "නොර්ට් හොරකම් කරන්නෙ නෑ"

    "එහෙනම් ලාම්පු නිවන්න"

    ඔහුට පිටු පා ලාම්පු වල තිර පහතට කරකවමින් ඒවා එකින් එක නිවා දමන තුරු, ඈ තම දෑත් තම මුහුනින් ඉවතට ගත්තේ නැත. ඉන්පසු ඈ අන්ධකාරය තුල ඔහුගේ අත ගත්තාය. ඇගේ අත රශ්මි සහගත විය. ඈ ඔහුව උඩු මහලට කැදවාගෙන ගියාය. ඉන්පසු සිදුවූ ඔවුන්ගේ ක්‍රියාවන් හෙලි කිරීමට දැන් එහි කිසිදු අලෝකයක් පැවතුනේ නැත.

    VI

    .....
     

    Dark_Night_of_the_Soul

    Well-known member
  • Nov 24, 2013
    1,048
    876
    113
    VI

    ඔහු අන්ධකාරයේම සිගරටයක් ඔතා එය දැල්වූ අතර, ඉන්පසු හේ එය ඈ වෙත එය දුන්නේය. කාමරය ඇගේ සහ ඇගේ සැර ලිලැක් මල් විලවුන් පුසුඹින් හෙවී තිබිනි. එය මතින් පැමිනියේ කාන්තාරයේ පුසුඹයි. ඉදිරියෙන් වැතිරී පැවතී කාන්තාරය වෙත තිබූ තමාගේ බිය ඔහුට දැනී ගියේය.

    "මිනිහගේ නම නෝර්ට්" ඈ කීවාය. ඇගේ හඩෙහි තිබූ කටුක භාවයෙහි අඩුවක් වී තිබුනේ නැත. "නෝර්ට්. මිනිහා මලා"

    තුවක්කුකරු සවන් දෙමින් උන්නේය.

    "මිනිහාට දේවාශිර්වාදය ලැබුනා"

    "මම දෙවියන්ව දැකලා නෑ" තුවක්කුකරු කීය.

    "මට මතකේ ඇති කාලෙක ඉදලා ඔහු මෙහේ හිටියා -- මන් කීවේ නෝර්ට්, දෙයියෝ නෙවේ" ඈ අන්ධකාරය වෙත කර්කශ සිනාවක් සුනාය.

    "මිනිහාට ටික කාලයක් මී පැණි කරත්තයක් තිබුනා. මිනිහා බොන්ඩ පුරුදු වුනා. ඊට පස්සේ මිනිහා යක්ස තණකොල වලට මාරු වුනා. මිනිහා ඒවා උරන්ඩ පටන් ගත්තා. පොඩි එවුන් මිනිහා පස්සෙන් එලවන්ඩ වුනා. උන් මිනිහා පස්සෙන් බල්ලන්ව උසි ගැන්නුවා. මිනිහා ගද ගහන කොල පාට පරන කලිසම් ඇන්දේ. ඔහෙට තේරෙනවද?"

    "ඔව්"

    "ඊට පස්සේ මිනිහා යක්ස තණකොල හපන්න පටන් ගත්තා. මිනිහා හෝටලේ මේසේට වෙලා මුකුත් කන්නේ බොන්නේ නැතුව ඔහේ හිටියා. මිනිහාගේ හිතේ තිබුනේ මිනිහා රජ වෙලා කියලා වෙන්ට ඇති. පොඩි උන් මිනිහාගේ රාජ්‍ය කෝලමුන්. බල්ලෝ මිනිහාගේ කුමාරිකාවන්"

    "හ්ම්"

    "මිනිහා මැරුනේ හෝටලේ ඉස්සරහමයි" ඈ කීවාය. " මිනිහා එනකොට, මිනිහාගේ බූට් සපත්තු ලෑලි පේමන්ට් එකේ දඩි බිඩි ගෑවා. ඒ සපත්තු ලේසියෙන් ගෙවිලා යන ඒවා නෙවේ. මිනිහා එ්වා හොයාගෙන තිබුනේ අර පරන කෝච්චි පාරේ තිබිලා. මිනිහාගේ පිටිපස්සෙන් පොඩි උනුයි උන්ගේ බල්ලොයි ආවා. මිනිහාගේ පෙනුම වුනේ නිකං එකට පටලැවුනු ඇදුම් එල්ලන නූල් වගේ. මිනිහාගේ ඇස් වලින් පිට වුනේ නරකාදියේ ගින්දර -- හරියට අස්වැන්න කාලෙට පොඩි උන් පුහුල් ගෙඩි වල කපන ඇස් වලින් පිටවෙන ආලෝකය වගේ. මිනිහාගෙන් පිටවුනේ කුණු ගදයි, ජරාජීර්ණ ගදයි, යක්ස තණකොල ගදයි. යක්ස තණකොල යුශ මිහාගේ කට කොනින් පහලට බේරුනේ කොල පාට ලේ වගේ. මගෙ හිතේ එදා මිනිහා එන්ට ඇත්තේ ශෙබ් ගේ පියානෝ සංගීතය අහන්ට වෙන්නැති. හෝටලේ ඉස්සරහදී මිනිහා නැවතිලා, ඔළුව එක පැත්තකට උළුක් කලා. මට මිනිහාව පෙනුනා. මිනිහාට කෝච්චියක සද්දයක් ඇහුනා වගේ පෙනුනේ -- ඒත් කිසි කෝච්චියක් එන්න තිබුනේ නෑ. ඊට පස්සේ මිනිහා වමනේ දැම්මා -- කළු පාට ලේ. ඒවා යකඩ ගරාදිය ඇතුලින් ගිහින් කුණු කාණුවට වැටුනා. ඒකෙන් ආව ගද වැදුනාම පිස්සු හැදිලා දුවන්න හිතෙනවා. මිනිහා අත් දෙක උස්සලා බිමට දොක්කං උනා. එච්චරයි. මිනිහා විරිත්තාගෙන පණ අතෑරියා. "

