Do you feel demotivated when someone passes you in your career?

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    45,922
    1
    100,408
    113
    33
    Kalutara
    උඹලට හෙන මහා අපත ෆීලින් එකක් එන්නේ නැද්ද බන් උඹටත් පස්සේ උඹේ ෆීල්ඩ් එකට ආපු එකෙක් උඹවත් පහු කරලා උඹ ඉන්න තැනටත් වඩා දුර ගිහින් ඉන්නකොට? උඹ හෙන කාලකන්නියෙක්, උඹ මොනවද මෙච්චර දවස් කරලා තියෙන්නේ. ඌ ආවේ උඹටත් පස්සේ මේ ෆීල්ඩ් එකට. ඒ වුනාට ඌ ගිය දුර බලපන්. උඹ මහ වැඩකට නැති එකෙක්. කියන දේවල් උඹේ ඔලුවට එන්නේ නැද්ද?

    කොටින්ම කියනවා නම් උඹ දන්නවා උඹේම වරද නිසයි උඹ තාමත් එකම තැන ඉන්නේ කියල. හැබැයි උඹ අර දේවල් නිසා වෙන්නේ තව තවත් තමන් ඉන්න තත්වෙටත් වඩා පහතට වැටෙන එක නෙමෙයිද? උඹට දෙයක් කරන්න හිතිලා තිබ්බ නම් අර දේවල් අහද්දී දකිද්දී ඒ තිබ්බ ගැම්මත් නැති වෙලා යනවද?

    මට හිතෙනවා "දැන් ඇති මේකේ හිටියා, මේක නෙමෙයි මට හරියන දේ. යන්න ඕන කුඹුරක් කොටන්නවත්, එදා ඉඳන් කුඹුරක් කෙටුවා නම් මීට වඩා තැනක ඉන්නවා," වගේ දේවල්. 😣

    මෙන්න මේ දේවල් උඹටත් වෙනවා නම්, වෙලා තියෙනවා නම් මේ වගේ ෆීලින් වලින් උඹ ඈත් වෙන්නේ කොහොමද? ඈත් වුනේ කොහොමද? 😥
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    ඔව් හිතෙනවා
    ජොබ් කරද්දි ඕක සාමාන්‍යයි.
    වයසින් අඩු පොඩි කෙල්ලෙක් සෙක්ෂන් එකෙ ලොක්කි උනාම තවත් ඖල් 😞
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,660
    165,114
    113
    එකමත් එක රටක
    එහෙම හිතෙනවනම් ඒක හදාගනින් . නැත්නම් උබ ඒවා ගැනම හිත හිත එකතැන .. කල් යද්දී තව අවුල් යයි.. උබ කියන විදියට ලෝකේ දැන් සාර්ථකම වෙන්න ඕනේ වයසකම අය . :rofl:
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,922
    1
    100,408
    113
    33
    Kalutara
    ඔව් හිතෙනවා
    ජොබ් කරද්දි ඕක සාමාන්‍යයි.
    වයසින් අඩු පොඩි කෙල්ලෙක් සෙක්ෂන් එකෙ ලොක්කි උනාම තවත් ඖල් 😞

    Job ka....ekko onene
    ජොබ් විතරක්ම නෙමෙයිනේ. හැම field එකකදීම ඒක වෙන්න පුළුවන්,
    Never... Eka thamai life eka... Ohoma hithala jiwath wenta ba... Thaman asa de karala sathutin intai balanta ona... Katawath irisiya karanta hoda na...
    නැ ඒක ඉරිසියාව නෙමෙයිනේ, ඒක ඇවිල්ල තමන්ව පහතට දාගන්න එකනේ වෙන්නේ අනිත් අයත් එක්ක සන්සන්දනේ කරලා.
    එහෙම හිතෙනවනම් ඒක හදාගනින් . නැත්නම් උබ ඒවා ගැනම හිත හිත එකතැන .. කල් යද්දී තව අවුල් යයි.. උබ කියන විදියට ලෝකේ දැන් සාර්ථකම වෙන්න ඕනේ වයසකම අය . :rofl:
    හදාගනින් හදාගනින් කිව්වට හදාගන්න විදිහක්නේ දන්නේ නැත්තේ. 😥
     
