හොද වැඩේ

Commex

Well-known member
  • Nov 29, 2019
    2,020
    1,588
    113
    මචං අපේ ගෙදර පොඩි තේ කඩයක් තියෙනවා.අද මාතර පැත්තෙ පොරක් ආවා කඩේට.ඊයේ උදේ වෙරි පිට යද්දි උගේ පෝන් එක හැලිලා.ඒක හොයන් තව කොල්ලෙක් එක්ක ආවා.මම හිතන්නෙ පුතා එක්ක.

    මෙයා බං කතා කරේ අර කතාවක ඉන්නෙ පොරක් "හොද වැඩේ", "මේ යාලු ඔයැයි බීලැයි".... ඔන්න ඔහොම කතා කරන.අන්න ඒ වගේ කතා කරේ. මම මුලින් හිතුවෙ විහිලුවට කියලා..නෑ බං ඒ එයා කතා කරන විදිය.හරි හොද මනුස්සයෙක්. හැබැයි හොදට කන බොන පොරක් වගේ..

    මම මෙච්චර කල් හිතන් හිටියෙ අර රගපාන එකා විහිලුවට එහෙම කරනවා කියලා.බලාගෙන ගියාම සමහර පැති වල ඇත්තටම කතා කරන්නෙ එහෙමනෙ බං....මම එහෙම කතා කරන මිනිස්සුන්ට අගව්රව කරන්න මේ ත්‍රෙඩ් එක දැම්මෙ නෑ..උබලගෙ පැති වලත් එහෙමද බං.ඒ මනුස්සයා කියුවෙ මාතර කියලා..ගමක නමක් කියුවා දැන් ඒක මතක නෑ...

    :yes::):dull::baffled:
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,397
    1
    32,072
    113
    - උඩරට -
    මාතර තියෙනවා බන් එහෙම ඒරීයා එකක් ගම්බද !
    ඒක එයාලගේ බාෂාව හැසිරවීම , ඒක් සාමාන්‍ය දෙයක් වුනත් අනිත් අයට නම් අසාමාන්‍ය දෙයක්.
    අපිත් එක්ක හිටියා කොල්ලෙක් බෝඩීමේ.
    ඌත් ඔහොම තමා කතා කරන්නේ. :lol:
    ඌ කඩවල් වලට ගිහින් ඉල්ලන කෑම බීම නම් වලින් අහපුවම ලග ඉන්න හැම එකාම හොල්මන් වෙනවා..:baffled:
    කවුරුවත් අහලා නෑ ඒ වචන , ඉහින් පොඩි කොන් වීමකුත් තියෙනවා අනිත් අය අතරේ..
    අවුලක් නෑ මොනවා උනත් හිනා වෙලා ඉන්න පුලුවන් අඩුවක් නැතුව:lol:
    වතු මොටෙයියෝ , සීනී කුරුල්ලෝ , කෑවෙයි , බීවෙයි , එහෙමෙයි..ඔහොම ඔහෝම :lol:
     
    Commex

    Well-known member
  • Nov 29, 2019
    2,020
    1,588
    113
    උබත් කියපන් හොඳ වැඩේ කියලා ෆෝන් එක නැති උනාට :lol:
    මම ඇහුවා බං කොහොමද නැති උනේ කියලා.ඌ කියපු ඒවා මොකුත් තේරුනේ නෑ.. 🤗🤪
    මාතර තියෙනවා බන් එහෙම ඒරීයා එකක් ගම්බද !
    ඒක එයාලගේ බාෂාව හැසිරවීම , ඒක් සාමාන්‍ය දෙයක් වුනත් අනිත් අයට නම් අසාමාන්‍ය දෙයක්.
    අපිත් එක්ක හිටියා කොල්ලෙක් බෝඩීමේ.
    ඌත් ඔහොම තමා කතා කරන්නේ. :lol:
    ඌ කඩවල් වලට ගිහින් ඉල්ලන කෑම බීම නම් වලින් අහපුවම ලග ඉන්න හැම එකාම හොල්මන් වෙනවා..:baffled:
    කවුරුවත් අහලා නෑ ඒ වචන , ඉහින් පොඩි කොන් වීමකුත් තියෙනවා අනිත් අය අතරේ..
    අවුලක් නෑ මොනවා උනත් හිනා වෙලා ඉන්න පුලුවන් අඩුවක් නැතුව:lol:
    වතු මොටෙයියෝ , සීනී කුරුල්ලෝ , කෑවෙයි , බීවෙයි , එහෙමෙයි..ඔහොම ඔහෝම :lol:
    හෙ හේ..අර පොර ඉන්නකොට මාළු වාහනයක් ආවා.පොරගෙ ඉස්කූටරේ පස්ස පොඩ්ඩක් පාරට වෙන්න තිබුනෙ. එක පාරටම "ඒ අඩේ ඉස්කූටියෙ පස්ස පාරේනේ..හොද වැඩේ... එහෙම කියාගන එලියට පැනලා ආයෙත් ඇවිත් ඇහුවා මේ ඔයැයි බය උනැයි" එහෙම කියලා.. :lol:
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    ඔයා ඔයැයි කියන්නේ නෑ මාතර නම් මචෝ.. ඔහේ කියල තමයි කියන්නේ.. මම් රත්නපුරේ ගිහින් ඔහේ කියලා කිව්ව යාලුවෙක්ගේ තාත්ත කෙනෙක්ට, අන්කල්ට අප්සෙට් උනා.. හොද වැඩේ කියන්නේත් නෑ.. උඹ උඩ කියපු කෑලි2ම මාතර නම් යූස් කරන්නේ නෑ, හැබැයි වෙන සෙට්1ක් තියනවා, මාලු, හින්නො, කෙහෙල් මොයිය,මක්කටෙයි, එහෙමෙයි වගේ තව ගොඩක්.. ඔය වෙන කොහේහරි එකක්.. හොද වැඩේ කියල අදින්නේ අමුතු විදියට අම්බලන්ගොඩ/ බටපොල/කරන්දෙනිය උන්.. ප්‍රදේශීයා භාෂාවන් ගොඩාක් තියනව දකුණේ විතරක් නෙවෙයි මුළු ලංකාවේම. දැන් කුරුණෑගල, ගල්ගමුව එහෙම වෙනස් ගොඩක්ම... ඉදුරුව පැත්තේ තව විදියක්..ඇල්පිටිය, ඌරගහ ලයින්1 වෙනම සීන්1ක්.. වලස්මුල්ල,මිද්දෙනිය වෙනම පොඩි ඇදිල්ලක් තියනව.. සුද්දා විද්ද ගලෙන් උඩ වෙනම අමුතුම විදියක් නේහ් තියෙන්නේ.. හැමෝටම මාතර තමා කැපිලා පේන්නේ, උඩට මතු වෙලා පේන්නේ.. ඒක හේතුව තම මාතර තමා සුපිරි වැඩ්ඩො ඉන්නේ..ලංකාවෙ බොස්ලා ටික ඉන්නේ එහේ.. ඒකයි ඉතින් පල ඇති රුකට...
     
    Last edited:

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,503
    3,740
    113
    මචං අපේ ගෙදර පොඩි තේ කඩයක් තියෙනවා.අද මාතර පැත්තෙ පොරක් ආවා කඩේට.ඊයේ උදේ වෙරි පිට යද්දි උගේ පෝන් එක හැලිලා.ඒක හොයන් තව කොල්ලෙක් එක්ක ආවා.මම හිතන්නෙ පුතා එක්ක.

    මෙයා බං කතා කරේ අර කතාවක ඉන්නෙ පොරක් "හොද වැඩේ", "මේ යාලු ඔයැයි බීලැයි".... ඔන්න ඔහොම කතා කරන.අන්න ඒ වගේ කතා කරේ. මම මුලින් හිතුවෙ විහිලුවට කියලා..නෑ බං ඒ එයා කතා කරන විදිය.හරි හොද මනුස්සයෙක්. හැබැයි හොදට කන බොන පොරක් වගේ..

    මම මෙච්චර කල් හිතන් හිටියෙ අර රගපාන එකා විහිලුවට එහෙම කරනවා කියලා.බලාගෙන ගියාම සමහර පැති වල ඇත්තටම කතා කරන්නෙ එහෙමනෙ බං....මම එහෙම කතා කරන මිනිස්සුන්ට අගව්රව කරන්න මේ ත්‍රෙඩ් එක දැම්මෙ නෑ..උබලගෙ පැති වලත් එහෙමද බං.ඒ මනුස්සයා කියුවෙ මාතර කියලා..ගමක නමක් කියුවා දැන් ඒක මතක නෑ...

    :yes::):dull::baffled:
    ow... ohe kiyala kiyanwa...... oyey... badulla , monaragala, bibila wage pethi wala wachane anthimata da akura ne...

    thiyenawada ? kiyala ahanne thiyenawa ? kiyala..

    mul kale mama giyama full curapat una unge wachana walata
     
    kprem

    Well-known member
  • Aug 5, 2016
    1,341
    473
    83
    මාතර, ගාල්ල පැත්තේ උන් එහෙම කතා කරනවා.
    උඹලෑ අහ එන්නද?
    අමදිනවද?
    මක්කටෙයි?

    බදුල්ල, නුවර අයගෙත් තියනවා
    කන්ට, ඉන්ට, බොන්ට, කරව්වද? කියව්වද?

    ගම්පහ, කුරුණෑගල පැති වල අයගෙත් තියනවා
    නිදියෑවද? බුදියෑවද?

    අනුරාධපුර පැත්තෙ අයගෙත් තියනවා
    උන්දැ, ඒකා, මේකි

    මේ හැම පැත්තකින්ම ඇවිල්ල පිටරට ගියපු උන්ගේත් තියනවා
    so මට ..... but ......
    උදා : සචිනි අයේන්ද්‍ර සිංහල කතා කරන විදිහ

    ඒ වගේ බොරු පොෂ් කාරයෝ නං පිටරටදී ඕන තරම් හම්බෙලා තියනවා
     
    amino

    Well-known member
  • Jul 27, 2008
    2,312
    2,780
    113
    Pilimathalawa
    api dawasak mathara gihin ehe gedara geenu kenaa
    මේයැයි, මේයැයි, මේයැයි kiyaa kiyanawa
    tika welaawak giyaama theeruna mee kiyanne eyaage husband gena kiyala
     
    planner123

    Well-known member
  • May 22, 2018
    8,354
    14,448
    113
    Rathanpure ekek dawasak kiwwa wahina kota "kude atawanna" kiyala.
    Mawa confuse wuna.
    Mathara ekekta wedak baara dunna new year party ekata salli collection daanna. Mu class eka issarahata gihin "seramala dunnai ?" kiyala ahuwa tika dawasakin.
     
    • Like
    Reactions: Commex

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    ඔයා ඔයැයි කියන්නේ නෑ මාතර නම් මචෝ.. ඔහේ කියල තමයි කියන්නේ.. මම් රත්නපුරේ ගිහින් ඔහේ කියලා කිව්ව යාලුවෙක්ගේ තාත්ත කෙනෙක්ට, අන්කල්ට අප්සෙට් උනා.. හොද වැඩේ කියන්නේත් නෑ.. උඹ උඩ කියපු කෑලි2ම මාතර නම් යූස් කරන්නේ නෑ, හැබැයි වෙන සෙට්1ක් තියනවා, මාලු, හින්නො, කෙහෙල් මොයිය,මක්කටෙයි, එහෙමෙයි වගේ තව ගොඩක්.. ඔය වෙන කොහේහරි එකක්.. හොද වැඩේ කියල අදින්නේ අමුතු විදියට අම්බලන්ගොඩ/ බටපොල/කරන්දෙනිය උන්.. ප්‍රදේශීයා භාෂාවන් ගොඩාක් තියනව දකුණේ විතරක් නෙවෙයි මුළු ලංකාවේම. දැන් කුරුණෑගල, ගල්ගමුව එහෙම වෙනස් ගොඩක්ම... ඉදුරුව පැත්තේ තව විදියක්..ඇල්පිටිය, ඌරගහ ලයින්1 වෙනම සීන්1ක්.. වලස්මුල්ල,මිද්දෙනිය වෙනම පොඩි ඇදිල්ලක් තියනව.. සුද්දා විද්ද ගලෙන් උඩ වෙනම අමුතුම විදියක් නේහ් තියෙන්නේ.. හැමෝටම මාතර තමා කැපිලා පේන්නේ, උඩට මතු වෙලා පේන්නේ.. ඒක හේතුව තම මාතර තමා සුපිරි වැඩ්ඩො ඉන්නේ..ලංකාවෙ බොස්ලා ටික ඉන්නේ එහේ.. ඒකයි ඉතින් පල ඇති රුකට...
    කුරුණෑගල තියන අමුතු බාසාව කියපංකො බං මේ මම නොදන්න ?

    ව්‍යංජනවලට මාලු කියනවා (මාලුපිනි කියන එක කොට කරලා), බස් හිටෝනවා කියනවා.. වෙන ?
     
    S.E.R.E.N.A

    Well-known member
  • Jun 27, 2018
    1,370
    1
    885
    113
    අඩේ අප්පොච්චා, මෙන්න මේකා ඒ ඩිංගට ඒක එළකිරියෙත් දමාලා, හොඳ වැඩේ!
    ඒ මේ යාලු, අපිත් එළකිරියේ ඉන්නවා හොඳේ.