    "නියම කතාව"

    "එහෙමයි. ස්තූතියි, සායි. මේක නියම ටවුමක්"
     

    Dark_Night_of_the_Soul

    Well-known member
  • Nov 24, 2013
    1,048
    876
    113
    ඈ ඔහු අසල වෙව්වමින් පසුවූවාය. පිටත, සුළග එහි ඒකාකාරී ආදෝනාව නැගුවේය. සිහිනයදී ඇසුනු හඩක් මෙන්, දුරෑතින් දොරක් හඩ නගමින් වැසී යන ශබ්ධය නැගී ආවේය. බිත්ති තුල මීයෝ දිවූහ. මෙම නගරය තුල මීයන්ට ලැගීමට තරම් ආහාර තිබූ එකම ස්ථානය මෙය බව, තුවක්කුකරු ඕනෑවට එපාවට සිතීය. ඔහු ඇගේ බඩ මත තම අත තැබූ අතර, එයින් ඈ දැඩිව ගැස්සී ගිය නමුත්, අනතුරුව සන්සුන් වන්නට වූවාය.

    "කළු ඇදගත් මිනිහා" ඔහු කීය.

    "තමුසෙට ඕක දැනගන්නම ඕන නෙහ්? තමුසෙට මට හු*ලා, දෙයියනේ කියලා නිදාගන්න උවමනාවක් නෑ"

    "ඔවු මට දැනගන්න ඕන"

    "හොදා. මං ඒකත් කියන්නම්" ඈ තම දෑතින් ම ඔහුගේ අත අල්වාගෙන, ඔහුට තද බද වූවාය.


    VII

    ඔහු පැමින තිබුනේ නෝර්ට් මිය ගිය දින පස්වරුවේදීය. හැමූ දැඩි සුළග මගින් පොලොවේ දුබල උඩු පස සාරා ගුවනට වීසි කලේය. ඇද ඇතිරිලි මෙන් එක් රැස් වී ගිය බොරළුද, ඉදිරී ගිය ඉරිගු නටුද භ්‍රමණය වෙමින් මාර්ගය දිගේ දිව ගියේය. ජුබාල් කෙනරි තම වෙලද සැලට අගුළු දමා තිබූ අතර, එහි සිටි අනෙක් සුළු ගණනක් වෙලෙන්දුන්ද තම ජනේල වසා දමා, ඒවා හරස් කරමින් දැව ලෑලි සවි කර තිබිනි. ආකාශය පැරණි කේජු වල කහ පැහැය රැගත් අතර, එය හරහා වලාවන් වේගයෙන් පියාඹා ගියේ, කාන්තාරය මත එතරම් සැන්දෑ වන තෙක් රැදී සිටීමෙන් කිසියම් භියකරු යමක් දුටුවාක් මෙනි. තුවක්කුකරු සොයමින් සිටි තැනැත්තා පැමිනියේ, ජල නොබැදෙන සම් කඩකින් වෙළූ මල්ලක්ද රැගෙනය. ඔහුගේ මුහුන මත "කොහොමද බං!" යැයි පවසන මහා විරිත්තුම් සිනාවකි. ඔවුන් සියළු දෙනා ඔහු එනු දෙස බලා උන්නහ. මහළු කෙනරි ජනේලය අසල වැතිරී ගෙන, එක් අතකින් බෝතලයක් ගෙන, අනෙක් අතින් තම දුවණියගේ තනෙහි ලිහිල් සහ උණුසුම් මාංශය මිරිකමින් පසුවූයේය. පැමිනෙන මිනිසා තම දොරට තට්ටු කලහොත්, එය විවර කිරීමේ කිසිම අදහසක් ඔහුට නොතිබිනි.
     
    Last edited:

    Dark_Night_of_the_Soul

    Well-known member
  • Nov 24, 2013
    1,048
    876
    113
    එහෙ.් කළු හැදගත් මිනිසා මේ කිසිවක් හෝ කරකැවෙන දුහුවිල්ල හෝ නොසලකමින් ඉදිරියට ගමන් කලේය. ඔහු පූජකයෙකු හෝ මහනෙකු වන්නට ඉඩ තිබිනි. ඔහු දුහුවිල්ලෙන් හෙවීගිය කළුවන් ‍ලෝගුවක් ඇද සිටි අතර, ඔහුගේ හිස මත වූ බුරුල් හිස් වැසුමෙන් ‍ඔහුගේ මුහුණ ආවරණය විය. එහෙත් එයින් ඔහුගේ මුවෙහි තිබූ එම විරිත්තාගත් බියකරු සිනාව සැගවීමට නොහැකි විය. ලෝගුව සුළගින් කොඩියක් මෙන් ලෙල දිනි. එහෙත් එම ලෝගුවට යටින් පැතැලි පාදමක් සහිත ඔහුගේ ගාංචු වලින් හෙබි බරුති බූට් සපත්තු පෙනී ගියේය.

    ඔහු ෂෙබ් අවන්හල ඉදිරියේ නතර වී, තම අශ්වයා එතැන ගැටගැසුවේය. ඌ තම හිස පහලට කොටගෙන පොලොවට ගෙරවීමක් පිටකලේය. හේ තම ලෙල දෙන කබාය සකසාගෙන, පැරණි බෑගයක් අරගති. ඔහු එය තම කර මතින් කරකවා රැගෙන, අනතුරුව අවන්හලෙහි වවුල් දොරටුව තුලින් ගමන් කලේය.

    ඇලිස් ඔහු දෙස කුතුහලජනක ලෙස බලා සිටි මුත්, අන් කිසිවෙකු ඔහුගේ පැමිනීම දුටු බවක් පෙනුනේ නැත. ඔවුන් වෙනදාක් මෙන්ම අධිරාජ්‍යයින් සේම බීමතින් පසුවිය. ශෙබ් මෙතෝදිස්ත යාඥාවක් වයමින් සිටියේය. ආතක් පාතක් නොමැති මහල්ලෝ පැමින සිටියේ කර්කශ සුළගින් බේරීමට සහ ශෙබ් ගේ මරණය දැකගැනීම පිනිසය. ඔවුන් කර්කශ ලෙස ගී ගැයූහ. ශෙබ් සිහි සුන් වන තරම් බීමතින් සිටියේ, දඩි බිඩි වේගයකින් යුතුව පියානෝව වැයුවේය. ඔහුගේ ඇගිලි සෙලවුනේ මැශිමකින් මහන වේගයෙනි.

    කටහඩවල් උස් සහ තියුනු ලෙස හඩ නැගුවේය. ඒවා පිටතින් හැමූ සුළං හඩ පැරදීමට සමත් නොවූවද, එහි ශබ්ධයට සම වීමට යත්න දරන්නාක් මෙන් පෙනිනි.
     

    Dark_Night_of_the_Soul

    Well-known member
  • Nov 24, 2013
    1,048
    876
    113
    ශාලා කොනක, සැzචෙරි, ඒමි ෆෙල්ඩන්ගේ සාය ඇගේ හිසටද ඉහලින් ඔසවාගෙන, ඇගේ දණිස මත පච්චයන් අදිමින් පසුවූයේය. ස්වල්පයක් අනෙක් ගැහැණුන් ද ඒ අවට ගැවසෙමින් සිටි අතර, ඔවුන් බොහොමයකගේ පාදයන් මතද පච්චයන් ඇද තිබෙන සැටියක් පෙනී ගියේය. වවුල් දොරටුව තුලින් පෙරී පැමිනි දුහුවිලි කුණාටුව අතරින් රිංගා ආ මන්දාලෝකය, ඔච්චම් සහගත ලෙස ඔවුන් මත වැටී තිබිනි.

    කාමරය මැද තිබූ මේස දෙකක් මත මලගිය නෝර්ට් ව බාවා තිබිනි. ඔහ‍ුගේ ඉංජිනේරු බූට් සපත්තු ගූඩමය V හැඩයකට දෙපසට ඇයීලාය. ඔහුගේ මුඛය විරිත්තීමක් සහිතව අප්‍රාණිකව විවර ව තිබූ නමුත්, කිසිවෙකු විසින් ඔහුගේ දෑස් වසා, ඒවා මත කාසි යුගලක් තබනු ලැබ තිබුනේය. ඔහුගේ පපුව මත බැදී තිබූ ඔහුගේ දෑත් අතර යක්ෂ තණ පිඩැල්ලකි. ඔහුගෙන් පිටවූයේ විශ වායුවක දුර්ගන්ධයයි.

    කළු හැදගත් මිනිසා තම තොප්පිය පිටුපසට තල්ලු කරමින් බාරය වෙත පැමිනියේය. ඇලිස් ඔහු දෙස බලා සිටියේ තම සුපුරුදු සැගවුනු ආශාව මුසු බියපත් බවකිනි. ආගමික බවක් දක්වන කිසිදු ලාංඡණයක් ඔහු මත නොතිබුනද, එහෙත් එයින් ඔහු පිලිබද කිසිවක් නොකියවිනි.