    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,332
    15,496
    113
    නැත. මම පුළුවන් උපරිමයෙන් කරනවා.
    එත් බැරි උනා කියලා එහෙම අප්සට් නැ.
    Nobody is perfect මචන්. මට නැති ඒවා උට තියෙනවා. උට නැති ඒවා මට තියෙනවා
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,660
    165,114
    113
    එකමත් එක රටක
    හදාගනින් හදාගනින් කිව්වට හදාගන්න විදිහක්නේ දන්නේ නැත්තේ. 😥
    අනිත් උන්ව අමතක කරලා තමන් ඉන්න තැනින් දවසින් දවස උඩට යනවද බලපං.. එහෙම නැත්නම් අවුල්. අනිත් උන් නෑ කියලා හිතල මුලින් උබේ දේ හදාගනින්. මොන මගුලක්ද . අනිත් උන් ගැන හිතන්න compare කරන්න time waste කරන්න එපා බන්. කරන්න තියන මෝඩම වැඩක් ඕක. උබ වැඩිකල් ජිවත් වෙන්නේ නෑ .. තව දවස් 10 000ක් විතර තමයි උපරිම. :baffled:
     
    • Sad
    Reactions: Heshan Daminda

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,332
    15,496
    113
    අනිත් උන්ව අමතක කරලා තමන් ඉන්න තැනින් දවසින් දවස උඩට යනවද බලපං.. එහෙම නැත්නම් අවුල්. අනිත් උන් නෑ කියලා හිතල මුලින් උබේ දේ හදාගනින්. මොන මගුලක්ද . අනිත් උන් ගැන හිතන්න compare කරන්න time waste කරන්න එපා බන්. කරන්න තියන මෝඩම වැඩක් ඕක. උබ වැඩිකල් ජිවත් වෙන්නේ නෑ .. තව දවස් 10 000ක් විතර තමයි උපරිම. :baffled:

    මමත් දන්නා උන් ගොඩක් උන් ඉන්නවා අනික් උන් එක්ක කොම්පෙයර් කරනවා. කරන්න පුළුවන් ගොන්ම වැඩේ තමයි ඒක.
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,219
    1
    13,107
    113
    Gotham City
    ඔය හැඟීමට මන් පුරුදු උනෙ ඉස්කොලෙ කාලෙමයි .
    මන් ඉස්කෝලෙ ප්‍රයිමරිය කාලෙ බ්‍රයිටෙක් ( ගුරුවරුන්ට, දෙමාපියන්ට අනුව )
    ශිෂ්‍යත්වෙ පාස් කරපු 12 දෙනාගෙන් එක්කෙනෙක් ,4 වෙනියට වැඩිම ලකුණු .
    හරි විදියට ගත්තොත් මන් තමා පළවෙනියා .මොකද මට උඩින් ලකුණු ගත්ත උන් සේරම ටියුශන් මරලා ගෙවල්වලට ගුරුවරු ගෙන්නලා විභාගෙ වෙනුවෙන්ම ට්‍රනිං කරලා ගොඩ ගිය උන්. මන් ඔය මොකුත් කරෙ නැහැ .
    දහම්පාසලෙ පන්තියෙ පළවෙනියා.
    එත් ශිෂ්‍යත්වෙන් පස්සෙ මන් ටික ටික මන්ද ගාමි උනා (මන් ටියුෂන් ගියෙ නැහැ )
    ටියුෂන් ගිහින් ,ගෙවල් වලට ගුරුවරු ගෙන්නලා උගන්වගන්න උන් පන්තියෙ හැමදාම බ්‍රයිටො .
    තව ලොකු වයසට යද්දි පොඩි කාලෙ අපිට වඩා පස්සෙන් හිටි උන් ,මැට්ටො කියලා හංවඩු ගහපු උන් අපිව පහුකරගෙන ගිහින් .
    ඒ ලෙවල් වලදි අපෙන් කැම්පස් දැම්මෙ එකම එකයි .
    ඌ ඕ ලෙවල් පන්තියෙ 35 වෙනි ස්ථානය.කවදාවත් ඉස්කොලෙ පළවෙනි 20 දෙනා අතර හිටි එකෙක් නෙමෙ .
    පන්තියෙ පළවෙනියා වෙච්ච උන් ,කප් ගහපු උන් සේරම එක්කො ෆේල් නැත්තම් සෙකන්ඩ් ෂයි .
    ඉතිං ඔය දේ මන් ප්‍රැක්ටිස් කරෙ ඉස්කොලෙ කාලෙමයි .
    ඒක නිසා ලොකුවට දැනෙන්නෙ නැහැ.ජිවිතෙ යථාර්තය ඕක.
    හැමදාම හොඳපුතා කියලා අහගෙන පුරුදු අයට ටිකක් අවුල් වෙවි එකපාරට කඩන් වැටෙද්දි ,මන්දගාමි වෙද්දි .
    සමහරු ඔය මානසිකත්වයට පුරුදු වෙනවා ස්පොර්ට්ස් වලින් .ජය පරාජය දෙකම විඳ දරාගන්න .
    සමහරුන්ට වැඩ කරන තැනින්ම තමා පුරුදු වෙන්න වෙන්නෙ .
    කොහොමත් වයස යද්දි අවුරුදු 20-25 කාලෙ තියෙන ගැම්ම ,කික් එක එන්නෙ නැහැ.
    එත් මෙහෙම දෙයක් කරන්න පුළුවන් ,ඉන්ටර්නෙට් තියෙන එකෙ නිතරම අප්ඩෙට් වෙන්න බලපන් .එහෙම උනොත් තමන්ට බේරෙන්න පුළුවන් .
    මන් කරන්නෙත් ඒ දේ තමා.
    ඒ වගෙම සුදුසුකම් ටික හදාගනින් .
    තරඟයක් තියෙන්නෙ කොහෙත්.
    ස්කිල් එක, ලක් එක සේරම ඔනි ගොඩ යන්න .
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,660
    165,114
    113
    එකමත් එක රටක
    මමත් දන්නා උන් ගොඩක් උන් ඉන්නවා අනික් උන් එක්ක කොම්පෙයර් කරනවා. කරන්න පුළුවන් ගොන්ම වැඩේ තමයි ඒක.
    ඔව් බන්. ඒකත් නැති මගුලමයි. සමහර දේවල් ඌට තියනවා අනිත් එකාට වැඩිය. නැති එක අල්ලාගෙන හිතනවා. නිකන් compare වෙනවා ඉතින් සාමාන්‍යයෙන්. එකම හිත හිත තමන්ව යටට දාගත්තම දන්නෙම නැතුව මුකුත් කරගෙන නෑ .
     
