මමත් stand by එකක් විදියට යූස් කරන්න රටින් ගෙන්වපු 7 එකක් ගත්තා. IMEI check කරලා බලනකොට register නෑ කිව්ව නිසා උන්ගෙ සයිට් එකේ තියෙන ෆෝම් එක ෆිල් කරල සබ්මිට් කරා. ඊට පස්සේ ඊමේල් එකක් ආවා phone එක ගත්ත රිසිට් එකයි, මගේ ID එකේ සයින් කොපියකුයි උන්ට මේල් කරන්න කියලා. කොහොමහරි ඒ documents ටිකත් එක්ක මේල එක යැව්වට පස්සේ රිප්ලයි එකක් ආවා මගේ IMEI එක රෙජිස්ටර් වෙන process එකේ තියෙන්නේ, register උනාට පස්සේ දන්වන්නම් කියලා. මන් ෆෝන් එක ගත්තේ december වල.