    "විස්කි" හේ කීය. එම හඩ මෘදු මෙන්ම ප්‍රියජනකද වූයේය. "තියන හොදම ජාතියක් දෙන්න, බබෝ"

    ඈ කවුන්ටරය පහලට නැඹුරු වී 'ස්ටාර්' බෝතලයක් ගෙන දුන්නේය. හොදම ඒවා යැයි කියමින් ග්‍රාමීය වහුකුණු බෝතලයක් ඔහුට පට්ටල් කිරීමට ඈට හැකියාවක් තිබුනද, ඈ එසේ කලේ නැත. ඈ බෝතලයෙන් වීදුරුවකට විස්කි වත් කල අතර, කළු හැදගත් මිනිසා ඈ දෙස බලා සිටියේය. ඔහුගේ දෑස් විශාල සහ දිලිසුම් දෙන ඒවා විය. ඝනැති සෙවනැලි හේතුවෙන් එම දෑස් වල වර්ණය නිශ්චිතවම අදුනා ගැනීමේ හැකියාක් නොවීය. ඇගේ අවශ්‍යතාවය වඩාත් උත්සන්නව යන්නට පටන් ගති. ඔවුන් පිටුපසින් නැගුණු මොර තැලීම් සහ හූ කීම් වල කලි කහලය අඩුවක් පැන නැගුනේ අඩුවක් නැතිවය. කාලකණ්නි ශෙබ් 'ක්‍රිස්තියානු සෙබළු' නැමති ගීතය වයමින් සිටි අතර, කිසිවෙකු 'මිල් නැන්දා' නැමැති ගැහැනියට ගී ගැයීමට බලකොට තිබුනේය. ඇගේ තාලයක් රහිත විකෘති හඩ, මොට පොරොවකින් වස්සෙකුගේ හිස දෙපළු කරන ශබ්ධයක් මෙන් අනෙක් කටහල් වල කච-පචයන් කපාගෙන නැගී ගියේය.

    "ඒයි ඇලී!" කිසිවෙකු ඇමතීය. ඈ එම මේසය මත ඇවිද යන්නට වූයේ, අමුත්තාගේ නිහඩ බහ සහ ඔහුගේ වර්ණ විරහිත දෑස් පිලිබද නොමනාපයෙනි. ‍එමෙන්ම තම දෙපා අතර යටි බඩෙහි ඇති නොසන්සුන් බව පිලිබදවද කරදරයෙනි. ඈ තම ආශාවන් පිලිබද බිය වූවාය. ඒවා ඇගේ පාලනයෙන් තොර වල් හරකුන් මෙන් විය. ඇතැම් විට එම ආවේගයන් කිසියම් සංඥාවක් විය යුතුය--ඒවා ඇගේ මහළු වියෙහි පැමිනීම හගවන සංඥාවන් වීමට පුළුවන. තුල් ටවුම තුල මහළු විය යනු, ශීත රිතුව මෙන් කටුක සහ කෙටි වූ කාල පරිච්ඡේදයක් විය.
     

    Dark_Night_of_the_Soul

    Well-known member
  • Nov 24, 2013
    1,048
    876
    113
    ඈ බැරලය හිස් වන තෙක් එයින් බීර වත් කල අතර, ඉන්පසු තවෙකක් ගෙන ආවාය. එයට ශෙබ් ගේ උපකාරය නොඉල්ලීම හොද බව ඈ දැන සිටියාය. ඉන්දයත්, ඔහුට ඇමතුවහොත් ඔහු පැකිලීමකින් තොරව එනු ඇති මුත්, ගොනෙකු වූ ඔහු එක්කෝ තමාගේ ඇගිලි කඩා ගනු හෝ දස අත බීර ඉහිරුවනු ඇති හෙයිනි. ඈ එසේ කරන අතර ආගන්තුකයාගේ දෑස් ඈ මතම රැදී පැවතිනි -- ඈට ඒ බව ඉවෙන් දැනිනි.

    "වැඩ ගොඩයි නෙහ්" ඈ ආපිට පැමිනි විට ඔහු කියා සිටියේය. ඔහු තමාගේ විස්කි වීදුරුව පානය කර නොතිබූ අතර, හුදෙක් වීදුරුව රත් කරමින් හුදෙක් එය තම අත්ලවල් අතර රෝල් කරමින් පසුවිය.

    "මලගම හින්දා අද මිනිස්සු වැඩී." ඈ කීවාය.

    "මම දැක්කා"

    "මුන් හිගන පාහරයෝ" ඈ හදිසි කෝපයකින් කීවාය. "ඔක්කොම පාහරයෝ"

    "උන් ජොලි පිට ඉන්නේ. අර මිනිහා මැරිලා, උන් තාම මැරිලා නෑ. ඒකයි."

    "ඒ මිනිහා ජීවත් වෙලා හිටි කාලේ මිනිහා මුන්ගේ කෝලමා. මිනිහා මලායිනුත් පස්සේ මුන්ගේ කෝලමා වෙච්ච එක සාදාරණ නෑ. ඒක..." ඇගේ හඩ නැවතී ගියේ, එය කුමක් දැයි විස්තර කිරීමටද, එහි අශික්ෂිත භාවය විස්තර කිරීමටද ඈට වචන සොයා ගත නොහැකි වූ හෙයිනි.

    "ගංජා කාරයෙක් නෙහ්?"

    "එහෙමයි! වෙන මොනාද මිනිහගේ කියලා තිබුනේ?"

    ඇගේ හඩ දෝෂාරෝපිත එකක් වුවද, ඔහු ගේ දෑස් ඇගේ දෑස් වලට අගුළු වැටී තිබිනි. ඈට තම මුහුන වෙත රුධිරය ගලා එනු දැනී ගියේය. "සමාවෙන්ඩ ඕන. ඔහේ පූජකයෙක් ද? එහෙම නම් මේ කථාව ඔහේට පිලිකුල් ඇති."

    "පූජකයෙකුත් නෙවේ, පිලිකුලකුත් නෑ" හේ විස්කි වීදුරුවම එක පහරින් ගිල දැමූ අතර, එහෙත් එහි සැර රසයෙන් විරිත්තා ගත්තේ නැත. "තව එකක්, කරුණාකරලා. ආදරෙන් වක්කරන්න -- එහා දොරෙන් එපිට ලෝකේ කියන්නා වගේ."

    ඈට ඔහු ඒ කියුවේ කුමක්දැයි වැටහුනේ නැති අතර, එහි අර්ථය ඇසීමටද ඈ බිය වූවාය. "සමාවෙන්ට ඕන. මුලින් ඔහේගෙ සල්ලි බලන්න ඕන"

    "සමාවෙන්ඩ දෙයක් නෑ" හේ එක් කොනක් මහත සහ අනෙක් කොන සිහින්ව ගිය රළු රිදී කාසියක් කවුන්ටරය මත තැබුවේය. "මේකට මාරු මන් ලග නෑ" මින් පසු දිනකද ඈ කියනු ඇති පරිදි (මේ තුවක්කුකරු තම රත්‍රන් කාසිය පෙන්වූ විට බව ඔබට මතක ඇති [පරිවර්ථක] ) ඈ කියා සිටියාය.

    ඔහු තම හිස සොලවා තමාට මාරු නොඋවමනා බව ඕනෑවට එපාවට හගවද්දී, ඈ තවත් වීදුරුවක් පිරවූවාය.

    "ඔහේ ගමනක් යන ගමන් මෙහේ නැවතුනෙයි?" ඈ ඇසුවාය.

    ඔහු දීර්ඝ කාලයක් ගතවෙන තෙක් පිලිතුරක් නොසැපයූ අතර, ඈ එම ප්‍රශ්ණය නැවතත් ඇසීමට සැරසෙද්දී ඔහු නොසන්සුන්ව හිස සැලීය. "අනං මනං ප්‍රශ්ණ අහන්ඩ ඕනෙ නෑ. නුඹ මෙහේ ජීවත් වෙන්නේ මාරයත් එක්ක"

    වේදනාව මුසු විශ්මයකින් ඈ බියෙන් පැකිලී ගිය අතර, ඇගේ පලවැනි සිතුවිල්ල වූයේ, ඔහු තමාව පරීක්ෂාවට ලක් කිරීමට තමා පූජකයෙකු නොවේ යැයි කෙප්පයක් ඇද බෑ බවයි.

    "නුඹ මිනිහාට අනුකම්පා කලා නෙව?" ඔහු කීවේ සෙමිනි. "මම කියන්නේ බොරුද?"

    "කවුද? නෝර්ට් ද?" ඈ සිනාසුනේ, තම වික්ෂිප්ත බව සැගවීමට තමාගේ සිනාවට කෝප මුසු බවක් එක් කරමිනි. "මම හිතන්නෙ දැන් ඔහේ--"

    "නුඹේ හදවත මෙළෙකයි. ඒ වගේම ටිකක් බිය සුළුයි" ඔහු කියාගෙන ගියේය. "මිනිහා යක්ෂ තණ කකා, අපායේ පිටිපස්සේ දොර දිහා බලාගෙන හිටියා. ඔය ඉන්නේ දැන් ඌ. උන් අපායේ දොර පවා වැහුවා. නුඹට ඒ දොර ඇතුලෙන් යන්න වෙලාව ආවාම උන් ඒක අරීද නැද්ද කියලා නුඹ හිතනවා නෙවෙද?"

    "මොන කෙහෙම්මලක්ද. තමුසෙට වෙරිද?"

    "මිස්ටහ් නොර්ටන්. මිනිහා මලාහ්" කළු හැදගත් මිනිසා රිද්මයානුකූලව පවසා සිටියේ තම හඩට මද උපහාසයක් එක් කරමිනි. "කවුරුත් වගේ මිනිහා මැරිලා. නුඹ වගේ හරි වෙන කවුරුත් වගේ හරි මිනිහගේ පණ ගොහින්"

    "මේ ඇහුනද. තමුසේ මගෙ හෝටලෙන් දැන් චුත වෙනවා" සිරුර වෙවුලුවන සුලු පිලිකුලක් ඈ කරා නැගුනද, ඇගේ යටි බඩ දෙසින් තරංග නගමින් පැන නගිමින් පැවති උණුසුම තවමද එහි තිබිනි.

    "කලබල වෙන්න එපා" ඔහු කීවේ මෘදු ලෙසය. "කලබල වෙන්න කාරියක් නෑ. ඔහොම ටිකක් ඉන්න."

    ඔහුගේ දෑස් නිල් පැහැති බව අවසානයේදී පෙනී ගියේය. කිසියම් මත්ද්‍රව්‍යක් ශරීරගත වූවාක් මෙන්, හදිසියේම ඇගේ මනස සන්සුන්ව ගියේය.

