🎸🎸Can you hear me ? 🎸🎸

gihann6

Well-known member
  • May 14, 2020
    616
    1,115
    93
    maxresdefault.jpg

    ලංකාවේ හොද නාට්ටි හැදෙන්නේ නැති තරම්ම නේ
    Prison Break , Breaking Bad මානසිකත්වය තියෙන කෙනෙක්ට ලංකාවේ නාට්ටි දකිද්දීත් හිනා යනවා
    මම අසාවෙන් බලපු එකම නාට්ටිය කුබියෝ . එකත් 2018 වගේ
    ඊට පස්සේ තණමල්විල කොල්ලෙක් බැලුවා . ජීවිතේටම ඔය දෙක තමයි බැලුවේ
    කොහමහරි පහු ගිය කාලේ ගෙදෙර කම්මැලිකමෙන් ඉද්දී යාලුවෙක් කියපු නිසා සුදු ඇදගෙන කළු ඇවිදින් බැලුවා
    ඒක බලද්දී තමයි දැනුනේ ලංකාවේ කොච්චර හොද නාට්ටි හැදෙනවද කියලා
    මටනම් කියන්න තියෙන්නේ මම ජීවිතේට බලපු හොදම නාට්ටිය තමයි සුදු ඇදගෙන කළු ඇවිදින්
    කුබියෝ එකටත් වැඩිය ගොඩක් ඉදිරියෙන් ඉන්නේ ඒක.
    ඒක ලියපු කෙනාම අලුතෙන් පටන් ගත්ත එක තමයි Can you hear me ?
    ඒ සෙට් එකමයි ඉන්නේ

    සුදු ඇදගෙන කළු ඇවිදින් වල මගේ ආසම චරිතය තමයි විල්සන් මාමා
    නාට්ටිය බලපු අය දන්නවා ඇති. ඔය උඩ ෆොටෝ එකේ ඉන්න පොර . අනුහස් ලා වගේ ලස්සන නැහැ මේගොල්ලෝ . හැබැයි රගපානවා කියලා තේරෙන්නේ නැහැ . එච්චරටම තාත්විකයි

    Theme Song එක

    Music එහෙම වෙනම level එකක තියෙන්නේ . එකේ පුදුම රහක් තියෙන්නේ

    වෙලාවකට හරි දුකයි බන් මේ වගේ නාට්ටි වලට මිනිස්සු ආදරේ නැති එක
    Youtube එකේ trending වෙන්නේ දෙවෙනි ඉනිම වගේ කෙහෙල් මල් නේ
    පුලුවන්නම් බලපල්ලා . මේ වගේ දේවල් වැඩි වැඩියෙන් හැදෙන්න ඕනේ
    මේ වගේ දෙකට ආදරේ කරන මිනිස්සු කවද බිහි වෙයිද ?
    2000 න් පස්සේ එවුන් ගැන හිතෙද්දීත් බයයි
    පුදුම ගංකාරයෝ තමයි
     
    anchor14

    Well-known member
  • Oct 26, 2017
    2,028
    1,634
    113
    sudu adagena... eka nan patta. eke cast ekama meketh innwa neda. meke episode keeyk yawdia danna. iwara vunama blanna inne. :love2:
     
    • Like
    Reactions: gihann6

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,049
    3
    118,616
    113
    Gampaha
    ඕකනං බලල නෑ. මේ විස්තරේ කියෙව්වම බලන්න හිතුන.
    සුදු ඇඳගෙන කළු ඇවිදින් බැලුව.

    දැනට ආසාවෙන් බලන්නෙ සත්‍යා විතරයි. ඊට අමතරව ඉන්ටනැෂනල් බලනව.

