ලංකාවේ හොද නාට්ටි හැදෙන්නේ නැති තරම්ම නේ
Prison Break , Breaking Bad මානසිකත්වය තියෙන කෙනෙක්ට ලංකාවේ නාට්ටි දකිද්දීත් හිනා යනවා
මම අසාවෙන් බලපු එකම නාට්ටිය කුබියෝ . එකත් 2018 වගේ
ඊට පස්සේ තණමල්විල කොල්ලෙක් බැලුවා . ජීවිතේටම ඔය දෙක තමයි බැලුවේ
කොහමහරි පහු ගිය කාලේ ගෙදෙර කම්මැලිකමෙන් ඉද්දී යාලුවෙක් කියපු නිසා සුදු ඇදගෙන කළු ඇවිදින් බැලුවා
ඒක බලද්දී තමයි දැනුනේ ලංකාවේ කොච්චර හොද නාට්ටි හැදෙනවද කියලා
මටනම් කියන්න තියෙන්නේ මම ජීවිතේට බලපු හොදම නාට්ටිය තමයි සුදු ඇදගෙන කළු ඇවිදින්
කුබියෝ එකටත් වැඩිය ගොඩක් ඉදිරියෙන් ඉන්නේ ඒක.
ඒක ලියපු කෙනාම අලුතෙන් පටන් ගත්ත එක තමයි Can you hear me ?
ඒ සෙට් එකමයි ඉන්නේ
සුදු ඇදගෙන කළු ඇවිදින් වල මගේ ආසම චරිතය තමයි විල්සන් මාමා
නාට්ටිය බලපු අය දන්නවා ඇති. ඔය උඩ ෆොටෝ එකේ ඉන්න පොර . අනුහස් ලා වගේ ලස්සන නැහැ මේගොල්ලෝ . හැබැයි රගපානවා කියලා තේරෙන්නේ නැහැ . එච්චරටම තාත්විකයි
Theme Song එක
Music එහෙම වෙනම level එකක තියෙන්නේ . එකේ පුදුම රහක් තියෙන්නේ
වෙලාවකට හරි දුකයි බන් මේ වගේ නාට්ටි වලට මිනිස්සු ආදරේ නැති එක
Youtube එකේ trending වෙන්නේ දෙවෙනි ඉනිම වගේ කෙහෙල් මල් නේ
පුලුවන්නම් බලපල්ලා . මේ වගේ දේවල් වැඩි වැඩියෙන් හැදෙන්න ඕනේ
මේ වගේ දෙකට ආදරේ කරන මිනිස්සු කවද බිහි වෙයිද ?
2000 න් පස්සේ එවුන් ගැන හිතෙද්දීත් බයයි
පුදුම ගංකාරයෝ තමයි

eka paaratama wagepage wala posts enna gaththe, Shalanita ehema curfew asse shoot karanawa kiyala. kage hari negative promotion ekakda neththam edirimunige wedakda danne ne 