සාමාන්‍යයෙන් නීරෝගි කෙනෙක්ට ඔහොම අදහස් ආවහම එයාගේ ලෞකික ආසාවල් සෑහෙන්න අඩු වෙනවා. ඒ නිසාම පැවිද්දෙක් වෙන්නයි වෑයම - සමහරු මහණ වෙනවා, කැලේ තපස් රකිනවා - සමහරු පාදිලිවරු වෙනවා - නමුත් ඔයාගේ දේශපාලනයට ආසාවක් තියෙනවා නේ - ඒක පුළුල් ලොකු ලෞකික ආසාවක් - ඔහොම වෙන්නෙ අර වගේ රෝග ලක්ෂණ වලදියි.
දේශීය වෛද්‍යවරයෙක් මුණගැහිලා ඔයාගේ විස්තරේ කියන්න - ටක් ගාල අඳුරගනියි ප්‍රශ්නෙට හේතුව මොකක්ද කියලා - ප්‍රතිකාර කෙරෙන කොට සමහර විට සතියෙන් ආයේ ආසාව උනන්දුව ඕනෑකම ඇති වෙන්න ගනියි - නමුත් ඒ විතරක් මදි - ඉදිරි ජීවිතය සාර්ථකව ගෙනියන්න ජවය ගොඩක් ඕනා - ඒ ජවය වැඩි වෙන්න මාස 3ක් වගේ යනවා - ඊට පස්සෙ ඔයාට එන ඕන ගැටළුවක් තනියෙන් විසඳගැනීමේ හැකියාව ලැබෙයි.