ලංකා ප්‍රීමියර් ලීග් තරගාවලියේ ක්‍රීඩකයන් බෙදී ගියේ මෙහෙමයි

samsri

Well-known member
  • May 15, 2018
    3,173
    2,411
    113
    ලංකා ප‍්‍රිමියර් ලීග් පන්දුවාර විස්ස ක‍්‍රිකට් තරගාවලියේ කණ්ඩායම් සදහා ක‍්‍රීඩකයින් තෝරා ගැනීම ඊයේ රාත‍්‍රියේදී සිදු කෙරුණා. ඒ වීඩියෝ තාක්ෂණය හරහායි.

    මේ සදහා කණ්ඩායම් පහේ හිමිකරුවන් සහ ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ නියෝජිතයින් එක් වුණා. ඒ අනුව පළමුව සිදු කෙරුණේ ලංකා ප‍්‍රිමියර් ලිග් තරගාවලියට එක්වන කණ්ඩායම් 5 සදහා ප‍්‍රධාන ක‍්‍රීඩකයින් පස්දෙනා තෝරා ගැනීමයි. ඇන්ජලෝ මැතිව්ස්, ලසිත් මාලිංග, කුසල් ජනිත්, දසුන් ශානක සහ තිසර පෙරේරායි යන ක‍්‍රීඩකයින් මෙවර ලංකා ප‍්‍රිමියර් ලීග් ක‍්‍රිකට් තරගාවලයේ ප‍්‍රධාන ක‍්‍රිඩකයින් ලෙස තෝරා ගැනුනා.

    ඒ අනුව ඇන්ජලෝ මැතිව්ස්, කලම්බෝ ලයන්ස් කණ්ඩායමට නායකත්වය ලබාදෙන අතර එම කණ්ඩායමට කොදෙව් ක‍්‍රිඩක අන්ද්‍රෙ රසල් සහ දකුණු අප‍්‍රිකානු ක‍්‍රීඩක ෆෆ් ඩු ප්ලෙසිස් ඇතුළත්. ඉසුරු උදාන, දිනේෂ් චන්දිමාල්, දුෂ්මන්ත චමීර ද කලම්බෝ ලයන්ස් කණ්ඩායමට ඇතුළත්ව සිටිනවා.

    ලසිත් මාලිංග, ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායමට නායකත්වය ලබාදෙන අතර සහීඞ් අෆ්රිඩි සහ මොහොමඞ් අමීර්ද එම කණ්ඩායමට ඇතුළත්. ධනුෂ්ක ගුණතිලක, භානුක රාජපක්ෂ, අකිල ධනංජය, සහ ෂෙහාන් ජයසූරියද එම කණ්ඩායමට ඇතුළත්ව සිටිනවා.

    දසුන් ශානක, දඹුල්ල හෝව්ක්ස් කණ්ඩායමට නායකත්වය ලබාදෙන අතර එම කණ්ඩායමට ඬේවිඞ් මිලර්, කාර්ලොස් බ‍්‍රාත්වෙයිට්ද ඇතුළත්. නිරෝෂන් දික්වැල්ල, ඕෂධ ප‍්‍රනාන්දු, උපුල් තරංග සහ ඇන්ජලෝ පෙරේරාද එම කණ්ඩායමට ඇතුළත්ව සිටිනවා.

    කැන්ඩි ටස්කර්ස් කණ්ඩායමට නායකත්වය ලබාදෙන්නේ කුසල් ජනිත් පෙරේරායි. එම කණ්ඩායමට ක‍්‍රිස්ගේල්, ලියම් ප්ලන්කට්, සහ වහාබ් රියාස් ද ඇතුළත්ව සිටිනවා. කුසල් මෙන්ඩිස්, අසේල ගුණරත්න, සීක්කුගේ ප‍්‍රසන්න, ඩිල්රුවන් පෙරේරා, කමිදු මෙන්ඩිස්, ලසිත් ඇඹුල්දෙණියද එම කණ්ඩායමට ඇතුළත්.