    "කවුරුත් වගේ මැරිලා" හේ කීය. "පේනවද?"

    ඈ මුග්ධ ලෙස හිස වැනූ අතර, හඩ නගමින් සිනාසුනාය. එය අවට සිටියවුන් තම හිස් කරකවා බලන සුළු, උස්, පිරිසුදු සහ ප්‍රීතිජනක සිනාවක් වින. හදිසියේම ඔහු කරකැවී අවට උන් පිරිස වෙත මුහුන දුන් අතර, කාගේත් අවධානය ඔහු කරා යොමු විය. 'මිල් නැන්දා' ගේ ගී ගැයීම සිදී ගිය අතර, එයින් ඉතිරී වූයේ අවකාශය මත පණ අදින කර්කශ උච්ච ස්වරයක් පමණය. ශෙබ් පියානෝවේ වැරදි ස්වරයක් වැයූවේ, තම වැයීම හිටි තැන නැවතුවේය. ඔවුහු අමුත්තා දෙස නොසන්සුන් ලෙස බැලූහ. ගොඩනැගිල්ලේ හතර කොන මත සුළගින් හමා ආ වැලි කැට වැදී, කට-කට ගාමීන් හඩ නැගුවේය.
     
    • Like
    Reactions: Fox Mulder89

    Dark_Night_of_the_Soul

    Well-known member
  • Nov 24, 2013
    1,048
    876
    113
    නිහඩ බව නොසිදී පැවතුනි. එය වඩ වඩාත් දිගු වන බවක් හැගී ගියේය. ඇගේ හුස්ම තම ගෙල තුල සිර වී ඇති බවක් ඈට හැගුනු අතර, ඈ බිම බැලූ විට දුටුවේ තමාගේ දෑතම තම යටි බඩ මත තෙරපී ඇති ආකාරයයි -- කවුන්ටරයට යටින්. සියල්ලෝම ඔහු දෙස බැලූ අතර, ඔහු ඒ සියල්ලන් දෙස ආපිට බැලුවේය. ඉන්පසු හේ මහා සිනාවක් සීමට පටන් ගත්තේය -- ප්‍රභල, ජීවයෙන් පිරි, නොනැවතිය හැකි සිනාවක්. එහෙත් කිසිවෙකුටත් ඔහුගේ සිනාවට සාභාගී වීමට කැමැත්තක් තිබුනු බවක් පෙනුනේ නැත.

    "මම නුඹලාට විශ්වකර්ම වැඩක් පෙන්නන්නම්!" හේ ඔවුන් වෙත කෑ ගසා කීයේය. එහෙත් ඔවුන් හුදෙක් ඔහු දෙස බලා සිටියේ, කිසිදු විශ්මිත යමක් පෙන්වීමේ හැකියාව ඇති අවධිය පැනගිය මහළු මැජික් කරුවෙකු නැරඹීමට රැගෙන ආ කීකරු දරුවන් රොත්තක් සේය.

    කළු හැදගත් මිනිසා ඉදිරියට පිනූ අතර, 'මිල් නැන්දා' ඔහුගේ මගින් ඉවතට පැන්නාය. එහෙත් ඔහු භියකරු විරිත්තුම් සිනාවක් පෑවේ, ඇගේ මහත බඩ මත 'තහ්' හඩ නැගෙන සේ අතුල් පහරක් දුන්නේය. එයින් ඇගේ මුවින් නොදැනුවත්වම කෙටි කෙකර ගාන්නාක් වැනි සිනාවක් පිටවී ගිය අතර, කළු හැදගත් මිනිසා ගෙල ඉහලට නවා තම හිස පසුපසට වීසි කලේය.

    "සැප නේ?"

    මිල් නැන්දා නැවතත් කෙකර ගෑවේය. අනතුරුව ඈ හදිසියේම ඉකිගසන්නට පටන් ගත්තා, අන්ධ වේගයකින් දොරටුවෙන් පිටතට දිවයන්නට වූවාය. අනෙකුන් ඈ යනු බලා සිටියේ නිහඩවය. කුණාටුව ඇරඹෙමින් තිබිනි. සෙවනැලි එකිනෙක පසුපස හඹා ගියේ, ආකාශ ගගනිකාව මත ඉහල පහල යමිනි. පියානෝව අසල සිටි, තම අතෙහි තිබූ බියර් වීදුරු අමතකව ගිය මිනිසෙක් කෙදිරියක් පිටලේය. ඔහුගේ මුවින් කෙල බේරිනි.

    කළු හැදගත් මිනිසා මලගිය නෝර්ට් අසල සිටගත්තේ, ඔහු දෙස පහල බලමින් විරිත්තා සිනාසුනේය. සුළග අදෝනා දෙමින්, මරහඩ තලමින්, 'හම්-හම්' හඩ නැගුවේය. යම් කිසි විශාල වස්තුවක් ගොඩනැල්ලේ එක් පසෙක වේගයෙන් වැදී වීසි වී ගිය අතර, එයින් හෝටලය දෙදරා ගියේය. බාරය ඉදිරියේ හිද සිටි මිනිසෙක් අපහසුවෙන් නැගී සිටි අතර, ශාලාවේ වඩාත් නිහඩ ස්ථානයක් කරා පුදුමාකාර අශෝභන නොන්ඩි ගමනකින් යුතුව ඇදී යන්නට විය. දෙවියන් ස්වර්ගයේ සිට කහින්නාක් මෙන්, ආකාශය හෙන ගසමින් පුපුරා යන්නට වූයේය.