    SK29

    Well-known member
  • Apr 14, 2017
    6,843
    8,267
    113
    උඹලට හෙන මහා අපත ෆීලින් එකක් එන්නේ නැද්ද බන් උඹටත් පස්සේ උඹේ ෆීල්ඩ් එකට ආපු එකෙක් උඹවත් පහු කරලා උඹ ඉන්න තැනටත් වඩා දුර ගිහින් ඉන්නකොට? උඹ හෙන කාලකන්නියෙක්, උඹ මොනවද මෙච්චර දවස් කරලා තියෙන්නේ. ඌ ආවේ උඹටත් පස්සේ මේ ෆීල්ඩ් එකට. ඒ වුනාට ඌ ගිය දුර බලපන්. උඹ මහ වැඩකට නැති එකෙක්. කියන දේවල් උඹේ ඔලුවට එන්නේ නැද්ද?

    කොටින්ම කියනවා නම් උඹ දන්නවා උඹේම වරද නිසයි උඹ තාමත් එකම තැන ඉන්නේ කියල. හැබැයි උඹ අර දේවල් නිසා වෙන්නේ තව තවත් තමන් ඉන්න තත්වෙටත් වඩා පහතට වැටෙන එක නෙමෙයිද? උඹට දෙයක් කරන්න හිතිලා තිබ්බ නම් අර දේවල් අහද්දී දකිද්දී ඒ තිබ්බ ගැම්මත් නැති වෙලා යනවද?

    මට හිතෙනවා "දැන් ඇති මේකේ හිටියා, මේක නෙමෙයි මට හරියන දේ. යන්න ඕන කුඹුරක් කොටන්නවත්, එදා ඉඳන් කුඹුරක් කෙටුවා නම් මීට වඩා තැනක ඉන්නවා," වගේ දේවල්. 😣

    මෙන්න මේ දේවල් උඹටත් වෙනවා නම්, වෙලා තියෙනවා නම් මේ වගේ ෆීලින් වලින් උඹ ඈත් වෙන්නේ කොහොමද? ඈත් වුනේ කොහොමද? 😥
    මුලදි නම් ආවා. දැන් එහෙම නෑ.
    IT industry එකේදි නම් අනිවා මේහෙම දේවල් බලාපොරොත්තු වෙන්න වෙනවා

    අනික පහු කලා කිව්වාට ජීවිතේ ඉවර නෑනෙ.
    අවුරුදු 20-30දි ඉස්සරහින් ඉන්න උන්ව පස්සෙ කාලෙකදි වෙන උන්ට පහු කරන්න පුලුවන්.
    ------ Post added on Nov 17, 2022 at 7:18 PM
     
    • Love
    Reactions: Heshan Daminda