ගන්න එපා යකෝ. මෙහෙ එකෙක් නහයෙන් අඩ අඩ ඉන්නවා දී ගන්න බැරිව
වෙන ගන්න එකක් නෑ බොක්ක... CHR එක ඕවර් ප්රයිස්. මම කලින් වෙසල් එකක් පාවිච්චි කරා. අවුලක් නැතුව දී ගන්න පුළුවන් උනා. තැන්ක්ස් මචන් කිවුවට. තව ටිකක් වැඩිපුර හොයල බලන්න ඕන.
MG වාහනේ හොඳයි… පැදපු නැති අය වාහන ගැන මෙලෝ හසරක් නොදන්න අය එක එක කතා කියයි…. චයිනීස් තමයි ( චීනයේ නැන්ජින් ඔටෝ මොබයිල් කියන ආයතනයට තමා වර්ථමාන අයිතිය තියෙන්නෙ ) ඒත් හොද කොලිටි බිල්ඩ් අප් එකක් තියෙන වාහනයක්… හරි වෙලාවට මේන්ටේන් කරලා ජෙනියුන් විදියට පාවිච්චි කරන්න… කිසි අවුලක් නැතුව ගොඩ කාලයක් පාවිච්චි කරන්න පුළුවන් වෙයි..
බ්රෑන්ඩ් නිව් නැතුව සෙකන්ඩ් හෑන්ඩ් හොද වාහන තියෙනව නෙ ලක්ශ 60 කට ගන්න පුළුවන්
එහෙම සීන් එකක්නම් ඕනම වාහනේක තියනවා මචන්. මට ඉස්සෙල්ලම තිබුනෙ Daewoo Matiz එකක් මම හොඳට පාවිච්චි කරලා හොඳ ගානකට දුන්නා.
Hyundai VENUE / 5495000 /-
Ituru laksha 5 pothe dala ae salli waling petrol gahnna awurudu 10k balance karagnna wena wahna compare karanawa num
City - 9km per l
Out station - 11 - 13 km per l
මචෝ ටිකක් වැඩිපුර මූව් වෙන වහනයක් ගත්තොත් පාට්ස් වලට එහෙම අවුලක් වෙන එකක් නැති වෙයි කියල හිතෙනවා. ඔය Hyndai වගේ ඒවගෙ පාට්ස් හොයාගන්න ටිකක් අමාරුයි කියනවා නේද? ටිකක් වැඩිපුර තියන එකක් දොරක් එහෙම දාගන්න ඕන උනත් අවුලක් වෙන එකක් නෑ.
පැදලනං නෑ. හොඳයි කියලත් කියනව. ඕක ගැන
@2osama දන්නව ඇති
තැන්ක්ස් මචන්... Osamaට ත්රෙඩ් මිස් වෙන්නෙ නෑ. බලමු ඌ මොකෝ කියන්නෙ කියල.
ඕකෙ නේද සොෆ්ට්වෙයාර් අවුලක් ඇවිත් ස්ටියරීන් එකට ටයර් හරියට කැපෙන්නෙ නැතිව ඇක්සිඩන්ට්ස් කීපයක් උනේ. හොයලා බලලා ගනිං මචං. අමාරුවෙන් හම්බකරපු සල්ලිනේ...
අඩෝ... එහෙමත් සීන් එකක් වෙලා තියනවළුද? පොඩ්ඩක් හොයල බලන්නම් මචන්.
මම MG එකක් නම් පාවිච්චි කරන්නේ නැහැ
ගොඩක් අය හොදයි කියනව මචං ඒ අතරේ සමහරු හොඳ නැහැ කියන අයත් ඉන්නවා .
@D_Mad ගේ මාමා කෙනෙක්ට MG එකක් තිබිලා රෙපයාර් වගයක් ඇවා කියලා කියුවා . කොහොමත් පට්ට ලූක් එකක් තියෙන්නේ . Mazda CX-5 එක වගේමයි
තැන්ක්ස් බොක්ක... වාහනේ පෙනුමනම් පට්ට. අතේ තියන ගානට නේරංජනා ගඟෙන් එගොඩ වෙන්න වෙන්නෙ මේකෙන් වගේ තමයි පෙන්නුම් කරන්නෙ!
@D_Mad මචෝ ඔබටයි මේ ආරාධනා... ඔබටයි මේ ආයාචනා..
ඔවු පට්ට ලුකිං වාහනේ. මට මතකයක් තිබුණ උඹ mg ත්රෙඩ් එකකට වාහනේ ගැන රිප්ලයි එකක් දැම්ම වගේ ඒකයි උඹෙන් අහන්න කිවුවෙ.
තව දන්න කෙනෙක් ගැන මතක් උනොත් දාපන් මචන්.
මගේ යාලුවෙක් මේ කාලෙ විකුනගන්න mg එකක් විකුනන්න දැම්මා කෝල් එකක් දෙකක් ආවා කීවා ගනන් අහන්න. ඒ ඇර තාම විකුනගත්තේ නෑ. ගන්න එපා බන් දෙන්න යන්කොට තමා මොලෙ රත් වෙන්නෙ.
ඔය ආතල් එක අවුරුද්දක් තියෙයි. අමාරුවේන් හම්බකරපු සල්ලි කුනු ගොඩකට යට කරන්න එපා.
අඩේ... එහෙමත් වෙලාද... ඒක තාම තියනවනම් මට PM එකක් දාපන් බ්රෝ. මම ඉන්ටරස්ටඩ්.
උඹත් ටච් එකේ ඉන්නවා නේ...
pora kiyatada wikunanna dala tibbe?
onama deyak wikunanna ganak tiyanawa, laksha 50ta aran 48ta denna bari wei
එහෙම පොඩි සීන් එකකුත් තියනවා තමා.
Ford EcoSport, Brand new 58/-, I think you can also go for a Kia Stonic or Hyundai Venue for your budget with 3-5 year warranty
If you want to make a profit when selling go for an old Premio, Allion or Axio. All these new vehicles will depreciate (including new Toyota vehicles with new technology)
I'll have a look at the other models you've suggested. personally I prefer to go for a quite new vehicle if not a brand new one. I forgot to mention that the vehicle will be used only when I am in SL. All the other times my dad might take it out only once a week or so... So, a hybrid vehicle is not suitable under the given circumstances. Anyway, highly appreciate the time you have taken to express your view.
Hyundai / Kia brand new ekak balapan
බලන්නම් බොක්ක. තැන්ක්ස් මචෝ.
ඔය ගානට මම හොයපු නැති පැදපු නැති නැති වාහනයක් නෑ. කලින් තිබුනේ toyota hiace එකක්. පස්සේ මම ඕක අරගෙන විකුණගන්න බැරි උනොත් කියලා වෙන එකක් ගන්න හිටියේ. දවසක් නිකමට micro එක ඉස්සරහින් යද්දී ගිහින් බැලුව. ඇත්තටම හොඳට ඉඩ තිබුනා අතපය දිගෑරලා ඉන්න. hiace එකකින් එන හින්දා ඒක තමයි මට ඉස්සෙල්ලම හිතට ඇල්ලුවේ. interior එකේ කොලිටි එක මාරු, වාහනේ පෙනුම හොඳයි. UK brand එක උනාට දැන් අයිති SAIC එකට. ඉතින් විකුණගන්න බැරිවෙයි කියලා තමයි බය හිතුනේ. විකුණගන්න බැරිවෙයි කියලා බයේ ගොබ්බ වාහනේක බැජ් එකකට ගෙවන වෙලාවේ මේක අරගෙන අවුරුදු 5ක් පදිනවා කියල හිතලා ගත්තා. අවුරුද්දක් තිස්සේ පදිනවා කිසි කේස් එකක් නෑ. පට්ටම comfortable. තෙල් කරන්නේ 16ක් වගේ තමයි දුර යනවනම්. සාමාන්යෙන් 14යි. ට්රැෆික් එකේ 11යි. මම කොළඹ නෙවෙයි නිසා මට traffic case කොහොමත් නෑ. අවුරුදු 5ක් warranty තියෙන නිසා එන්ජින් කේස් ගීයර් බොක්ස් කේස් ගැන බයකුත් නෑ(එළියෙන් ගත්තොත් මේක නෑ micro එකෙන් ගත්තොත් විතරයි තියෙන්නේ) කොහොමත් මේකේ එන්නේ general motors develop කරපු එන්ජින් එකයි ගියර් බොක්ස් එකයි. මම උඹට ගන්න හෝ ගන්න එපා කියන්නේ නෑ. ඒත් අනිත් මිනිස්සුන්ගේ අදහස් වලට වඩා උඹම ගිහින් වාහනේ test drive එකක් කරලා ගැලපෙනවද කියලා බලපන්. අවසානේ කවුරු කිව්වත් වාහනේ පදින්නේ උඹනේ.
විකුනන්න බෑ කියන එකට මම මෙහෙම කියන්නම්, 2018 MG එක ආවේ 48කට. දැන් 50කට විකුනන්නේ(මගේ යාලුවෙක් ගත්තා ගිය සතියේ). Micro එකේ එක MG එකක්වත් නෑ. අවසාන සෙට් එක විකිණුවේ 60කට.
අඩෝ බ්රදර් මමත් ඔය විදිහටම තමයි මචන් වහනයක් ගන්න ගිහාම හිතන්නෙ. හැමෝම එපා කියද්දි ඉතා හොඳ තත්වෙ තිබුන වෙසල් එකක් අරගන අවුරුදු දෙකක් තුනක් පාවිච්චි කරලා ගත්ත ගානටම දුන්නා. ඒක දුන්නෙත් මම ගෙදර නැති නිසා. Hybrid බැටරිය අවුල් වෙයි කියල හිතල. MG එක ගත්තොත් ගන්නෙ විකුනන්න බලාගන නෙමේ. මචන් ලඟදි MG එක ගත්ත උඹේ යාලුවගෙන් ගත්ත තැන විස්තර අහල මට PM එකක් දාපන් තරහ නැතුව.
වෙලාව අරගන ලියපු දීර්ඝ විස්තරේට තැන්ක්ස් මචෝ.
මෝඩ වැඩ කරන්න එපා, මේ දවස්වල පාවිච්චියට වාහනයක් ගන්නවා නම් අවු 5 වත් තියාගන්න බලාගෙන ගන්න. හරිහමන් ඒජන්ට් කෙනෙක් නැති තර්ඩ් පාටි ස්පෙයා පාට්ස් ඉම්පෝටර්ස් ලත් නැති චයිනීස් වාහනේකට ලක්ෂ 60 දෙන්න එපා
ඒජන්ට් Micro කියල බන් හිතන් හිටියෙ. උඹම කියපන්කො මේ ගානට ගන්න පුළුවන් හොඳ වාහනයක්. මට වෙලා තියෙන්නෙ අස්සයා තුට්ටු දෙකටත් ඕන නේරන්ජනාවෙන් පනින්න පුළුවන් වෙන්නත් ඕන බන්.