මම දැකපු දෙයක් තමා මෙහෙම කෙල්ලෝ ටෝක්ස් කරලා අනින ජාතියේ ගොඩක් උන් පොඩි කාලේවත් ඉස්කොලේදිවත් කෙල්ලෝන්ව ආශ්‍රය කරපු උන් නෙමෙයි. යාළුවො විදිහට කොල්ලෝ වගේම කෙල්ලන්වත් ඒ කාලේදී ආශ්‍රය නොකරපු ගොඩක් උන් මේ දේවල් වලට පෙළඹෙනවා. ඉතින් එහෙම උන්ට කෙල්ලෝ කියන දේ මැජික් එකක් වෙනවා. කෙල්ලෝ ඉස්සරහට ගිහිල්ල මුණ බලලා කතා කරන්න අමුතුම චැලේන්ජ් එකක් වෙනවා. උදාහරනෙකට මේ ත්‍රෙඩ් එක දාපු එකත් එහෙමයි, ඒ වගේම ඒ සබ්ජෙක්ට් එකේ ඉන්න මේකේ කමෙන්ට් කරපු උනුත් එහෙමයි කියල උන්ම කියල තියෙනවා. මට හිතෙන දේ මම කිව්වේ.
පොඩි කාලේ ඉඳන් ඉස්කෝලේ කාලේ ඉඳන් කෙල්ලෝ එක්ක ආශ්‍රය කරලා, එකට ඉස්කෝලේ කෑම කාල, සෙල්ලම් කරලා. උන්ගේ පොත් පවා ගෙදර ගෙනල්ල මග ඇරුන පාඩම් ලියාගෙන හිටපු මට පෞද්ගලිකව මට කෙල්ලෙක් ගැන හිත ගිහිල්ලා නෑ ඒ ලෙවල් කාලේ වෙනකන්ම.. ඒ අහලා අනින්න නෙමෙයි. ඉස්කෝලේ කාලේදී උදේ රැස්වීමේදී කලන්තේ දාල පන්තියට ගියාම ලඟට ඇවිල්ල පවන් ගහපු කෙල්ලෝ පවා හිටිය මම ඒ ලෙවල් කරද්දී. මම හිතන්නේ එහෙම ලඟින් ආශ්‍රය කරපු එක වෙන්න ඇති අද කෙල්ලෝ ගැන අමුතුම මැජික් වගේ හිතෙන්නේ නැත්තේ.
උබ කියන එකේ ඇත්තක් ඇති .
එත් මචං නිකන් fit එකට කතාකරන එකෙයි යාලුවෙන්න අහන එකෙයිත් ලොකු වෙනසක් තියෙනවා .
හොදට ෆිට් කෙල්ලෙක්ට පල වෙෂි යන්න කියල ගේමක් නැතුව කියන්න පුළුවන් .
මොකද අපි උන්ගේ gender එක අමතක කරලා යාලුවෝ විදියට සලකන නිසා .
මම O/L කරද්දී, මම talk කරපු කෙල්ල ලගට ගිහින් මම ඔයාට කැමති, ඔයා මට කැමතිද කියල ඇහුව.
ඒකිත් මම ලගට ගියාට පස්සේ ඇබරිච්ච නිසා මගේ nervous ගතිය පොඩ්ඩක් අඩු උනා .
ගට අරගෙන ඒකිලගට යන්න කොච්චර අමාරු උනාද කියල මට තාම මතකයි .
fb එකෙන් msg කරලා එහෙම නැත්තන් call කරලා, යාලුවෙක්ගෙ අතේ කෙල්ලන්ගේ කැමැත්ත අහන එක හෙනම ලේසි .
අදුරන්නේ නැති කෙල්ලෙක්ව approach කරන්න කොච්චර අමාරුද කියල කරපු අය දන්නවා .
සමහරවිට මචං උබ හෙනම extrovert කෙනෙක් වෙන්න ඇති උබට ඕක simple කියල හිතෙන්නේ.