    දෙරන, හිරු, සිරස චැනල් ටීවී බැලිල්ල එපා කරල තියෙන්නෙ.
    ජරා ඉන්දියන් කාටුන්, දෙකයි පනහෙ කසඩ ටෙලි,
    ඕපදූප ලිඳ ලඟ නිවුස් (අනික් චැනල් වල නිවුස් ඊට හපං හින්ද නිවුස් බලනව), ජීවිතේට දැකලනැති නළු, නිළියො කියල කියාගන්න එවුන් ගෙනල්ල කරන ගොබ්බ ශෝ තමයි බලන්න තියෙන්නෙ.

    ඔය හේතුව හින්ද රෑට ටී වී බැලිල්ල අත්හැරල ෆිල්ම් බලන්නයි, එළකිරියෙ රස්තියාදුගහන්නයි පුරුදුවෙලා තියෙන්නෙ. ඒ හින්ද හොඳ ටෙලියක් ගියත් මේ විදිහට දැනගත්තොත් මිසක් දැනගන්න විදිහක් නෑ.
     
    Phonemy

    Well-known member
  • Jan 2, 2018
    2,276
    1
    2,526
    113
    ඕක මරු,තව ITN එකේ යන ඉන්ටර් නසනල්,සිහිනි, සත්‍යා, ඒවත් හොදයි.
     
    Piyathissa

    Well-known member
  • Jul 18, 2020
    846
    1,342
    93
    නියමයි බන්.. සතියට එපිසෝඩ් 4ක් මදිත් වගේ.. උඹ කියනවා වගේ musik වෙනම ලෙවල් එකක තමා :love2:

    මේකත් සිරා සිංදුව..
     
    amino

    Well-known member
  • Jul 27, 2008
    2,312
    2,780
    113
    Pilimathalawa
    mama gedarata TV ekak gaththe nee
    mokada oya vikaara naantti kiyana eewa Huuniyam wagee
    gedara aya abbehi wenawa
    mee wagee honda ekak kauru hari keewama thamai balanne
    Kuumbiyoo beluwa supiri
    den meekath balannam
    Isthuthi yaaluwa
     
    • Like
    Reactions: gihann6

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,652
    1
    6,341
    113
    මම දැක්ක දෙයක් කියන්නද... ඔය සුපිරි නාට්‍ය ඔක්කොම වගේ ITN එකේ ගියපුවා.. තව කිහිපයක් ජාතික රූපවාහිනියේ... (ඉස්සරම වස්වර්නවාහිනියේ ගියා but දැන් නැහැ)

    කියන්න ගියේ මේකයි.. ඔය නාලිකා දෙක පවතින ආණ්ඩුවට රෙදි නැතුව කඩේ යනවා තමා.. but තාමත් ඔය වගේ රසාස්වාදය පැත්තෙන් වැදගත් quality නිර්මාන telecast කරන්න වග බලාගන්නවා:yes:
    (මට මතකයි කූඹියෝ එකත් මුලින්ම දෙරණට ගියහම telecast කරන්න බැහැ කියල ප්‍රතික්ශේප කරපු එකක් කියල ආර්ටිකල් එකකක් තිබ්බා,,..
     
    adrianou

    Well-known member
  • Nov 20, 2016
    979
    314
    83
    උඩ ඉන්නේ ආනන්ද උමාරඋන්නැහේ. මේ සැරේ හොඳම නළුවා. සුදු ඇඳගෙන කළු ඇවිදින් වෙනුවෙන්.

    ඒකයි Can You Here Me එකයි දෙකම ඩිරෙක්ට් කරන්නේ සුනිල් කොස්තා

    Music - දිනේෂ් සුබසිංහ

    දැනට ආසාවෙන් බලන්නෙ සත්‍යා විතරයි. ඊට අමතරව ඉන්ටනැෂනල් බලනව

    ඉන්ටනැසනල් එල නේද. කූල් එකේ බලන්න පුළුවන්. දුලිකාගේ හස්බන්ඩ් ඩිරෙක්ට් කරන්නේ.

    මම දැක්ක දෙයක් කියන්නද... ඔය සුපිරි නාට්‍ය ඔක්කොම වගේ ITN එකේ ගියපුවා.. තව කිහිපයක් ජාතික රූපවාහිනියේ... (ඉස්සරම වස්වර්නවාහිනියේ ගියා but දැන් නැහැ)

    කියන්න ගියේ මේකයි.. ඔය නාලිකා දෙක පවතින ආණ්ඩුවට රෙදි නැතුව කඩේ යනවා තමා.. but තාමත් ඔය වගේ රසාස්වාදය පැත්තෙන් වැදගත් quality නිර්මාන telecast කරන්න වග බලාගන්නවා:yes:
    (මට මතකයි කූඹියෝ එකත් මුලින්ම දෙරණට ගියහම telecast කරන්න බැහැ කියල ප්‍රතික්ශේප කරපු එකක් කියල ආර්ටිකල් එකකක් තිබ්බා,,..

    ඔව් කඩේ යන එකයි, සොෆ්ට් & කවර් අප් නිව්ස් ගහන එකයි ඇරුනම අනිත් ඔක්කොම හොඳයි.

    ටෙලීස් විතරක් නෙවෙයි, හැම age group එකකටම වගේම හැම category එකකටම අදාල කොලිටි ප්‍රොග්‍රෑම්ස් දෙනවා.
     
    Last edited:
    • Like
    Reactions: tha123

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,956
    34,376
    113
    සිංදුවේ මුලින්ම බරඅවි හංගපු හිත්වල කියද්දිම "කියුං" ගලා වදින එක පට්ට බං
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,035
    8,292
    113
    Chilaw
    me tike me teliyata buki page walin gahanne mokada eka digata. :rolleyes: eka paaratama wagepage wala posts enna gaththe, Shalanita ehema curfew asse shoot karanawa kiyala. kage hari negative promotion ekakda neththam edirimunige wedakda danne ne :lol:
     
    gihann6

    Well-known member
  • May 14, 2020
    616
    1,115
    93
    me tike me teliyata buki page walin gahanne mokada eka digata. :rolleyes: eka paaratama wagepage wala posts enna gaththe, Shalanita ehema curfew asse shoot karanawa kiyala. kage hari negative promotion ekakda neththam edirimunige wedakda danne ne :lol:
    oya deweni inima ehema iwara weida bun kawadahari ?
     
    • Like
    Reactions: castellain

    gihann6

    Well-known member
  • May 14, 2020
    616
    1,115
    93
    මම දැක්ක දෙයක් කියන්නද... ඔය සුපිරි නාට්‍ය ඔක්කොම වගේ ITN එකේ ගියපුවා.. තව කිහිපයක් ජාතික රූපවාහිනියේ... (ඉස්සරම වස්වර්නවාහිනියේ ගියා but දැන් නැහැ)

    කියන්න ගියේ මේකයි.. ඔය නාලිකා දෙක පවතින ආණ්ඩුවට රෙදි නැතුව කඩේ යනවා තමා.. but තාමත් ඔය වගේ රසාස්වාදය පැත්තෙන් වැදගත් quality නිර්මාන telecast කරන්න වග බලාගන්නවා:yes:
    (මට මතකයි කූඹියෝ එකත් මුලින්ම දෙරණට ගියහම telecast කරන්න බැහැ කියල ප්‍රතික්ශේප කරපු එකක් කියල ආර්ටිකල් එකකක් තිබ්බා,,..
    okata hethuwa bun content quality eka kochchara awl wunath minissu balanna kamati eka. Eken itin advertisement pennala salli hamba karanna puluwan
    uba dannawada derana tv eke inna lokkek awilla kiwwa interview ekakdi Deweni inima Italy walath trending enawalu.
    Porama ahanawa mokada Italy wala minissu oka balanawada kiyala
    Kata uththara naha ne
     
    • Sad
    Reactions: tha123