    තිසර පෙරේරා, ජෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායමට නායකත්වය ලබාදෙන අතර ඬේවිඞ් මිලන්, ෂොයිබ් මලික්, අසිෆ් අලි ද එම කණ්ඩායමට ඇතුළත්ව සිටිනවා. වනිදු හසරංග, ධනංජය ද සිල්වා, මිනෝද් භානුක, චතුරංගද සිල්වා, චරිත් අසලංක, සුරංග ලක්මාල් සහ අවිශ්ක ප‍්‍රනාන්දු ද එම කණ්ඩායමට ඇතුළත්.

    ලංකා ප‍්‍රිමියර් ලීග් ක‍්‍රිකට් තරගාවලිය නොවැම්බර් මස 21 වනදා ආරම්භ වන අතර තරග පැවැත්වෙන්නේ පල්ලෙකැලේ සහ හම්බන්තොටදියි.

    neth news
     

    niroshansl

    Well-known member
  • Feb 17, 2009
    3,981
    1
    1,184
    113
    Colombo KingsDambulla HawksGalle GladiatorsJaffna StallionsKandy Tuskers
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,677
    125,345
    113
    දෙහිවල
    1603178233922.png
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,075
    167,972
    113
    එකමත් එක රටක
    Ko bn kalindu mendis ehema nane bn okkoma parana hitapu ewun tikamane inne bn
    ඔය ඉන්නේ බන් Kandy එකේ.. Kamindu බන්..
    හෂානයාගේ කොල්ලා හොදට කරොත් ටීම් එකට යනවා.... ඌ සුපිරි වගේ.

    ඩිල්ශාන් මුණවීර නෑ?? :baffled:
     
    Last edited:

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,261
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    අඩෝ දුප්ලැසි කාරයත් එනවද :shocked: ඕවට මිනිස්සු යනවද දැන් බලන්න :dull:

    ඕව බලන්න යන්න ඕන බන් . නැත්තන් ඕව එහෙම්මම නැති වෙලා යනව . ප්‍රේමදාස එකේ රෑ ගැහුව නම් කොහොමත් සෙනග එනව . අනේ මන්ද ශෙඩූල් කරන උන් කොරෝන එනකන්ම හිටියනෙ ඕව පටන්ගන . ඊට පස්සෙ පාඩුයි කියල අත ඇරල දානව :-(:-(:-(
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    වැඩක් නෑ කුසල් මෙන්ඩිසුත් ඉන්නවා.. :lol:
    උඹල ඒ අහිංසකයට පද හැදුවට ඌ හොඳ බැට්ස්මන් :yes: හිටපල්ල්කෝ මේ පාර මෙන්ඩිස් බෝල පලනකොට උඹලට හොඳටම රිදෙයි :P
     
    • Like
    Reactions: samsri and dilann

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,075
    167,972
    113
    එකමත් එක රටක
    Isura Udana apeeeee :P :P :P :P
    එහෙම වාසි වෙන්න ටීම් හදන්නේ නෑ බන්.. උබලට ඉසුරු උදාන, ඇන්ඩි රසල් දීලා .
    අනිත් පැත්තෙන් චන්දිමාලුයි , Vandersay දීලා :P .. ඉවරයි නේ ඉතින්.

    උඹල ඒ අහිංසකයට පද හැදුවට ඌ හොඳ බැට්ස්මන් :yes: හිටපල්ල්කෝ මේ පාර මෙන්ඩිස් බෝල පලනකොට උඹලට හොඳටම රිදෙයි :P
    ඔව් ඌ බැටා තමයි. මට නිකමට ඔය Kandy ටීම් එකේ උන්ගෙන් ඇත්තටම kandy එකෙක් හොයලා කියපන් නිකමට වගේ :lol:
     
    • Like
    Reactions: samsri

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,677
    125,345
    113
    දෙහිවල
    එහෙම වාසි වෙන්න ටීම් හදන්නේ නෑ බන්.. උබලට ඉසුරු උදාන, ඇන්ඩි රසල් දීලා .
    අනිත් පැත්තෙන් චන්දිමාලුයි , Vandersay දීලා :P .. ඉවරයි නේ ඉතින්.


    Ado noo..
    ගංගා මෑණි පිහිටයි , ආරක්ෂාවයි :P
     
    • Like
    Reactions: samsri