මචන්ලා, අපේ ඇගේ ශුගර් ලෙවල් එක බැලන්ස් එකේ තියාගන්න උදවු වෙන ලංකාවෙ මිලදී ගන්න තියෙන ශුගර් නැති කෑම සහ බීම වර්ග මොනවද? 
මම දැනට..
1) පොඩි බඩගිනිවලට මැලිබන් හෝ මන්චි බ්‍රෑන්ක් ක්‍රැකර්, කජු හෝ රට කජු කනවා.
2) උදේට සහ හවසට සීනි නොදා ෆ්‍රෙශ් මිල්ක් බොනවා.
3) හැමදාම උදේට ආයි කෝවක්කා එහෙම දාපු කොළකැද එකක් බොනවා.
3) සතියෙ වැඩ කරන දවස් පහේ උදේට කවුපි හෝ මුං ඇට කනවා.
4) සති අන්තෙ උදේට බත් පොඩ්ඩක් හෝ ඕට්ස් කනවා.
5) රෑට තම්බපු එළවලු සමග මාළු හෝ මස්, එළවලු සුප් හෝ බ්‍රෑන්ක් ක්‍රෑකර් හතරක් කනවා.
6) දවල්ට කොළ මැල්ලුමක් එක්ක සාමාන්‍ය විදිහට බත් කනවා.
ඊට අමතරව දැනට සති තුනක වගේ ඉදන් සීනි (උදා: කේක්, කැවිලි, බිස්කට්, සීනි දාපු බීම) පාවිච්චිය සම්පූර්ණයෙන් නතර කලා. පිටි කෑමත් (උදා: ඉඳිආප්ප, පාන්, බනිස්) 99%ක් ම අඩු කරලා තියෙන්නෙ. උදහාරනයක් විදිහට කිව්වොත් පහුගිය සති තුනට එකම එක පාරක් ගෙදර කට්ටියත් එක්ක එලියට ගිය වෙලාවක එයාලා එක්ක නොකා බැරි නිසා පේස්ට්‍රි එකකුයි කට්ලට් එකකුයි කෑවා. සතියේ දවස් පහේ හැමදාම හවසට ජිම් ගිහින් දවස් තුනක් විනාඩි 40ක් කාඩියෝ එක්සයිස් කරනවා, අනිත් දවස් දෙකේ පොඩ්ඩ්ක් වෙයිට්සුත් කරනවා. සති අන්තයෙ උදේට 6KM විතර ඇවිදිනවා.
මට දැනට අවුරුදු දෙකහාමාරක වගේ ඉදන් ඩයබිටිස් තියෙනවා, හැදිච්ච කාලේම ජිම් එහෙම ගිහින් හොදට කන්ට්‍රෝල් කරගත්තා. ඒත් පහුගිය කාලේ ජිම් වහලා තිබ්බ නිසා ආයි වැඩි වෙලා. දැනට මාසේකට විතර කලින් බලද්දි FBS එක 144යි HBA1C එක 7.7 යි. ඊට පස්සෙ මම ආයි ගේමට බැහැලා උඩ කියලා තියෙන විදිහට කන්න, බොන්න සහ ව්‍යායාම කරන්න පටන් ගත්තා. දැනට සති දෙකකට කලින් බලද්දි නම් FBS එක 101ට අඩු වෙලා තිබුනා. ඒත් HBA1C එක නම් තව මාස දෙකහමාරකින් වගේ තමයි බලන්න වෙන්නෙ. මොකද ඒකෙ 7 පැන්නාම අඩු වෙන්න මාස තුනක් හෝ ඊට වැඩි කාලයක් යනවා.
ගොඩක් ස්තූතියි!

Last edited: