Toyota Noah 557'000km Story

Aakhri Pasta

Well-known member
  • Oct 15, 2015
    464
    313
    63
    House-Full
    Shared # Viraj Rajapaksha

    වාහනෙට සලකන තරමට වාහනෙත් සලකනවා කීවොත් මං හරි. එන්ජින් එකක් කියන්නෙත් හදවතක්, මම මොන්ටිසෝරි ගියෙත්, ඉස්කෝලෙ ගියෙත් OL , AL ලියන්න ගියෙත් driving පුරුදු වුනෙත්, අද මං කරන වැඩ වලට මං ගෙනියන්නෙත්, තාත්තගෙ වැඩ වලට ගෙනියන්නෙත්, පවුලෙ වාහනෙත් මෙයා තමා, 2003 ඔක්තෝම්බර් 19 recondition ගෙනාවෙ මෙයා, CR52 Model eka. ඔයාලා මේක කියනකොට හිතයි හයර් දුවලා කියලා, නෑ එහෙම නෑ, ගේනකොට millage එක 55'000km එතන ඉදන් 2016 එන්ජිම හදනකොට (over roll කරනකොට) 420'000km වගේ දුවලා තිබ්බෙ, පස්සෙ 2017 අගෝස්තු noah conversation එක කරා එතකොට මීටර් බෝඩ් එක වෙනස් වුන නිසා මට පෙන්නන්න විදිහක් නෑ... ඒ දාපු මීටර් බෝඩ් එකේ 94'000 ගානක් දුවලා තිබ්බෙ. දැන් දුවලා තියෙන ගාන මං photo එකක් දාලා තියෙනවා. එහෙම බලපුහාම මේ වෙද්දි millage එක 557'000km ආසන්න වෙන්න.ගෙනාපු දවසෙ ඉදන් service records තියෙනවා.2003 ඉදන් දැනට අවුරුදු 17ක් අපි ගාව. 1st owner vehicle තාම හොදට තියෙනවා. 4WD නිසා ගොඩක් වැඩ කරගන්න පුලුවන්. Repair එනවා නැත්තෙ නෑ. කවදාවත් මහ මග අනාත වෙලා නෑ.. service ටික වෙලාවට කරනවා, පොඩි සද්දයක් එනකොට බලනවා. බොරු කියන්න ඕන නෑ.. ගෙනාවට පස්සෙ එක පාරක්වත් තාම full body paint එකක් ගහලා නෑ buffer ඇරෙන්න. හරියට පාවිච්චි කරනවානම් හොද වාහනයක් මේක ගොඩක් අය කියනවා 4WD මාකට් නෑලු. පාවිච්චි කරන කෙනෙක්ගෙන් අහලා ඉන්න කොච්චර වටිනවද කියලා. තව පොඩි පොඩි වැඩ වගයක් තියෙනවා කරන්න. ඒවා ලගදිම කරන්න ඉන්නෙ. ඇත්තට හොද පවුලේ වාහනයක්.
    ❤


    137003990_1601938073341586_7745363167194991448_o.jpg


    137222617_1601938730008187_3362003600060258046_o.jpg


    137550104_1601937736674953_3419181186357715863_o.jpg


    135510927_1601834996685227_1720883771352508741_o.jpg
     

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,419
    113
    ඉස්සර නං වාහන ගැන ඔහොම හිතුනා. ඒ උනා කාලයක් යද්දී දැන් නං කල්පනා වන්නේ අපේ වැඩ පහසු කරගන්න තියෙන වාහනයකින් අපි එකේ ප්‍රයෝජනේ ගන්නේ නැතුව ඒකට අසාවෙන්, බැඳගෙන ඉන්නේ මොකද කියලා. ඒ කියන්නේ වාහනේ හරියට නඩත්තු නොකරනවා කියන එක නෙමෙයි.

    වසර කිහිපයක් භාවිතා කලා, අලුත් වඩා හොද වාහනයක් අවොත් ඒක ගත්තා. කොච්චර අසාවෙන් හිටියත් කොයිකත් අතාරින්න වෙනවනේ.

    ප.ලි- ඔය බුවා සමහර විට වාහනේ විකුනන්නද දන්නේ නැහැ ලෑස්ති. මාර්කටින් පාරක් දානවා ඇති. සිංහලු රැවටෙනවනි.
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    16,943
    25,152
    113
    Fantasy
    මාත් ආසම වාහනයක්. කවදා හරි ගන්න ඕනි CR42k
    දැන් එන noah එකේ ඕකේ තරම් ground clearance එකකුත් නෑ.
    අනික අනිත් වෑන් වගේ නැතුව ඉස්සරහ සීට් 2යි, පිට්පස්සේ සීට් ටිකයි එකම මට්ටමක තියෙන නිසා ඩ්‍ර්‍යිවරුයි පිටිපස්සේ පැසෙන්ජර්ලයි වෙන වෙනම යනවා වගේ ෆීලින් එක නැති හින්දා ගෙදරකට පට්ට.
     
    • Like
    Reactions: Aakhri Pasta

    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,223
    10,487
    113
    මේකේ තෙල් කිරිල්ල කොහොමද බන්? ඩීසල් ඒවත් තියෙනවා නේද? මේක පෙට්ට්‍රල් ද?