    "බොහොම හොදා!" කළු හැදගත් මිනිසා විරිත්තමින් කීය. "බොහෝම හොදා! දැං මේක ඉවරයක් කරලා දාමු!"

    1326060880-Nort-web.jpg


    detail.jpg

     

    Dark_Night_of_the_Soul

    Well-known member
  • Nov 24, 2013
    1,048
    876
    113
    සමාවෙන්න මේ ටිකේ කථාව ලියන්න බැරිවුනා. ටික දවසකින් ආපසු ලියන්න බලාපොරොත්තු වෙනවා.
    -DNOTS
     

    Capital_M

    Well-known member
  • Jul 7, 2016
    1,976
    298
    83
    Malambe
    නියම පරිවර්ථනයක්. ගොඩක් මහන්සිවෙලා තියෙන හැඩයි :D

    Rep++
     

    Dark_Night_of_the_Soul

    Well-known member
  • Nov 24, 2013
    1,048
    876
    113
    OIP.hlNtxWX9jnPAJHHoA4wLlAAAAA

    ..ඔහු නෝර්ට් ගේ මූණට ඉලක්කයට මානා කෙලගසන්නට පටන් ගත්තේය. කෙල පිඩු මළමිනියේ නළල මත දිලිසුනේ, අනතුරුව හොටක් වැනි නාසය දිගේ පහලට ගලා ගියේය. බාර් ලෑල්ලට පහලින් ඇගේ අත වැඩි වන වේගයකින් යුතුව වැඩ කලේය. ෂෙබ් කැස්වටුවෙකු මෙන් සිනාවෙමින් පහලට නැවීගති. ඔහු කහිමින්, ඇලෙන සුළු විශාල සෙම ගුලි පිටකරන්නට වූ අතර, අනතුරුව කෙල ගසමින් ඒවා ගුවනේ පා කර හැරියේය. කළු හැදගත් මිනිසා කෑගසිමින් එම ක්‍රියාව අනුමත කලේ, ඔහුගේ පිටට තැලුම් පහරවල් දුනි. ෂෙබ් විරිත්තා සිනාසුනු අතර, එවිට ඔහුගේ රත්‍රන් දත දිලිසුම් දුනි.

    සමහරු පලා දිවූහ. අනෙකුන් නෝර්ට් වටා ලිහිල් රවුමකට පෙලගැසුනහ. ඔහුගේ මුහුන සහ කුකුල් සමක් මෙන් රැලි වැටුනු උගුර සහ පපුව තෙත් බවින් -- මෙම වියලි භුමියට අමෘතයක් බදු තෙත් බවින් -- දිලිසුම් දුන්නේය. අනතුරුව හදිසියේම, කිසිවෙක් සංඥාවක් දුන්නාක් මෙන්, කෙල ගැසීම ඇන හිටියේය. අපහසුවෙන් කල කර්කශ හුස්ම ගැනීමක් ඇතිවිය. කළු හැදගත් මිනිසා එකවරම මළමිනිය උඩින් පැන්නේ මෘදු අඩකවාකාර පිනුමකිනි. එම පිනුමට වතුර මලකින් විදි වතුර පහරක ඇති ශෝබන ස්වභාවයක් තිබුනි. ඔහු තම අත්ලවල් වලින් බිම පතිතවූයේ, ක්ෂණිකව උඩ පැන යලි දෙපයින් සිටගති. ඉන්පසු විරිත්තා සිනාසී නැවත වතාවක් තම පිනුම සිදුකලේය. බලාසිටි අයෙක් එම කරණම් විජ්ජාවෙන් මෝහනයට පත්වී ගියේ, අත්පුඩි ගසන්නට පටන්ගති. එහෙත් ඒ සමගම ඔහු ආපසු පසුබා ගියේ තම දෑස් භීතියෙන් අදුරු වී යද්දීය. ඔහු තම කෙල වැගිරුනු මුවට අත තබාගෙන දොර දෙසට පැන ගියේය.

    කළු හැදි මිනිසා තෙවනි වර මළමිනිය මතින් පිනූ විටදී නෝර්ට්ගේ සිරුර මදකින් ගැස්සී ගියේය. නරඹන්නන් හරහා ගෙරවීමක් බදු ශබ්ධයක් දිව ගිය නමුත් මොහොතකින් ඔවුන් මීයට පිම්බාක් මෙන් නිහඩව ගියෝය. කළු හැදි මිනිසා වෘකයෙකු මෙන් තම හිස පිටුපසට වීසි කලේ, මරහඩින් උඩු බුරලෑවේය. ඔහු තම නාසයෙන් වාතය අදින විට, ඔහුගේ පපුව නොගැඹුරු සහ වේගවත් රිද්මයකින් ඉහල පහල යන්නට විය. ඔහු නොර්ට්ගේ හිසෙහි සිට පාදය දක්වා සහ ආපසු හිස දක්වා නැවත නැවත වේගයෙන් ඇවිද යන්නට ගටන්ගත්තේ, එක් වතුර වීදුරුවකින් තවත් වතුර වීදුරුවකට ජලය පෙරන්නාක් මෙන්ය. කුටිය තුල තිබූ එකම ශබ්ධය වූයේ ඔහුගේ ඉරාදමන්නාක් බදු කර්කශ ආශ්වාස-ප්‍රාශ්වාසය සහ චන්ඩ මාරුතයේ නැග එන හෝ හඩයි.

    නෝර්ට්, වියලී ගිය ගැඹුරු හුස්මක් ඇදගන්නා මොහොතක් පැමිනියේය. ඔහුගේ දෑත් රූකඩ මෙන් මේසය මත වැදි වැදී සටපට හඩ නැගුවේය. ෂෙබ් කෑගාමින් කුටිය තුලින් චුත වූයේය. එක් කාත්තාවක්ද ඔහු අනුගමනය කල අතර, ඇගේ දෑස් බෝල ගෙඩි මෙන් මහත්ව ගොස්, ඇගේ හිස් ආවරණය සුළගට පිම්බී ගියේය.

    කළු හැදි මිනිසා නැවතත් වාරයක්, දෙවාරයක්, තෙවාරයක් මිනියේ ඉහල පහල ඇවිද ගියපි. මේසය මත ඇති සිරුර දැන් කම්පනය වන්නට පටන්ගෙන තිබිනි. ඇතුලත කිසියම් විශාල යන්ත්‍රයක් සවි කල යෝධ බෝනික්කෙකු මෙන්, එය සැලි සැලී, ගැස්සි ගැස්සී, සට-සට ගාමින් සෙලවුනේය. කුණු ගද, අශූචි ගද, සහ ජරාජීර්ණත්වයේ දුර්ගන්ධය වාතයට නැගී ගියේ හුස්ම සිරකරවන වායු තරංග වලිනි. ඉන්පසු, ඔහුගේ දෑස් විවර වූ මොහොතක් පැමිනියේය.

    ඇලීට තම හිරිවැටුනු දැනීම් වලින් තොරව ගිය පාදයන් බකල ගැසී තමා පිටුපසට ඇද වැටෙනු දැනිනි. ඈ කන්නාඩිය මත හැප්පී ගොස් එය සොලවා දැම්මාය. දෑස් අන්ධකරවන සන්ත්‍රාසයක් ඈ මතින් පතිත වී ගියේය. අනතුරුව ඈ එම ස්ථානයෙන් දිවගියේ ගොන් නෑම්බියකගේ වේගයෙනි.

    "මෙන්න තියෙනවා ඉතිං උඹේ විස්වකර්මය," ඈ දුවන අතර කළු හැදි මිනිසා ඈ වෙත කෑගෑ පවසා සිටියේ හති දමමිනි. "උඹට ඕන කරන එක ඕං මම දුන්නා. දැං උඹට සාමයෙන් බුදියන්න ඇහැකි. ඒ වුනත් ඒකත් ආපහු හරවන්න බැරි කමක් නෑ. කෝම වුනත් මේක නං... අම්මපා... හත් ඉලවුවේ... හරිම විහිළුවක්!" අනතුරුව ඔහු නැවතත් තම කොක් හැඩලීම පටන්ගත්තේය. ඈ තරප්පුව මතින් දිවගොස්, බාරය මතින් බෝල්ට් දමා වසා තිබූ ආගාර තුන කරා ලගා වෙන අතර, සිනා හඩ මදින් මද නෑසී ගියේය. එහිදී ඈ සිනාසෙන්නට පටන්ගත්තාය. ඈ දොරටුව ඉදිරිපිට තම පස්ස බිම ඇන හිදගෙන, ඉදිරියටත් පසුපසටත් පැද්දෙන්නට වූවාය. ඇගේ සිනාව මරහඩ දෙන ශෝකාලාපයකට පරිවර්ථනය වී, හමන සුළගත් සමග මුසු වී ගියේය. නෝර්ට් මලඋන්ගෙන් නැගිටි විට ඔහු පිටකල ශබ්ධය ඈට තම මනසින් පලවා හැරිය නොහැකි විය...

    (මෙය හරි වැරදි බලා ප්‍රතිශෝධනය කිරීමට කාලයක් නොමැති වූ බැවින්, පර්වර්ථනයේදී සිදුවූ අත්වැරදීම ආදිය තිබේ නම් සමාව භජනය කරමි)

    The Movie Sucks Ass
    Movie is not the story in the book.
     

    Dark_Night_of_the_Soul

    Well-known member
  • Nov 24, 2013
    1,048
    876
    113
    Wizard and the Glass is my Favorite one
    Absolutely. Tho I'm kinda hesitant to return to that book, cuz reading it makes me so sad cuz it describes the sad love story of Roland. BTW, Imo, Stephen King is way better a writer than GRR Martin. GRR writes in a matter of fact way, and King concentrates more on the emotional factor. Not to say I do not like the GOT books, no way.